Tuesday, February 6, 2024

ලංකාවේ චන්දදායකයන් ගේ මනස තේරුම් ගැනීම

 



1) ලංකාවේ චන්දදායකයන් කෙනෙකු වෙත චන්දය දීමට වඩා බොහෝ විට චන්දය දෙන්නේ කෙනෙකුට එදිරිව අනෙකාටය  


2) චන්දය දීමේදී අපේක්‍ෂකයාගේ උගත්කමට සුදුසුකමට වඩා ඔහු තමන් ගේ ඥාතියාගේ මරණ ගෙදර ආවාද , ඔහු තමාට ඕනෑම වේලාවක හමු විය හැකි අයෙකුද , පොලිසියේ ප්‍රශ්නයකට , ළමයෙකු පාසලට දමා ගැනීමට ලිපියක්  ලබා ගත හැකි අයක් ද යන සිල්ලර කාරණා මුලින්ම සලකා බලයි 

3)  ගතානුගතිකව , පාරම්පරිකව එක් සලකුණකට චන්දය දුන් නිසා කිසිදු විපරමකින් තොරව බොහෝ දෙනෙකු අවිචාරයෙන් එකී සලකුණට  චන්දය දෙති. ඔවුන් ස්වාධීන චින්තනයෙන් තොරය 

4) ග්‍රාමීය ප්‍රදේශ වල ශ්‍රී ලංකාකාරයන් ගේ ගෙවල් යූ එන් පී කාරයන් ගේ ගෙවල් ලෙස ලේබල් ගසා තිබේ. මෙ අනුව නිවැසියන් ඉබේම පරම්පරාණුකූලව ඒ ඒ පක්‍ෂ වලට පමණක්  චන්දය භාවිතා කරති. 

4) අධ්‍යාපනයෙන් අඩු ජනයා තුල  ප්‍රචණ්ඩ අපේක්‍ෂකයන් කෙරෙහි ඇල්මක් තිබේ. මිනීමැරුම් චෝදනාවකට බන්ධනාගාර ගත වී සිටින චෝකා මල්ලිලා මනාප ලබා ගෙන ලැයිස්තුවේ පලවෙනියා වීම විම විමතියට කරුණක් නොවේ.

5)   සමහරක් ඒ අවස්ථාවේදී ඇතිවන ආවේග නිසා චන්දය භාවිතා කරති මේවා පාවෙන චන්ද කියා හැඳින්වේ. බුද්ධිමත්ව දූරදර්ශීව රට වෙනුවෙන් සිතා බලා චන්දය දෙන්නේ ඉතා සීමිත පිරිසකි.

6)  සමහර විට චන්දය සඳහා කුලය , නෑදෑකම් සහ ප්‍රාදේශීයවාදය බලපැවැත්වේ.

7) සමහරු රුව සහ ප්‍රසිද්ධිය  ඇති චරිත සඳහා චන්දය දෙති පබාලා වැනි බබාලා පාර්ලිමේන්තු ආවේ මේ නිසාය. 

1 comment:

  1. ගෙදර වහලෙට ඇස්බැස්ටස් සීට් එකක් දුන්නත
    ලැට් එකට පෝච්චියක්දු න්නත කියලත් බලනව

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook