මම ඔබට ආදරය කරමි
එය ආත්මාර්ථය පෙරටු කරගත්
කිළුටු ආදරයක් නොව
යහ ගති ගුණ තිබෙන තවත්
අයෙකු වෙත පිදෙන ආදරයකි
මම ඔබව සෙනෙහසින් වැළඳගමි
ඔබගේ ගුණ සුවඳ මානුශික හදවත
මම දකිමි , මම එය අත්විඳිමි
සඳ එළිය මෙන් ඔබ මට පිවිතුරුය
මම ඔබට සදා ආදරය කරමි
කුසුමක් සේ මම ඔබව දෝතට ගනිමි
දෙනෙත් වැසූ විටද මා ඔබ දකිමි
ඔබ අත ගෙන අනන්තය දක්වා ඇවිදිමි
ආත්මාර්ථය නැති ආදරය
ReplyDeleteඔබ එනතුරු බලා හිදිමි
මේක හයිකුවක්ද ඈ
මට ඔය හයිකු කියන එව්වා ඔක්කොම පේන්නේ එහෙම
මේක හයිකුවක්ද ? මම නොදනිමි
Deleteආදරණීයයි..
ReplyDeleteජයවේවා..!!
Thanks
Deleteආදරේ තමයි පන්දාහෙ ජීවිතේ කෑවෙ...
ReplyDeleteඅලුත් ජීවිතයක් දුන්නෙ
ඒ කියන්නේ උඩු ?
Deleteආත්මාර්ථයෙන් තොර ආදරයක් තියෙන්න පුලුවන්ද? ආදරය කරන්නේ ආත්මාර්ථය නිසා නේද?
ReplyDeleteආත්මාර්ථයෙන් තොර ආදරයක් තියෙන්න පුලුවන් කියා හිතෙනවා
Delete