Monday, February 26, 2024

කාන්තා ලිංගික අවයව විකෘති කිරීම (Female genital mutilation (FGM) ලංකාවේ හිස ඔසවයි





කාන්තා ලිංගික අවයව විකෘති කිරීම Female genital mutilation (FGM)  ක්‍රමක් ක්‍රමයෙන් ලංකාවේ  හිස ඔසවන අතර මෙය වෛද්‍ය සේවාවක් දක්වා පැතිර යමින් පවතියි. මෙය කාන්තා  කායික මානසික සෞඛ්‍ය කෙරෙහි දුර්විපාක ඇති කල හැකිය.

කාන්තා ලිංගික අවයව විකෘති කිරීම Female genital mutilation (FGM) යනු ආගමික සහ සංස්කෘතික හේතූන් මත භගමනිය ඉවත් කිරීමයි. මෙය කාන්තා චර්ම චේදනය ලෙස හැඳින් වේ. සෝමාලියාවේ වාරිස් ඩයරි ලෝකයේ නොම්බර එකේ මෝස්තර නිරූපිකාවක් වන අතර ඇය  මේ කටුක අද්දැකීම ලැබුවාය​.  මෙම ක්‍රියාවලියේදී  ඔවුන්ගේ ජනනේඳ්‍රියේ කොටස් කපා දමන අතර ඉන්පසුව, ජනනේන්දිය මුත්‍රා කිරීමට කුඩා සිදුරක් ඉතුරුකොට තබා මසා දමනවා. 

මා සමග වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සුඩාන ජාතික වෝෆා තමා කුඩා කාලයේ කාන්තා චර්ම චේදනයට ලක් වූ බව වරක් මා සමග පැවසුවා. කාන්තා චර්ම චේදනය සෞඛ්‍ය සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති කරයි. මෙමගින් කල් පවත්නා මුත්‍රා ආසාදන, සංසර්ගයේදී වේදනාව, තෘප්තිය අඩු වීම, ලිංගික භීතිය, දරු ප්‍රසූතියේ සංකූලතා ඇතිවීම, මානසික අවපීඩනය, කාංසාව, පශ්චාත් කම්පන ආතති ආබාධ, අඩු ආත්ම අභිමානය ඇති විය හැක. අප්‍රිකාවේ, මැදපෙරදිග සහ ආසියාවේ රටවල් 30 ක  ජීවත්ව සිටින ගැහැණු ළමයින් සහ කාන්තාවන් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් කාන්තා ලිංගික ඡේදනයට (FGM) භාජනය වී ඇත. 

පහත දැක්වෙන්නේ බලහත්කාර කාන්තා චර්ම චේදනයට ලක් කල යුතු බවට ඥාතීන් ගේ බලපෑමට ලක්ව නයිජීරියාවෙන් කැනඩාවට පලා ආ කාන්තාවක් සම් බන් ධයෙන් මා විසින් කැනේඩියානු ඉමිග්‍රේෂන් එකට ඉදිරිපත් කරන ලද මනෝ විද්‍යාත්මක වාර්තාවක කොටසක්.....

Ms. xxxxx  stated that she faced a threatening situation while living in Nigeria. As she indicated, her husband’s relatives and the Tribal elders forced her daughter to undergo female circumcision which is known as Female genital mutilation (FGM). According to Ms. xxxxxx, FGM is a painful procedure that was done without any anesthesia and under aseptic conditions. Moreover, excess deaths attributable to FGM. Therefore she declined their demand. Her relatives became furious and relentlessly harassed her. Moreover, the Tribal elders put immense pressure on Ms. xxxxx They emphasized that it was a tribal, religious and cultural obligation and her daughter must undergo FGM. As a result of domestic abuse and continuous pressure Ms.xxxxx decided to leave Nigeria with her children. She came to Canada in December 2019 and filed her refugee claim. At present, Ms. xxxxx is having fear and apprehension. She is experiencing intrusive memories of her past distressing events. She is worried about her well-being and has low mood and sleep disturbances with Insomnia. She reports fatigability and decreased energy. As a result of these distressful symptoms, Ms. xxxxxxxxdecided to seek medical assistance and visited the office of Dr. AV , who diagnosed her with Anxiety, Post-Traumatic Stress Disorder (PTSD) and Adjustment Disorder.

කාන්තා ලිංගික අවයව විකෘති කිරීම සාධාරණීකරනය කිරීම සඳහා අන්තවාදීන් බොහෝ විට අසන්නේ පිරිමි සුන්නත් කිරීම හරිද යන්නයි. මාගේ පුද්ගලික අදහස අනුව පිරිමි සුන්නත් කිරීමද පිරිමි දරුවාට වේදනාකාරී අත්දැකීමක් බවයි. මෙහිදී විද්වතුන් විසින් පෙන්වා දෙන්නේ කාන්තා චර්ම චේදනය මෙන් නොව පිරිමි සුන්නත් කිරීම පිරිමියාගේ අනාගත ලිංගික හැසිරීම් වලට බලපෑම් කිරීමට ඇති අවකාශය අවම යන්නයි.  කෙසේ නමුත් ආගමික අන්තවාදීන් පිරිසක් සහ මුදල් උපයා ගැනීමේ අභිලාශයෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් විසින් ලංකාවේ  කාන්තා චර්ම චේදනය ප්‍රවර්ධනය කරමින් සිටින අතර එය කාන්තාවන් ගේ කායික මානසික සෞඛ්‍යට අහිතකර බලපෑම් ඇති කල හැකිය. මේ නිසා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ මේ පිලිබඳව අවධානය යොමු කල යුතුය.


වෛද්‍ය රුවන් එම් ජයතුංග M.D. BA Psych (Canada) , MCP (USA) PhD (in Progress) 
(මීගමුව මූලික රෝහලේ හිටපු නාරි  හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී  ) 



No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook