අතීත සිදුවීමක්. නමුත් අදටත් හෙටටත් ගැලපෙනවා. වරක් මිතුරෙකු සමග අරුගම්බේ ගියා. හෝටල් ෆුල්. ඒ නිසා පානම පැත්තට ගියා. තිබුනා එක හෝටලයක්. යන්තම් කාමර දෙකක් ගත්තා. ඒත් කෑම බීම දෙන්නේ නෑ. අපි ඒ හෝටලයට යන විට මුස්ලිම් සෙට් එකක් හෝටලයේ පිරිලා. සමහරු එලියේ පුටු දාගෙන හයියෙන් කතාව. කරච්චලයක් වගේ. හයියෙන් දෙමලෙන් කතා කරනවා, මෙතනත් ඇණයක් වගේ. මොනා කරන්නද හොඳ තැනක් හමු වෙනකම් මෙතන ඉන්න වෙනවා..................... සවස 8 ට විතර අරුගම්බේ ගිහින් රෑට කන්න පික්මී එකක් දාගන්න ගියා. අහල පහල පික්මී නෑ. වීල් එකක් වත් නෑ. කෝකටත් අර මුස්ලිම් සෙට් එකෙන් ඇහුවා කෑමක් ගන්න පුලුවන් ලඟම තියන හෝටලයට කොච්චර දුරද කියලා. එතකොට කිව්වා කිලෝමීටර් 3 විතර තියනවා කියලා. අලි පාරට එන සීන් එකකුත් තියනව කිව්වා. මාර කේස් එකක්. රෑ කෑම නැතුව නිදා ගන්න වෙන්නේ. අපි එලියේ මේසයක කතා කර කර ඉන්නවා. දැන් රෑ නමයට විතර ඇති. අර මුස්ලිම් සෙට් එකේ හිටපු තොප්පිය දාගත්ත කෙනෙක් ආවා. ඇවිත් බත් පැකට් එකක් මගේ අතට දුන්නා " මේක කන්න අපි බත් පැකට් ගෙනාවා , අපිට මදි වෙන එකක් නෑ කියලා. මට කෑම පැකට් එක ගන්නත් මොකක්ද වගේ. ඕගොල්ලන්ට මදි වෙයිද ? කියලා ඇහුවා. " ප්‍රශ්නයක් නෑ අපි කන්ඩායමක් ඉන්නවා , ඕගොල්ලෝ කන්න" කියලා බත් පැකට් එක ගන්න කිව්වා. ස්තූති කරලා ඒ බත් පැකට් එක අපි එදා රෑ කෑවා. උදේ ඔවුන් හිටපු කාමර වලට ගියා යලිත් වරක් ස්තූති කරන්න අපේ බඩගින්න නිව්වට. ඒත් ඔවුන් පිටත් වෙලා....................... මම සහරාන්ලාගේ අන්තවාදී ඉස්ලාමය විවේචනය කරනවා, ඒ පිලිබඳ ලියනවා. නමුත් මනුෂ්‍යත්වය හදවතේ තියන මුස්ලිම් සහෝදරයන් පිලිබඳවත් අපි ලියන්න ඕනේ. මේ වගේ සරල මිනිස්සු ලඟ තමයි ඉස්ලාමයේ සාරය තියෙන්නේ. අපි ඔවුන්ව අමතක කරලා ටෝච් ගහලා පෙන්නන්නේ සහරාන්ලාව.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments