Saturday, August 12, 2023

බර්ට්‍රම් නිහාල් ගේ සත්ප්‍රසාදය





බර්ට්‍රම් නිහාල් ගේ සත්ප්‍රසාදය කෙටි චිත්‍රපටයකි. ඇමරිකානු ලේඛක Truman Capote ගේ Miriam කෙටිකතාව ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද්දකි. එය නිසි ලෙස දේශීයකරණයට ලක් කරන ලද Horror මෙන්ම ත්‍රාසජනක ගෙත්තමකි. 

ලංකාවේ  හොරර්- Horror  පන්නයේ චිත්‍රපට තිබෙන්නේ ඉතාම දුර්වළ සහ ළදරු මට්ටමේය​. හිංදි පමණක් නොව මළයාලි හොරර් චිත්‍රපට තිබෙන්නේ අපට වඩා ගව් ගානක් ඉදිරියෙනි.  පසුගිය වසරේ මා බන්ධනය නම් හොරර් පන්නයේ චිත්‍රපටය බැළුවෙමි. එහි කථා වස්තු බීජය හොඳය​. එහෙත් භීතිය නිර්මාණය කිරීමට අධ්‍යක්‍ෂකවරයා සමත් වී නොමැත​. 

ඉතා දුබල මට්ටමේ පවතින ලාංකික හොරර් පන්නයේ චිත්‍රපට පිලිබඳව කතා කිරීමේදී බර්ට්‍රම් නිහාල් ගේ සත්ප්‍රසාදය වැදගත් වෙයි. එහි නළු නිලියන් මෙන්ම අධ්‍යක්‍ෂකවරයා ත්‍රාසය වඩවන අන්දමට නිසි ලෙස චිත්‍රපටය මෙහෙයවා ඇත​. එහෙත් අවාසනාවකට මෙන් මෙම චිත්‍රපටය පිලිබඳ කථිකාවක් සමාජයේ වර්ධනය වූයේ නැත. ​ඉදිරි කාලයේ ලාංකික හොරර් පන්නයේ චිත්‍රපට නිපදවෙන්නේ නම් ඒකාකාරී සිංහල චිත්‍රපට බලන දේශීය ප්‍රේක්‍ෂකයාට අළුතින් යමක් දීමට හැකි වෙනු ඇත. එහෙත් එම නිර්මාණය දක්‍ෂ ලෙස ඉදිරිපත් කල යුතුය.  

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook