ඇලෙක්සැන්දර් පුෂ්කින් යනු රුසියාවේ ශ්‍රේෂ්ඨතම කවියාය. ඔහු ජීවත් වූයේ 1799 - 1837 යන කාල වකවානුවේ ය. පුෂ්කින් ගේ කවි සාමාන්‍ය ජනතාව ප්‍රිය කළහ. එහෙත් සාර් රජු පුෂ්කින් තම විරුද්ධවාදියෙකු ලෙස සලකන ලද්දේ ඔහුගේ කවි වලින් සමාජ අසාධාරණයන් හෙලි කල නිසාය. එසේම පුෂ්කින් වන්දි භට්ටයෙකු නොවූ නිර්ව්‍යාජ නිර්මාණකරුවෙකු විය.
රුස්ලාන් සහ ලුද් මිලා ඔහුගේ වීර කාව්‍යකි. එසේම බොරිස් ගොදුනොව් ඔහුගේ ප්‍රකට නාට්‍යයකි. එසේම ඔහුගේ ගද්‍ය රචනා අතර ඉවාන් බෙල්කින් ගේ කතාන්තර , ස්කෝප්ප රැජින, ඉස්තෝරියා පුගචේවා , කපිතන් ගේ දියණිය, දුබ්‍රොව්ස්කි යන නිර්මාණ වෙති. මේ වන විට පුෂ්කින් ගේ නිර්මාණ විශ්ව සාහිත්‍යට අයත්ව හමාරය. ඔහු ලොව සුපතල සාහිත්‍යවේදියෙකි. පුෂ්කින් ගේ ජීවිතය වෘත්තාන්තයක් බඳු වූවද ඔහු ජීවත් වූයේ කෙටි කාලයකි. ද්වන්ධ සටනකින් ඔහු මිය යන්නේ තරුණ වයසේදීමය.
වර්තමානයේදී ඇලෙක්සැන්දර් පුෂ්කින් ගේ සාන්ත පීටස්බර්ග් නගරයේ පිහිටා තිබෙන නිවස කෞතුකාගාරයකි. මෙම නිවසට යාමේ භාග්‍ය මට අත් විය. මෙම නිවස මොයිකා නදිය අසල පිහිටා තිබේ. සාන්ත පීටස්බර්ග් නගරයේ පුෂ්කින් ගේ නිවස එතරම් විශාල නැතත් පියකරු එකකි. එම නිවස්නය ඉදිරිපිට පුෂ්කින් ගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවකි. සාහිත්‍ය ලෝලීන් විසින් මෙම ප්‍රතිමාව ඉදිරිපිට මල් තබා ඔහුට උපහාර දක්වති. නිවසේ තිබෙන ලී බඩු හා අනෙකුත් භාන්ඩ පුෂ්කින් විසින් පරිහරනය කරන ලද ඒවාය.
ඔහුගේ මේසය මත එව්ගේනි ඔනේගෙන් කෘතියේ අත් පිටපත දක්නට ලැබේ. එහි පිටු පුරාම පුෂ්කින් ගේ අත් අකුරුය. එසේම පොත් රාක්කයේ ඔහුගේ අනෙක් නිර්මාණවල අත් පිටපත් ඇත. මේවා මිල කල නොහැකි අනර්ඝ නිධාන වේ. සාලයේ විශාල සෝපාවක් තිබේ. ද්වන්ධ සටනින් පසු මරණීය තුවාල ලැබූ පුෂ්කින් වැතිරී සිටින්නේ මෙම සෝපාවේය. ඔහු මිය ගිය අවස්ථාවේ නතර කල බිත්ති ඔරලෝසුව තවමත් එලෙසම නතරව තිබේ.
පුෂ්කින් නිර්මාණකරුවෙකු පමණක්ම නොවේ. ඔහු සමාජ සාධාරණය අපේක්‍ෂා කලේය. එසේම ඒ සම්බන්ධයෙන් සක්‍රියව ක්‍රියා කලේය. පසුකාලීනව බොහෝ රුසියානු මෙන්ම රුසියානු නොවන සාහිත්‍යධරයන්ට පුෂ්කින් පහන් ටැඹක් විය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
පුෂිකින් නමින් උද්‍යානයක් මොස්කව් නගරයේ තියෙනවා නේද?
ReplyDeleteමූවිස්වල දැක තියෙනවා. කතාවල ලියවී තියෙනු කියවා තියෙනවා!
ඔය කියන්නේ ගෝර්කි පාර්ක් ද ?
Deleteපුෂ්කින්ගේ The Captain's Daughter සහ The Queen of Spades පොත් කියවලා තියෙනවා. රුසියාව මම ගිහින් නැති තැනක්. ඒ වගේම බලන්ට ආසම තැනක්. මේ වගේ ලිපි කියෙව්වාම ඒ ආසාව වැඩිවෙනවා.
ReplyDeleteමගේ වෑයම සාර්ථකයි
DeleteTry The Belkin Tales (https://en.wikipedia.org/wiki/The_Belkin_Tales) one of the best short story collection I have read.
Deleteස්තුතියි ට්‍රාන්ස්.. මං ඉස්සෙල්ලම කියවපු රුසියන් පොත පුෂ්කින්ගේ.. විප්ලවයේ මුල පුෂ්කින් බවයි මාත් අහල තියෙන්නේ. ආදරය මැද්දෙන් දේශපාලනය, සමාජ අසාධාරණත්වය ඔහු මැනවින් කරලියට මුදා හැරියා..
ReplyDeleteඔහු කුලීනයෙකු වූවද දුප්පත් මිනිසුන් ගැන සැලකිලිමත් වූවා
Deleteද්වන්ධ සටන ගැන කලින් දැනගෙන හිටියේ නැහැ.
ReplyDeleteමොකක්ද ද්වන්දව සටනේ කතාව , එහෙම එකක් දන්නේ නෑනේ
ReplyDeleteඅපි බං ඔය පොඩි කාලේ වලියක් ගියාම අතනට වරෙන් මෙතතට වරෙන් ගහගන්න කියන්නේ. ඒ වගේ දෙයක්.. දෙන්නෙක් වලියක් ගියාම ද්වන්ධ සටනකට අඩ ගහනවා. කියපු වෙලාවට එතනට ගිහිල්ල අඩි 20 ක දුරින් ඉදගෙන පිස්තෝලෙන් වෙඩි තියනවා. සමාර වෙලාවට කව්ද ඉස්සෙල්ල වෙඩි තියන්නෙ කියල බලන්න කාසියකුත් උඩ දානවා. මේ ද්වන්ධ සටන් වල සාක්ෂිකරුවන් විදියට යාලුවෝ ඉන්නවා (නිරක්ෂකයන් විදියට) ඔය මම දන්න විදිය.. හැක්
Deleteබිරිඳට නොහොඹිනා කමක් කරන්න ආපු හමුදා නිලධාරියෙකුට අභියෝග කරලා ඒ සටනේදී බරපතල තුවාල ලබලා දින දෙකකින් මිය ගියා කියලයි විකිපීඩියා එකේ කියන්නේ.. එහෙම බැලුවම පුෂ්කින් හොඳ කවියෙක් වගේම හොඳ සැමියෙක්.. :)
Deleteහැබැයි 'අටම' වගේ .. වයසට වැඩිය නාකි පාටයි..
පුශ්කින් විසින්ම රචිත "බෙල්කින් කතා" නැමති කෙටි කතා එකතුවේ "වෙඩි පහර" නැමති කෙටිකතාවේ ද්වන්ද සට්නක් ගැන මනා විස්ත්‍රයක් තිබේ. එලසම "කපිතාන්ගෙ දියණියො" පොතෙත් එවැනිම විස්ත්‍රයක් තිබේ.
Deleteහරිතවන් ඇසැති යක්ෂයා මා වෙළාගති මෙය කියවද්දී වෙදැදුරුතුමනි...සමාවනු මැන....:)
ReplyDeleteපුෂ්කින් ගැන මම මුලින්ම ඇහුවේ, මට හම්බුනා "ඉංජිනේරුවකු වීමට ඔබ කැමතිද" කියල පොතක්. මුල් පොත රුසියානු පොතක්. ඒකෙ තමා ඔය නම තිබ්බේ. මේ සටහනේ නම කියවෙද්දීම මට මතක් උනා.
ReplyDelete"ඉංජිනේරුවකු වීමට ඔබ කැමතිද"
Deleteඑහි මුල් පොතේ නම "අපුරු රෝද". එම පොත නව-යොවුන් සිසුන් ඉලක්කකොට ගත්තක්වුවත්, මෙරට පලමු-වසර ඉන්ජිනේරු සිසුන්ට් අනිවර්යයෙන් කියවියයුත්තක්!
++++++++++++++++++++++++
Deleteඔබේ අත්දැකීම් අප සමග බෙදා ගන්නවට ස්තුතියි .ඔබව නිතර කියවනවා.
ReplyDeletethanks teacher
Deleteතුති
ReplyDeleteයන්ට බැරි වෙච්ච ඒත් යන්ට ආසවෙන් ඉන්න තැන්වලට අපව අරන් යනවට ස්තුතියි
ReplyDeleteමගේ ප්‍රියතම ලේඛකයෙක්...
ReplyDeleteඔහු ද්වන්ධ සටනකින් මිය ගිය එක ලොකු අපරාධයක්...
ඒත් ඒ කාලේ හැටියට ඔහුට එයට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඇති ගෞරවයේ නාමයෙන්...
ඒක ඔහු ඝාතනය කිරීම සඳහා කල ප්‍රොකෝප කිරීමක් ලෙසටත් සමහරු හිතනවා
Deleteමං කැමතිම දුබ්රොව්ස්කියි...
ReplyDeleteඇත්තද පුෂ්කින් මියගිය ද්වන්ද සටන කුමන්ත්‍රණයක් කියන්නෙ?
Yes
Deleteදුබ්රොව්ස්කියි.++++++
පුෂ්කින් එඩිතර මිනිහෙක්ද මෝඩයෙක්ද? ද්වන්ධ සටනකට යාමෙන් තම ජීවිතය අනතුරකට ලක් කර ගැනීම එඩිතර කමක් නොව මෝඩ කමක් නොවේද? එදා රුසියානු සමාජයේ පැවති ද්වන්ධ සටන් උගුලෙන් ගැලවීමට පුෂ්කින්ට නොහැකි වීම අවාසනාවකි
ReplyDeleteagree
Deleteරදුගා ප්‍රකාශකයො.. කොලබ පුස්තකාලයෙ පොත් ප්‍රදර්ශන අත අරින්නෙ නැහැ.. දැන් මෙ
ReplyDelete්‍රකාශකයො ඉන්නවද දන්නෙත් නහැ..
ද්වන්ධ සටන කතාවත් පුෂ්කින්ගේ ජීවිත කතාවෙ අවසානයත් එකමයි වගේ නේද
ReplyDelete