Thursday, March 31, 2016

තුසිත මළළසේකර මහතා ගැන සටහනක්

 



දුම්කොල මාරයා පොත අප තුසිත මළළසේකර මහතා  වෙත පිළිගැන්වූයෙමු



පාසල් යන කාලයේදී මම  සිළුමිණ , රිවිරැස පත්තර වල යන  තුසිත මළළසේකර මහතාගේ සහ දෙල්තොට චන්ද්‍රපාල මහතාගේ  සෞඛ්‍යය ලිපි  කියවීමට   ආශාවක් දැක්වූයෙමි.  තුසිත මළළසේකර මහතාගේ ලිපි වල විශේෂ බවක් මා දුටිමි. එනම් ඉතා සරල සහ ආකර්ශනීය අයුරින් කියවන්නාට ගෝචර වන ලෙසට සෞඛ්‍යය කරුණු සඳහන් ලිපි ලිවීමේ හැකියාවයි. 

මගේ පරම්පරාවේ වෛද්‍යවරු බොහෝ දෙනෙකු පාසල් සිසුන් ලෙසට තුසිත මළළසේකර මහතාගේ ලිපි කියවා ඇති බව නිසැකය​. එහෙත් මට තුසිත මළළසේකර මහතා හමු වීමට 2001 පමණ වන තෙක් ඉඩක් නොවීය​. එම වසරේදී තුසිත මළළසේකර මහතා විසින් රූපාවාහිනියේ කරගෙන ගිය වෛද්‍ය හමුව වැඩ සටහනට අධ්‍යාපන ප්‍රතිකාර පිළිබඳව කතා කිරීමට මට ආරාධනා කලේය​. මේ කාලය වන විට මම  අධ්‍යාපන ප්‍රතිකාර නමින් පොතක් ද ලියා තිබුනි. ළමුන් විසින් පෙන්වන අධ්‍යාපන ගැටළු සඳහා වෛද්‍ය සහ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර උපකාර වන අන්දම මෙම ග්‍රන්ථයෙන් මම පෙන්වා දුන්නෙමි.   

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සහ මා විසින් ලියන ලද විශාදය සහ මනෝ ප්‍රතිකාර යන කෘතිය දොරට වැඩීමේ උත්සවයේදී ප්‍රධාන දෙසුම පැවැත්වීම සඳහා අප විසින් ආරාධනා කරන ලද්දේ  තුසිත මළළසේකර මහතාටය​. එසේම මම පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍යය සම්බන්ධීකරණ නිලධාරී ලෙස සේවය කරන ලද සමයේදී වෛද්‍යවරුන් ගේ සන්නිවේදන කුසලතා නැංවීම සඳහා වැඩසටහන් මාලාවක් කලෙමි. මින් එක් ප්‍රධාන වැඩසටහනක් වූයේ  තුසිත මළළසේකර මහතා මගින් සෞඛ්‍යය සන්නිවේදනය කරන අයුරු පිළිබඳව පිළිබඳව වැඩමුළුවක් කිරීමයි. මෙම වැඩසටහනට වෛද්‍යවරු බොහෝ දෙනෙකු සහභාගී වූ අතර එම වැඩසටහන බොහෝ එලදායී විය​. 

ලංකාවේ  සෞඛ්‍යය අධ්‍යාපන ක්ශේත්‍රයට තුසිත මළළසේකර මහතාගෙන් සිදුවූ සේවය සෞඛ්‍යය අධ්‍යාපන බලධාරීන් හෝ අනෙකුත් සෞඛ්‍යය  ක්ශේත්‍ර අගැයීමක් සිදු නොකිරීම මට එක්තරා අන්දමකට වේදනාවක් ගෙන ආවේය​. මේ අතර  තුසිත මළළසේකර මහතා සෞඛ්‍යය අධ්‍යාපන බියුරෝවෙන් විශ්‍රාමද ගියේය​. මේ නිසා දුම්කොල භාවිතයේ ආදීනව ගැන පෙන්වා දෙමින් 2009 වසරේ මා ඇතුළු වෛද්‍ය බුද්ධික විජේගුනවර්ධන , වෛද්‍ය දිනේජ් චන්ද්‍රසිරි   සහ සෞඛ්‍යය අධ්‍යාපන නිලධාරී ධර්මදාස පින්නවල මහතා විසින් ලියන ලද දුම්කොල මාරයා පොත අප තුසිත මළළසේකර මහතා  වෙත පිළිගැන්වූයෙමු.  මෙම පොත සෞඛ්‍යය අමාත්‍යාංශයේදී මානසික සෞඛ්‍යය  අධ්‍යක්‍ෂකවරිය විසින් තුසිත මළළසේකර මහතා  වෙත පිලිගන්වන ලදි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

23 comments:

  1. ඒ මහත්තයගේ පීන්තුරයක් නැද්ද

    ReplyDelete
  2. ඇත්තටම දොස්තර මහත්තයෝ... ඔය දොස්තරලට පී ආර් ගැන මක්කත්ම කියලා දෙන්නේ නැද්ද....?

    ReplyDelete
    Replies
    1. ඊට කලින් දොස්තරලාට රෝගීන්ට සලකන විදිහ ගැන කියලා දෙන්නෙත් නැද්ද? නරකද 'bedside manners' එහෙමත් ටිකක් ඉගැන්නුවොත්?

      Delete
    2. මම බොහෝ රටවල වෛද්‍ය වෘත්තිකයන් සමග වැඩ කොට තිබේ. නමුත් ලංකාවේ වෛද්‍යවරු තුල කමියුනිකේශන් ස්කිල්ස් අඩු බව මට පෙනී ගොස් තිබේ. මේ බව වෛද්‍ය ඩී.වී.ජේහරිස්චන්ද්‍ර , මහාඡාර්‍ය කාලෝ ෆොන්සේකා යන මහතුන් ද කියා තිබේ.

      Delete
    3. වසර දෙකකට පමණ පෙර එවකට වෛද්‍ය පීඨයක වෝහාරික වෛද්‍ය විද්‍යාව ඉගැන්වූ මගේ මිතුරෙකුගෙන් මා මේ ගැන විමසු විට ඔහු කියා සිටියේ ඒවන විට ඔහු ගේ පීඨයේ ආචාරධර්ම යනාදිය ගැන විශේෂ විෂයය කොටස් ඉගැන්වීම අරඹා ඇති බවයි. ඒ කරුණු මා මිතුරා උගත් කාලයේ (80 දශකය) ඔවුණ්ට ඉගැන්වූ ඒවා නොවෙයි.

      දොස්තරලා පාදඩකරණය වීමට ප්‍රධාන වගකීමක් ලෙඩ්ඩුන්ට බාර ගන්න වෙනවා. සේවාදායක-සේවා යෝජක තත්වයක් දියුණු වෙන තුරු ඔය ප්‍රශ්නය නැති වෙන්නේ නෑ!

      Delete
    4. පුද්ගලික අංශයේ නම් දැන් ඔය තත්වෙට කිට්ටුයි කකා.ඒවගෙ මිළ ගණන් දරාගෙන ඒවට එන්නෙ ඩොකාලටත් වඩා සල්ලි කාරයෝ නිසාද දන්නෙ නෑ පොදුවේ ඒවගෙ තත්වය නම් හොඳයි.රජයේ රෝහල් වලත් පහසුකම්(මනසට සුවදායී ආකාරයේ) වැඩිවූ කලක මීටත් වඩා ගුණාත්මක සේවයක් ලැබිය හැකියි.

      Delete
  3. පාසල් සිසුවකු ලෙස ඔහුගේ ලිපි විශාල ගණනක් කියවා ඇත්තෙමි. ඔහු මෙහෙයවූ සාකච්ඡා සවන්දී ඇත්තෙමි. දක්ෂ සෞඛ්‍ය අධ්‍යාපනඥයකු ලෙස ඔහුව හැඳින්විය හැකියි.

    ReplyDelete
    Replies
    1. ක්ෂ සෞඛ්‍ය අධ්‍යාපනඥයකු ලෙස ඔහුව හැඳින්විය හැකියි.///// true

      Delete
  4. එතුමාගේ ලිපි කීපයක් කියවලා තියනවා. දේශන කීපයක් ටීවි එකේ බැලුවා. ඇත්තටම දක්ෂ කෙනෙක්. එතුමාගේ ලිපි වලට මාත් කැමති. අගය කරන්න ඕන පුද්ගලයින් අගය කරනවා අඩුයිනේ.

    ReplyDelete
  5. හොද අගය කිරීමක් ගැන විස්තරයි...... ජයවේවා...

    ReplyDelete
  6. තුසිත මළලසේකර ගැන අහල තියෙනව... වැඩිදුර හොයල බලන්නං... ජර්නලිසෙක් විදියට යමක් ලියන්න පුළුවන් වෙයිනෙ

    ReplyDelete
  7. ලොකුවට තේරුනේ නැතත් පුංචි කාලේ වෛද්‍ය හමුව අසාවෙන් බැලුවා. හේතුව තුසිත මළළසේකර මහතාගේ සරළ සහ පැහැදිලි ඉදිරිපත් කිරීමේ රටාව. ඇත්තටම කෝ එතුමා දැන්?

    ReplyDelete
    Replies
    1. එතුමා දැන් විශ්‍රාමිකයි

      Delete
  8. ගස්ලබ්බටත් මතකයි තුසිත මලලසේකර මහතා වයිද්‍ය සාකච්ඡා එහෙම මෙහෙයවනවා.කම්මැලි නැතිව රසවත්ව කරුණු අවධාරණය කරන්න එතුමාට විශේෂ හැකියාවක් තිබුනා.ඔබ කල දේ අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
  9. මොකක්හරි සඟරාවක සුපිරි ලිපියක් ලියල තිබ්බ සියදිවි හානිය ගැන! :) මැරෙන එකත් පණ යන වැඩක් මැයෙන් :)

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook