Wednesday, March 16, 2016

අප්පුහාමිලාගේ දුක


පහත ලිපිය උපුටා ගත්තේ දිවයින පුවත්පතෙනි. මෙම ලිපියේ අන්තර්ගතය මුසාවක් කියා මම නොසිතමි. මෙවැනි විපරීත ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල වසර 16 තුල මම සහ සුද්දෙන් දුටුවෙමි. අපගේ සමහර බොස්ලාද මෙසේ අසරණ දුප්පතුන් නොතකා චැනල් චිට් රෝගීන්ට ප්‍රමුඛතාව දුන් අයුරු මම දුටුවෙමි. ඒ කාලයේ අපට මෙවැනි අසාධාරනකම් වලට එදිරිව කථා කිරීමට ගටක් නොවූ බව අවංකව කියමි. එසේ කථා කලේ නම් බොස්ලා අපගේ රෝහල් ජීවිතයේ සිට පශ්චාත් උපාධි අධ්‍යාපනය දක්වා දේවල්  කඩාකප්පල් කර දැමීමට ඉඩ තිබුණි. නමුත් මෙවැනි දේ සිදුවීම මනුශ්‍යත්වයටද නිගාවකි. 

පුද්ගලික චැනල් සේවය ලංකාවට අවශ්‍යය​. නමුත් මෙවැනි ඉතා   අසරණ දුගී රෝගීන්  චැනල් සේවය හරහා නොපැමිනීම නිසා පොදු වදනින් කියනවා නම් චාටර් කිරීම අපායගාමී ක්‍රියාවකි. මේ දුගීන් චැනල් කිරීම සඳහා මුදල් සොයා ගන්නේ ගෙදර තිබෙන බිත්තර වී ටික විකිනීමෙනි. මෙය රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය මෙන්ම වෛද්‍ය සභාව විසින් අවධානයට යොමු කල යුතු දෙයකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 




අනුරාධපුරයේදී ලෙඩක්‌ හැදෙනවාට වඩා හොඳයි හැදුණු ගමන් මැරිල යන එක  (එප්පාවල - රත්න බී. ඒකනායක දිවයින පුවත්පත)


අප්පුහාමි පදවියේ සිට පාන්දර තුනහමාරේ බස්‌ එකෙන් අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ආවේය

ඔහුට ලැබුණු අංකය රතු අංක 6 ය

ලොකු දොස්‌තර මහත්තයා පැමිණියේය. ඔහුගේ චැනල් රෝගීන් ටික බලා යන්නට ගියේය

දෙවැනි දොස්‌තර මහත්තයා පැමිණියේය ඔහුගේ චැනල් රෝගීන් ටික ඔහු බැලුවේය.

අප්පුහාමිට චැනල් කළ වෛද්‍යවරයෙක්‌ නොවූ නිසා,පාන්දර 5.30 සිට සවස 2.00 වනතුරු බංකුවේ එකම තැන වාඩිවී සිටින්නට වූවේය


අනුරාධපුරයේදී ලෙඩක්‌ හැදෙනවාට වඩා හොඳයි. ලෙඩේ හැදුන ගමන් එක පාරටම මැරෙන එක අනුරාධපුරයේ ලෙඩ්ඩු මහ කරුමක්‌කාරායෝ."

අනුරාධපුර ශික්‌ෂණ රෝහල ආශ්‍රිත චිකිත්සාගාරයක උදය හයට බංකුවේ වාඩිවී සිටි අප්පුහාමි සවස දෙක වනතුරුම එතැන නොසෙල්වී සිට බැරිම තැන නැඟිටගෙන ඉහත කතාව කියාගෙන කියාගෙන ගියේය.

දිනය - 2016.02.29 වැනිදා

ස්‌ථානය - අනුරාධපුර ශික්‌ෂණ රෝහල ආශ්‍රිත චිකිත්සාගාරයක්‌

"මම ආවෙ පදවියේ ඉඳල පාන්දර තුනහමාරෙ බස්‌ එකේ. අනුරාධපුරයට එද්දි පහමාරයි. තේ එකකට වත්a මග නොරැඳී චිකිත්සාගාර පෝළිමට දුවගෙන දුවගෙන ගියා. අප්පුහාමි රතු නොම්මර දෙක බංකුවේ වාඩිවිය. ටික වෙලාවක්‌ යනවිට අතපය හොලවන්නටවත් බැරි තරමට කිටි කිටියේ හිරවන්නට විය.

අප්පුහාමි තේ එකක්‌වත් නැතිව පාන්දර දුවගෙන ගියේ මුලින් නොම්මරයක්‌ ගන්නටය.

පෙරවරු 08.30- ට පමණ එතැනට පැමිණි හෙදියක්‌ රතු අංක බෙදන්නට විය. අප්පුහාමිට අංක 06 ලැබිණි. "යාංතං ඇති. කලින් බෙහෙත් ටික අරං අදම ගෙදර යන්න පුළුවනි. අප්පුහාමිට සිතුණි. අප්පුහාමි හිsටි තැනම ඉඳගෙන සිටියේය.

උදය අට නමය විය. නමය දහය විය. දහය එකොළහ විය. රතු නොම්බර බලන්නේ ලොකු මහත්තයා. සීයා ඔහොම ඉන්න. වරින් වර හෙදිය කියන්නට විය.

ඒ අතර ලොකු මහත්තයෙක්‌ ආවේය. ලොකු මහත්තයාගේ කාමරයේ වැඩ කළ හෙදිය වරින් වර නම් කියවන්නට විය. එසේ කියවූ නම් ඇති අය ලබාගෙන තිබුණේ නොම්මර 10- 15- 20 - 25 - 30 ආදී වශයෙන් පසු අංකයන්ය. ඒ අය දවල් වී පැමිණි රෝගීන්ය. උදය පැමිණි අප්පුහාමිගේ නම කියවුණේ නැත. මේ අන්දමට අංක 18 ක්‌ම රෝගීන් කැඳවා අවසානයේ ලොකු මහත්තයා යන්නට ගියේය.

අපි ආවෙ උදෙන්මනෙ. ඇයි මේ අපි කැඳවන්නෙ නැතිව පස්‌සෙ ආපු අය කැඳෙව්වෙ. අප්පුහාමි හෙදියකගෙන් විමසීය. එහෙම කැඳෙව්වෙ ලොකු මහත්තයා චැනල් කරපු ලෙඩ්ඩු. දැන් දෙවැනි මහත්තයා සීයාව කැඳවයි. හෙදිය විස්‌තර කළාය.

දෙවැනි මහත්තයාද පෙර පරිද්දෙන්ම යම් යම් නොම්මර කතා කළ නමුත් ඒ අතරද අප්පුහාමිගේ නොම්මරය කියවුණේ නැත.

ඇයි දෙයියනේ... මගේ නොම්බරය හය. මට කතා කරන්නෙ නැද්ද? අප්පුහාමි නැවතත් හෙදියගෙන් විමසීය. 

ඉන්න. ඉන්න දෙවැනි මහත්තයගෙ චැනල් ලෙඩ්ඩුත් ඉවර වුණාම කථා කරයි. හෙදිය කීවාය. වෙලාව පස්‌වරු දෙක වී තිබිණි. උදය හයට ඉඳගත්ත ගමන් සවස දෙක වනතුරු පැය අටක්‌ උන්තැනම සිටි අප්පුහාමිගේ අතපය හිරිවැටී තිබුණි. උදය සිට නිරාහාරව සිටි නිසා ක්‌ලාන්ත ගතියද ඇතිවිය. හොඳටෝම, බඩගින්න පිපාසය. උගුර කට වේළීම අප්පුහාමි උන්තැනින් නැඟිට්‌ටේය.

වැඩිහිටියන්ට මුල්තැන දෙනවලු. මෙහෙම තමයි දෙන්නෙ. මගේ දැන් වයස 83 යි. තවත් හිටියොත් යන්න බස්‌ නැතිව පාරෙ බුදියන්නයි වෙන්නෙ. අනුරාධපුරයෙදි ලෙඩක්‌ හැදෙනවට වඩා හොඳයි හැදුන ගමන්ම මැරිල යන එක. අප්පුහාමි ගොත ගසමින් කියාගෙන නොම්මරය විසිකර දමා යන්නට ගියේය.

58 comments:

  1. I red many stories like this in newspapers, these kind of allegations are commonplace against SL doctors. This kind of allegation will be diluted respect of the profession and hardly earned recognition. I am wondering why we didn't hear these kind of ugly stories in Canada or other western countries. Is it because medical councils of those countries tough on issues like this or something else?

    ReplyDelete
    Replies
    1. we didn't hear these kind of ugly stories in Canada or other western countries.////////Sarathchandra we are far away from the civilization

      Delete
    2. // Sarathchandra we are far away from the civilization //

      Or... so called self confessed "I am a good doctor" type chaps are far away from SRI LANKA!!!

      Delete
    3. Perhaps they went in seeking the civilization

      Delete
  2. නොදකින්!
    නොදකින්!!
    නොදෝමකින්!!!

    ReplyDelete
    Replies
    1. නොදකින්!
      නොදකින්!!
      නොදෝමකින්!!! x 2

      Delete
    2. කෝ ඉතින්, මේවා නොදකින්න අපි ඉන්නේ ලංකාවෙනෙ. අපිත් ඕස්ට්‍රේලියාවේ වත් හිටියනම්............

      Delete
    3. කෝ මේ කරුණාවන්ත දොස්තර නොනලයි මානව හිතවාදී ඉංජිනේරු මහත්තයලයි මහජන මුදලින් ඉගෙනගෙන රට පැනලානේ

      Delete
    4. // කෝ මේ කරුණාවන්ත දොස්තර නොනලයි මානව හිතවාදී ඉංජිනේරු මහත්තයලයි මහජන මුදලින් ඉගෙනගෙන රට පැනලානේ //

      අනේද කියන්නේ...
      අපි ලන්කාවේ සේවය කොලානම් ඉතාම අහින්සකව, රෝගියාට පමන අගයක් දෙනවා කියලා බෝල ටෝක් දෙන්නේ රටෙන් පිටවෙච්චි ඈයෝ නේ?

      Delete
    5. සොවියට් රුසියාවට කෙලවෙන්න එරට ඉගෙනගන්න ශිෂ්‍යත්ව ලැබූ විදේශීය සිසුන් ද දායක විය, ඒ ඔවුන් බාහිර ලෝකයේ අරුමෝසම් ගැන රුසියානුවන්ටද දැනගන්නට සලැස්වූ නිසායි. විදේශ ගතවී ඇති ශ්‍රීලංකිකයන් ද ඒ අයුරින් ම ලංකාවට සේවයක් සලසයි, ඒ අය අතුරින් බ්ලොග් ලියන්නෝ සුවිශේෂයි, මගේ ප්‍ර‍ාණාමය.

      Delete
    6. ස රස ඔබ දත් දොස්තර කෙනෙක්ද ?[රාජිත ඇමති වගේ නොවන ]

      Delete
    7. සා රස යනු සෙන්ට්‍රල් රෝහලේ දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි බව කොහේ හෝ දුටුවා මතකයි. එය සත්‍යක් නම් අප පෞද්ගලිකව මුණ ගැසී ඇති අතර ඔබ මගේ ඥාතියෙකුගේ දත් ගලවා තිබෙනවා :)

      Delete
    8. හා හා හා උදය.. එහෙනං දත අලුතෙන් ඇවිත් ඇති හොදට බලන්න...හැක්

      Delete
    9. මහජන මුදලින් ඉගෙනගෙන රටපනින එකත් "සිංහල බෞද්ධ පිරුවටයෙන් සඟවා ගත් පසුගාමී ග්‍රාමීය කුහක මානසිකත්වය" විදහා දක්වන්නකද දොස්තර මහත්තයෝ?

      Delete
    10. කෝ මේ කරුණාවන්ත දොස්තර නොනලයි මානව හිතවාදී ඉංජිනේරු මහත්තයලයි මහජන මුදලින් ඉගෙනගෙන රට පැනලානේ /////////////මහජන මුදලින් ඉගෙනගෙන රටපනින එකත් "සිංහල බෞද්ධ පිරුවටයෙන් සඟවා ගත් පසුගාමී ග්‍රාමීය කුහක මානසිකත්වය" විදහා දක්වන්නකද දොස්තර මහත්තයෝ?////////මම වෛද්‍යවරයෙකු වූයේ ලංකාවේ මිනිසුන් ගේ මුදල් වලින් නොවේ. මම ප්ශ්චාත් අධ්‍යනයන් කලේ මගේ මුදල් වලිනි. ඒත් මම වසර 16 ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල මෙන්ම හමුදා රෝහල් වල සේවය කලා, වෘත්තීමය වශයෙන් මම ලංකාවට නය නැත​

      Delete
    11. මම වෛද්‍යවරයෙකු වූයේ ලංකාවේ මිනිසුන් ගේ මුදල් වලින් නොවේ. මම ප්ශ්චාත් අධ්‍යනයන් කලේ මගේ මුදල් වලිනි. ඒත් මම වසර 16 ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල මෙන්ම හමුදා රෝහල් වල සේවය කලා, වෘත්තීමය වශයෙන් මම ලංකාවට නය නැත​

      Delete
  3. මේ වගේ කාලකන්නින්ට නම් හෙන ගහලත් මදි.

    ReplyDelete
  4. මේ මගේ පෞද්ගලික අත්දැකීමකි. මගේ පියා රාගම රෝහලට ඇතුලත් කලේ කිට්ටුම රෝහලේ නිසි ප්‍රතිකාරයක් නොකෙරන නිසාය.රාගම රෝහලේ තත්වය සාපේක්ෂව හොදය. එක පෝලිමක ගොස් අවසානයේ යලි වෙනත් පෝලිමකට හරවා යැවීම .යලි ආපසු එවීම ,ලියකියවිලි කාර්ය මන්ඩලය විසින් නැතිකර ඒවා මුල සිට සොයාගන්නා ලෙස දැණ්වීම,ටිකට් කපන්නට රෑවනතුරු සිටීමට සිදුවීම වැනි රෝහල්වල සාමාන්‍යයෙන් දුප්පතුන්ට දෙන දඩුවම් හැරුන විට ලොකු කරදරයක් නොවීය.එහෙත් එක්තරා පරීක්ෂනයකින් පසු cardio thoracic surgeon කෙනෙක් හමුවීම සදහා මහරෝහලට යන ලෙස දන්වන ලදී.

    මහ රෝහලේදී හමුවිය යුතු cardio thoracic surgeon ගැන සදහනක් නැති බව පවසා රස්තියාදු කිරීමෙන් පසු එක් වෛද්‍යවරියකට යොමුකරන ලදී. ඇය ආවේ ආවේශ වුනා සේය. වාර්තාව අතට ගෙන හෘද රෝගියා ඉදිරියේම මෙයා නම් සර්ජරි එකේදි මැරෙනව.කැමතිනම් පොරොත්තු ලේඛනයට දාන්නම් අවුරුදු 3 ක් යනව.නමුත් වෙනත් ප්‍රතිකර්මයක් තියනව ඒකට ලක්ෂ 12 ක් යනව කියා කීවාය.ඇය එය කියා ඇත්තේද ම්ලේච්ඡ ආකාරයෙනි.( දරුනු පිලිකා වැනි රෝගවලදී වෛද්‍යවරු එය කියන ශිෂ්ට ආකාරය මා අසා ඇත ).ලක්ෂ 12 ක් හොයාගන්න ඕන නෑ. මැරෙන එක කවදත් මරෙනවනෙ කියා මගේ පියා පැවසීය.

    අප ගැන අනුකම්පා කල එක් අයෙක් අප පසුපස ඇවිත් අහවල් ඩොක්ටර් හමුවෙන්න යන්න අහවල් ප්‍රයිවෙට් තැනට එනව කියා කීවේය. අප එම පෞද්ගලික රෝහලට ගොස් එම වෛද්‍යවරයා හමුවූ පසු ඔහු මෙය පරීක්ෂා කර සර්ජරි එකක් අවශ්‍ය නැති බව කියා ඇත.අර පරට්ටි තම මතය ප්‍රකාශකලේ රිපෝට් එක බලන්නෙත් නැතිවද කියා සිතේ.

    පෞද්ගලික රෝහල්වල තත්වය සතුටුදායකය. කාර්යමන්ඩල ආචාරශීලීය. ඔවුන්ගෙන් වරදක් වෙනවා තබා අපෙන් අතපසුවීමක් සිදුවුනත් කාරුනිකව ඉටුකර දෙයි.රාගමදී ඔවුන් අතින් ලියකිලිවිලි නැතිකර අපට ඒවා සොයාගන්න සිදුවීමත් ටිකට් කපන්නට රෑවනතුරු ටිකට් කපන එකෙක් සොයමින් සිටින්නට සිදුවුන සැටිත් සිහිවිය.පෞද්ගලික රෝහල්වල දොස්තරලා සමග කතා කරන්නට පුලුවන්ය. ඔවුහුද අපට සවන් දෙයි.

    (රාගම රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර උපරිමව සිදුවූ බව එම රෝහලේ වෛද්‍යවරුන්ට ගරුකිරීමක් ලෙස ලියමි. ප්‍රශ්නය තිබුනේ පරිපාලනයේය.)

    පෞද්ගලික රෝහලට එන අය දෙස මම විමසිලිමත්ව බැලුවෙමි. ඔවුහු ධනපතියන් නොවේ.රජයේ රෝහල්වල සිදුවන අකටයුතුකම් නිසා පෞද්ගලික රෝහල්වලට එති.

    මගේ නම් මතය සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරනය කල යුතු බවයි. එවිට රජයේ රෝහල්වල ඇති බමුනු ධූරාවලිය වෙනුවට රෝගියා කේන්ද්‍ර කරගත් සේවයක් ඇතිවනු ඇත. පෞද්ගලික රෝහල්වල ඇත්තේ රෝගියා (සල්ලි ) කේන්ද්‍රකරගත් ක්‍රමයකි. එහි රෝහල් සේවකයන් යනු සේවා සපයන්නන් පමනි.ඔවුහු සේවා උපරිමව සපයති.අප මුදල් ගෙවමු.

    රජයේ රෝහල්වල තදබදය මෙයට එක් හේතුවක් විය හැක.නමුත් රිපෝට් එකවත් හරියට නොකියවා මතය ප්‍රකාශකරන විශේෂඥ වෛද්‍යවරුන් ?

    අපි පොඩ්ඩක් හෝ ඔලුව උස්සගෙන ඉන්න නිසා අර පරට්ටි කී මුදල සොයාගැනීමත් ගේමක් නොවේ. නමුත් අවුරුදු 3 ක් පොරොත්තු ලේඛනයේ සිටියානම් ?

    කෙනෙක් මෙසේ කීමට ඉඩ ඇත. එහෙම කියන්න එපා. දුප්පත් අයට නිදහස් සෞඛ්‍ය සේවයෙන් අපමන සේවයක් සැලසෙනවා කියා. කෙහෙල්මල. අපේ ගමේ ගස් බඩගා පොල් කඩන කෙනා රෝගී විය. ඔහුට නිසි ප්‍රතිකාරයක් නොලැබුනි.මියගියේය.

    මේ රටේ පුරවැසියන්ට පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට සෞඛ්‍ය රක්ෂන ක්‍රමයක් හදුන්වාදිය යුතුය.රජයේ රෝහල හදිසි අනතුරු වැනි විශේෂ අවස්ථා සදහා සීමා වෙනවානම් හොදය.

    සමාජවාදී සුබසාධන ක්‍රමවල තිබෙන සියලු දුර්ගුන සෞඛ්‍ය සේවයටද අදාලය.නිසි අයිතිකාරයෙක් නැතිතැන අයිතිකාරයන් වැහි වැහැලාය.උන් එහි ලොක්කෝය. ඇටෙන්ඩන් පවා උත්තමයෙකි.සමහරු වැඩ නොකර පඩිගනිති.සමහරු කාක්කෝය.පෞද්ගලික අංශයේ මුදලට සේවය සැලසේ. අවශ්‍ය එය නේද.සමූපකාරයේ තිබූ අකාර්යක්ෂමතාවය දූෂනය ,ඥාති සංග්‍රහය,අයිතිකාරයන් සිටීම වැනි සියලු දුර්ගුන රෝහලේද ඇත.

    ReplyDelete
    Replies
    1. // පෞද්ගලික රෝහලට එන අය දෙස මම විමසිලිමත්ව බැලුවෙමි. ඔවුහු ධනපතියන් නොවේ.රජයේ රෝහල්වල සිදුවන අකටයුතුකම් නිසා පෞද්ගලික රෝහල්වලට එති. //

      හරියට හරි!

      අන්න ඒක නිසයි ලබන අප්‍රේල් පලමුවෙනිදා සිට පෞද්ගලික රෝහල් ගාස්තු 15% වැඩි කොලේ...

      මතකද... මහින්ද ලොක්කා ගේ කාලේ පෞද්ගලික රෝහල් වලට VAT බඩ්ඩ නැත....
      රනිල්තුමා එම වැරැද්ද නිවැරදි කලේය!

      Delete
    2. මෙමගින් 100% දේශීය කර්මාන්තයක්වන මිනීපෙට්ටි කර්මාන්තය නාගසිටුවිඉමට බලාපරොත්තු වේ

      Delete
    3. මගේ අත්දැකීම් අනුව මෙරට වෛද්‍යවරුන්ගෙ දැනුම ගැනත් ඇතිවුනේ සැකයක්.ඒ සිදුවීම් තුනක් මත.
      මගෙ පෞද්ගලික අත්දැකීමට අනුව පියාගේ රෝගතත්වය අවුරුද්දක් පමන කලයක් විවිධ වෛද්‍යවරුන්ට සොයාගන්න බැරිවුනා. නොකරපු පරීක්ෂනයක් නෑ.අන්තිමට පසුව කී පෞද්ගලික රෝහලේ සුප්‍රකට විශේෂඥ වෛද්‍යවරයාට තමයි සොයාගන්න ලැබුනෙ.

      ඊලඟ උදාහරනය ඒ ඥාති සහෝදරයා ගැන. ඔහුත් වෛද්‍යවරයෙක්. ඔහුගේ පියා රෝගී වූ විට (ඔහුට ඇදුනුම් කම් මත ඉහලම ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව තිබුනත් ) ලෙඩේ අදුනගන්න බැරිව මියගියා.සෝඩියම් හා පොටෑසියම් මට්ටම් වරින්වර ඉහල යාම් ගැන යි කීවෙ. මම වෛද්‍ය විද්‍යාව හදාරා නැති නිසා මට එය තේරුනේ නෑ. ඒ ගැන අපේ ගෙවල්වල කීවෙ දොස්තරලටත් හොයාගන්න බැරිවුනා කියන්නෙ හූනියමක් හෝ කොඩිවිනයක් කියලයි.
      අනෙක් උදාහරනය ඒත් ඥාති පුතෙක් සම්බන්ධව. ඔහුගේ දෙමවුපියන්ට ලක්ෂගානක් වැයවුනේ දරුවාගෙ ඇස් පෙනීම සම්බන්ධ ප්‍රශ්නයකට. නොපෙන්නපු විශේෂඥ වෛද්‍යවරයෙක් නෑ. හෙන ගනන්වලට කන්නාඩි දානව පොඩි එකා එක දවසෙන් කඩාගන්නවා.
      අන්තිමට වෛද්‍ය මහාචාර්යවරියකට පෙන්නුවම තමා එතුමිය මෙය ස්නායුවක ආබාධයක් ලෙස හදුනගත්තෙ. අවුරුදු ගානක්ම අර ස්නායුවෙ ප්‍රශ්නෙට ඇසට කන්නඩි දාන්න තමයි විශේෂඥ වෛද්‍යවරු කියල තියෙන්නෙ.

      සල්ලිකාරයො තමන්ගෙ ලෙඩවලට ප්‍රතිකාරගන්න විදේශගත වෙන එක ගැන අපි දොස් කීවට මේ උදාහරන තුනෙන් මා තේරුම්ගත්ත අපේ දොස්තරලගෙ දක්ෂකම් වැඩි නිසා තමයි සල්ලිකාරයො රටයන්නෙ කියල.කාටවත් අපහාසයක් නෙමෙයි. නමුත් විදේශීය ප්‍රතිකාරවලට යොමුවෙන්නෙ වඩා හොද සේවයක් හා නිවැරදි ප්‍රතිකාර අපේක්ෂාවෙන්. අප්පුහාමිලට නම් ඉතින් පැරසිටමෝල් පෙත්තෙ පිහිට තමා.

      Delete
    4. දුප්පත් මිනිස්සුන්ට සේවයක් නොවෙනවා කියන්න බෑ. සෑහෙන පමනකට සේවයක් වෙනවා.

      Delete
    5. රීමෙන් පසු එක් වෛද්‍යවරියකට යොමුකරන ලදී. ඇය ආවේ ආවේශ වුනා සේය. වාර්තාව අතට ගෙන හෘද රෝගියා ඉදිරියේම මෙයා නම් සර්ජරි එකේදි මැරෙනව.කැමතිනම් පොරොත්තු ලේඛනයට දාන්නම් අවුරුදු 3 ක් යනව.නමුත් වෙනත් ප්‍රතිකර්මයක් තියනව ඒකට ලක්ෂ 12 ක් යනව කියා කීවාය.ඇය එය කියා ඇත්තේද ම්ලේච්ඡ ආකාරයෙනි//////////මේ වෛද්‍යවරියගේ නම මොකක්ද , එය මෙහි සඳහන් කරන්න මම පෝස්ට් එකක් දමන්නම් යළි සොයා බැලීමකින් පසුව​. ඔබට මේ ගැන වෛද්‍ය සභාවට කම්ප්ලේන් කල හැක​. තවමත් පරක්කු නැත​. අවශ්‍ය නම් වෛද්‍ය සභාවේ ලිපිනය විස්තර මට දිය හැක​.

      Delete
  5. අනේ මන්දා. හොඳම දේ තමා වැඩියෙන් වෛද්යවරු බිහි කිරීම. ඒකෙන් මොනයම් විදියක හරි සහනයක් ලැබෙයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බිහිවුනු දොස්තරලා ලන්කාවේන් පනින්නේ නැතිව තියාගන්න විදියකුත් හැදුවොත් තමා හොඳ...

      Delete

    2. /බිහිවුනු දොස්තරලා ලන්කාවේන් පනින්නේ නැතිව තියාගන්න විදියකුත් /
      සියළු වෛද්‍ය උපාධි පාඨමාලා සදහා වැය වන මුදල් සිසුන්ගෙන් අය කිරීම සහ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වීමට සුදුසුකම් ලබන සියල්ලට වසර 20කදී ගෙවා නිමකිරීමට ණය මුදලක් ලබා දීම, රජයේ සේවයට එක්වන අයට අදාල මාසික වාරිකය රජය මගින් ගෙවා දැමීම. යෝජනාව අනෙකුත් වෘත්තීන් සඳහාත් වලංගුයි.

      Delete
    3. GMOA එක මාෆියාවක් පවත්වාගෙන යනවා. වැඩි වැඩියෙන් වෛද්‍යවරු බිහිකරන්නත් සෞඛ්‍ය සේවයේ අයට වෛද්‍යවරුන්වීමට ත් අවස්ථාවක් නෑ.මට හිතෙන්නෙ බුද්ධි පරීක්ෂනයක් වැනි තරඟ විභාගයකින් වෛද්‍ය විද්‍යාලවලට බදවා ගත යුතුයි.මේ තරගකාරී ක්‍රමය තුල තමා ලොකුකම තියාගන්න ලේසි.
      විශේෂඥ වෛද්‍යවරු වැඩිකරන්න නම් එක කවදාවත් ඉඩ දෙන්නෙ නෑ. වෛද්‍ය වෘත්තිය ගැන සමාජයෙත් මිත්‍යා මත වැහි වැහැල.

      නීති උපාධිය ගැනත් සමාජයෙ මිත්‍යා මත වැහිවැහැල තිබුන.නීති උපාධිය සාමාන්‍ය මනුස්සයෙකුට කරන්න බැරි එකක්ය.ඒක හදාරන්න පුලුවන් මහා පන්ඩිතයන්ටය ආදී වශයෙන්. නමුත් දුරස්ථ සහ බාහිරව හදාරන්න අවස්ථාව ලැබුන නිසා දැන් ඒක අඩුයි.කොහෙන් හැදෑරුවත් ලෝ කොලෙජ් එකේ ෆයිනල් ලියන්න ඕන. වෛද්‍ය උපාධියට මෙහෙම දෙයක් කරන්න GMOA ඉඩ දෙන්නෙ නෑ . විදේශීය වෛද්‍යවරුන්ට සහ සයිටම් වගෙ අයට කරන කෙනෙහිලිකම් පේනවනෙ.රුසියාවෙ වෛද්‍යවරුන්ට නොසැලකීමක් තියනව. රුසියාව දියුනු රටක්.රුසියාවෙ පුහුනු වූ අය ඉතා දක්ෂ වෛද්‍යවරු.එහෙ ප්‍රතිකාර කරන අයත් (රුසියන්ජාතික )මෙහෙන් ගිය අයත් ලබන්නෙ එකම පුහුනුව. හැබැයි මෙහෙ උන්ට අනුව රුසියන් එක බාලලු.

      හරි මුන් කියන විදියට ලෝකෙ හොදම වෛද්‍ය උපාධිය තියෙන්නෙ ලංකාවෙනෙ. එහෙනම් ඇයි පශ්චාත් උපාධිකරන්න රට යන්නෙ.

      Delete
    4. සාරස @ වෛද්‍යවරු පනින්නෙ නැතිව තියාගන්න දැනගන්නත් ඕන. ඇත්ත. වෛද්‍යවරයෙක් කියන්නෙ දිවා රෑ මිනිස් ජීවිත එක්ක වැඩකරන කෙනෙක්. අවුරුදු 5 ක පුහුණුවක් ලබල වෘත්තිය තුලිනුත් හැදෑරීමක් කරන කෙනෙක්. නමුත් ලැබෙන්නෙ හිගන පඩියක්. අඩුම ගානෙ ලක්ෂ එකහමාරක වැටුපක් වෛද්‍යවරයෙකුට දිය යුතුයි. මොකා විරුද්ධ වුනත් නොපමාව මේ වැඩේ කළ යුතුයි. දැන් වෛද්‍යවරයෙකුට ලැබෙන වැටුප් සහ වරප්‍රසාද ප්‍රමානවත් නෑ. වෛද්‍යවරුන්ගෙ වැටුප් වැඩිකිරීමෙ සටනක් එක කරනවනම් අපි එකෙන්ම සපෝට්.සමාන්තර විධායක නිළධාරීන් වෛද්‍යවරු තරම් වැඩක් නොකර ලොකු පඩි හා වරප්‍රසාද ලබනව. සෞඛ්‍ය සේවය ගොඩ නංවන්න මුලින්ම කරන්න ඕන වෛද්‍යවරුන්ගෙ වැටුප් වැඩි කරන එක. ඒ තුලින් රටගිය අයත් යලි ආකර්ශනය කරගන්න පුලුවන්.

      Delete
    5. මමනම් හිතනව වැඩිපුර වෛද්‍යවරුන් බිහිකිරීමට වඩා කල යුත්තේ සෞඛ්‍ය සේවාව විධිමත් කරන එක. දැනට ලංකාවේ දොස්තරලා 20000ක් විතර ඉන්නව සාමාන්‍යෙයන් මිනිස්සු 1000කට එක දොස්තර කෙතෙක් වගේ වෙන්න. තව වැඩි කරන පුලුවන්නම් හොදයි එත් අපිට දරා ගන්න පුලුවන්ද කියල ගැටලුවක් තියෙනව... දැනට තියෙන සම්පත් භාවිතා කරල සෑම තැනකටම පහසුකම් බෙදිල යන ක්‍රමවේදයක් හදන්න ඕන, ඒ වගේම පොඩි ලෙඩක්වුනත් විශේෂඥ දොස්තර කෙනෙක් ලගට යන්න මිනිස්සුන්ට තියෙන පෙළඔවීමත් අඩුකරන්න ඕන.

      මම හිතන්නේ රෝහල්වල පෝලිමේ ඉදල බෙහෙත් ගන්න ඉතා විශාල ප්‍රමාණයක් මිනිස්සු ප්‍රමාදය පිලිබදව මැසිවිලි නැගුවට දැනට තියෙන චැනල් වලටත් ගිහින් බෙහෙත් ගන්න ගිහාම සාමාන්‍යෙයන් පැය ගාණක් රස්තියාදු වෙනව.



      පෞද්ගලික අංශය සම්බන්ධකර ගැනීම හොදයි ඒ වගේම රජයෙනුත් පෞද්ගලික රෝහල්වල පහසුකම් ලබාදෙන වාට්ටු මුදල් ගෙවා භාවිතාකල හැකි පරිදි පවත්වාගෙන යා යුතුයි.

      Delete
    6. නූගතුන් විසින් උගතුන් පාලනය කරන රටක ; පාර්ලිමේන්තුවේ කුඩු / බඩු කාරයන් හොරුන් සියළු වරප්‍රසාද ලබන රටක වෛද්‍යවරු දුක් විඳිය යුතුද ?

      Delete
  6. නුවරත් වෙනසක් නෑ, පේරාදෙණියේ නම් අවුලක් නෑ, එත් වම දකුණ මාරු වෙනවනේ. චැනල් නම්බර්ම විතරයි බැලුවේ කීවාට ස්ටාෆ් කියලත් දෙතුන් දෙනෙක්වත් පෙන්නන්න ඇති, ලොකු දොස්තර මහත්තයා වාඩි වෙන්න ඉස්සරම කියනවනේ ඉලක්කමක් අද මම මෙච්චරයි බලන්නේ කියලා.

    ReplyDelete
  7. ට්‍රාන්ස්.. මම හිතන්නේ.. මේක කලිනුත් කිහිප වතාවකම කිව්වා. මේ හැම දෙයක්ම එකකට එකක් බැදුනු දේවල් වෙලා. මුලික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, රැකියාවන්, සමාජීය වටපිටාවන්, ආර්ථික ප්‍රතිපත්ති, ජන විඥාණය හැම දෙයක්ම එකිනෙකට ගැට ගැහෙන ඒවා. මේවා දශක ගණනාවක් තිස්සේ හමස් වෙමින් යනවා. අපිට අලුත්ම සිස්ටම් එකක එළිය දැකීම උවමනායි. ඒකට විශ්වකර්මයෙකුත් ඕනැ.. මේ කිසිවෙකුට වරදක් කියන්න බැහැ මොකද සිස්ටම් එකේ සිරවුනු රූකඩ නිසා. ඒත් මනුස්සකම කියන දේ තොතේරෙන බහුතරයක් මිනිස්සු අතරේ දොස්තරලත් ඒ ගොඩේමයි.. ටික දෙනෙකු ව්‍යත්පන්න වේවි. එච්චරයි.

    ඔබ මේ ගැන වෛද්‍යවරෙයකු ලෙස පත්තරෙන් දැඩි හඩක් නැගුවොත් ඔබත් බුවල්ලාගේ අඩු වලට අහු වෙනවා ඒක සුවර්.. ඒකයි යථාර්ථය. දැං මේ විදුලි බල අර්බුදයේ කොනක පෞද්ගලික ඩීසල් විදුලි සැපයුම්කරුවන් ඉන්නවා. ඒ වගේ හැම තැනම අපිට අත පොවන්න බැරි දුරකට රට ගමන් කරලා දැං..

    අනුවේදනීයයි.

    ReplyDelete
    Replies
    1. පැරා දවස් කීපයකට පෙර යෝජනාවක් කරලා තිබ්බා අළුත් පක්ෂයක් හදන්න, මම හිතන්නේ දේශපාලන පක්ෂයක් නෙවේ, ජන විඥානය වෙනස් කරන්න උත්සාහ දරන්නන්ගේ හඩට ශක්තියක් විය හැකි බහු ජන පෙරමුනක් හදන්න අපට එකමුතු වෙන්න වෙනවා. බුවල්ලන්ගෙන් ගැලවෙන්න, රූකඩ වලට පන දෙන්න.

      Delete
    2. අනුවේදනීයයි.

      Delete
  8. ලක්ෂ එකහමාරක දෙකක වැටුප් වැඩිකිරීමක් කරල වෛද්‍යවරු රටයන එක වලක්වන්න පුලුවන්. එතකොට ඔය අප්පුහාමිලගෙ ප්‍රශ්න විසදෙයි. පෞද්ගලික රෝහල් තවත් දිරිමත් කල යුතුයි.පෞද්ගලික වෛද්‍ය රක්ෂන ක්‍රම හදුන්වා දිය යුතුයි. පෞද්ගලික රෝහල් වලට දිරිදීම තුලින් රජයේ රෝහල්වල තදබදය අඩු කල හැකියි. ලොකු වැටුපක් සහ වරප්‍රසාද දෙන වෛට විද්‍යවරු අනිවාර්යයෙන්ම හොද සේවයක් සපයන්නම වෙනව.

    අලුතෙන් ඩිග්‍රිය අරන් පිටවෙන දොස්තරකෙනෙකුට සොච්චම් පඩියකින් දුශ්කර සේවයෙ යෙදෙන්න වෙනව. සමාන්තර විධායක නිළධාරීන්ට වගෙ හොරාකෑමෙ අවස්ථාත් නෑ.ඉතින් බහුජාතික ඖෂධ සමාගම්වල බූවල්ලන්ට අහුවෙනව.

    වෛද්‍ය වෘත්තියට ඇතුළුවීමට ඇති බාධාත් එක කරන බමුණු වැඩත් හෙලා දැකිය යුතු අතරම වෛද්‍යවරුන්ට ලැබිය යුතු පහසුකම් ගැණත් අවධනය යොමුකරන්න ඕන.අප්පුහාමිලගෙ ප්‍රශ්නෙ වියුක්තව ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය වෘත්තියට ඇතුළුවීමට ඇති බාධාත් එක කරන බමුණු වැඩත් හෙලා දැකිය යුතු අතරම වෛද්‍යවරුන්ට ලැබිය යුතු පහසුකම් ගැණත් අවධනය යොමුකරන්න ඕන.+++++++++

      Delete
  9. සිව්වැනි මානයට සිදුවුනා හා සමාන පෞද්ගලික අත්දැකීමක් නිසා, වෙන කල හැක්කක් නොමැතිනම් හැරෙන්නට මම හෝ මගේ පවුලේ අය නැවත රජයේ රෝහලක ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නැහැ.

    අනුරාධපුරයේ අප්පුහාමිලා ගැන ඇත්තේ අවංක කණගාටුවක්!

    ReplyDelete
    Replies
    1. ගමේ රජයේ රෝහල ගැන රෙකමදාරුවක් දුන්නෙ එහිම සේවය කරන ඥාති සහෝදරයෙක් වන වෛද්‍යවරයෙක් .පෞද්ගලික රෝහල් වලිනුත් ග්‍රාමීය ප්‍රදේශවල පෞද්ගලික රෝහල්වල චැනල් කරනසිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙ දැණුම ගැනත් සෑහීමකට පත්වෙන්න බෑ.සල්ලි වියදම් වුනත් කොළඹ පෞද්ගලික රෝහලකටම ඇතුලත්වී හොදම ප්‍රතිකාර ගත යුතුයි.

      අප්පුහාමිල ගැනනම් මටත් කනගාටුයි. ඒ අයට කිසියම් රක්ෂන ක්‍රමයක් හදුන්වාදිය යුතුයි. ගොවි විශ්‍රාම වැටුප් වලට දායක කරගන්නව වගෙ දෙයක්.නමුත් මෙහිදී සාපේක්ශව සැලකිය යුතු මුදලක් වාරික වශයෙන් අයකරගන්න වෙන නිසා ඔවුනට ලොකු බරක්. නමුත් වෙන කරන්න දෙයකුත් නෑ.

      Delete
  10. මාගේ පුද්ගලික අත්දැකිම අනුවනම් මාගේ සමිපතම ඥාතින් රොහල්ගතවු අවස්ථා බොහෝමයකදී ඔවුන්ට රජයේ රොහල්වලින් ලැබුන ප්‍රතිකාරයන් ඉහල මට්ටමක තිබුනි. මාගේ පියා අවස්ථා කිහිපයකදී රෝහලේ නවතා ප්‍රතිකාර කරන ලද අතර 90 ගනන්වල අගදීට වඩා හොදින් පියා අවසානයේ මාසයක් පමණ කලුබෝවිල රෝහලේ නැවති සිටි 2009දී ප්‍රතිකාර ලැබුණි. දිනකට තුන් හතර වතාවක් වෛද්‍යවරුන් පරික්ෂාකල අතර හෙදියන්ගෙන්ද හොද සාත්තුවක් ලැබුණි. රොහලේදී යම් අපහසුතාවයකට හෝ පත්වුයේ නම් ඒ කම්කරු නිලධාරින්ගේ සැර කතාවලින් ලෙඩුන් බැලිමට එන පුද්ගලයින්ට දමන ලද පාට් වලිනි. ඉන්පසු මාගේ සහෝදරයෙකු ඩෙංගු වැලදි IDH රෝහලේ මෙම වර්ෂයේදි ප්‍රතිකාර ලැබු අතර එහිදිද පෞද්ගලික රෝහලකටත් වඩා වැඩි පහසුකමක් ලැබුනි.(ඊට මාස 3කට පෙර මාගේ බිරිද ඩෙංගු වැලදි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්නා ලදි) මේ අවස්ථා දෙකම චැනල් කිරිමකින් තොරව රෝගියා ඇතුලත් කල අවස්ථාවන්ය.

    මේ මැතකදීද අපගේ සීයා කලුබෝවිල රෝහලට ඇතුලත්කරන ලද අතර එහිදිදි ඉතා හොදින් ප්‍රතිකාර ලැබුණි. ඒ අවස්ථාවේදීනම් චැනල්කර පෙන්වු විට ලැබුනු උපදෙස් අනුව රෝහල්ගත කිරීම සිදුකරන ලදී. මාද අපේ ගමේ රෝහලෙන් බොහෝ අවස්ථාවලදී ප්‍රතිකාර ගෙන ඇති අතර ඒ බොහෝ අවස්ථාවලදීද තත්වය යහපත්ය(ඉතා හොදයි නොවේ)මෙය මාගේ අත්දැකිමයි,......

    සාමාන්‍යෙයන් පෞද්ගලිකව වෛද්‍යවරයෙකු රු 2000ක් හෝ ඊට අඩු මුදලකට චැනල් කිරිමට පුලුවන. සෑම චැනල් කරන ස්ථානයකම සාමාන්‍යෙයන් රෝගින් 20ක් පමණ ප්‍රමාණයක් සිටියි. එහෙත් රෝහල්වල චැනල් කිරීමට දවසකට පැමිණෙන රෝගින් සංඛ්‍යාව ඉතා විශාලය. මෙයින් අපට තේරුම් ගැනීමට හැකි දෙයක් වනුයේ තමන්ගේ ලෙඩකට යම් මුදලක් වියදම්කර වෛද්‍යවරයෙකු හමුවීමට නොහැකි හෝ ඒ වෙනුවෙන් මුදලක් වෙන්කිරීමට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නැතැයි සිතන ඉතා විශාල ප්‍රමාණයක් සිටින බවයි.

    අනෙක් කරුණනම් පෞද්ගලික සේවයේ යෙදෙන සමහර විශේෂඥ වෛද්‍යවරුන් සෑම දිනකම උදෑසන 5 හෝ 6 සිට මධ්‍යම රාත්‍රිය වනතුරු තමන්ගේ සේවය රෝගින්ට ලබාදේ. ඔවුන් අඩුවෙන්ම ලෙඩුන් බලනවානම් ඒ 8 සිට 4 දක්වා කාලය විය හැකිය, එහෙත් බොහෝවිට ඔවුන් එම කාලය තුලදීද සැලකිය යුතු රෝගින් ප්‍රමාණයක් නිරික්ෂණය කරයි. ඔවුන්ට වැඩි ලාභයක් ඇත්තේ චැනල් සේවා වලින් බැවින් ඔවුන් ඒවා ප්‍රෙමා්ට් කිරීමටද හැකි සෑම විටම කටයුතු කරයි. ඒ අනුව චැනල්වලට එන පුද්ගලයින්ට වැඩි කරුණාවක් දක්වයි. මේ අනුව බලනවිට ලංකාවේ ලොකු රෝගින් ප්‍රමාණයක් සිටියි

    මාගේ නිරික්ෂණය අනුවනම් රජයේ රොහල්වලදී චැනල් සේවාව පැවැත්වීමේදි ලබාගත් අංකය අනුව පමණක් ඇතුලත් කරනවානම් සහ රොහල්වල සේවකයින්ගේ හා වෛද්‍යවරයාගේ හිතවතුන්ට ප්‍රමුඛතාවය ලබාදීමේ වැඩපිලිවෙල නවතා දැමිමට කටයුතු කරනවානම් හෝ ඔවුන් සදහා චැනල් කිරීමට වෙනත් වෙලාවක් ලබාදීමට කටයුතු කරනවානම් මෙවැනි ගැටලු ඇතිවන්නේ බොහෝම අඩුවෙන්ය. මෙවැන්නක් ලංකාවේම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවානම් සහ එලෙස කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන්නේනම් මෙය ඇතිකල හැකියැයි මම සිතනවාය. ඒවැනි වැඩපිලිවෙලක් වෛද්‍යවරුන්ගෙන් හෝ රොහල් සේවකයින්ගේ ප්‍රතිරෝධයක් ඇතිනොවන පරිදි ක්‍රියාත්මක කිරීම පරිපාලන බලධාරින්ගේ වගකීමක්ය







    ReplyDelete
    Replies
    1. රජයේ රෝහල්වලද අවශ්‍යතාවයක් තිබේනම් අන්තර්ජාලයෙන් චැනල් කිරීම සදහා තුන්ඩු සහ වෙලාවක් ලබා ගැනීමේ පහසුකම් ලබාදිය හැකිය. දැන ලංකාවේ සෑම තැනකම ජිවත්වන පුද්ගලයින් අත ජංගම දුරකතනයක් හා අන්තර්ජාල පහසුකම් ඇතිබැවින් මෙය සිදුකිරීම අපහසු නැත. මේ මගින් තමන්ට ලැබෙන වේලාව හා දිනය කලින්ම තිරණය වන බැවින් සිදුවන ප්‍රමාදයන් වලක්වා ගත හැකිය. මේවා සිදු කිරීමට නොහැකිවී ඇත්තේ වෛද්‍යවරුන්ගේ හෝ රෝහල් සේවකයින්ගේම ගැටලු නිසා පමණක්ම නොවේය. වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලවල අකාර්යක්ෂමතාවය අඩුකිරිම සදහා විධිමත් වැඩපිලිවෙලක් නොමැතිවීමද මෙවැනි තත්වයන් ඇතිවීමට හේතු වනවාය .....

      Delete
  11. සමහර රටවල ( අපේ අතිවිශේෂ වෙනින් කොහෙවත් නැති ශුද්ධවූ නිදහස් අජ්ජාපනය නැති ලෝකේ සෙසු රටවලින් සමහරක )වයිද්‍ය උපාධිය සඳහා මුදල් හා අද්ධ්‍යාපන සුදුසුකම් පමණක් නොව ඒ වෘත්තියට ගැලපේද යන්න සඳහා බැක්ග්‍රවුන්ඩ් එකත් බලනවා කියන්නෙ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ බැක්ග්‍රවුන්ඩ් එක නෙවෙයි, ඇප්‍ටිටියුඩ් එක බලන්නේ..මොකද බැක්ග්‍රවුන්ඩ් කිව්වාම ලොකු පරාසයක් තියෙනවා නේද? මම දන්න තරමින් පෞද්ගලිකව සම්මුඛ පරීක්ෂණයකට මුහුන දෙන්න ඕනා හැකියාව ඇතැයි වටහා දීමට...

      Delete
    2. බැක්ග්‍රවුන්ඩ් එක නෙවෙයි, ඇප්‍ටිටියුඩ් එක බලන්නේ.

      Delete
  12. SALLI PASSE DUWANWA...IWRAYAK NA. MAGETH THOYENWA ATHDAKEEMAK NARAKA,. NAMUTH MAMA 89 POLICE ATHADANGUWE INNA WIT A KALUBOWILA SITIYA DEVIYEK BANDU MAHATHMAYEK.

    ReplyDelete
  13. එක දෙයක් ගැන සතුටක් ඇතිවුනා. වැලිඔය ජනතාවට පාන්දර 3.30 ට බස් එකේ අනුරාධපුරේට එන්න පුළුවන් වීම. ඒ කාලේ හමුදාව යොදවා පාරේ ආරක්ෂාව තහවුරු කලාම එක බස් එකක් වැලිඔය ඉඳලා අනුරාධපුරේ යනවා, අතර මගදී ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවෙතැයි කියන බයත් සමග. අනුරාධපුරෙන් හවස 2 ට ඒ බස් එක ආපහු එනවා. ඊට පස්සේ මේ මිනිස්සුන්ට මොනවා වුනත් ආපහු අනුරාධපුරේ යන්න වෙන්නේ පහුවදා හමුදාව මාර්ග ආරක්ෂාව යෙදෙව්වට පස්සේ විතරයි.

    ReplyDelete
    Replies
    1. හමුදාව තම යුතුකම සිදු කොට තිබේ. ඒත් වෛද්‍ය සේවය ?

      Delete
  14. මම පුළුවන් හැම වෙලේම බෙහෙත් ගන්නේ රජයේ රෝහල් වලින්.. බදුල්ල මහා රෝහල/ ගාල්ල කරාපිටිය/ මහමෝදර වගේ තැන්වල තත්වය සාපේක්ෂව සතුටුදායකයි.

    මේ සියල්ල පුද්ගලයෝ මත ඩිෆෙන්ඩ් වෙනවා කියල හිතනවා.. අසරණ රෝගීන් පවු. පොදුවේ සියලු සෞඛ්‍ය සේවකයින් මීට වඩා මානුෂික විය යුතුයි කියලයි මං හිතන්නේ.. හැමෝගෙම පුදුම සැරක් නේ තියෙන්නේ. :) හැබැයි දන්නා අඳුනන හිතවත් අය කවුරුත් එහෙම නෑ.. :)

    ReplyDelete
    Replies
    1. සෞඛ්‍ය සේවකයින් මීට වඩා මානුෂික විය යුතුයි +++++

      Delete
  15. බෙහෙත් උගුරකට මිනිස්සු දුක් විඳින හැටි බලන්න පුළුවන් ඔසුසලක් ලඟට ගියාම.පාන්දර 4 වෙනකොටත් මීටර් 20ක් 30කට වැඩිය පෝලිම.ෆාමසියෙන් බෙහෙත් ගන්න සල්ලි නැති කමට.(සෞඛ්ය ඇමති ඇම්බියුලන්ස් ප්ලේන් එකෙන් රට ගියාට උගෙ රටේ ඉස්පිරිතාලෙ බෙහෙත් පෙත්තක් වත් නැත.උට ජයවේවා.)

    පලමු වතාව චැනල් එකද එතනින් දෙන චිට් එක රැගෙන මහරෝහලටද යාම බෙහෙතක් ගැනීමට 'අවශ්‍ය' නම් කළයුතුම බව ගස්ලබ්බා තේරුම් ගත්තේද අත්දැකීමෙනි.

    මහරෝහල් සඳහා එන රෝගීන් අතිවිශාල සංඛ්යාවට කිසි සේත් නොසෑහෙන වයිද්‍යවරුන් දෙතුන් දෙනෙක්,රෝගී පරීක්ශාවක් තියා අතපය දිග හැරීමට වත් ඉඩ නොමැති හුණ්ඩු කාමර,දඩාවතේ යන හොරිකඩ බල්ලන්ට සමානව රෝගීන්ට ලැබෙන රැඳී සිටීමේ පහසුකම් ආදිය නිසා විශාල පීඩනයක් රජය විසින් 'හිතා මතා' ක්ශේත්‍රයේ ගොඩ නඟා ඇත.

    ඒ අතර මෝඩ, මරි මෝඩ, අමන තීරන මඟින් සෞඛ්‍ය කාර්යමණ්ඩල නොසන්සුන් කර ඔවුන් එකමුතු වීම කුමන්ත්‍රණ කාරීව වලකා ඇත.(මොලේ ඇතැයි කීවාට කොහු ටික ලං කරන පමාවෙන් කඹ අඹරා ගිලීමට මොවුන් දක්සය.)

    GMOAරටේ සැබෑ ගැටළු හෙලිදරවු කිරීමට කාලය පැමිණ ඇත.
    ජයවේවා..!!

    ReplyDelete
  16. වෛද්‍ය උපකරණ සහ දන්ත වෛද්‍ය උපකරණ කාර්මිකයෙක් විදිහට මම සේවය කරපු අවුරුදු කිහිපයේදී ඔය කියන තත්වය ඇස් දෙකෙන්ම ඇති තරම් දැක්ක දොස්තර මහත්තයා. දොස්තර කෙනෙක් විදිහට කොන්ද පන ඇතුව මේ තත්වයන් විවේචනය කරන්න ඔබතුමාගේ තියන මනුස්සකමට සහ ශක්තියට මගේ ආචාරය පුදකරන්න කැමතියි.

    රත්නපුර පැත්තේ එක්තරා රජයේ රෝහලක දන්ත ශල්‍ය උපකරනක් නිතර නිතර ක්‍රියා විරහිත වීම නිසා මට මාසෙට දෙතුන් වතාවක් ඒ රෝහලට යන්න සිද්දඋනා. කාර්මිකයෙක් විදිහට මට තේරුනා මේක කැඩෙනවා නෙවෙයි කව්රුහරි ඕනෑකමින් කඩනවා කියල. එත් ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තිබුනේ නැහැ. කාලයක් තිස්සෙම හැම මාසෙකම දෙතුන් වතාවක් ඒ රෝහල විසිට් කරන්න මට සිද්දවුනා. එත් මොකක්හෝ විදිහකින් සෞක්‍ය අමාත්‍යංශයේ අවධානය මේ ගැන යොමු වෙලා අපේ කොම්පැනිය දිහාවට චෝදනාව එල්ලවුනා අපි බාල තත්වයේ උපකරණයක් සපයලා කියල. අන්තිමේ මේ ප්‍රශ්නය එහාටත් මෙහාටත් චෝදනා කරමින් ඉඳලා, මම යන්ත්‍රය හරියට හදන්නේ නැහැ කියන තැනට ප්‍රශ්නය ආව. වතුර බහින්නේ පහල තැනින් නිසා අන්තිමේ මට සිද්දවුනා දන්ත සෞක්‍ය අද්යක්ෂකට උත්තර දෙන්න. මම එකෙන්ම මගේ උත්තරේ දුන්න ආයේ කතා නොකරන්නම. මම දන්ත සෞක්‍ය අද්‍යක්ෂකට කිව්වා ඉස්පිරිතාලේ ඉස්සරහ තියන ඉස්පිරිතාලේ දොස්තරගේම ඩෙන්ටල් එක වහල දැම්මොත් ඉස්පිරිතාලේ තියන යන්ත්‍ර කැඩෙන එක නවතියි කියල. එතනින් එහා අපිට ප්‍රශ්නය එන එක නැවතුනා. උගත් කියාගන්නා මිනිස්සු තිරිසන්නු තත්වයට වැටිලා සල්ලි පස්සෙම දුවන එක ගැනනම් දැනෙන්නෙ හරිම අප්පිරියාවක්.

    ReplyDelete
    Replies
    1. මම දන්ත සෞක්‍ය අද්‍යක්ෂකට කිව්වා ඉස්පිරිතාලේ ඉස්සරහ තියන ඉස්පිරිතාලේ දොස්තරගේම ඩෙන්ටල් එක වහල දැම්මොත් ඉස්පිරිතාලේ තියන යන්ත්‍ර කැඩෙන එක නවතියි කියල. ///////////////// මසුරන් වටින කතාව 100% ++++++++++++

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook