චන්ද්‍රිකා විජයව බැන්දත් විජයට ඒ හයි සොසයිටි එකේ මූව් වෙන්න බැරි උනා. විජය ගේ පීඩිත දේශපාලනයත් ඒකේ කොටසක්. චන්ඳ්රිකාට තරහා ගියාම විජයට කුලය පන්තිය ඇදලා බැන්නේ. විජයගේ පුතා මේ පහල ක්ලාස් එක අතික්‍රමණය කරලා දැන් ඉහල සමාජයත් එක්ක මූව් වෙන්න පුලුවන්. ඒත් පීඩිත සමාජයට ඔහු අමුත්තෙක් ඒ වගේම විජයගේ පුතා විමුක්ති සමරිසියෙක් බව ඔහු පිලිබඳව දන්න කෙනෙක් කිව්වා. ඒක සත්‍යක්ද දන්නේ නෑ. විමුක්ති සමරිසියෙක් නම් පසුගාමී ලාංකික සමාජය ඔහුව කොහොම පිලිගනීද කියන එක ගැටලුවක්. නමුත් හරිනී වගේ චරිතයක් ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තිකයෝ පිලිගත්තා. ඒ කියන්නේ විමුක්තිට ලොකු බාධාවක් නෑ.. ශ්‍රී ලංකා දේශපාලනයේ තිබෙන සැහැසි - ක්ෂිතිමය දේවල් විමුක්ති කුඩා කාලයේ සිට අත් දුටුවා. ඒ නිසා ඔහු ශ්‍රී ලංකා දේශපාලනයට ස්ව කැමැත්තෙන් අවතීර්ණ වෙයිද කියා සැකයි. විජයට එතරම් උගත් කමක් විභවයක් තිබ්බේ නෑ. තිබ්බේ ජනප්‍රියතාව විතරයි. විජයගේ මරණය නිසා ඔහු වීර දේශපාලන චරිතයක් උනා. නමුත් බලය ලැබුනා නම් විජය මෝඩ දේශපාලකයන් ගේ ගොඩට වැටිලා මේ වෙන කොට වාසුලා වගේ අවලංගු චරිතයක් . නමුත් විමුක්ති එන්නේ උසස් අධ්‍යාපනයක් එක්ක. විජයගේ අඩුපාඩු ඔහු තුල නෑ. විමුක්ති වගේ සෙකන්ඬ් ජෙනරේශන් ප්‍රභූ මොඩ්ල් එකකට ලංකාවේ ජනයා කැමතියි. වර්තමාන නිර් ප්‍රභූ සහ වෙන්ඩ ප්‍රභූ මාලිමා - ජවිපෙ දේශපාලකයන් ගේ විපරීත නිසා තව වසර දෙක තුනකින් හොඳ ඇක්සන්ට් එකකින් ලස්සනට ඉංග්‍රීසි කතා කරන බටහිර සංස්කෘතියට බටහිර සංවර්ධිත සහ විනයක් තිබෙන ලෝකයකට එක්ස්පෝස් වෙච්ච චරිතයකට ලොකු ඩිමාන්ඬ් එකක් එනවා. ඒක විමුක්තිගේ චාන්ස් එක. නමුත් පසුගාමී චින්තනයක් තියන ලංකාවේ මිනිසුන් එක්ක විමුක්ති තියා ලී ක්වාන් යූ ආවත් ලොකු සමාජ වෙනසක් නම් සිදු වෙන එකක් නෑ. ඒක කටුක යථාර්ථයක්.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments