Saturday, October 1, 2016

චන්ද කාලේ කතාවක් - දෙවන කොටස​



(චන්ද කාලේ කතාවක් -  පළවන කොටස​  
http://transyl2014.blogspot.ca/2014/11/blog-post_30.html

සුමින්ද මහත්තයාට සෙට් වෙච්ච නිසා මටයි කළු අජියටයි ත්‍රී වීල් එක ගානේ ලැබුනා. කළු අජියා ත්‍රී වීල් එක පැද්දා. මම මගේ එක දවසේ කුලියට ටකරං කඩේ ආනමාලුවාගේ අයියට දුන්නා. සුමින්ද මහත්තයා එළ පොර​. සැම්සන් මහත්තයා වගේ කුනෙක් නෙවෙයි. අපිට නියමෙට සැලකුවා. 

සුමින්ද මහත්තයා ලොකු බොස් ගේ බොක්කක් නිසා පොලිසියේ බුවාලා සුමින්ද මහත්තයට හිටු කියලා සැලුට් ගැහුවා. අපි සුමින්ද මහත්තය එක්ක යනකොට අපිටත් සැලුට් වදිනවා. 

අපේ වත්තේ කසිප්පු අල්ලන්න නිතරම පැනපු එස් අයි සාගරව මම සුමින්ද මහත්තයට කියලා වවුනියාවට ට්‍රාන්සර් කෙරෙව්වා. ඒකෙන් පස්සේ වත්තේ එවුන් මට රෙස්පෙක්ට්. සැම්සන් මහත්තයා නිසා බල්ලා මාක් එකට වැටුණු මගේ කාඩ් එක නග්ගලා ගත්තේ සුමින්ද මහත්තය . ඒ නිසා සුමින්ද මහත්තයා කියපූ ඕන වැඩක් මම එවරෙඩි පිට කෙරුවා.  

පේමෙලා මහත්තයාට කිට්ටු වෙන එක නම් මට ඇල්ලුවේ නෑ. පේමෙලා හැමදාම කෙරුවේ බලය සල්ලි තියන කෙනාගෙ පස්සෙ යන එක​. අපි වගේ බොක්කෙන්ම​ බඩ බැඳගෙන නෙවෙයි. මම පේමෙට ගේමක් අදින්න හිතාගෙන හිටියත් සුමින්ද මහත්තයා අප්සෙට් වෙයි කියලා මම කරේ නැහැ. 

සුමින්ද මහත්තයා ලොකු බොස් කියන ඕනම දෙයක් කලා. එක සැරයක් විරෝධතාවක් ද මොකක් ද එකක් කියලා සූ ගාලා සෙනග කොඩි අරගෙන​. පිරිසට බැස්ටිය දෙන්න කියලා ලොකු බොස්  කියලා. සුමින්ද මහත්තයා මට තමයි වැඩේ භාර දුන්නේ. මම වතු වලින් ත්‍රී වීල් පාක් වලින් කොල්ලෝ අරගෙන ගිහින් විරෝධතාකාරයන්ට නෙළුවා. 

කොරළ නිස්සංකයා පුටු කකුලකින් එකෙක් ගේ ඔළුවට කෙලලා ඇරියා විතරයි උගේ ඔළුවෙන් පැණි බේරෙනවා. මම කොරළ නිස්සංකයාට පයින් පාරක් දීලා කිව්වා "අඩෝ මැරෙන්ඩ ගහන්ඩ එපා එකෙක්ටවත්" කියලා. ලොකු බොස් කියලා තියෙන්නෙ එකෙක්වත් මරන්නේ නැතිව විසුරුවලා දාන්න කියලා. පොලිසියත් ළමිස්සියෝ වගේ බිම බලාගෙන හිටියා අපේ වතු වල කොල්ලෝ විරෝධතාකාරයන්ට ගේම දෙනකොට. 

මාධ්‍යයෙන් ද මොකෙන් ද කියලා කැමරා කටෙක් අපේ පොටෝ ගහපි. කළු අජියා  කැමරා  කටාගේ පුකට පයින් ගැහුවා. ඌ කෑගහනවා "අපි මාධ්‍යකාරයෝ " කියලා. පොලිස් රාලහාමි කෙනෙක්ට අපිව පෙන්නලා කියනවා "මෙන්න මැරයෝ දාලා අපිට ගස්සනවා"කියලා. 

මම පොලිස් රාළහාමි දිහා බැලුවා. රාළහාමි ගේම නම් ගේම​. එක කොල්ලෙක් අත් අඩංගුවට ගත්ත නම් මම සීන් එක​ට එන්ටර්. තරු ගහගෙන හිටපු පොලිසියේ සර් කෙනෙක්   හිටියා. ඒ සර්  දන්නවා අපි සුමින්ද මහත්තයගේ සෙට් එක කියලා. ඒ නිසා අපේ එක කොල්ලෙක් පොලිසියෙන් ඇල්ලුවේ නෑ. 

එදා රෑ සුමින්ද මහත්තයා කොල්ලන්ට සලකන්න කියලා බෝතල් කේස් තුනක් එවලා තිබ්බා. අපි වත්තේ නියම පාටියක් දැම්මා. මාකට් එකේ රන්ජියා ඩෝලේ ගැහුවා. කොල්ලෝ සිංදු කිව්වා. නෙවිල් කාරයාගේ ගෑනි මට කියනවා "විට්ටර මල්ලි ඇට් හෝම් එකක් වගේනෙ" කියලා. නෙවිල් කාරයා දැන් සයිලන්ස්. සැම්සන් කාරයාගේ පස්සෙන් ගිහිල්ලා උගේ හොට බිම ඇනිලා. 

සුමින්ද මහත්තයා කලේ කුඩු බිස්නස්. ඒක ඔක්කොම දන්නවා. මහත්තයා අපිට කියලත් ත්‍රී වීල් වල පැකට් අද්දවගෙන තියනවා. ලොකු බොස් ගේ කවර් එක නිසා කුඩු බිස්නස් වලට පොලිසියෙන් මොකුත් නෑ. කළු අජියා තමයි ට්‍රාන්ස්පෝට් පැත්තේ හිටියේ ලාලිත්‍ර එක්ක​. ලාලිත්‍රයා මට දිරෙව්වේ නෑ. මම කළු අජියාට කිව්වා ලාලිත්‍ර එක්ක බලාගෙන වැඩ කරන්ඩ කියලා. ගේම මිස් උනොත් ලාලිත්‍රයා බිල්ලට දෙන්නේ අජියව​. 

කළු අජියා කුඩු ගහන්ඩ පුරුදු උනා. මම නම් එක පාරයි ඔය ජරාව ගැහුවේ. එදා දිගටම වමනේ. සූස්තියක් ගහගෙන අඟහරු ලෝකෙට යන ආතල් එක කුඩු වල නැහැ. ඒ නිසා මම කුඩු අත ඇරියා. චින්තක්කත් මට නිතරම කිව්වේ කුඩු වලට පුරුදු වෙන්ඩ එපා කියලා. සුමින්ද මහත්තයගේ වීල් එකෙන් හම්බ උන සල්ලි මම චින්තක්කට දුන්නා බිස්නස් එකක් කරන්ඩ කියලා. චින්තක්කා දැන් පාරවල් ගානේ යන්නේ නෑ. පැට්ටේ‍රිය පාරේ බත් පැකට් විකුනනවා. පොට්ට සිරිලුත් උදව් කරනවා. 

දවසක් මට සුමින්ද මහත්තයා එන්ඩ කියලා පණිවිඩයක් එවලා තිබ්බා. මම සුමින්ද මහත්තයාගේ ගෙදරට යනකොට කට්ටියක් ඉන්නවා. එතන යුනිපෝම් ගහගෙන අනුර මහත්තයත් හිටියා. අනුර මහත්තය බළු කුක්කා වගේ සුමින්ද මහත්තයාගේ පස්සෙමයි. 

සුමින්ද මහත්තයා හිටියේ මළ පැනලා. " අනුර ඕකට මගේ ඒරියා එකේ රඟපාන්ඩ දෙන්ඩ එපා " කියලා සැරෙන් කිව්වා. අනුර මහත්තය  ශේප් කරන්න හදනවා ඒකට සුමින්ද මහත්තයාට තවත් තද උණා. මට වැඩේ තේරුණා. හාරතාසියා සුමින්ද මහත්තයාට කොක්කක් ඇදලා. 

හාරතාසියාටත් ගැන්සියක් හිටියා. ඌත් මදාවියා. ඒ වගේම කුඩු කප්පම් දෙයියා. ඒ කාලේ අපි හාරතාසියාගේ ගැන්සිය එක්ක ශේප් එකේ හිටියේ. දේසපාලන උණ නිසා හාරතාසියා හිටියේ ඇඳගෙන​. ඒත් ලොකු බොස්ලාගෙන් කැපුනම හාරතාසියාව බල්ලෙක්වත් ගනං ගත්තේ නෑ. ලොකු බොස් සුමින්ද මහත්තයාට සපෝට් නිසා හාරතාසියා හිටියේ යන එන මං නැතුව පොර ටෝක් දිදී. මට තේරුණා හාරතාසියා ඉල්ලං කන්ඩ යන්නේ කියලා. 

"මම චන්දේ ඉවර වෙන්ඩ ඉස්සෙල්ලා ඕකව මරණවා "කියලා සුමින්ද මහත්තයා කිව්වා.  මම හිතුවේ සුමින්ද මහත්තයා මට කොන්ත්‍රාත් එක දෙයි කියලා. මම තාම මිනිහෙක් මරලා නෑ. ඒත් සුමින්ද මහත්තය කිව්වොත් වැඩේ නොකරත් බැහැ.  

එතන අමුතු ඩයල් ටිකක් හිටියා. උංගේ මූණු වල හිනාවක් වත් නෑ. ඒ හිටියේ සුදු වෑන් කස්ටියක් කියලා පස්සේ ආරි මට කිව්වා. ආරි තමයි මහත්තයාගේ පණිවිඩ එහෙ මෙහෙ ගෙනිච්චේ. මට තේරුණ හැටියට චන්දෙට ඉස්සෙල්ලා හොඳ ගිණි කෙළි ටිකක් තියෙයි. ලොකු බොස් ගේ කවර් එක නිසා හාරතාසියාව ගල් කෙරුවත් සුමින්ද මහත්තයාට අවුලක් නෑ.

එදා මම වත්තට ආවේ  බර කල්පනාවකින්. 

" විට්ටර මල්ලී මොකක්ද කේස් එක ? කියලා මාව දැක්ක පොට්ට සිරිල් ඇහුවා.

 " මොන කේස්ද සිරිල් අයියේ සුමින්ද මහත්තයා ඉන්නකන් " මම කිව්වා. 

" විට්ටර මල්ලී උඹලා පරිස්සමෙන් වැඩකරපල්ලා. ඔය සල්ලි,  බලය කියන ඒවා තාවකාලිකයි. ඕවා වලින් හැම දේම කර ගන්ඩ යන මිනිස්සු කවදා හරි ඇණගන්නවා.එදාට සහමුලින්ම අනාතයි.  

පොට්ට සිරිලා වත්තේ කාණුව දිහා බලාගෙන කියනවා.   සිරිලා ඇස් කාණුවට පෝකස් කෙරුවත්  ඌ දකින්නේ කාණුව නෙවෙයි මගේ ඇස්. 

මූට පොට්ටය කිව්වට මූ අපි නොදකින දේවලුත් දකිනව නේද කියලා මට නිකමට හිතුණා.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග

23 comments:

  1. හාරතාසියා.. හෙහ් හෙහ් මරු නම.....

    කතාව හැඑමදාම ඉවර වෙන්නේ පොට්ට සිරිල්ගේ සමාජ විග්‍රහයකින් වගේ....

    ReplyDelete
    Replies
    1. පොට්ට සිරිල් හොඳ සමාජ විශ්ලේශයෙක්

      Delete
  2. මේකට disclaimer එකක් දැම්මොත් නරකද? මෙන්න මේ විදිහට - "මෙය හුදු ප්‍රබන්ධ කථාවකි. එය හා කො**** ප්‍රදේශයේ සිදුවීම් මාලාවක් අතර කිසිදු සම්බන්ධයක් තිබෙන බව පෙනීයන්නේනම්, එය අහම්බයක් පමණි" කියලා. මේකෙ ඇත්ත කතාව කොහේ උනාද කියලා අපිටත් දැනගන්න ලැබෙන්නේ එතකොටනේ!

    ReplyDelete
  3. පොඩ්ඩක් ඉන්ඩ ඇපිල් කරල එලියට එනකං

    ReplyDelete
  4. පොඩ්ඩක් ඉන්ඩ ඇපිල් කරල එලියට එනකං

    ReplyDelete
  5. මේ තත්වය අපේ රටෙන් සහමුලින්ම ඉවත්වී නැත. වර්තමානයේදී ද මේ සෙවනැලි එහෙමෙහෙ කැරකෙන බව පැහැදිළිවම පෙනේ.

    1988 - 89 කාලයේ කොළඹ පිහිටුවා තිබුණු, ඒකාබද්ධ සන්නද්ධ සේවා මූලස්ථානයේ (Ops Combine) සේවය කල, ත්‍රිවිධ හමුදා, පොලිස්, උසස් නිලධාරීන් දන්න දේවල්, මාධ්‍යයෙන් එලියට ආවොත්, අපට ඇස් කන් අදහාගන්න බැරිවෙනවා.

    ReplyDelete
    Replies
    1. oh..yes ..e gana pothak liyanna wicha...

      Delete
    2. anika ewa danna ayagen godak aya dan marila

      Delete
    3. සමහරු දේවල් කිවා......

      Delete
  6. @Wicha,

    I lived in Colombo during that period. Certain things I have heard are;

    1) The senior officers maintained a harem in a hotel consisting of the arrested good looking girls, later bumped them off.

    2) Some politicians used the underworld to bump off opposition figures and then got the army to ‘dissapear’ those underworld members, so no evidence is left. A popular minister in-charge of a powerful ministry to do with a River was involved, it was rumoured.

    3) Army burnt some suspects alive

    4) Moratuwa Uni students alleged to have plotted to assasinate Ranjan Wijeratne was shown on TV while in custody, but their fate is unknown to date.

    5) Ops Combine consisted of senior officers whose family members were killed ostensibly by JVP (but in fact ochestrated by the ruling UNP, so those officers are self-motivated to finish off JVP)

    6) Ranjan Wijeratne is said to have given direct orders to the army to 'kill' anyone suspected of involvement in JVP. Late Gen. kobbekaduwa resisted killing (as co-ordinating officer of Badulla), he was imeediately transferred to Army HO.

    7) Once a teenage son of a senior civil servant was suspected of involvement and the OIC of the local Police who was friendly with the father had come to take him to the station just to record a statement. The mother (father not home at the time) sent his brother as well as the police officer promised to send them back home after recording a statement. They both were locked up and both were bumped off that night (not by the Police, but STF or some other force)

    7) Chandrika, when came to power in 1994 wanted to bring some of the military officers to book, but the raging war in the NE prevented her from doing that. She only pursued the Ambilipitiya case. The Colonel involved in that case, though found 'Not guilty' by the courts was never given his due promotions in the army and had to retire prematurely. The Lieutinent and his father, the principal were sentenced to death and must be languishing in the death row now.

    These are some of the stories we had known then. I am sure there were 100's of inside stories that are more horrific and not in public domain. Every politician, and most army officers involved in that period have skeltons in the cupboard. This era of SL history deserves a lot more research, and the people of SL deserve to know these. Suspects in Crimes committed during WWII were brought to public knowledge and living persons were prosecuted until recently.

    Some of my personal experiences during that period;

    1) I myself heard the sound of the bullet that killed the UNP Gen secretary Harsha Someone at Pamankada.
    2) Some JVP affiliated men tied a village thug and shot him with a T56 in front of my own eyes.
    3) Seen 100's of dead bodies burnt by the roadside. Have inspected these bodies a few times previously. Once seen a young boy and girl (probably 15-16 years) shot through the head, not burnt.
    4) After the JVP was finished off the Army continued to round up the village thugs and criminals and sent them also to the land of 'No return'. A friend of mine who had a Army Lieutinent friend said to me that he accompanied the Army at night on 'type pyre' missions.

    Do not want to prolong this anymore. Wicha - Why don't you write your memoirs at some stage ?

    ReplyDelete
    Replies
    1. embilipitiya principle is out and working as a lay priest (rivira did a article on him).

      100 to 1 ratio was maintained by Lucky Algama.

      Chandrika's buddies at SLMP (mahajana pakshaya) formed the organization known as PRRA. CBK was not going to investigate them.

      Delete
    2. කොබ්බෑකඩුව මහතා නීතිවිරෝධී ඝාතන ප්‍රතික්ශේප කලාය කියල මාත් අහල තියනව. ඔහු අති විශිෂ්ටයෙක්. මෙම කාලෙ ඔහු එංගලන්තෙ පුහුණුවකට ගියා කියලත් අහල තියනවා.නිල ඇදුම ඇදි පමනින් මිනීමරන්න අවශ්‍ය නැති බව එයින් පෙනෙනවා.

      Delete
    3. @ AnonymousOctober 2, 2016 at 5:25 AM

      Sir, It seems that you know something. However almost everything (other than your personnel experience) are public secrets.

      My personnel experiences are terrible. Some of those culprits are still in high positions.

      Delete
    4. Thank you Wicha sir, I know a few people are at high places, I have been to Sapugaskanda those days ! Heard about PRRA connections of some present day ministers too.

      I can understand your reluctance to write what you know and expose your identity. Try some 'Ano' way. people deserve to know these.

      Tens of thousands of professionals and academics left the country as a result of the things happened during that period. I am one of them myself.

      I do not know if the readers realise that a vacuum was created in the country due to this mass exodus of the skilled professionals, and it took 10-15 years to recover from that.

      Delete
  7. ඩොක්ටර්, ඩොක්ටර්, ඩොක්ටර්,

    මේ කතාවම නම් ගම වෙනස් වෙලා මම අහලා දැකලා තියෙනවා වගේ මතකයි.
    බ්ලොග් වලින් නම් නෙමෙයි හොඳේ...

    මේ ළඟදීත් ඔය ෆිල්ම් එකේම එක ජවනිකාවක් එලි දැක්කා නේද?

    ReplyDelete
  8. ඒත් ඔය බලේ තිබ්බ හුගක් එවුන් ඇනගෙන නෑනෙ.....????

    ReplyDelete
  9. ඔබතුමා තවමත් මානසික ප්‍රතිකාර පෞද්ගලිකව හෝ රජයේ රෝහලකදී ලබාදෙනවාද ? නැතිනම් විශ්වාසයෙන් මානසික ප්‍රතිකාර ලබාගත හැකි වෛද්‍යවරයෙක් ගැන තොරතුරක් කියන්න පුලුවන්ද ? පෞද්ගලික හෝ රජයේ. / කොළඹ, ගාල්ල, මාතර. ප්‍රදේශ වලින් නම් වඩා හොදයි. තව අවශ්‍යවුනොත් ඔබතුමා සම්බන්ද කරගන්න පුළුවන් ක්‍රමයක් කියන්න පුලුවන්ද.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook