මා සමග දබර කර ගත් නමුත් පසුව මිතුරු වූ ලෙබනනයේ දියාබ්
වෛද්‍ය පීඨයේ අරාබි සිසුන් බොහෝ දෙනෙකු වූහ. පොදුවේ ඔවුන් ධනවත් ය. ඉතා හොඳින් ඇඳුම් පැළඳුම් කල අතර තරමක ආඩම්බරකාරයන් ද වූහ. එක් අරාබි සිසුවෙක් වරක් මට " උඹලාගේ රටේ ගෑණු අපේ රටට ඇවිත් ඩොලර් පනහට අපේ වැසිකිලි හෝදනවා කීවේය. එසේම තවත් අරාබි සිසුවෙක් උඹලාගේ රටේ කඩ්ඩවත කියලා ටවුමක් තියනවාද කියා ඇසීය. පසුව බලන විට මෙම සිසුවාගේ නිවසේ කඩවත ප්‍රදේශයෙන් පැමිණි ගෘහ සේවිකාවක් සිටින බව හෙළි විය. තවද මා සමග භාෂා පාඨමාලාව එකට කල ජෝර්දානයේ අමායා මා සමග මිතුරු වීමෙන් පසුව ඇය කුඩා කාලයේ ඇයව බලා ගත්තේ ලංකාවේ ආයා කෙනෙකු බව හෙළි කලාය. අමායා නිතරම කළු වතින් සැරසී සිටි අතර පසුව කලෙනින් නගරයට ගියාය.
බොහෝ අරාබි සිසු සිසුවියන් ශ්‍රී ලාංකික අප හමුවේ ආඩම්බරයෙන් අපව නොතකා හැසුරුනද ඉතා හොඳ ගති ගුණ තිබූ අරාබීන් ද මට හමුවී තිබේ. ජෝර්දානයේ මන්සූර් තරීෆ් එවැනි පුද්ගලයෙකි. පලස්තීන ජාතිකයෙකු වූ ඔහු ජීවත් වූයේ අම්මාන් නගරයේය. අප එකම පන්තියේ වීම නිසා මන්සූර් සහ මා අතර මිතුරුදමක් ඇති විය. එසේම ඔහුගේ මිතුරු ඊබ්‍රහීම් අබුතීනා ද මා සමග මිතුරු විය. ඔවුන් දෙදෙනා එක කාමරයක නැවතී සිටියහ. සමහර විට මා ඔවුන් ගේ කාමරයට ගොස් ඔවුන් සමග ආහාර ගැනීමටද පුරුදුව සිටියෙමි. නිවාඩු කාලයේදී ජෝර්දානයට ගිය මන්සූර් මට අගනා සපත්තු දෙකක් තෑගි ලෙස ගෙන ආ අතර ඊබ්‍රහීම් මට මැරඩෝනාගේ රුව සහිත ට්‍රැක් කිට් එකක් දුන්නේය. භාෂා පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව ඊබ්‍රහීම් සැපරෝශියා නගරයට ගිය අතර මම මන්සූර් සමග විනිට්සා නගරයේ රැඳුනෙමු. මම සහ මන්සූර් එකට පාඩම් කලෙමු. එසේම සමහර විට එකට ආහාර ගත්තෙමු.
ලෙබනනයේ දියාබ් උස මහත ශක්තිමත් පුද්ගලයෙකු වූ අතර ගෝරියටද බර විය. වරක් කැන්ටිමේදී දියාබ් පෝලිම පැනීම නිසා මම දියාබ් ව ඇද ඉවතට ගත්තෙමි. ඒ නිසා දියාබ් මා සමග දබරයට ආ අතර මමද නොබියව ඔහුට පහර දීමට අත මිට මෙලවූයෙමි. සහජයෙන් අරාබින් පහරට පහරක් ගහන පුද්ගලයන් හමුවේ පසුබා යති. එම නිසා දියාබ් පසු බැස්සේය. මෙම මූලධර්මය ඊශ්‍රායෙලය විසින් අරාබීන් විශයෙහි යොදා ගන්නා බව මට සිතේ. එහෙත් පසු කාලයක දියාබ් සන්සුන් පුද්ගලයෙකු වූ අතර මා සමග මිතුරු විය. ඔහු රුසියානු යුවතියක් කසාද බැන්දේය. ඔහු පස් වන වසරේ සිටියදී පියෙකුද විය.
ඊජිප්තුවේ සාමෙක් සහීද් කවටයෙකි. ඔහු මට අරාබි බසේ තිබෙන සියළු කුණුහරප ඉගැන්වීය. ලෙබනනයේ ලුආයි ඇල් ගෝර් මාව දකින විට අරාබි කුණුහරපයක් කියයි. මමද ඔහු කියූ එකට එකක් කියමි. මෙසේ අප දෙදෙනා අරාබි කුණුහරප දෙබසක් ගොඩ නගා ගන්නා අතර ලුආයි සමග සිටින අනෙකුත් අරාබි සිසුන් මහ හඞින් සිනාසෙති. ඊජිප්තුවේ සාමෙක් සහීද් ඉගැන්වූ පද මට තවමත් මතකය. පසුගිය වසරේ නෝත් යෝර්ක් හි ජෙරුසලම් අවන්හලේදී මට ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අරාබි සිසුවෙකු හමු විය. අප දෙදෙනා මිතුරු වීමෙන් පසු මම සාමෙක් සහීද් මට ඉගැන්වූ පද ගැන ඔහුට කීවෙමි. මා ඒ පද කියනු අසා ඔහු කොක් හඞ නගා සිනාසුනේය. එසේම මගේ උච්චාරණය රාමල්ලා නගරයේ වැසියන් සිහිපත් කෙරෙන බවද කීවේය.
සාමෙක් සහීද් හොඳ අරාබි නැට්ටුවෙකි. එසේම අරාබි බෙලි ඩාන්ස් කරන මොරොක්කෝ සිසුවියක් ද වූවාය. වරක් උත්සවයකදී සාමෙක් ඇය සමග නැටුවේය. නැටුම අවසානයේදී අප සාමෙක්ව ඔසවා කරට ගෙන නේවාසිකාගාරය පුරා කෑ ගසමින් ගියෙමු.
එක් දිනක් මගේ ශීතකරණය ඇරිය විට බිත්තර නොමැති බව වැටහුනි. එම නිසා මම කාමර දෙක තුනකට එහා සිටි සාමෙක් ගේ කාමරයට ගියෙමි. සාමෙක් නිදා ගෙන සිටි අතර සාමෙක් ගේ මිතුරා ඔහුව ඇහැරවීම සඳහා බෝතලයකින් කටට වතුර ගෙන පුග් ගා සාමෙක් ගේ මුහුණට විද්දේය. ඒ අතරවාරයේ මම සාමෙක් ගේ ශීතකරණය ඇර බිත්තර පහක් ගත්තෙමි. වතුර මුහුණට වැදීම නිසා නින්දේ සිටි සාමෙක් අසිහියෙන් මෙන් අරාබි වලින් බැනගෙන බැනගෙන ගියේය. මේ විකාරය දුටු මා අතින් බිත්තරයක් බිම වැටී සාමෙක්ගේ අගනා කාපට් එකද ජරා විය. මට සිනහව නවත්වා ගැනීමට නොහැකි වූ නිසා මම ඉතිරි බිත්තර රැගෙන කාමරයෙන් ඉවතට දිව ගියෙමි.
යේමනයේ කරීම් අක්මඩ්ට බොහෝ දෙනෙකු අකමැති වූයේ ඔහු අනෙකුත් සිසුන් කෙටවීම නිසාය. ඔහු ලුආයි ඇල්ගෝර් සමග මිතුරුව සිටි නමුත් ඔහු ලුආයි කුපිත කරවීම මගින් පන්ති වලදී විකාර කලේය. අනෙකුත් අරාබි සිසුන් කරීම් අක්මඩ් සමග එතරම් මිතුදමක් තිබුනේ නැත. ඔහුට අවුඩි මෝටර් රථයක් තිබුනේය. තවද කරීම් ඉතා දීප්තිමත් සිසුවෙකු විය. ඔහු අපගේ බැච් එකේ ඉහලම ලකුණු ගත් අතර ඒ ගැන ආඩම්බරයෙන් හැසිරුනේය. නමුත් සෙසු යේමන් ජාතික සිසුන් වන ෆාදෙල් , ඉමාමි මගේ සුහද මිතුරන් වූහ.
හතරවන වසරේදී මම සිරියානු සිසුවියක සමග මිතුරු වූයෙමි. ඒ නිසා සමහර අරාබි සිසුන් ගේ රහස් කෝපයටද මම භාජනය වූයෙමි. එහෙත් කිසිවෙකු අපට මුහුණට කිසිම දෙයක් කීමට ආවේ නැත. එහෙත් පසුව සමහර සිරියානු සිසු සිසුවියන් මා සමග මිත්‍ර වූහ. ඔවුන් අතරින් මයාදා , රාමි, අහමද් ,යූසුෆ් මට මතක් වේ. මේ වන විට සිරියානු සිවිල් යුද්දය නිසා ඔවුන් කරදරයේ සිටිනවා විය හැකිය.
වරක් මම මොස්කව්හිදී අතරමං වූයෙමි. එය ශීත සමයේ රාත්‍රියක් විය. අතරමං වී ඉබාගාතයේ ගිය මට ඉරාක සිසුන් දෙදෙනෙකු හමු විය. ඔවුන් ද මා මෙන් අතරමංව සිටි දෙදෙනෙකි. අප තිදෙනා අඳුරේ පාලු පාරවල් ඔස්සේ ඇවිදගෙන ආවෙමු. ඒ අතරවාරයේ ඔවුන් මා ඉන්දියානුවෙකු යැයි සිතා හින්දි ගීත කිව්වෝය. බොහෝ වේලාවක් ඒ මේ අත ඇවිදීමෙන් පසුව අප පාක් කුල්තූරි වෙත ලඟා වූයෙමු. පාක් කුල්තූරි හිදී අප වෙන් වූයෙමු.
මොරොක්කෝවේ හාලිද් හොඳින් ප්‍රන්ස බස කතා කලේය. එසේම ඔහු ජෝජ් මයිකල් සහ මාක් නොෆ්ලර් ලෝලියෙකි. ඔහුගේ අදහස වූයේ වෛද්‍ය උපාධිය ගැනීමෙන් පසු පැරීසියට යාමයි. මේ වන විට ඔහු ප්‍රන්සයේ ජීව වනවා විය හැකිය. තවද මොරොක්කෝවේ රශීදා මිත්‍රශීලී සිසුවියකි. ඇය අපගේ පාඩම් කවයටද ආවාය.
ටියුනීසියාවේ මොරාද් ශක්තිමත් එසේම කිපෙන සුළු පුද්ගලයෙකි. වරක් හතරවන වසරේදී ඔහුට අඩු ලකුණක් ශල්‍ය වෛද්‍ය විද්‍යාවට ලැබුනු නිසා ඔහු මහාචාර්‍යවරයා සමග එකට එක කියමින් නෝක්කාඩු කීවේය. පසුව අනෙකුත් සිසුන් විසින් මොරාද්ව ඉවතට ගෙන යන ලදි.
මම තෙවන වසරේ සිටියදී සිරියානු ජාතික ජන්සීර් මගේ අසල්වාසියා විය. ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨ සිසුවෙකි. ඔහු මහ හඞින් අරාබි සින්දු වාදනය කල අතර ඔහුගේ ශබ්ද පූජාව අවසන් වීමෙන් පසු මම ඩීප් පර්පල් , වයිට් ස්නේක් , මෙටලිකා , ඒසී ඩීසී සංගීත වාදනය කලෙමි. මගේ සංගීතය හඞින් වැඩි බව ඔහු කීවේය. ජන්සීර් තම කාමරයේ ඇල්සේෂන් බල්ලෙකු තබාගෙන සිටියේය. මෙම බල්ලා ගේ නම බරුද් විය. බරුද් යනු අරාබි බසින් බුලට් යන්නයි. ඔහු බරූද් ව රහසින් අපගේ නානකාමරයේ නාවන බව මට පසක් විය. එහෙත් මම කිසිවක් නොකීවෙමි. ජන්සීර් ඌරු මස් වලට බියය. ඌරු මස් වලට අරාබීන් හන්සීර් කීවෝය. සමහර විට අප ජන්සීර් කුපිත කරනු වස් ඔහුට හන්සීර් කියා කතා කලෙමු. නමුත් කාලයාගේ ඇවෑමත් සමග මන්සූර් තරීෆ් ඇතුළු මගේ අරාබි මිතුරන් ඌරු මසින් සෑදූ සොසේජස් ආදිය මෙන්ම ඌරු තෙලින් බැදගත් අර්තාපල් ද කෑහ. එහෙත් ජන්සීර් තමාගෙ තද ස්ථාවරයේම සිටියේය.
අරාබි සිසුන් සුන්දර කොටසකි. ඔවුන් ගීත ගායනයට නැටීමට කැමතිය. ඇතැම් විට අප අරාබි සිසුන් අනුකරණය කරමින් බර අඩි තබමින් අරාබි ගීත වලට නැටුවෙමු. ඔවුන් තේ කෝපි බීමට කැමතිය. කුඩා කෝප්ප වල බොන අරාබි කෝපි මම අතිශයින් ප්‍රිය කලෙමි. එසේම ඔවුන් ගේ ආහාරද රසින් යුක්තය. කුකුල් මස් ඔවුන් ඉතා රසට උයති. වර්තමානයේ මගේ මිතුරන් අතර අරාබි රටවල විශ්ව විද්‍යාල ආචාර්‍යවරුද සිටිති. ඔවුන් මට මැදපෙරදිගට එන්න යැයි කියා ආරාධනා කරති. යම් දිනක අරාබිකරයට යාමට මගේ බලාපොරොත්තුවක් තිබේ.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
මටත් මේ ආකාරයේ ලිපියක් ලිවීමට සිත් විය. ස්තුතියි.
ReplyDeleteමගේ නම් අරාබිකරයට යාමට කිසි අදහසක් දැනට නැත. ලෝකයේ අන් සියළුම රටවලට ගිය පසු ඒ ගැන සළකා බලමි.
ලිවිල්ල බැලුවම නිකං කජු කන්න වගේ ලියන්න ඇති කියල හිතෙන්නෙ. හැබැයි අමුතු රසවත් බවක් තියනව.
Delete(රසිකටත් බැරිය ටොන් ගානක් ලියන්න මේවගේ)
++++
ReplyDelete+++++++++++
Deleteඔබගේ මතකයන් හැමදාම රස විඳිමි
ReplyDeleteතුති ඉයන්
Deleteමනසින් අපිත් එතැනට ගියා...
ReplyDeleteජයවේවා..!!
Thanks
Deleteඅරාබියො කෝමත් ටෆ් ගතිකත්වයක් තියෙන ජාතියක් නේද..
ReplyDeleteටෆ් ගතිකත්වයක් තියෙනවා
Deleteඅරාබි සිසුවෙක් ඉගනගන්න බටහිර රටකට ගිහිල්ල තාත්තට ලිව්මක් එවනව මෙහෙම,
ReplyDeleteආදරනීය තාත්තේ
මම ආව, හොඳින් ඉගනගන්නව. හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ මගේ කාර්එක. රත්තරන් ආලේපකල මේ කාර්එක දිහා යාළුවො බලන්නෙ අමුතු විදියට. මොකද මෙහේ හැමෝම ඉගනගන්න එන්නෙ කෝච්චියෙ.
මීට පුතා
තාත්ත හැරෙන තැපෑලෙන් ලියුමක් යවනව.
ආදරනීය පුතා,
ඔයාගෙ කනස්සල්ල මට තේරෙනව. කලබල වෙන්න එපා. ඔයාගෙ ගිණුමට මිලියට සීයක් දාල ඇති. ඔයත් කෝච්චියක් අරගෙන ඒකෙ යන්න.
මීට
තාත්තා
ha ha ha ha
Deleteමුදල් අැත. මොලය නැත.
Deleteඌරු මස් වලට බය ජන්සීර් කාමරේ බල්ලෙක් හැදුවේ කොහොමද ?මුස්ලිම් මිනිසුන් බල්ලන්ටත් අකමැති බව මා අසා තිබෙනවා.
ReplyDeleteඒක තමයි ඒත් බල්ලා හිටියා
Deleteඔය අරාබි කෙල්ලන්ව එහෙම ලංකාවෙ උන්ට සෙට් කරගන්න බැරිද? උන් පට්ට ලස්සනයිනෙ.
ReplyDeleteකෙල්ලෝ ආඩම්බරයි ඒත් මාත් එක්ක සිරියන් ගර්ල් කෙනෙක් යාළු උනා
Deleteදොස්තර මහත්තය ඔය විවිධ සංස්කෘති වල යාලුවො ඉන්න අයගෙ creativity වැඩියි කියල කොහෙ හරි දැක්ක , කතාව අැත්තද?
ReplyDeleteඅත්දැකීම් බහුල වීම නිසා ?
Deleteතවත් අරාබි නිසොල්ලාසයක් වගේ කියවාගෙන යන්න හිතෙනවා. බොහොම රසවත්. බොහොම ස්තුතියි.
ReplyDeleteඅරාබින් ගැන සැලකිය යුතු අවබෝධයක් ඔබේ ලිපිය ලබා දේ . ස්තුතියි.
ReplyDeleteThanks Premalal
Deleteරුවන් ඔබගෙ ලිපි හැම එකක්ම මම හරිම කැමැත්තෙන් කියවනව.ඔබගෙ අතීත මතකයන් ගැන මටනම් හරිම පුදුම හිතෙනව.රසිකගෙ ලිපිත් එහෙමයි.රසික නම් මගෙ ලංකාවෙ අසල්වැසියෙක්. තව ලියන්න.අපි ආසයි කියවන්න.
ReplyDeleteරුවන් ඔබගෙ ලිපි හැම එකක්ම මම හරිම කැමැත්තෙන් කියවනව.ඔබගෙ අතීත මතකයන් ගැන මටනම් හරිම පුදුම හිතෙනව.රසිකගෙ ලිපිත් එහෙමයි.රසික නම් මගෙ ලංකාවෙ අසල්වැසියෙක්. තව ලියන්න.අපි ආසයි කියවන්න.
ReplyDeleteSalute
Deleteමටත් ඉන්නවා එකිනෙකාට වෙනස් අරාබි ජාතික මිතුරන් රැසක්.....ඔබ මාව පෙලඹෙව්වා උන් ගැන ලියන්න....ඊයේ පටන් ගත්තා ඒ ලිවිල්ල
ReplyDelete+++++++++++++++++++
DeleteYou have lead such a fascinating life Dr.
ReplyDeleteThanks
DeleteThis is eeallr impressive. I remember once you taught me how to write. "Just write few words a day. You will find a complete article at the end of the day" thank you. I am happy to be your follower.
ReplyDelete