Wednesday, December 17, 2025

ශ්‍රී ලංකාවේ අවාසනාවන්ත රටක්ද ?

 






ලංකාවේ එවුන්ට ගෝල්ඩන් ඔපචුනිටි එකක් අල්ල ගන්න විශන් එකක් හෝ වාසනාවක් නෑ. ඒක ඉතිහාසය පුරා අපි අත් දකිනවා. ලංකාවේ මිනිස්සු ආර්ථිකයට තමන් විසින්ම කෙලව ගත් අවස්ථා ;


1) කොලඹ වරාය අන්තර්ජාතිකව දියුණුවේගෙන එන කොට ඇන්.ඇම් පෙරේරලා දිනපතා ස්ට්රයික් ඕගනයිස් කරවලා කොලඹ වරාය කුජීත කලා. පිටරටින් ආපු නැව් සිංගප්පූරු වරායට ගියා. කොලඹ වරායට එන්න තිබුනු බිස්නස් සිංගප්පූරු වරාය අල්ල ගත්තා. (සිංගප්පූරු වරායේ ප්‍රධාන මෙහෙයුම්කරු වන PSA International, 2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා සිංගප්පූරු ඩොලර් බිලියන 7.7 ක මුළු ආදායමක් වාර්තා කර ඇති අතර, ශුද්ධ ලාභය සිංගප්පූරු ඩොලර් බිලියන 1.1 කි.) 

2) රන් පවුම් වතු ජනසතුකරනවා කියලා සිරිමා තේ වතු කාබාසිනියා කලා. තේ වගාව නිසා නියඟය එනවා කියූ විජේවීර ගේ මෝඩ තියරිය නිසා රතු ගැටව් 71 දී 88 දී තේ ෆැක්ටරි ගිනි තිබ්බා .ලෝකයේ හොඳම තේ කර්මාන්තය තිබ්බ ලංකාවේ තේ  බිස්නස් එක කෙන්යාව අල්ල ගත්තා.  (කෙන්යාවේ තේ අපනයන ආදායම පසුගිය දශකය තුළ උච්චාවචනය වී ඇති අතර, 2024 දී ඩොලර් බිලියන 1.7 (Rh215bn) පමණ වාර්තාගත ඉහළම අගයන් වාර්තා කර ඇත.)

3) ජේ ආර් නිදහස් වෙලඳ කලාප දාන කොට වමේ අයියලා උද්ඝෝශන කඩාකප්පල් කරලා ආයෝජකයෝ බය කලා. ආයෝජකයෝ වියට්නාමයට ගියා. (2025 අග භාගය වන විට (ජනවාරි-නොවැම්බර්) වියට්නාමයේ මුළු ලියාපදිංචි විදේශ සෘජු ආයෝජන (FDI) ආසන්න වශයෙන් ඩොලර් බිලියන 33.7 දක්වා ළඟා විය.)

4) මොනෑශ් විශ්ව විද්යාලයේ ශාකාවක් ලංකාවට ගෙනල්ලා ලංකාව අන්තර්ජාතික අධ්යාපන කේන්ද්රයක් කරන්න හදන කොට ඒකට පාරවල් බ්ලොක් කරන මල්ලිලා විරෝධය පෑවා. ඒක මැලේසියාව ඩැහැ ගත්තා. මැලේසියාවට ඩොලර් , ලංකාවට කොස් කොල.  (මැලේසියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන අංශයේ ව්‍යාප්ත වන කොටසක් ලෙස, AI, සෞඛ්‍ය සහ බලශක්තිය පිළිබඳ පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කරමින්, රටවල් 85+ කින් සිසුන් 11,000 කට අධික සංඛ්‍යාවක් සඳහා මොනෑෂ් විශ්ව විද්‍යාලය සත්කාරකත්වය සපයයි.) 



No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook