Thursday, March 17, 2016

නේස් නෝනලා


හෙදියන් හෙවත් නේස් නෝනලා අපගේ සෞඛ්‍යය සේවයේ අත්‍යවශ්‍ය කොටසකි. බොහෝ විට ජනතාව අතර හෙදියන් පිළිබඳව තිබෙන්නේ පියකරු චිත්‍රයක් නොවේ. බොහෝ දෙනෙකු හෙදියන් යනු සැර පරුෂ හිතේ තෙතමනයක් නොමැති කොටසක් ලෙස දකිති. එහෙත් ගතවූ අවුරුදු කාලය තුල ඉතා කරුණාවන්ත මානව ප්‍රේමයෙන් පිරිපුන් හෙදියන් මා ලංකාවේ රෝහල් වලදී දුටුවෙමි. 

නමුත් සැර පරුෂ ගෝරියට බර වර්ජන කිරීමට බලාගෙන සිටින අන් හෙදියන්ද වර්ජන ගෝරි වලට පොලඹවන හෙදියන්ද සිටි බව මම මෙහිදී කියමි. බොහෝ විට මෙවැනි කොටස් ගෙදර දොරේ අඞදබර , පුරුෂයාගේ හැසිරීමේ ගැටළු , යනාදී පීඩා නිසා තම අසහනකාරී තත්වය රාජකාරියේදී මුදා හරින තැනැත්තියන් වෙති. එහෙත් සමබර මානසිකත්වයෙන් යුතු රෝගී සත්කාරය නියම පරිදි කරන හෙදියෝ බොහෝ දෙනෙකු මට මතක්වේ. 

අපගේ සීමාවාසික පුහුණු කාලයේ අප තිස් තුන් පැය රෝහලටම කොටුවී  සිටියෙමු.  හරි හැටි කෑමක් බීමක් නොලබන අප ගැන අනුකම්පාවෙන් ගෙවල් වලින් කෑම බීම ගෙන ආ හෙදියෝද වූහ​. එසේම වරක් මා අසනීප වූ විට මාතලේ රෝහලේ හෙද නිලධාරිනී සිල්වා මහත්මිය මට ෆ්ලාස්ක් එකක දමාගෙන ඉඟුරු කොත්තමල්ලි ගෙනාවාය​. 

එසේම මාතලේ රෝහලේ හෙද සොහොයුරියක වූ අළුවිහාරේ මිය අපට මවක මෙන් වූවාය​.  සමහර විට කුකුල් මස් බුරියානි උයාගෙන අපට ගෙන ආවාය​. එසේම වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා අපට බැන වදින විට අපගේ හිත් සැදීමටත් අප අතින් වන වැරදි විශේෂඥ වෛද්‍යවරයාගෙන් වසන් කිරීමත් අළුවිහාරේ මිය සිදු කලාය​.  

අළුවිහාරේ හෙද සොහොයුරිය සැරය, වාට්ටුවේ සුළු සේවකයන් වාට්ටු වැඩ මඟ හැරියොත් ඔවුන​ට සදා සොත්තීය​. එසේම රෝගියෙකු මිස් කියා ඇය ඇමතුවොත් මළ පනී.  එහෙත් මේ කෑගසන චරිතයට යටින් මානුශික හදවතක් ඇයට තිබුණ බව මම දනිමි. සමහර විට මම අළුවිහාරේ හෙද සොහොයුරිය ඇවිස්සීම සඳහා වෙනත් වාට්ටුවකට ගොස් කටහඞ වෙනස් කොට අළුවිහාරේ මිස්ට කතා කරන්න පුළුවන් ද කියා අසමි. සමහර විට මගේ කටහඞ අඳුනාගන්නා ඇය "කොල්ලා උඹ පරිස්සමින් හිටපන් කියන්නීය​" 

පසුකාලීනව මම   මාතලේ අළුවිහාරේ පන්සල අසල පාරේ නිවසක සිටින අළුවිහාරේ මහත්මිය  බැලීම සඳහා ගියෙමි ඒ වන විට ඇය විශ්‍රාම ලැබ තම දියණියගේ කුඩා දරුවන් දෙදෙනාගේ වැඩ කටයුතු බලා ගනිමින් සිටියාය​.   

මීගමුව රෝහලේ බ්‍රෙන්ඩා, ගුණපාල​, චාන්දනී යන මිස්ලා රෝහල් වැඩ වල්දී අප උපරිම සහයෝගය දුන්හ​. එසේම තරුණ හෙදියක වූ යමුනා මිස් ද අප සමග මිතුරුය​. සීමාවාසික   වෛද්‍යවරයෙකු වූ යාපනය වෛද්‍ය පීඨයේ රාම් මනෝහර් යමුනා මිස්ට කිව්වේ ජමුනා මිස් කියාය​. ජමුනා මිස්ට ලයින් එකක් දැමීමට රාම්ට අවශ්‍ය වී අපගෙන් උපදෙස් පැතුවේය​. රාම්ට සිංහල බැරිය​. අපගෙන් සිංහල වචන අසාගෙන යමුනා මිස් සමග කතා කරයි. තමන්ට යමුනා මිස් බඳින්න ආසයි යන්න සිංහලෙන් කියන්නෙ කෙසේද යන්න වරක් රාම් තරුණ වෛද්‍යවරුන් පිරිසකගෙන්   ඇසුවේය​. ඔයාගේ ඇඟිල්ලට මුද්දක් දාන්න ආසයි කියා  ඔවුන් කීහ​. 

මේ වචන පාඩම් කරගත් රාම් යමුනා මිස් ලඟට ගියේය​. එහෙත් කලබලය නිසා රාම්ට වචන පැටලුනි. ඔහු කීවේ " ජමුනා ඔයාගේ මුද්ද එක​ට එඟිල්ල දාන්න ආෂයි" කියාය. මෙය ඇසුණු කොල්ලන් සිනාවෙන් සති කීපයක් ගත කල අතර ජමුනා මිස් ලැජ්ජාවෙන් අපව මඟ හැරියාය​. එතනින් රාම් ගේ  ලයින් දැමිල්ල අවසන් විය​. රාම් වර්තමානයේ එංගලන්තයේ වැඩ කරයි. එංගලන්තයට යාමට පෙර රාම් මට රාත්‍රී භෝජන සංග්‍රහයක් දුන්නේය​. 

අපගේ කාලයේ මීගමුව රෝහලේ ශල්‍යාගාරය  විනෝද සාගරයක් විය​. බෝල මාලා මිස්, දිනාලි , ඩිනාලි, මයුරානි යනාදී හෙදියන් සමග මම වෛද්‍ය ලිලිත් ලියනගේ , පීරිස්, සුභසිංහ​, සමන් , සිරිවර්ධන , ගෝවි විහිළු තහළුවෙන් රාජකාරී කලෙමු. වරක් රා මදින්නෙක් තුවාල ලැබ ශල්‍යාගාරයට ගෙනාවේය​. මෙදින දිවයින පුවත් පතේ " හෙදියෝ අතුරු තහනමක් ගෙන එති "  කියා හෙඩිමක් තිබුනේය​. අප මේ හෙඩිම රා මදින්නාට පෙන්වා ඔන්න නේස් නෝනලා  ඔහේලාගේ  රස්සාවට කෙලින්න හදනවා කීවෙමු. 

සමහර රෝහල් වල ශල්‍යාගාර හෙදියන් සහ දොස්තරලා අතර ගෝරි වලින් පිරී තිබුණු අයුරු මට සිහිපත් වේ. ඔවුන් එකිනෙකා රිදවීමට එකට එක කල අතර අවසානයේදී පෙළීමට පත් වූයේ රෝගීන් වූහ​. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහල හෙවත් රාගම රෝහලේදී තරුණ හෙදියන් පිරිසක් වූ අතර මමත් වෛද්‍ය පද්මරාජුත් එක්ව තරුණ දයානි මිස්ව ගහේ යැවුවෙමු. වෛද්‍ය පද්මරාජ් යාපනයේ වූවද 1983 දක්වා අධ්‍යාපනය ලැබුවේ කොලඹ ඩී.එස්. සේනානායක විදුහලේය​. එම නිසා ඔහු චතුරව සිංහල කතා කලේය​. අප දෙදෙනා තම තමන් ගේ නම් දෙක මාරු කරගෙන දයානි මිස් හමුවේ පෙනී සිටියෙමු. මම ඩොක්ටර් පද්මරාජ් වූ අතර දෙමළ ඇක්සන්ට් එකක් සහිතව සිංහලෙන් ඇය සමග කතා කලෙමි. මම සිංහල බැරි බැරියාවෙන් ඇයව ඇමතුවේ දයාවතී මිස් කියාය​. පද්මරාජ් ඩොක්ටර් රුවන් වෙමින් ඇය හමුවේ පෙනී සිටියේය​. 

සමහර විට මම  ශාන්ති විහාර් එකෙන් වඩේ මිලට ගෙන "අම්මා යාපනේ ඉඳන් යෙනකොට දයාවතී මිෂ්ටත් වඩේ අරගෙන ආවා කියා ඇයට දුන්නෙමි. ඇය යාපනය ගැන විමසන්නීය මම ලුණු ඇඹුල් සහිතව බොරු ඇද බාමි. දහය වසරේ බයිසිකලයෙන් වැටී අතේ සිදුවූ තුවාල කැළළ පෙන්වා යාපනය රෝහලේ ක්ලිනිකල්ස් කරන කොට ඉන්දියන් ආමි එක ඇවිල්ලා වෙඩි තිබ්බා එතකොට කේල්ලක් වෙදුනා කියා කීවෙමි. දයානී මිස් කම්මුල අත තබාගෙන මගේ විස්තර අසන්නීය​. මෙලෙස මමත් පද්මරාජුත් පුරා වසරකට ආසන්න කාලයක් නම් මාරු කරගෙන සිටියෙමු. අවසානයේදී දයානී මිස්ට අපගේ රෑ දනියෙල් දවල් මිගෙල්  කතාව මාට්ටු වූවාය​. නමුත් ඇය අප සමග කෝප වූයේ නැත​. ඇය අප සමග හොඳටම සිනාසුනාය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

63 comments:

  1. //පුරා වසරකට ආසන්න කාලයක් නම් මාරු කරගෙන සිටියෙමු// සෑහෙන කෝස් එකක් කරල තියෙනව.

    ReplyDelete
  2. //බොහෝ විට මෙවැනි කොටස් ගෙදර දොරේ අඞදබර , පුරුෂයාගේ හැසිරීමේ ගැටළු , යනාදී පීඩා නිසා තම අසහනකාරී තත්වය රාජකාරියේදී මුදා හරින තැනැත්තියන් වෙති//

    නර්ස් නෝනල කසාද බැදගන්නෙම මහ අපත පොරවල්

    ReplyDelete
    Replies
    1. උඹ මාරම සිරා ‍පොරක් නේ?

      Delete
    2. සැටිපිකෙට් ඇත්ත අටමෝ.

      Delete
    3. //නර්ස් නෝනල කසාද බැදගන්නෙම මහ අපත පොරවල්

      :D

      Delete
    4. නැ හැලපයියේ මං මේ නිකං නිරපරාදේ කියන එකක් නෙමෙයි . ටිකක් හිතල බලන්ඩ දන්න අදුරන අයගැන හිතල , හැම තැනම ඔහොම්මමයි , සමහරක් තැන්වල අපතයෙක් නොවුනත් , එහෙම නොවුනා උනත් ඒ හස්බන්ඩලාගේ තියනවා මහා අවුලු කන්දරාවක් කොටින්ම මේ ලෝකෙට ගැලපෙන උන් නෙමෙයි

      Delete
    5. @udara jayasinghe

      නැ බං ඔය ඇදුම් මහන ගෑනු ඉන්නවනේ උන්ගේ මිනිස්සුත් හෙන අපතයෝ , බොරුනං ටිකක් කල්පනා කරල බලහං ඔ්‍ය හාමිනේ පවුල අම්මා එහෙම ඇදුම් මහන්ඩ යන තැන් ගැන , මං කියන්නේ ඇත්තද බොරුද කියල උඹටම තේරෙයි , නැත්ං දවසක වරෙන් අපේ ගෙදර මං උඹට සහසුද්දෙන්ම පෙන්නල දෙන්ඩ

      Delete
    6. මහ අපත පොරවල් බැඳ ගත්තම නේස් නෝනලාට වෙන දේවල්

      Delete
    7. නර්ස්ලාගෙේ පුද්ගලික ජිවිතය රාජකාරිය වෙනුවෙන් බොහෝ විට කැප කරනවා. ඒ හින්දා ඒකේ යම් පීඩනයක් පවුලේ අයත් දරනවා. එබට එහෙම පෙනේනනේ ඒක හින්දා වෙන්න ඇති.

      Delete
  3. //රෝගියෙකු මිස් කියා ඇය ඇමතුවොත් මළ පනී.//
    ඒ මොකෝ????

    ReplyDelete
    Replies
    1. ඇය මිසිස් අලුවිහාරේ නිසාය.

      පේරාදෙනියේ මහැදුරු අලුවිහාරේ ගේ බිරිඳ ද නර්ස් කෙනෙක් නේද?

      Delete
    2. නැ රසික මට හිතෙන්නේ එයා නිලයෙන් හෙදියක් නොවෙන හන්දා ( හෙදියන් පාලනය කරන සිස්ටර් ) කෙනෙක් හන්දා , එයාලගේ ඇදුමත් හරි වෙනස් , අපේ බාසාවෙන් පොඩි දොස්තර මහත්තුරු පොඩි දොස්තර නෝනලත් කතා බහ කරනකොට උනත් එයාලට ගෛෟරවයෙන් තමයි කතා කරන්නේ ,

      හරියටම කියුවොත් රෙජිමෙන්තු සැරයන් මේජර්ලට... ලුතිනන්වරු මේජර් මහත්තුරු සර් කරනවා වාගේ

      Delete
    3. මොකක් කිව්වා. ආයෙත් කියපන් බලන්ඩ? 2/ලුතිනන් කෙනෙක් හරි RSM ට සර් කිව්වොත්, RSM කෙලින්ම කියනවා, සර් මට සර් කියලා අපහාස කරන්න එපා කියලා. අණදෙන නිලධාරි දැනගත්තොත් චාජ් එකේ දානවා ඒ නිළධාරියාව.

      සර් කියන්නේ නැහැ. නිලධාරීන් විසින් RSM ට මිස්ටර් කියලා තමයි කතා කරන්නේ

      Delete
    4. ආහ්..මිස් නෙවේ මැඩම් කියන්ට එපායැ.

      Delete
    5. මේජර් කෙනෙක් rsm සර් කියපු වෙලාවක මම ඒ ඇයි කියල ඇහුවා , ඒකට හේතුවත් එයා කියුවා

      Delete
    6. ඒක සම්ප්‍රදායට පිටින් ගියාට විශේෂ හේතුවක්

      Delete
    7. සම්පූර්ණ සිද්ධිය නම් ගම් නැතුව විස්තර කලානම් හොඳයි. නැත්නම් කියවන්නන් තුළ වැරදි වැටහීම් ඇතිවෙන්න පුළුවන්.

      Delete
    8. Atam. It's wrong. That can not happen. Please explain the incident to see how it went.

      Delete
    9. //රෝගියෙකු මිස් කියා ඇය ඇමතුවොත් මළ පනී.//
      ඒ මොකෝ???///////////////////////// ඇය මැදි වියේ හෙද සොහොයුරියක් නිසා

      Delete
  4. මේ සතියේ දවසක වැරදීමෙන් මෙන් හමුවී මං සිරස චැනලයේ ගිය විකට නාඩගමක් නැරඹුවා YouTube එකෙන්. ඒකේ නම මෙඩි-සිනා.

    අන්න රුවන්ට හොඳයි ඒක බලන්න!

    ReplyDelete
  5. //" ජමුනා ඔයාගේ මුද්ද එකට එඟිල්ල දාන්න ආෂයි"//

    හිනාවෙලා ඇඳුමේ කෝපිත් හලාගත්තා කියලා කැතීගෙන් ඇහුවොත් කියයි. :P

    හෙදියෝ ගොඩක් වෙලාවට දොස්තර මහත්තුරු බඳිනවනේ. ඔන්න මතක් වුනා මගේ යාලුවෙක්ගෙන් හොඳ ප්රශ්නයක් අහන්ට. :D

    ReplyDelete
    Replies
    1. හෙදියෝ ගොඩක් වෙලාවට දොස්තර මහත්තුරු බඳිනව// athha

      Delete
  6. අවුරුද්දක් නම් මාරු කරගෙන ? ලශ්ෂණ මිශ් කෙනෙක් ඒම ඉටිය නං , අප්ෂාදේ කියල ඉතෙයි ආඬවනේ

    ReplyDelete
    Replies
    1. ඒක ලීක් උනේ කන්සල්ටන්ට් මැඩම් දයානි මිස් ඉන්න තැන මට රුවක් කියල කතා කලා

      Delete
  7. මුද්දට ඇඟිල්ල දාන්න ඇහුව නිසා හොඳයි.

    ReplyDelete
  8. //ජමුනා ඔයාගේ මුද්ද එකට එඟිල්ල දාන්න ආෂයි// උඩ පැනලා හිනාවෙන්න ඕන අවස්ථාවක හිනාව ආයාසයෙන් හිර කරගෙන AC කාමරයක දාඩිය දාගෙන මුහුණ රතු කරගෙන ඉන්න කෙනෙක්ගේ රුපයක් හිතෙන් මවාගන්න.

    ReplyDelete
  9. සුන්දර කථා ටිකක්. අර ජමුනාට තිබ්බෙ 'හා' කියන්න.

    ReplyDelete
  10. මොනව කියන්නද මගේ හාමිනෙත් නේස් කෙනෙක් වෙච්ච එකේ.

    ReplyDelete
  11. වෛද්‍ය-හෙදි, හෙදි-සුළු සේවක, වෛද්‍යහෙදිසුළුසේවක-රෝහල් කාර්යාල සේවක ආදි කණ්ඩායම් අතර තියෙන්නෙ නයි පොලොං වගේ සම්බන්ධයක්. එකාට එකෙක් නෑ. තු: විතරක්! මට පේන්න බෑ එහෙම එවුන්ව

    ReplyDelete
    Replies
    1. සමහර රෝහල් වල එහෙම තිය්නවා

      Delete
  12. මරු විහිළු කරලා තියෙන්නේ,

    ReplyDelete
  13. හප්පා මරු විහිලු ටික.. අර දොස්තරලයි නර්ස්ලයි වලි කතාව නම් තවමත් තියනවා. මහනුවර මහ රෝහලේ අදටත් තියන දෙයක් ඕක. අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මම රෝහල් වල නම් නොකියා ලීවට ඔය තැන වල ගෝරි

      Delete
  14. සමහරු හෙද සොහොයුරියො... අම්මලා වගේ.. වචනයක් කතා කරනකොට අමාරුකම් අඩුවෙලා ඉවසන් ඉන්න පුළුවන් වෙනවා.ඒත් ගොඩක් අය ලඟට එනකොටත් බයයි.එයාලට නිකන් ඉන්න තියන එක නැති වෙලා තියෙන්නෙ ලෙඩ්ඩු නිසානෙ.ඉතින් ගේමටමයි වැඩ.අහක බලාගෙන කැනියුලා දාල බම්ප් එක මිරිකනවා මෙලෝ ගානක් නැතිව.. ආදරේ හිතෙනවා අප්පා.. යෙතකොට අපිලාටත් ඉත්තෙනවා මිශ්ගෙ මුද්ද එකට ඇඟිලි ඔක්කොම ගාන්න..
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //ආදරේ හිතෙනවා අප්පා.. යෙතකොට අපිලාටත් ඉත්තෙනවා මිශ්ගෙ මුද්ද එකට ඇඟිලි ඔක්කොම ගාන්න..
      හෙහ් හෙහ්//

      පට්ට කමෙන්ට් එක ලබ්බෝ...

      Delete
    2. අහක බලාගෙන කැනියුලා දාල බම්ප් එක මිරිකනවා ///////////// yes some nurses do that

      Delete
  15. මගෙත් යාලුවෙක් ඉන්නවා නර්ස් කෙනෙක්ව බැඳපු.. ඌට කවදා කොයි වෙලේක කෝල් එකක් දුන්නත් ඌ කියන්නේ බේබි සිටින් මචං කියලයි..

    ReplyDelete
    Replies
    1. හරියට හරි අපේ ලොකු නංගිගේ මිනිහා වාගේ (මගේ මගුලට දරදිය ඇදල මං එපා කියද්දි තමා ඔය පව්කාරයා ඒ දඩු කුරුසෙට කර තිබ්බේ ) ඒ හන්දා විතරක් නෙමෙයි බං මං කියන්නේ දන්න දහයක් පහලවක් ගැන කියල , හැබැයි ඉතින් හොද ආර්ථික ශක්තියක් ලැබෙන රස්සාවක් ( ඕට් මරත හැකි ඕන්නං ) ඒ ඇරුනහම බුජුජාගං කාරයෝ වෙච්ච අපි අදහන විදිහට පිං ලැබෙන රස්සාවක් ( වෙන පිං කරන්ඩ ගියහම අතේ තියන එකට කෙල උනාට මේ රස්සාවෙදි පිනයි සල්ලියි දෙකම අතේ )

      Delete
    2. අනේ දෙයි හාන්දුරුවනේ අරකිට ට්‍රාන්ස්බ්ලොගේ කියවන්ඩ වරං දෙන්ඩ එපා , එක්කෝ රාගම ඉස්පිරිතාලේ ඒකී ඉන්න වාට්ටුවකට ලෙඩෙක්වෙලා යන්ඩ නං මට සිද්ද කරන්ඩ එපා

      Delete
    3. ඔය රස්සාවේ අයහපත් අතුරුපල ඕනෑතරම් තිබේ බන්.. එව්වා ප්‍රසිද්දියේ කියන එක ඒ උතුම් වුර්තියට කරන අවමානයක්.. පින් වගේම තියන පිනත් නැති කරගන්න නර්ස්ලා නම් මම දැකල තියෙනව බන්.. මනුස්සයෙකුට කරුණාවෙන් කතාකරන්නේ නැති නර්ස්ලා තනිකරම කරගන්නේ පෙර පිනට ලැබිච්චි උතුම් රස්සාවෙන් තව තවත් පින් රැස්කරගන්නේ නැතුව පවුම ගොඩගහගන්න එක තමා..

      Delete
    4. නට ලැබිච්චි උතුම් රස්සාවෙන් තව තවත් පින් රැස්කරගන්නේ නැතුව පවුම ගොඩගහගන්න එක තමා../////////// +++++++++++++++

      Delete
  16. නර්ස්ලා හා නර්ස්ලා බැඳපු වශයෙන් යාළුවො ගොඩක් ඉන්න නිසා මොකුත් කියන්න හිතෙන්නේ නෑ.. නැත්නම් කට නලියනවා..

    ReplyDelete
    Replies
    1. උඹල තමා මගේ නියම යාළුවෝ මාව ගලව ගන්නවට උම්මා , කෝ අනිකා අර කම්මලා අනිත් කට්ටිය ගැන කියන එකත් ස්ථීර කලා ඌ

      Delete
  17. හුටා මෙ රුවන් මහත්තයගේ බ්ලොග් එක නේද

    ReplyDelete
  18. අටමට නම් නර්ස් නෝනලා දීලා තියනවා වගේ මදි නොකියන්ඩ. ඕකා ඔය බයට දැන් මෙතන කටපත් අදින්නේ. නර්ස්ලා දැක්කම මේම මේම නැවෙන්නේ.

    නියම කතා ටික. මේ කතාත් එකතු කරලා පොතක් ගැහුවොත් හොඳයි.

    ReplyDelete
  19. දොස්තරලා නේස් නෝනලා එක්ක සෙට් වෙලා බඳිනවානෙ.. ඒවගේ දොස්තර නෝනලා නේස් මහත්තුරු හරි නේස් නෝනලා ඇටෙන්ඩන්ට් /මහත්වරු / ඇටෙන්ඩන්ට් මහත්වරු නේස් නෝනලා සෙට් වෙලා කසාද බැඳපු කේස් හම්බුවෙලා තියෙනවාද?

    ReplyDelete
  20. මම දෙවෙනි ලෝක යුද්ධ කාලෙ කතාවක් අහලා තියෙනවා. අපේ අම්මගේ තාත්තගේ මල්ලි කෙනෙක් බූරු පොලකදී රන්ඩුවක් වෙලා, මඟ රැකලා ඉඳලා බුරුවා ගහලා දිනපු කෙනාට කඩුවකින් හිසට කොටලා. එම තැනැත්තා පහර වලක්වා ගැනීමේදී ඔහුගේ අතේ ඇඟිලි තුනක් කැපිලා (වාසනාවට මහපට ඇඟිල්ල බේරිලා). ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරලා. ඒකාලේ හෙදියන් ලෙස කන්‍යා සහෝදරියන් සේවය කරලා තියෙනවා. කොළඹ රෝහලේ ඒ විදියට කටයුතුකල යුරෝපීය කාන්තාවන් පිරිසක් ඉඳලා.
    රෝගියාගේ නෑදෑයන් එකතුවෙලා අපේ සීයගේ මල්ලිගෙන් නීති මාර්ගයෙන් වන්දි ලබාගන්න කටයුතු කරමින් ඉන්කොට. කන්‍යා සහොදරියො පිරිස මෙයාට ධර්ම දේශනා කරලා. නඩු දැම්මාට ඔයාගේ ඇඟිලි ආපහු ලැබෙන්නේ නෑ නේද වගේ කතා කියලා ලෙඩාගේ හිත වෙනස් කරලා. ඔහුනඩුව අතහැරියා.

    ReplyDelete
    Replies
    1. අපරාදේ අර වන්දි මුදල

      Delete
  21. මටත් ඔය නස් නෝනල ගැන හොඳ වගේම නරකත් තියෙයි කියන්න. වැඩිපුර ම ඉතින් නරක තමා. ඒ අතරින් මගේ හිතට අල්ලලා ගියේ මම ඇස් ඔපරේෂන් කරන්න ගියහම ජයවර්දනපුර රෝහලේ අදාල වාට්ටුවේ හෙදියන්ගේ සැලකීමයි. ඔවුන් තවමත් රෝහලට ගියහම ඉතා හොඳින් සලකනවා.

    ReplyDelete
  22. ලස්සන කතා. රස ව්න් ද

    ReplyDelete
  23. ⁣මට මේ අයව වැඩිය අල්ලන්නෙ නැති නිසා මතක් කරන්න තියෙන්නෙ නෝනා ... මගෙ නර්ස් නෝනා කියන වොලීගෙ සිංදුව විතරමයි !

    ReplyDelete
  24. කොමෙන්ට්ස් නම් හරිම රසවත්........මමත් නර්ස් කෙනෙක් . නර්ස්ලා සහ අනිකුත් ජොබ් අතර වෙනසක් නෑ .හොඳ නරක ඉරිසියාව කුහකකම උදව් කිරීම් හොඳ ගති සාමාන්‍ය මිනිසුන් හා සමානයි....හිටපු ගමන් වර්චස් අයද නොසිටිය නොවේ ....ස්තුතියි

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook