මගේ මව කොලඹ ආනන්ද මහා විද්‍යාලයේ වසර 10 ආසන්න කාලයක් ගුරුවරියක ලෙස සේවය කොට ඉන් පසු විද්‍යාල කීපයක විදුහල්පතිනිය ලෙස කටයුතු කලාය. වරක් ඇය බොරැල්ල ප්‍රදේශයේ වනාතමුල්ල ආසන්නයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනිය වූ අතර මෙම විදුහල දියුණු කරනු වස් දක්‍ෂ ගුරුවරියන් තෝරාගෙන ඔවුන් ගේ සේවය පාසලට ලබා ගැනීමට උත්සුක වූවාය. පාසලේ කටයුතු ආරම්භ කල මුල් මාසයේදීම අළුත් ගුරුවරියන් මුහුණු ඇද කරගෙන මෙම පාසලේ ළමයින් මුත්‍රා බර වූ විට "ටීචර් හුජ්ජ කරන්ඩ යන්ඩ පුළුවන් ද ? කියා අසන බව කීවාය. මේ නිසා මගේ මව රැස්වීමක් කැඳවා ළමයින්ට අවවාද දුන්නාය. " දැන් මේ පුංචි පුතාලාට චූ කරන්න ඕන උනොත් ටොයිලට් යන්න පුලුවන් ද කියලා ටීචගෙන් අහන්න ඕනේ " කියා ඇය කීවාය. ළමයින් හිස සලා එයට එකඟ වූහ. පසු දින සිදු වූයේ අපූරු වෙනසකි. මවගේ අවවාදය වැඩ කල නමුදු ළමයින් මුත්‍රා කිරීමට අවශ්‍ය වූ විට අත ඔසවා "ටීචර් ටොයිලට් හුජ්ජ කරන්ඩ යන්ඩ පුළුවන් ද ? කියා ඇසූහ.
හුජ්ජ යනු සුළුදිය යන වචනය ආශ්‍රයෙන් හැදුන වචනයක්
ReplyDeleteehemada ?
ReplyDelete