
මේක බොහෝ විට ලියා ඇත්තේ කොලට් සේනානායක විය යුතුයි. ඔහු කියනවා....මොන ක්‍රමයකින් හෝ සිංහල බෞද්ධයින්ට පහරදීම, පර්යේෂණ අධ්‍යාපනය උදෙසා ඇමරිකාව, කැනඩාව ප්‍රධාන බටහිර රටවලට යන උගතුන් වැඩි දෙනෙකු අතින් කාලයක සිට සිදුවන ක්‍රියාවකි. /////////////// මේක නම් බොරුවක්. මේ වගේ අදහස ප්‍රචලිත කලේ බටහිර රටකට යාමට භාෂාව වෘත්තීය නිපුනතාව නොමැති තමන් උගතුන් ලෙස විශ්වාස කල දේශීය විශ්ව විද්‍යාල වල හිරවෙලා සිටි පිරිස්. ඔවුන්ට යටත් පිරිසෙන් IELTS , TOFEL වත් පාස් වෙන්න හැකියාවක් තිබ්බේ නෑ. ඔවුන් ඒක භාෂිකයන් , හරවත් පබ්ලිකේෂන් කරලා නෑ , ඔවුන් තමන් ගේ දේශීය විශ්ව විද්‍යාල වල වත් නමක් තබපු අය නෙවෙයි. නමුත් ඔවුන්ට බටහිර රටකට බටහිර විශ්ව විද්‍යාලයකට යාමට කෑදරකම තිබුනා. නමුත් බටහිර විශ්ව විද්‍යාල ලොසාලව ගන්නේ නෑ. අවම වශයෙන් කම්කරුවන් ලෙස හෝ ඔවුන්ට බටහිරට යන්න අමාරු උනා age limit , language වගේ කේස් නිසා. මේ නිසා ඔවුන් මිදි තිත්ත න්‍යාය ගෙනල්ලා එතරම් උගත් කමක් , එතරම් තර්කානුකූල බුද්ධියක් නැති, (සිංහල භාෂාවෙන් පමණක් දැණුම ලබා ගන්නා ) සිංහල බොදු ජනතාව ගේ සිත් වලට මේ විශ දානවා . බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියූ නලීන් ද සිල්වා පවා බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයකට සෙට් වෙන්න උත්සහ කලා . නලීන් ලංකාවට උගතෙක් උනත් බටහිර ලෝකයට ලිලි පුට්ටෙක්. ( මේකට අවි අමෝරාගෙන එන නලීන්වාදීන්ට මම කියන්නේ අචාර්‍ය චන්දිම ගෝමස් විසින් විශ්ලේශනය කල නලීන් ගේ ආචාර්‍ය උපාධිය thesis පිලිබඳ ලිපිය කියවන්න කියලා. ඊට පස්සේ මාව බේරලා චන්දිම ගෝමස්ට වට වෙලා ගහන්න.) නලීන් ගේ ආචාර්‍ය උපාධි thesis එක ස්ටීවන් හෝකින්ස් ලා ලියන ලෙවල් එකට අලගු තියන්න බෑ. ලංකාවේ ඊලඟ බුද්ධිමතා මහාචාර්‍ය සුචරිත් ගම්ලත්. කැනඩාවේ ජීවත් වන මාගේ මිත්‍ර විරාජ් ප්‍රනාන්දු ගෙන් ඉල්ලා හිටිනවා ඔහුව කැනඩාවට ගෙන්න ගන්න කියලා. ඔහුටත් අවශ්‍යතාවක් තිබ්බා බටහිර විශ්ව විද්‍යාලයකට සෙට් වෙන්න. නමුත් බටහිරට සුචරිත් ගම්ලත් ලොකු චරිතයක් උනේ නෑ (so sad තිත්ත ඇත්ත) බටහිර ලෝකයේ විශ්ව විද්‍යාල පිලිගත් සහ ගරු කල බුද්ධිමතා ගනනාථ. ගනනාථ පිලිබඳව බටහිර ලෝකයේ ඕනම පිලිගත් විශ්ව විද්‍යාලයකින් අහන්න ඔහු පිලිබඳව සහ ඔහුගේ publication ගැන දන්නවා.ඒ නිසයි දේශීය විශ්ව විද්‍යාල වල හිර වෙලා ඉන්න ආචාර්‍ය මහාචාර්‍යවරු ගනනාථ එක්ක තරහා සහ ඔහුට ඉරිසියාවෙන් පහර දෙන්නේ
මම අභියෝග කරනවා සිංහල බෞද්ධයින්ට පහරදීම, පර්යේෂණ අධ්‍යාපනය උදෙසා ඇමරිකාව, කැනඩාව ප්‍රධාන බටහිර රටවලට ගිය ලාංකික උගතුන් විසින් ලියූ පරියේෂණ පත්‍රිකා ඒවගේ මූලාශ්‍ර දාන්න කියලා. ඒවගේ කොන්ටෙන්ට් එක සඳහන් කරන්න කියලා. එතකොට පෙන්නන්න පුලුවන් අහවල් උගතා අහවල් බටහිර විශ්ව විද්‍යාලයට ගිහින් සිංහල බෞද්ධයින්ට පහරදීම මේ වගේ බොරුවක් ලියලා තියනවා. මෙන්න පත්‍රිකාව මෙන්න ජර්නල් එක මෙන්න පබ්ලිෂ් කල වසර. ඒ අභියෝගය භාර ගන්න පුලුවන්ද ? අරයා මෙහෙම කිව්ව මෙයා මෙහෙම ලිව්වා කියලා කෝපි කඩයේ එන්සිනා මෙතඩ් එකෙන් මිදිලා.
ලංකාවට, සිංහලයන්ට , සිංහල බෞද්ධයින්ට පහරදීම කලේ අධ්‍යාපනය උදෙසා ඇමරිකාව, කැනඩාව ප්‍රධාන බටහිර රටවලට ගිය ලාංකික උගතුන් නොවෙයි. බොරු සරණාගත ගන්න ගිය මාධ්‍යවේදීන් , සහ ඊනියා මාධ්‍යවේදී ලේබල් ගහ ගෙන ගිය එවුන්. ඔවුන් බටහිර රටවල් වලට ටුවරිස්ට් වීසා ගිහින් ගල් වෙලා රෙජියුජී දැම්මා . ඔවුන් සරණාගත නීතීඥයන් හරහා Political asylum ගන්න කියපු බොරු කන්දරා කියවන්න පුලුවන් ඒ ඇප්ලිකේශන් කියවූවෝතින්. හැකියාවක් තියනවා නම් විදේශ අමාත්‍යාංශය හරහා ඒ ඇප්ලිකේශන් ගෙන්න ගෙන ඒවා සිංහලට පරිවර්තනය කරලා ඒවා මිනිසුන්ට කියවන්න දෙන්න.
මේ ලිවීම තුල ප්‍රකාශ වන්නේ සහ ගැමි මානසිකත්වය සහ ගැමියා තුල තිබෙන අහේතුක බය. ගැමියා හිතනවා බටහිර ලෝකය ගැමියාගේ දුප්පත් පසුගාමී ලෝකය විනාශ කරන්න දිවා රෑ වෙහෙසැනවා කුමන්ත්‍රණය කරනවා කියලා. මේක යටත් විජිත මානසිකත්වයේ ශේශයන් නිසා ආපු එකක් වෙන්ත් පුලුවන්. මෙතනින් නිරූපනය වන්නේ නූගත් ගැමි මනස. ගැමියා ජීවත් වෙන්නේ නිරන්තර බයෙන් ගැමියා හිතනවා ඇමරිකාවේ සුදු මහතැන ලෝක බැංකුව , බටහිර ලෝකය 24/7 බලන් ඉන්නේ ගැමියාට අරින්න ගැමියාගේ උදාර ආගම සඟිස්කෘතිය විනාස කරන්න කියලා. පාරක් පලල් කරත් හිතන්නේ ඒ ඇමරිකන් ප්ලේන් බාන්න, කළු ගල් වලින් තාප්ප ගහන කොට හිතන්නේ අධිරාජ්‍යවාදීන් ගේ කඳවුරු හදන්න කියලා. ගැමියා නවතාවට බයයි. මොඩනයිසේෂන් සංවර්ධනය දකින්නේ රකුසන් විදියට. ගැමියා ඉන්වෙස්ටස්ලාට බයයි. ආයෝජකයෝ යනු රාක්‍ෂයන් කියලයි ගැමි මනස හදලා තියෙන්නේ. ගැමියාට මුදල් කියන්නේ පාරාජිකා පාලි. ගැමියා සේවයක් ලබා දීලා ගන්නේ බුලත් අතක් විතරයි. ආර්ථික වර්ධනයක් ගැන , වෙළඳාම් ගැන ගැමියා දන්නේ නෑ. ගැමියා සෙස් කරන්නේ කුප්පි නිවාගෙන කළුවරේ පිරිමි ඇඟ පවුල දකිනවාට ගැමියා බයයි ගැමියා බණ අහන ගැමි උන්නාන්සෙලාත් කියන්නේ ඇඟ දකින එක තුච්චයි කියලා. ගැමියා කියන්නේ අසරණ ජීවියෙක්. ඔහු තම හෙවනැල්ලටත් බයයි.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments