Wednesday, April 26, 2023

හලාවත රෝහලේ ආතල්

 



හලාවත රෝහලට මම ආවේ උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ ඇනස්තීසියා පුහුණුව ලබලා 2001 ඇනස්තටිස්ට් කෙනෙක් ලෙසට. ඒ කාලේ හලාවත රෝහලේ කන්සල්ටන්ට් ඇනස්තටිස්ට් කෙනෙක් හිටියේ නෑ. හිටියේ ඉන්ද්‍රානි ධනපාල​, ශ්‍රියානි , පද්මරාජ් , ඊවා පෙරමුණ, සහ සභාරත්නම්.  අපි සෙට් එක තමයි   ඇනස්තීසියා ඩිපාට්මන්ට් එක රන් කලේ අපේ රාජ්ජේ වගේ. ඉන්ද්‍රානි ධනපාල ගේ සැමියා වෛද්‍ය ධනපාල , ඕපීඩී එකේ හිටියේ. හොඳ පොරක් , දෙපාර්තමේන්තුවේ නීති රීති හොඳට දන්නා කෙනෙක් . ඒ නිසා මම ඇඩ්වයිස් ඕන උනාම ධනපාල ලඟට ගියා. ඉන්ද්‍රානි හතර පෝයට සිල් ගන්නවා. ඉතා යහපත් කාන්තාවක්. ඊවා පෙරමුණ ගේ සැමියා රුවන් පෙරමුණත් හලාවත රෝහලේ හිටියේ. පාටි වලට ජොලි පොර​. බුකියේ කවිත් ලියනවා. ඒකාලේ පොර කවි ලියනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. සභාරත්නම් ලෝකයා. හොඳ පීපී එකක් කලා. ඒ වගේම හලාවත ඉස්සෝ බිස්නස් එකත් කලා.  පද්මරාජ් අහිංසක පොලිස් මගේ බොක්කේ යාලුවා. අපි දෙන්නා ශිෆ්ට් මාරු කර ගන්නවා.  පද්මරාජ්ට හොඳට සිංහලත් පුලුවන්. පස්සේ United States Medical Licensing Exam කරලා ඇමරිකා ගියා. දැන් ඉන්නේ යූ එස් වල​.

හලාවත රෝහලේ  හිටපු සර්ජන් වෛද්‍ය බී.ජී.එන් රත්නසේන , වීඕජී  වෛද්‍ය නිහාල් රාජපක්‍ෂ, ඕඑම් එෆ් (OMF) සර්ජන් ගාමිනී නවරත්න අපේ ඇනස්තීසියා ටීම් එකට හරිම ආදරෙයි. අපි කිසිම වාතයක් නොකර උපරිම සහයෝගය ඒ මහතුන්ට ලබා දුන්නා. 

සර්ජන් වෛද්‍ය බී.ජී.එන් රත්නසේන මුල් කාලයේදී මම විදේශ උපාධිධාරී වෛද්‍යවරයෙක් නිසා ටිකක් බැළුවේ රුවිතෙට. ඒකාලේ දේශීය ෆොරින් ගැටුම් ගිය කාලයක්.

වරක් ඉපදිලා දවස් දෙකක් වයස බිළිඳෙක්ව හදිසි ඔපරේශන් එකකට සිහි නැති කරන්න සිදු උනා. කන්සල්ටන්ට් ඇනස්තටිස්ට් කෙනෙක් නැති නිසා මේ කේස් එකට අත ගහන්න සමහරු බය උනා. මේක අනිවාර්‍යෙන්ම කොලඹ යවන්න ඕන කේස් එකක් නමුත් පරක්කු උනොත් ළමයාගේ ජීවිත හානි වෙන්න පුලුවන් බඩවැලේ කේස් එකක් නිසා. ඒ වෙලාවේ මම ඉදිරිපත් වෙලා  බිළිඳව සිහි නැති කරලා ඔපරේශන් එක කරන්න දුන්නා. ඔපරේශන් එක ඉවර වෙලා බිළිඳට සිහියත් ගත්තා. බිළිඳාගේ ජීවිතය බේරුනා. එදා පටන් රත්නසේන සර් මට ෆුල් ආදරෙයි.  ඊට පස්සේ  ෆොරින් ග්‍රජුවේස්ලාට ගහන කොට මුලින්ම  සර් කියනවා  "මේ අපි කියන්නේ රුවන් වගේ ෆොරින් ග්‍රජුවේස්ලා ගැන නොවෙයි"  කියලා. පස්සේ සර් මම ගැන සර්ගේ මස්සිනා උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ සර්ජන් වෛද්‍ය සරත් කොල්ලූරේ ගෙන් මා ගැන අහලා තිබ්බා. සර්ජන් කොල්ලූරේ ආසම ඇනස්තටිස්ට්ලා වූ  රූබි, මුරලිදරන් , සාගරිකා, ග්‍රේෂන් අතර මමත් හිටියා.  කොල්ලූරේ සර් මා ගැන ගුණ කථනයක් දීලා තිබ්බා නියමට. අපි සර්ජන් යන ස්පීඩ් එක අඩාල වෙන්න නොදී ලෙඩාගේ ජීවිතයත් බේරගෙන දඩබඩ ගාලා වැඩකලා. නියම ටීම් වර්ක් එකක් කලා.

පුරාජේරුවකට මම මේ කතාව කියනවා. රෝහලේ ස්පයිනල් ඇනස්තීසියා බෙස්ට්ම මගේ. මම විනාඩි ගනනක් ඇතුලත ( ප්‍රවේසමත් සලකලා) ස්පයිනල් ඇනස්තීසියා එක දෙනවා. බොරු නම් හලාවත රෝහලේ තියටර් එකේ දීපා මිස් ගෙන් අහන්න​. එයා තාමත් හලාවත ඉන්නවා. දීපා මිස් මට ආම්ස්ට්‍රෝං කියලා නමක් දාලත් තිබ්බා. මම කවදාවත් ස්පයිනල් ඇනස්තීසියා දෙන කොට ලෙඩාගේ පිට පෙනේර කලේ නෑ. වන් ශොට් පිට කොන්දේ අදාල ස්ථානයට ගැහුවා. 

ඒ කාලේ අපි තියටර් එකේ නර්ස්ලවත් බයිට් කරනවා. මම , දැන් ඊ.එන්.ටී කන්සල්ටන්ට් කෙනෙක් වෙච්ච රිස්වි ශව්කත්, යාපා, එස් එච් ඕ කෙනෙක් චෙච්ච වෛද්‍ය සිඩ්නි තමයි හෙදි බයිට් එක කලේ. සරීර ප්‍රමාණයෙන් කුඩා පාසල් දැරියක් වගේ නර්ස් කෙනක් හිටියා අපි එයාට කතා කලේ ගැටමාන්න මිස් කියලා. මේ නම මිස්ට රෙජිස්ටර් උනා. තව කෙට්ටු මිස් කෙනෙක් හිටියා , එයාට කිව්වේ කටුවපිටිය මිස්. අශෝකා මිස් අවිවාහක මධ්‍යම වයසේ කෙනෙක්. මම අශෝකා මිස්ව ඔරොප්පු කරනවා. වරක් අශෝකා මිස් ගේ තියටර් සී ආර් පොතේ පිට කවරේ " හෙදියකගේ අනුවේදනීය දිනපොත කියලා" ලක්බිම පත්තරේ තිබ්බ කෑල්ලක් අලවලා කොරපු එකා හොයා ගන්න බැරුව  අශෝකා මිස් පොදුවේ ඔක්කොටම බනිනවා. 

හලාවත හිටියා නියම කොල්ලෝ සෙට් එකක්. ඒ අතරින් ප්‍රියාන් සෙනෙවිරත්න මාත් එක්ක ආමි එකේ හිටියා. ශිෆ්ට් එක ඉවර උනාම ප්‍රියාන් කෙලින්ම එන්නේ ඇනස්තීසියා ඔන් කෝල් රූම් එකට මාව හොයාගෙන​. ප්‍රියාන් වැඩ කලේ ඕපීඩී එකේ . ඉගන ගෙන තිබුනේ පී.එම්.සී ( ප්‍රයිවෙට් මෙඩිකල් කොලෙජ් ) එකේ . ඒ නිසා කිසිම සමාජ ඇරියස් නෑ. එල බුවා. ප්‍රියාන්ට හලාවත ටවුන් එකේ මිතුරු ව්‍යාපාරික සෙට් එකකුත් හිටියා. ඒ නිසා ඒ සෙට් එක මගේ මිතුරන් උනා. ප්‍රියාන් දැන් පිලියන්දල රෝහලේ ඩී.එම්.ඕ. 

හලාවත රෝහලේ හිටපු තවත් එල බුවෙක් තමයි පේරාදෙනිය ෆැකල්ටි එකේ චන්ද්‍රසේන තෙන්නකෝන්. මමයි තෙන්නයයි හලාවත රෝහල සලිත කරවගෙන හිටියේ. තෙන්නයා සුමාන දෙක තුනකට සැරයක් තෙන්නයාගේ රූම් එකේ කොල්ලෝ එක්ක සෙට් වෙනවා. බයිට් මදි උනාම චමරියේ අනිත් වෛද්‍යවරුන්ට රාත්‍රියට උයලා තියන කෑම වල බිත්තර , චිකන් කෑලි උස්සගෙන එනවා. ආතල් කෝටියයි. වරක් තෙන්නයා තමන් ගේ අලුතින් හදපු ජා ඇල ගෙදර පාටියක් දුන්නා. මේ පාටි එකට සිළුමිණ පත්තරේ මෙන්දක අබේසේකර  එහෙමත් ඇවිල්ලා හිටියා. පාටිය උදේ 4 වෙනකම් ගියා. මම උදේ 4 ට ජා ඇලින් ඇවිල්ලා කඳානේ මගේ නිවසට ඇවිදින් උදේ 6 වෙනකම් පැය දෙකක් නිදාගෙන ආපසු උදේ 8 වෙනකොට ඕ.එම්.එෆ් සර්ජන් ගාමිනී නවරත්න ගේ ලිස්ට් එකක් කරන්න හලාවත රෝහලට ගියා. 

තෙන්නයා එක්ක සෙට් එකක් හිටියා. ඔවුන් අතරින් යාපා, සුසිත්, රන්ජන් , දයාල් ෆනෑන්ඩුපුල්ලේ , නිරෝශ් වගේ එවුනුත් අපි වගේම වළකාරයෝ.  යෙනිකා කියලා කෙල්ලෙකුත් හිටියා. ඒ වගේම ජී එල් පීරිස් ගේ දුවත් හිටියා. තවත් පොරක් හිටියා යසස් ජයසිංහ කියලා. පොර ටිකක් මුට්ටිය අල්ලනවා. ඒ නිසා කොල්ලෝ අතරින් ටිකක් ඈත් වෙලා හිටියේ. ඌ බරකාරයා. තාත්තා නුවර පැත්තේ දොස්තර කෙනෙක්. එක සැරයක් පොර තාත්තාගේ බී.එම්.ඩබ් එක එලවගෙන රෝහලට ආවා නයා පාරකට. රක්‍ෂිත කියලා අප්සෙට් ජොකියෙක් හිටියා. මෑන් බී.එම්.ඩබ් එකේ රෝද වල හුලං යවන්න හදලා අපි අමාරුවෙන් ඒක වලකව ගත්තා යසස්කාරයාට " මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි " කියන සිංදුව කියන කොට මළ. ඒ නිසා වෛද්‍ය නිල නිවාස වල පාටි වලදී කොල්ලෝ මේ සින්ඳුව කියලා තමයි සාද අරඹන්නේ.

එක සැරයක් වීඕජී  වෛද්‍ය නිහාල් රාජපක්‍ෂ සර් ගේ සීසර් එකක් ඉවර වෙලා මධ්‍යම රාත්‍රියේ මමයි තෙන්නයයි , සුසිතුයි , රන්ජනුයි ,  දයාල් ෆනෑන්ඩුපුල්ලෙයි චැලි දෙකක නැගලා (චැලි දෙක තෙන්නෙගෙ යාලුවෙක්ගේ) හෙල්මට් නැතුව හලාවත නයිට් කඩයකට ගියා බනිස් එකක් කාලා කෝපි එකක් බොන්න​. නයිට් කඩය ලඟ නවගත්තේගමට යන බස් එක එනකම් සරමක් ඇඳගෙන අහිංසක ගැමියෙක් හිටියා. තෙන්නයා සහ මම ගිහිල්ලා ගැමියාව බදාගෙන ( බඩටත් කිස් එකක් දීලා) අනේ මේ අපේ මාමානේ කියලා බලෙන්ම වගේ ගැමියවත් අරගෙන නයිට් කඩයට ගිහිල්ලා " මේ අපේ මාමා , ඉඩම් කඩම් විකුනලා අපිට ඉගැන්නුවේ කියලා මාමට  නයිට් කඩයේ තිබ්බ බනිස් , ලෑතර, එළවලු රොටී, ඤාණකතා කැව්වා. ගැමියත් අපේ ආතල් එක දැනගෙන ඊට අනුකූලව හැසිරුනා. පස්සේ නවගත්තේගමට යන බස් එක ආවම අපි මාමව බස් එකේ  නග්ගවලා කොන්දට කිව්වා " මේ අපේ මාමා පරිස්සමින්  නවගත්තේගමට ගෙනියන්න කියලා. 

ගැමි සීන් එකෙන් පස්සේ අපි රෝහල බලා පිටත් උනා. පාර කරුවළයි. අපි පාර අයිනේ චැලි නවත්තලා පාද අද්දරට මුත්‍රා කලා. පස්සේ තමයි තේරුනේ මේ අපි මුත්‍රා කරන්නේ ගෙවල් පේලියක දොරවල් වලට කියලා. ගෙවල් අයිතිකාරයෝ මන්නා පිහි එක්ක එලියට එන්න කලින්  අපි චැලි වලින් මාරු උනා.  

හලාවත ටවුමේ තියන වටරවුම ලඟදී පොලිස්කාරයෝ සෙට් එකක් අපිව නැවැත්තුවා. හෙල්මට්, ලයිසන් මොකුත් නෑ . මම ටක් ගාලා පොලිස්කාරයාට කතා කලා. මේ වගේ අවස්ථා වලදී මම කරන්නේ බොරුවට ගොත පාට් එකක් දාන එක​. මම කීව්ව 

" ..... රර ර ර ර ... රාළහාමි අපි හ හ හ හ ... හලාවත රෝහලේ දො. දො දො ...  දොස්තරලා. ඔ ඔ ඔ ... ඔපරේෂන් එකක් ඉවර  ක් ක් ක් ක් කරලා රැ රැ.. රැ . රෑට කෑම කන්න ගියා කියලා. පොලිස් කාරයා කිව්වා " මහත්තුරු එහෙනම් පරිස්සමින් ඉස්පිරිතාලෙට යන්න කියලා.

මම 2002 යුද හමුදාවේ සක්‍රිය සේවයට යනකම් හිටියේ හලාවත රෝහලේ. මේ රෝහලේ අපි ගත්ත ආතල් කෝටියයි. ඒත් අපේ කොල්ලෝ දැන් විසිරිලා , යාපා සහ තෙන්නේ ඕස්ට්‍රේලියාවේ.  අනික් සෙට් එක ලංකාවේ විවිධ පලාත් වල. සමහරු විශ්‍රාම ගිහින්. ජීවිතේ ඉතින් ඔහොමයි. කාලය යනවා. ආතල් ඉතිරි වෙනවා. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, April 25, 2023

Meditation on Death (Marananusmathi Meditation)





Buddhist Marananussati meditation practice or reflection on one’s mortality described in the Visuddhimagga commentary (Burke et al., 2017). Contemplation and meditation on death provide profound understanding of life. Meditation on death is a means of purifying the mind in order to gain a crucial revelation of the meaning and significance of life (Kapleau, 1997). Meditating on death one overcomes death (Bond, 1980). Death is not alien to life but a concomitant of life (Bond, 1980). 

Death is an integral   part of life. Death is inevitable and death is a reality of life. Death is definite and time of death is indefinite. Death is a universal phenomenon. Dying is a part of nature. The American novelist Ernest Hemingwayonce said "Every man's life ends the same way. It is only the detail of how he lived and how he died that distinguishes one man from another"     

The death of the body, particularly of the brain, is then seen as the absolute end of any form of conscious activity (Grof, 1992). According to Freud denial and illusion are cognitive defense mechanisms used by many to deal with the fear of death.  Cognition of death is psychically difficult for people, because it means meeting the main fears (Moor, 2014). According to Karl Jaspers, the fear of death is dual by nature: the fear of existential non-being (existentielles Nichtsein) and vital not being here (vitales Nichtdasein). Jung advocates that individuals continuously strive to increase their awareness of death to overcome the fear of death (Filippo, 2006). 

Terror management theory posits that people tend to respond defensively to reminders of death, including worldview defense, self-esteem striving, and suppression of death thoughts (Niemiec et al., 2010). The terror management theory describes mortality salience which is the awareness by an individual that his or her death is inevitable. Many people have worldview defense and suppression of death-related thoughts.  

Abraham Maslow theorizes that the more an individual accepts her or his life, the less she or he will fear death (Filippo, 2006). Marananussati meditation (meditation on mortality) can eliminate fear and anxiety associated with mortality salience. Meditation on death helps to grasp impermanence.  The meditator recognizes that life and death constitute a single process (Bond, 1980). The meditator who becomes mindful of death eliminates fear of death and dying.  He realizes that facing death is an existential reality. A meditation on death enhances spiritual potential of the meditator. The American Buddhist monk Venerable Thanissaro states: “when dying, meditation is the one thing that won’t abandon you” 

 ( Clinical Meditation by Dr Ruwan M Jayatunge) 

Thursday, April 20, 2023

අරුණ කීර්ති ගමගේ සහ Buddhist Psychotherapy




ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පර්යේෂණ පර්ෂදය මගින් පවත්වන ලද සැසියකදී මම  Psychological aspects of Buddhist Jathaka stories and Buddhist Psychotherapy මාතෘකාව ඔස්සේ දේශනයක් කලෙමි. මා විසින් එම දේශනය පවත්වන ලද අවස්ථාවේදී  සංයමයකින් සහ වෘත්තීය ගරුත්වයකින්  තොරව අන්‍යන්ටද බාධා වන  අන්දමින් කැළනිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍යවරයෙකු වන අරුණ කීර්ති ගමගේ හැසුරුනු අතර පසුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ යෝධකණ්ඩියේ ආරියවංශ තෙරුන් විසින් අරුණ කීර්ති ගමගේ ගේ කළහකාරී හැසිරීම පිලිබඳව සමාව අයදින ලදි.  පසුව එම දේශනය සබැඳිව වෘත්තීය ගරුත්වයකින් තොරව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අපහාස වන පරිදි පෝස්ටු පළ කරන ලද කැළනිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍යවරයෙකු වන අරුණ කීර්ති ගමගේ පිලිබඳව කැළනිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිනිය වන මහාචාර්‍ය නිලන්ති ද සිල්වා මහත්මිය විසින්  පරීක්‍ෂණයක් කරන බව මා හට දන්වන ලදි. මෙය සනාත කරනු වස් අදාල ලිපි මා විජිත කුමාර වෙත ඊමේල් කලෙමි. (එහෙත් ඔහු තමන් සංවිධානය කල රැස්වීමේදී ඒ පිලිබඳව මුණිවත රැක්කේය​.)

පසුව අරුණ කීර්ති ගමගේ සහ කොලඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍යවරයෙකු වන විජිත කුමාර යන දෙදෙනා විසින්  ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට සහ ආචාර්‍ය වරුණී තෙන්නකෝන් සමග තිබූ ඇරියස් එකක් මා විසින් ලියන ලද Psychological aspects of Buddhist Jathaka stories කෘතිය යොදාගෙන පිටකරනු වස් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගමන් මග ශාස්ත්‍රීයද කියා සූම් දේශනයක් පවත්වන ලදි. 

මෙම දේශනයේදී ඔවුන් දෙදෙනා කොමෙන්ට් කිරීමේ පහසුකම් වසා දමා මොවුන් ගේ මතවාදයට විරුද්ධව කිසිදු අදහස් පළ කිරීමට ඉඩ නොදී දේශනය කරගෙන ගියහ​. එසේම එංගලන්තයේ වාසය කරන වෛද්‍යවරියක් ලෙස හඳුන්වා දෙමින් ප්‍රියදර්ශිකා නවරත්න නම් කාන්තාවක් යොදාගෙන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට සහ කතුවරයාට පහත් අන්දමට දෝශාරෝපණය කරනවන ලදි. (පසුව සොයා බැලීමේදී හෙළි වූයේ   ප්‍රියදර්ශිකා නවරත්න නම් කාන්තාව ව්‍යාජ ලෙස තමන් වෛද්‍යවරියක් ලෙස හඳුන්වා දෙමින් පන්සල් වලට ගොස් බුද්ධාගම ඉදිරියට දමාගෙන බැතිමතුන් ගෙන් මුදල් කඩා ගන්නා  කූට තැනැත්තියක් බවය​. ) ශාස්ත්‍රීය විවේචනයක් කිරීමේදී කුප්‍රකට කාන්තාවක් යොදාගෙන අරුණ කීර්ති ගමගේ සහ විජිත කුමාර  සිදු කල මඩ ගැසිල්ල නම් කුජීතය. සංයමයකින් සහ වෘත්තීය ගරුත්වයකින්  යුතුව පාළු ගෙවල් වල වලං නොබිඳමින් මා විසින් ලියන ලද කෘතිය පිලිබඳ ශිෂ්ඨ සංවාදයකට එන්නේ නම් කතුවරයා සූදානම් බව අරුණ කීර්ති ගමගේට සහ විජිත කුමාරට දැණුම් දීමට කැමැත්තෙමි.

Wednesday, April 19, 2023

අරගලකාරීන් මානසික රෝගීන් ලෙසට ලඝු කිරීම සාධාරණද ?

 





එරන්ද ගිනිගේ විසින් අරගලයේ මානසික රෝග 5 ක් යන ලිපිය හරහා ගෝල්ෆේස් භූමියට පැමිණි අරගලකරුවන් යැයි කියාගත් අය තුළ විවිධ මානසික රෝගී තත්ත්වයන් තිබුනු බව ව්‍යංගයෙන් පවසයි. ඔහු තවද මෙසේ කියයි ;

 " අරගලයට සම්බන්ධ වූ බොහෝ තරුණ තරුණියන් තුළ කාංසාව නමැති මනෝව්‍යාධිය තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ අනාගතය පිළිබඳව ඔවුන් තුළ දැඩි ව්‍යාකූල බවක් සහ බියක් තිබෙන බව ඔවුන් පෙන්වූ නිසාය.බොහෝ අරගලකරුවන්ගේ මනෝභාවයන් අන්ත දෙකක දෝලනය වෙන බව නිරීක්‍ෂණය කළ හැකි විය. එක් අවස්ථාවක ඉතා දැඩි උද්‍යෝගයකින් සහ යුෆෝරික සතුටකින් ලයිව් එන ඔවුන් ඊට ආසන්න මොහොතක ඉතා කනස්සල්ලෙන් දුර්මුඛව හැසිරෙනු දැකගත හැකි විය. වයින් කළාක් මෙන් නොනවත්වා වේගයෙන් එකම දෙය කියවන අරගලකරුවන් දැකගත හැකි විය. අඩනිරුවතින් විසම චර්‍යාවන් පෙන්වන අරගලකරුවන්ගේ ඡායාරූප දැකගත හැකි විය. විකෘති ලිංගික චර්‍යා සහිත ප්‍රකාශන අත දරාගත් අරගලකරුවන් බොහෝ විය.  විටෙක ඉතාම අහිංසක විලාසයෙන් හැසිරෙන අරගලකරුවන් ඊළඟ මොහොතේ ප්‍රචණ්ඩකාරීව හැසිරෙනු දැකගත හැකි විය. මා දන්නා හඳුනන ශිෂ්ට සම්පන්න ජීවිත ගත කරන ඇතැමුන් අරගලය තුළ ඉතා දරුණු නූගත් අතාර්කික අවිද්‍යාත්මක වනවාරී මිනිසුන් ලෙස හැසිරෙනු මම නිරීක්‍ෂණය කළෙමි. " 

 අරගලයට සහභාගි වූ පුද්ගලයන් තුල මානසික රෝගී තත්ව තිබූ බව කීම හිතළුවකි. ගෝටාභයගේ වැරදි තීරණ නිසා විශාල ආර්ථික සහ සමාජීය ගැටළු මතු විය​. එම අවස්ථාවේදී මධ්‍යම පාන්තිකයන් විශාල ප්‍රමාණයක් අරගල භූමිය කරා ආහ​. අරගලයේ ගාමක බලවේගය වූයේ මෙම මධ්‍යම පාන්තිකයන්‍ ය​. අරගලයට පොල්පොට්කාරයන්   , වැසිකිලි කඩන පසුගාමී  නියැඞතාල්වරු පෙරමුණ ගැනීම නිසා වෙනසක් අපේක්‍ෂා කල සාධාරණ මිනිසුන් අරගලයෙන් ඈත්ව ගිය අතර අරගලයේ ගිණිසිළු මැකී ගියේය​.

ඕනෑම සමාජ අරගලයකදී  ලූම්පන් පාදඩ කොටස් අරගල වලට එක් වෙති. එසේම මානසික අර්බුධ වලින් පෙලෙන පුද්ගලයන් ද අරගලයේදී අධි රංගන වල නිරත වෙති.  ගවේශනාත්මක මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න ගේ ආධාරයෙන් ජවිපෙ දෙවන කැරැල්ල පිලිබඳව කරන ලද කරන ලද කරුණු සොයා බැලීමක දී ඝාතනයට ලක්වූ සිසුන්ගෙන් සියයට 25ක පමණ ප්‍රමාණයක් තුල  කුඩා කාලයේ සිය මව හෝ පියා මියගොස් තිබිණි. නැතහොත් දෙදෙනාගෙන් එක් අයෙකු අතහැර ගොස් තිබිණි. එබැවින් ඔවුහු පීතෘ හෝ මාතෘ වියෝග කාන්සාවට ලක්ව සිටියහ. ඇතමෙකුට ද්‍රරිද්‍රතාවය සහ තවත් අයෙකුට සමාජ පීඩනයද උරුම විය.  සමහරෙක් කුල පීඩනය නිසා සමාජය කෙරෙහි වෛරයෙන් යුතුව බැලීමට පුරුදුව සිටියහ​. ජර්මානු බාඩර් මයින්හොෆ් සහ සැන්ඩිනිස්ටා ගරිල්ලන් පිලිබඳව පසුකාලීනව කල අධ්‍යනයන් වලින් පෙනී ගියේ ඔවුන් රැඩිකල් වියාපාර වෙත යොමු වීම සඳහා ළමා කාලයේ අත් දුටු කාංසාමය සිද්ධීන් හේතු කාරක වූ බවය​. ළමා කාලයේ සිට මෙවැනි කාන්සාමය තත්වයන් ගෙන් පීඩා විඳි කොටස් සමාජ අරගල වලට ඇදී එන්නේ කාඳම් සේය​. ඔවුන් තමන් ගේ සමාජ වයිරය විතැන් කිරීමට අරගල යොදා ගනිති. මෙම සාමාජිකයන් තුල අනන්‍යතා අර්බුධ , ග්‍රාමීය පසුගාමීත්වය , ප්‍රචණ්ඩත්වය ගැටළු නිරාකරණය සඳහා එකම මධ්‍ය බව ඇති විශ්වාසය​, හීනවූ සහකම්පනීය අවබෝධ්‍ය සහ බොහෝ විට  පෞරුෂ අක්‍රමතා හඳුනා ගත හැකිය.

අරගලය තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ  අක්‍රමතාවයට ( Post-traumatic stress disorder -PTSD) ලක්වූ කොටස් සිටි බව එරන් ද ගිනිගේ පවසයි. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය  යනු ක්ලමථ සහ ක්‍ෂිතිමය කම්පන සහගත අත්දැකීමකින් පසුව ආරම්භ වන කාංසා අක්‍රමතාවයකි.  සරලව දක්වන්නේ නම් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය යනු කම්පන සහගත, බියජනක හෝ භයානක සිදුවීමක් අත්විඳ ඇති සමහර පුද්ගලයින් තුළ වර්ධනය වන ආබාධයකි. සමූහ ප්‍රචණ්ඩත්වයට (collective violence) නිරාවරණය වන පුද්ගලයින්ගෙන් සියයට 67 ක් තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය වර්ධනය වන බව පෙන්නුම් කර ඇත. තවද ඔහු  විඝටන ලක්‍ෂණ තිබූවන් අරගලය තුල සිටි බව කියයි. විඝටන ලක්ෂණ (Dissociation) යනු කම්පනයට පොදු ප්‍රතිචාරයකි. කම්පන සහගත අත්දැකීම් වලට මුහුණ දී ඇති බොහෝ පුද්ගලයින්ට ඔවුන්ගේ අත්දැකීම්වල ප්‍රතිඑලයක් ලෙස බිය, වේදනාව හෝ ශෝකය වැනි හැඟීම් ඇති වූ විට පවා සිදුවූ දේ තාවකාලිකව මතක තබා ගැනීමට නොහැකි බව පෙනී යයි.  එසේම බොහෝ අවස්ථාවන්හිදී, පුද්ගලයා කම්පන සහගත අත්දැකීම් සිහිපත් කරන උත්තේජකවලට මුහුණ දෙන විට විඝටන ලක්ෂණ අත්විඳියි. අරගලය තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ  අක්‍රමතාවයට / විඝටන ලක්ෂණ (Dissociation) පෙන්වන ලද පිරිස් සිටින්නට ඇත​. එහෙත් ඔවුන් නියෝජනය කලේ අරගලයේ බහුතරය නොවේ.

තවද විශාදය , දිවි නසා ගැනීමේ චර්‍යාව , ආත්ම හානියේ යෙදුනු පුද්ගලයෝ මත් ලෝලීන් අරගලය තුල සිටි බව එරන් ද ගිනිගේ වැඩි දුරටත් පවසයි. මෙම තත්වය බොහෝ සමාජ අරගල වලට පොදුය​. බොල්‍ෂවික් විප්ලවයේද , මාටින් ලූතර් කිං ගේ අවිහිංසාවාදී අරගලවලදීද මෙවැනි කොටස් සිටියහ​. ලංකාවේ අරගලය තුලද මෙවැනි කොටස් දැකගත හැකි විය​. එහෙත් ඔවුන් නියෝජනය කලේ අරගල කරුවන් ගෙන් සුළු ප්‍රතිශතයකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


Tuesday, April 18, 2023

My World is Empty




I have billions of dollars in my account
I am filthy rich
I am overflowing with money
but I cannot spend it
My time is limited
Now money has no value to me
I wish I had good health and more time to live
My money cannot extend my lifespan
I have mobility issues
My days are numbered
There is no happiness inside me
I am not content
I am not carefree
My world is empty
It's really empty

Friday, April 14, 2023

Bruce Springsteen aka the Boss



I was at Bruce's concert in UBS Arena, Belmont Park, Long Island on the 11th of April 2023. I was the only Sri Lankan there representing the Sri Lanka Army Medics. It was a long dream come true. A four-hour Springsteen gig was wonderful with the  E Street Band. 




My first encounter with Bruce goes back many decades,  In 1984 when I was in grade 11, I bought his seventh studio album  Born in the U.S.A from Torana Music. Ever since I fell in love with Bruce's songs.  In 1987 I bought an elegant Bruce Springsteen T-shirt for  £8  from a store in Oxford Street -  West End of London. I still recall how we danced to his music at the Vinnitsa Medical University Ukraine. Once I had the honor of dancing with Larisa Filamonova when the DJ played "my home town". Indeed Bruce Springsteen has been our Boss for many years. - Ruwan Jay 







Sunday, April 9, 2023

Thank you Don Felder




Thank you Don Felder for sending me your kind greetings. I love you man. You got a magical- beautiful smile. When you play your Gibson double-neck 6 and 12-string guitar you create a heavenly rhythm with ultimate perfection. Indeed you put your soul and heart into it. Your music is magical, inspiring, and creative. You are brilliant and also a musical genius. Don, you are one of the most influential guitarists of all time. Without you, there would have been no "Hotel California" You will go down in history as one of the main architects and the musical backbone of the greatest song Hotel California. I am glad that I am a lifelong Eagles fan and a believer in Don Felder. 

Ruwan Jay 



Спасибо, Дон Фелдер, за то, что прислал мне свои теплые приветствия. Я люблю тебя чувак. У тебя волшебно-красивая улыбка. Когда вы играете на своей двухгрифовой 6- и 12-струнной гитаре Gibson, вы создаете божественный ритм с непревзойденным совершенством. Ведь вы вкладываете в него душу и сердце. Ваша музыка волшебная, вдохновляющая и творческая. Ты великолепен, а также музыкальный гений. Дон, ты один из самых влиятельных гитаристов всех времен. Без вас не было бы и «Отеля Калифорния». Вы войдете в историю как один из главных архитекторов и музыкальный костяк величайшей песни Hotel California. Я рад, что являюсь давним фанатом «Иглз» и верю в Дона Фелдера. - Ruwan Jay 





Friday, April 7, 2023

A Man Called Otto



Dr. Ruwan M Jayatunge 

A Man Called Otto is a 2022 American film directed by Marc Forster.  The plot is based on a 63-year-old widower - Otto Anderson (Tom Hanks) who is living with his past traumatic memories and isolating himself from others. He is suffering from chronic depression and contemplating suicide. Furthermore, his physical health is affected by hypertrophic cardiomyopathy.  Otto Anderson has lost the meaning of his life and is affected by foreshortened future. He has lost the will to live. However, his life was dramatically changed by an immigrant family and a transgender teen, Malcolm.  Despite his cynicism, grumpiness, and short temper the neighbors show empathy to understand his deplorable condition.  Eventually, he finds a fruitful meaning in his life and decided to connect with his neighbors and lives his life.  This movie is about human connections and racial relations.    


A Man Called Otto යනු Marc Forster විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 ඇමරිකානු චිත්‍රපටයකි. චිත්‍රපටය පදනම් වී ඇත්තේ 63 හැවිරිදි වැන්දඹුවෙකු වන ඔටෝ ඇන්ඩර්සන් ඔහුගේ අතීත ක්‍ෂිතිමය මතකයන් සමඟ ජීවත් වන අතර අන් අයගෙන් හුදෙකලා වේ. ඔහු නිදන්ගත මානසික අවපීඩනයෙන් පෙළෙන අතර සියදිවි නසාගැනීම් ගැන කල්පනා කරයි. තවද, හෘධ රෝග තත්වයක් නිසා ඔහුගේ ශාරීරික සෞඛ්‍ය පිරිහෙමින් තිබේ. ඔටෝ ඇන්ඩර්සන්ට ඔහුගේ ජීවිතයේ අරුත අහිමි වී ඇති අතර, ඔහුට ජීවත් වීමට ඇති ආශාව නැති වී ඇත. කෙසේ වෙතත්, සංක්‍රමණික පවුලක් සහ සංක්‍රාන්ති ලිංගික යෞවනයෙකු වූ මැල්කම් විසින් ඔහුගේ ජීවිතය නාටකාකාර ලෙස වෙනස් කරන ලදී. ඔහුගේ නරුමත්වය සහ කෝපය තිබියදීත්, අසල්වැසියන් ඔහුගේ දුක්ඛිත තත්වය තේරුම් ගෙන සංවේදනය පෙන්වයි. අවසානයේදී, ඔහු තම ජීවිතයේ ඵලදායී අර්ථයක් සොයා ගන්නා අතර, ඔහුගේ අසල්වැසියන් සමඟ සම්බන්ධ වී තම ජීවිතය ගත කිරීමට තීරණය කළේය. මෙම චිත්‍රපටිය මානව සම්බන්ධතා සහ වාර්ගික සබඳතා ගැන කතා කරයි.

Thursday, April 6, 2023

71 කැරැල්ල සහ වසන්ත දිසානායක (පොඩි දිසා)

  

 


( Pic from  vikalpa. org)

 

වසන්ත දිසානායක (පොඩි දිසා) මට හමු වුනේ රාජගිරියේ ඔහුගේ වෙනස පියස පොත් සාප්පුවේදි . මා විසින් මීට පෙර ලියන ලද පොත් කිහිපයක්ද ඔහුගේ පොත් සාප්පුවේ විකිණීමට තිබූ නිසා මා පිළිබඳව විශේෂ හඳුන්වා දීමක් කිරීමට මට සිදු නොවීම භාග්‍යයකි. ඔහු මෙලෙස තම කථාව ආරම්භ කළේය.

මම 1968 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා සාහිත්‍ය හැදෑරුවා. මම සරත් විෙජ්සිංහගේ බැච් එකේ. වරක් විෙජ්වීර පේරාදෙණියට ආවා ඇවිල්ලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට දේශනයක් තිබ්බා. විෙජ්වර්ධන හෝල් එකේ පන්ති තිබ්බා. සරත් විෙජ්සිංහ ආර්ථීක අර්බුදය පංති කළා. මම පූර්ණකාලීනයෙක් ලෙසට ව්‍යාපාරයේ වැඩ කරපු නිසා අධ්‍යාපනය සම්බන්ධ දේශන අතපසු උනා උසස් අධ්‍යාපනයට යොමු වීමට නොහැකි වුනා.

1971 වෙනකොට මම කෑගල්ලේ දිස්ත්‍රික් උප ලේකම්. පන්ති පවත්වනවා. සංවිධාන කටයුතු කරනවා. සන්නද්ධ වෙනවා. 1971 අප්‍රේල් 5දා මම බලපත්තාවේ හිටියේ. සරතුයි මමයි පිරිසක් එක්ක කෑගල්ල පොලිසියට පහර දෙන්න යනකොට ලොරියක් ආවා. අපි ලොරිය නතර කරන්න හැදුවත් ලොරිය නතර කලේ නැහැ. නිසා වෙඩි තියන්න සිද්ධ උනා. ආමි ජීප් එකකුත් ආවා. කැරලිකරුවන්ගේ වෙඩි ප්‍රහාර කාගෙන ජීප් එක ඉදිරියට ධාවනය උනා.

 අපි බලපත්තාවේ සිට ගලිගමුවට එනකොට ගල්ගමුව හන්දියේදි පොලිසියෙන් අපිට වෙඩි තිබ්බා. වෙඩි හුවමාරුව අස්සේ අපි අටුගොඩට ගියා. අපි බලපත්තාව මූලස්ථානය කරගෙන කෑගල්ලේ ස්ථාවර හමුදාවක් නිර්මාණය කලා. ප්‍රදේශයේ මිනිසුන්ගේ සම්පූර්ණ සහයෝගය තිබුණා. ඒකේ 50-60 විතර ආයුධ සන්නද්ධව හිටියා. මිලීෂියාවක් හැදුවා. ස්වේච්ඡා කණ්ඩායමක් හැදුවා.

 මේ වන කොට කෑගල්ල පොලිස් ස්ථානය හැර අවට පොලිස් ස්ථාන වලට අපි ප්‍රහාර එල්ල කරලා තිබුනේ. ඉදිරි කාලයේ පින්දෙනිය, බෝගල, බුලත්කොහුපිටිය, අරනායක, රඹුක්කන පොලිස් ස්ථාන වලට පහර දෙන්න සැලසුම් කලා. බෝගල පතලෙන් අපි ජෙලග්නයිට් ලොරියක් පුරවලා බලපත්තාවට ගෙනාවා. ජෙලග්නයිට්වලින් බැරල් බෝම්බ හැදුවා. බලපත්තාව හරහා ගිය හමුදා ට්‍රක් 3 ඉලක්ක කරලා අපි බැරල් බෝම්බ පිපිරෙව්වත් ට්‍රක් වලට හානි සිදු වුනේ නැහැ. නමුත් හමුදා ගමන් නැවතුනා. කැරළිකරුවන් ගලිගමුවත් බලපත්තාවත් අතර ගල් බැම්මක් හැදුවා. පාර මැද තාර උණු කරන ගල් මෝලක් දාලා බොරුවට වයර් ඇදලා තිබුනා. සමූපකාර විවෘත කර හාල් ආදි බඩු මිනිසුන්ට ඛෙදා දුන්නත් සති දෙකක් විතර යන විට හාල් ආදිය ලබා ගැනීමේ අභියෝගයට ප්‍රදේශයටම මුහුණ පෑමට සිදුවුණා.

 මම අන්තිමට සරත් විෙජ්සිංහව දැක්කේ 1971 අප්‍රේල් 6 දා. සරත් රතු හමුදාව සමඟ කෑගල්ල පොලීසියට ප්‍රබල ප්‍රහාරයක් දීමේ අරමුණින් පස්සේ බලපත්තාවෙන් බුලත්කොහුපිටිය බලා ගියා. එයාගෙ මරණය පිළිබඳ පණිවිඩය අපට ලැබුනා. මගේ අදහස අනුව ඒක අත්වැරදීමකින් පත්තු වෙච්ච වෙඩිල්ලක්

 අපට ආමි එකෙන් හා ගුවන් හමුදාවෙන්, පහර දෙන කොට තව දුරටත් බලපත්තාවෙ ඉදීමට අපහසු උනා. බෝල සමරේ ඇවිල්ලා විල්පත්තුවට පසු බහින්න යෝජනා කළා. තව කිව්වා සනත් බොරළුකැටිය සිංහරාජයට පසු බැසීමට තීරණය අරගෙන බව.

අපි පසු බසින්නට තීරණය කළා. දවල් කාලයෙ සැඟවිලා ඉන්නවා. රෑ ගමන් කරනවා. පයින්ම විල්පත්තුවට යන්න තමයි අපි පියවර ගත්තේ.

1971 මැයි මාසේ වෙසක් දිනයට කලින් දවසේ අපි නාරම්මල මැදගොඩට ආවා. තාවකාලිකව සැඟවිලා හිටියේ තේක්ක කැලයක. සුජාතා හඳගම හිටියේ අපේ කණ්ඩායමේ. එයා මගේ පෙම්වතිය. අපි දෙන්නා විශ්ව විද්‍යාලයේ හිටියේ එකට. එය මට වඩා අවුරුද්දක් ජූනියර්.

හවස හතට විතර ඇය හිටි පැත්තෙන් වෙඩි ~ක් ඇහුණා. තව කිහිප දෙනෙකුට වෙඩි වැදුනත් අඳුර නිසා මොකවත් පේන්නේ නැහැ. අපේ පිරිස 80 විතර හිටියා අය දුවන්න ගත්තා. මට ඇහුනා සුජාතාගේ කට ~. තමන්ව පහු කරගෙන යන අයට එයාගේ තුවක්කුවත් ගෙන යන්න කිව්වා. මම සුජාතාව උස්ස ගත්තා. සුජාතා කිව්වා දිසා මාව ගෙනියන්න එපා ඔයත් වෙඩි කයි මාව කොහේ හරි පඳුරක් අස්සේ තියලා යන්න. මට කරගන්න දෙයක් නැහැ. හමුදාවෙන් දිගටම වෙඩි තියනවා. මම සුජාතාව ඝනව වැවුන පඳුරු අස්සේ හැංගුවා. කරලා කට්ටිය යළි ප්‍රතිසංවිධානය කලා.

පැයකට විතර පස්සේ හමුදාව ඉවත් උනා. මම සුජාතා ලඟට ඇවිල්ලා එයාගේ තුවාලය බැලූවා. බඩට වෙඩි වැදිලා තිබුනේ. තුවාලයට ප්ලේවින් පෑඩ් එකක් තියලා ටෙට්‍රසයික්ලින් කරලක් කටට දැම්මා. සුජාතා කිව්වා කරල වෙනකෙනෙකුට දෙන්න ප්‍රවේසම් කරගන්න කියලා. අපි එක්ක හිටපු පුෂ්පා ~න්න ගත්තා. සුජාතා කිව්වා z~න්න එපා. මාව බේරගන්න උත්සහ කරන්න එපා. මාව මෙතන දාලා ඔයාලා බේරිලා යන්නZ.

අපි ලී වලින් ස්ටේ‍රචර් එකක් හදලා සැතපුම් දෙකක් විතර සුජාතාව ඒකේ තියාගෙන ගෙනිච්චා. සුජාතා කිව්වා මගේ කටට තිත්ත පිත් ගතියක් දැනෙනවා මගේ පිත්තාශය වෙඩි පාරට කැඩිලා ඇති කියලා.

සුජාතා පසුවදා වෙනකං පණ අල්ලගෙන හිටියා. පසුවදා 4.30 විතර වෙනකොට අමාරුවෙන් හුස්ම ගත්තේ. මට අමුත්තක් දැනෙනවා කියලා කිව්වා. මම ලීලා, මාලා (ජුලියට්) පුෂ්පා හිටියා. සුජාතා මගේ අත් දෙක උඩ මැරුණා.

අපි මිනිය තියාගෙන මුලූ රෑම හිටියා. උදේ වෙනකොට සුජාතාගේ මිනිය වලලන්න උදැල්ලක් ගේන්න දෙන්නෙක්ව අසල ගමට යැව්වා. අය හමුදාවට කොටු වෙලා හමුදාව අපිව වට කලා. යළි පසුබසින්න සිදු උනා. අපි සුජාතාගේ මිනිය රෙදි වලින් ඔතලා කැලේ පඳුරක් අසල තියලා ඉක්මනට සමු ගත්තා. පස්සේ මට ආරංචි උනා හමුදාව එයාගෙ මිනිය අරගෙන ගිහිල්ලා වැලලූවා කියලා.

 අපි කුරුණෑගල පල්ලේකැලේ බඹරගල ගල්ගුහාවල සැඟවිලා හිටියා. යළිත් හමුදාව අපිව වටකරා. මම හමුදා සෙබළුන්ට දේශනයක් තිබ්බා. ඒකට හමුදා සෙබළුන් කිව්වේ කන්ද උඩ දේශනය කියලා. මේ දේශනයේදී මම කිව්වා අපේ සටන් අරමුණු. මගේ දේශනය පැය දෙකකටත් වඩා ගියා. දේශනය සොල්දාදුවන්ට යම් බලපෑමක් කළ බව පසුව මට පෙනී ගියා. එම ගැටුමේදී පැටි්‍රක්ට සහ තවත් කිහිප දෙනෙකුට වෙඩි වැදුනා. පැටි්‍රක් ඔවුන් අල්ලා ගත්තා. පිරිස වනාන්තරේ ඇතුලට ගියා. ලීලාට මැලේරියා වැලදී තිබුණා. ජුලියට් සමඟ 15 කණ්ඩායමක් ගල්ගිරීයා කන්දේ නතර කර අපි විල්පත්තුව බලා පිටත්වුනා.

 අපි 1971 ජුනි වෙන කොට ඉඟිනිමිිටිය දක්වා පසු බැස්සා. මේ වන විට අපේ පිරිස 40 විතර ඇති. හමුදාව අපිට වෙඩි තිබ්බා මම මඩගහපොල අබේ එක්ක පඳුරක් ඇතුලට ගියා. හමුදාව අපි හිටපු පඳුරට වෙඩි තිබ්බා වෙඩි පහරින් අබේ මලා. අබේගේ සිරුර වැටුනේ මගේ ඇඟ උඩට. මමත් මලා වගේ හිටියා දිවත් බාගෙට එළියට දාගෙන. මට ඇහුනා සොල්දාදුවෙක් කියනවා සාජන් දෙන්නම මැරිලා යං කියලා. සාජන් කිව්වා මළකඳන් දෙක ගේන්න කියලා.

සොල්දාදුවා මගේ කකුලෙන් ඇද්දා. මට හිතුනා දැන් එළැඹෙන්නේ මගේ අන්තිම අවස්ථාවයි. මට සුජාතා, විශ්ව විද්‍යලය සරත් විෙජ්සිංහ, ගෙදර සියල්ලම මොහොතකින් මතක් උනා. මම සොල්දාදුවාට ඇෙඟව්වා මම මැරිලා නැති වග. මට නියෝග කළා අත් උස්සගෙන පඳුරෙන් එළියට එන ලෙසට. මම එළියට ආපු ගමන් සොල්දාදුවා රයිෆල් එකෙන් මගෙ පිටට ගැහුවා. ඒකේ බෝල්ට් එක  මගේ  පිටේ සමට කා වැදුනා. යට ඇඳුම හැර අනෙක් ඇදුම් ගලවලා මගේ අත් පිටිපස්සට තියලා කිටි කිටියේ බැන්දා. ඊට පස්සේ අතින් පයින් ගැහුවා.

පිටේ කොටු ඇන්දා බයිනෙත්තුවෙන්. පිට පැලිලා ලේ එනවා. මට වතුර තිබහේ දිව ගිලෙන්න වගේ. මම වතුර ඉල්ලූවාම සාජන් මට ගැහුවා. පස්සේ මම දැනගත්තා සාජන්ගේ නම එයාගේ නම සාජන් මරිජාන්.

හමුදාකාරයෝ අබේගේ මල සිරුරත් ගත්තා. මලමිනිය ජීප් එකෙA දාගෙන මාවත් ලගින්ම වාඩිකරගෙන මගේ කකුලෙන් ඇදලා එළියට ගන්න හදපු සොල්දාදුවා (වැන්ඩෆුට්) මුරට තිබ්බා. මිනිහා ලන්සි. වැන්ඩෆුට් මට කියනවා උඹලා මෝඩ සිංහලයෝ. යාපනයට ගහන්න නේ තිබුනේ. එහෙම නං අපිත් එනවා කියලා. මගෙන් වයසත් ඇහුවා. එයා කිව්වා මම ඔස්ටේ්‍රලියා යන්න ඉන්නේ මගෙ කෙල්ලත් ඉන්නේ එහේ. උඹලාගේ මල කැරැල්ල නිසා මට යන්න විදියකුත් නැහැ. ඔහු මට යළිත් පහර දුන්නේ නැහැ. මම වතුර ඉල්ලූවාම කිව්වා zමම සොල්දාදුවෙක් මම නියෝගයට කීකරු වෙන්න ඕන නිසා මට උඹට වතුර දෙන්න බෑ කියලා.

ඒත් වැන්ඩෆුට් මගේ කිටි කිටියේ තද කරලා තිබ්බ බැමි පොඩ්ඩක් බුරුල් කරා. ගම්මු අපට මඤ්ඤොක්කා ගෙනාවා. ඒවා කාලා යළි ගලිගමුව කෑම්ප් එකට ගියා. මාව දැක්ක හැටියෙම කෑම්ප් එකේ කෝප්‍රල් ජයතිලක කන්ද උඩ දේශනාකාරයා ආවාද? මුලින්ම කාලා බීලා ඉමු කියලා කන්න දුන්නා. ඊට පස්සේ කිව්වා දැන් දේශනාව කරන්න කියලා. මම පිළිතුරු දුන්නා මේක අවස්ථාව නොවෙයි කියලා. ඒත් කෝප්‍රල් ජයතිලක කිව්වා දේශනාව යලි තිය යුතු බව. අපිත් එක්ක අත්අඩංගුවට පත් වෙලා හිටපු ලොකු අතුලත් මට කිව්වා දිසා කථාව කරන්න කියලා. මම යළිත් කන්ද උඩ දේශනාව තිබ්බා.

 මාව රදවලා තිබ්බා බෝගම්බර සිර ගෙදර. මාව දැක්ක ඉයන් වික්‍රමනායක කිව්වා මෙයාට ඩිග්රිය අහිමි උනා. විප්ලවය අහිමි උනා. ගර්ල් ෆෙන්ඩ්වත් අහිමි උනා. මාව දිගටම හැදින්නුවේ කන්ද උඩ දේශනාකාරයා කියාල. ඊට පස්සේ කවුරුත් මට පහර දුන්නේ නැහැ. මට අවුරුදු 2 සිර ~ුවමක් ලැබුනා. 1977 දෙසැම්බර් වල මට නිදහස ලැබුනා. මම හිතන්නේ 1971 කැරැල්ල අපි දේශපාලන වශයෙන් ගත්ත වැරදි තීන්දුවක් කියලා.


(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි) 

Find Us On Facebook