Friday, September 1, 2017

බොරු PhD


වර්තමානයේ ඉතා අසීරුවෙන් ඔස්ට්‍රියාවේ විශ්ව විද්‍යාලයක මනෝ විද්‍යා ආචාර්‍ය උපාධියකට සූදානම් වන මා හට ආචාර්‍ය උපාධියක් යනු කෙතරම් දුෂ්කර ක්‍රියාවලියක්ද යන්න තේරුම් ගොස් තිබේ. එයට කාලය ධනය පමණක් නොව සෞඛ්‍යද කැප කල යුතුය​. එය බරපතල ක්‍රියාදාමයකි. ඒ සඳහා නිති පතා වෙහෙසී ඉගෙන ගත යුතුය​. 

එහෙත් පසුගිය කාලය පුරා විවිධ පුද්ගලයන් විසින් සමාගම් කඩයෙන් ගෝල්ඩ් ලීෆ් මිලදී ගන්නාක්  මෙන් ඉතා පහසුවෙන් ආචාර්‍ය උපාධි ලබා ගත් අයුරු දකින විට හොර ආචාර්‍ය උපාධි කඩ තිබෙන බව පෙනී යයි. මෙකී ආචාර්‍ය උපාධි ලබා ගත් පුද්ගලයන් අතර කලකට පෙර එලාඑල කියූ පියසේන රතුවිතානද , රජීව් ගාන්ධිට රයිෆල් බඳෙන් ගැසූ නැවියාද සිටිති. මොවුන් සියලුදෙනාම මර්වින් සිල්වා මෙන් ආචාර්‍යලාය​. මේ නිසා සැබෑ ආචාර්‍යවරු කවුරුද අනාච්‍යාර්‍යවරු කවුරුද කියා ගැටළුවක් ඇති වෙයි. 

මේ ගැන සොයා බැලූ විට පෙනී ගියේ ඉන්දියාවේ ආචාර්‍ය උපාධි විකුණන පෙට්ටි කඩ තිබෙන බවයි.  ජොතිෂ්‍ය විද්‍යාව හෝ වෙනත් ඕනෑම විද්‍යාවක් සඳහා මෙම පෙට්ටි කඩ වලින් ආචාර්‍ය උපාධි මිලදී ගත හැකිය​. තවද අන්තර්ජාලයේ වායුගෝලීය විශ්ව විද්‍යාල තිබේ. මේවාට වායුගෝලීය විශ්ව විද්‍යාල කියන්නේ මේවා භෞතිකව කිසිදු ස්ථානයක පිහිටා නැත​. මෙම වායුගෝලීය විශ්ව විද්‍යාල වලට ක්‍රෙඩිට් කාඩ් එකෙන් මුදල් ගෙවා පැය විසි හතරක් ඇතුලතදී ආචාර්‍ය උපාධියක් මිලදී ගත හැකිය​.

කොටි සංවිධානයේ ඇන්ටන් බාලසිංහම්ට ආචාර්‍ය ඇන්ටන් බාලසිංහම්  කීවද ඔහු විසින් කරන ලද පී.එච්.ඩී එකක් හෝ අදාල විශ්ව විද්‍යාලයක් ගැන සඳහනක් නොමැත 

මීට වසර ගනනකට ඉහතදී පදනම් ආයතනයේ ලන්ඩනයේ කිංස් විද්‍යාලයේ සායනික මනෝ මනෝ විද්‍යාඥ  පද්මාල් ද සිල්වා මහතා විසින් මනෝ සමාජයික වැඩ මුළුවක් පැවැත්වීය​. මෙම වැඩ මුළුව සඳහා කොතලාවල ආරක්‍ෂක ඇකඩමියේ බාහිර දේශකයෙකු ලෙස කටයුතු කරන බව කියූ පුද්ගලයෙකුද සහභාගී විය​. ඔහු තමාව හඳුන්වා දුන්නේ මනෝ විද්‍යාව සඳහා ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකින් ආචාර්‍ය උපාධියක් තිබෙන බව කියමිනි. මෙම පුද්ගලයා සමග කතා කිරීමේදී පෙනී ගියේ මෙය ව්‍යාජයක් බවය​. ඔහු නිශ්චිතව ඇමරිකාවේ මොන විශ්ව විද්‍යාලයද කියා කීවේ නැත​. ඔහුගේ සුපවයිසර්ලා කවුද යන්න ඇසූ විට ගොත ගැසුවේය​. කෙසේ නමුත් බොරු ආචාර්‍ය උපාධියක් මගින් ඔහු කොතලාවල ආරක්‍ෂක ඇකඩමියද අන්දවා තිබුනේය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

24 comments:

  1. කිසිම විවාදයක් නෑ ඒ සල්ලි දීලාගත් ආචාර්ය උපාධි තමයි වැඩිපුර තියෙන්නේ. ඒ ගත්ත ය දන්නේ නෑ එයට කෙටහ්රම් මහන්සි වියයුතුද යන වග
    විචාරක දියණිය

    ReplyDelete
  2. ලෝකයේ ආචාර්ය උපාධි විකුණන ලොකුම හොර උපාධි කඩයක් හෝ ඇතැම් විට ලොකුම කඩය තිබෙන්නේ ලංකාවේය. මේ ගැන කාලයක් තිස්සේම ලියන්නට හිතුවත් පසුව යම් හේතු නිසා නොලියා හිටියෙමි. එය වෛද්‍යවරයෙක් විසින් දශක කිහිපයකට පෙර ආරම්භ කළ එකකි. මේ ආයතනයෙන් දැන හෝ නොදැන උපාධි ලබාගත් අය අතර ලංකාවේ ප්‍රසිද්ධ හා ජනාදරයට පත් පුද්ගලයින් විශාල ගණනක් සිටිති. එවැනි අයට මුදල් අය නොකර ආචාර්ය උපාධි පිරිනැමීම මේ ආයතනයේ උපක්‍රමයයි. මේ ආයතනය නිසා සමස්තයක් ලෙස ලංකාවටම සිදුවන්නේ විශාල අපකීර්තියකි. නොදන්නා අය කොපමණ හිටියත් දන්නා අය දන්නා බැවිනි.

    ReplyDelete
    Replies
    1. http://burmesewithfakephds.blogspot.com/2011/11/phd-alternativa-medicina-medicina.html

      Delete
    2. http://mail.asianmirror.lk/news/item/2703-indian-media-says-sri-lanka-sells-phd-for-rs-300-000

      Delete
    3. Not only to Asians. They sell PhDs to Americans too. http://fakedoctorate.blogspot.com/2015/04/mary-lee-labay-fake-doctorate-alert.html

      Delete
    4. මේක ගැන මම ලිපියක් ලියගෙන යනවා

      Delete
    5. මේ කියන්නෙ අර විකල්ප වෛද්‍ය ආයතනය ද මොකක්ද නේද? ඒකෙන් නේද සිසිලියා කොතලාවලට පීඑච්ඩී එක දුන්නේ

      Delete
  3. ඩොක්ටර්,

    ඔබට මතකද පිර-පාහරන් (පිරිණු පාහරය ) සමග සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්න විසදාගන්න ඕනේ කියල ලෝකයේ බොහෝ ආචාර්ය උපාධි ඇති උදවිය අපට උපදෙස් දුන්න, ඔබට මතකද දන්නේ නෑ ඔය ආචාර්ය උපාධි ඇති උගතුන් කිව්වා LTTE යුද්දයෙන් පරාජය කිරීමට බැරිබව https://www.youtube.com/watch?v=vc3DvyyyZKI

    මෙන්න සාක්කි, මේ උගතුන් සියලු දෙනාගේ ආචාර්ය උපාධි අහෝසි කරලා මේ සියලු දෙනා රවටපු පිර-පාහරන්ට (පිරිණු පාහරය ) මේවගේ එකක් දෙමුද ?
    එහෙම නැත්නම් යුද්දය පරාජය කල හිටපු රජ්ජුරුවන්ට බැරිද ආචාර්ය උපාධියක් දෙන්න මොකද මේසියලු උගතුන්ගේ දැනුමත් පිර-පාහරන්නුත් පරාජය කලානේ?

    ReplyDelete
    Replies
    1. පොර සිංගප්පූරුවෙ විවි නේද ?

      Delete
  4. ඇකඩමික් සුදුසුකම් පවා එක් එක් සංදර්භයන්ට අදාළ බවක් තිබෙනවා නේද? උදාහරණයක් විදියට ජ්‍යෝතිෂය වැනි දේ විශ්වාස කරන සමාජ ගන්නකෝ. ඒ සමාජවල ආචාර්ය උපාධි විද්‍යාව විශ්වාස කරන සමාජවලට තඹ දොයිතුවක වටිනාකමක් නැති වෙන්නට පුළුවන්. හැබැයි, ඒ වෙනුවෙනුත් මහන්සි වී හදාරන අය ඉන්නට පුළුවන්.

    ReplyDelete
  5. මට කියන්න තියෙන්නෙත් ලංකා කියපුම දේ තමයි ඩොක්ට. ඒ වගේම පිනා චාන්ස් වලින් ආචාර්ය උපාදි ලබපු අය දේශපාලන හෝ සමාජයීය හෝ ආර්ථික වශයෙන් අපචාර කරොත් ඒ පට්ටම් ගලවන්නත් ඔවුන්ටම පුලුවන්නම් ඒක සමාජයට දෙන ලොකු ආදර්ශයක්. නැතුව ලෝකේ කාපු හොරු ලෝකේම තියෙන ලොකු විශ්වවිද්‍යාලයකට ගෙන්නල ආචාර්ය උපාදි පිළිගැන්වීමෙන් සමහරක්විට ඒකෙන් ඔවුන්ගේ තක්කඩිකම් ජාත්‍යන්තරිකරණය කිරීමක් වගේ වෙන්න පුළුවන්. ඔබගේ PhD එක සාර්ථක වේවා..!!

    👍🏽

    ReplyDelete
  6. Some refer to Phd as Plate handling Diploma, which is what most of them did when they were studying, in sinhala it " Pigan Hodana Diplomawa".

    ReplyDelete
  7. ඇයි රුවන් කැනඩාවේ කොච්චර විශ්වවිද්‍යාල තියෙනවද?
    මං දන්න කිහිප දෙනෙක්ම ඉන්නවා කැනඩාවේ පීඑච්ඩී ක්‍රිපූ.

    ReplyDelete
    Replies
    1. මට York සහ Queen විවි ඔෆර්ස් ආවා එහෙත් මනෝ ප්‍රතිකාරයන් සඳහා හොඳම විවි තිබෙන්නේ ඕස්ට්‍රියාවේය

      Delete
  8. "කොටි සංවිධානයේ ඇන්ටන් බාලසිංහම්ට ආචාර්‍ය ඇන්ටන් බාලසිංහම් කීවද ඔහු විසින් කරන ලද පී.එච්.ඩී එකක් හෝ අදාල විශ්ව විද්‍යාලයක් ගැන සඳහනක් නොමැත" https://en.wikipedia.org/wiki/Anton_Balasingham

    ReplyDelete
  9. "ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකය." කිව්වත් වගේ තමන් ම ආචාර්ය උපාධිය ගන්නකොට තමා ප්‍රශ්නය තේරෙන්නෙ. එතකොට නම් රත් වෙලා ලිපි ලියවෙනවා. එතකම් ඉතින් සයිටම් වගේ හොර උපාධි කඩ වලට ලැජ්ජ නැතුව කඩේ යනවා.

    ReplyDelete
  10. ආචාර්ය මහාචාර්ය උපාධි ලබාදුන් හඳුනාගත් ආයතන 10 කට මින් ඉදිරියට එවැනි උපාධි ලබාදීම තහනම් කර තිබේ.

    නිල ආයතනවලින් හැර වෙනත් ආයතන මගින් විවිධ උපාධි ප්‍රදානය කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කෙරුණු උසස්‌ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා ඇතුළු අමාත්‍ය කමිටුව විසින් එම තීරණය ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම, ජාතික සම්මාන උපාධි සරසවි ආයතනය, ශ්‍රී ලංකා විශ්ව සමාධි පදනම, ධර්මපාල ඕල්කට්‌ ගුණ සමරු පදනම, විවෘත ජාත්‍යන්තර වෛකල්පිත විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා සමාජ සේවා සුබ සාධක සම්මේලනය, ශ්‍රී ජයවර්ධනපුර ලංකා ජාතික සංස්‌කෘතික පදනම, සියලු ජාතීන්ගේ සමගි සංවිධානය, සමාජ සුබ සාධන ආචාර්ය උපාධි ආයතනය, සාමදාන විනිශ්චයකාර මානව හිමිකම් සංවිධානය යන ආයතනයන්ට මෙම තහනම පැනවේ.

    ReplyDelete
  11. PHD එකක් සදහා ඔයතරම් කැපකිරීම් කරන්න ඕනද? කියල බොහෝ දෙනා අහනව. මා දුරින් ඥාති වන PHD එකක් ඇති අයෙක්ගේ බිරිද එය අර්ථකතනය කරන්නෙ Permanent Head Damage ලෙස. එය ඒ තරම් සාමාන්‍ය ජීවිතයට බලපාන බයයි ඇය පැවසුවේ :)

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook