Sunday, August 28, 2022

ලංකාවේ පන්සල් වලට එන කොමන් චරිත



ලංකාවේ පන්සල් වලට එන කොමන් චරිත ටිකක් තියනවා . මේ චරිත බොහෝ පන්සල් වලට පොදුයි. 

1) පන්සල් සීතාලා { පන්සල් සීතාලා බෝහෝ විට මැදිවියේ ගැහැණුය​. පුරුෂයන් බොහෝ විට ජීවිතය පිලිබඳව උදාසීනය​. ලිංගික වශයෙන් අඩුවෙන් සක්‍රියය​. ඒ නිසා පන්සල් සීතාලා පන්සල බදාගනිති. පන්සල් සීතාලා එකිනෙකා කෙරෙහි  ඉර්ශියා අතර හාමුදුරුවන් ගෙන ලකුණු දා ගැනීම සඳහා තරඟයක නියැලෙති. හාමුදුරුවන් ද මේ කිසිම කෙනෙකු අප් නොකොට සියල්ලන් ගෙන්ම වැඩ ගනිති. }

2) පන්සල් හරමානිස් { පන්සල් හරමානිස් යනු පන්සල මගේ , පන්සලේ සියළු කටයුතු මගේ ප්‍රධානත්වයෙන් සිදු විය යුතුයි කියා විශ්වාස කරති. කාලය ගත කරන්නේ පන්සලේය​. හැමෝටම අරක කරන්න මේක කරන්න කියා ඕඩර් දෙති. තමන් විසින්ම තමන්ව පත් කර ගත් ලොක්කෙකි. බොහෝ විට විශ්‍රාමික  ඩයල් එකකි. රැකියාවේ හෝ නිවසේදී නොලැබූ අධිකාරිත්වය පන්සලේදී ලබා ගැනීමට උත්සහ කරයි. }

3) පී. බී ජයසුන්දරලා { ( පී. බී නොහොත් පින් බත් ජයසුන්දරලා දැකිය හැක්කේ පිටරට පන්සල් වලය​. උයන්න කම්මැලිය , පිනට කන්න කැමතිය​. පන්සල් එන්නේ කෑමක් බලාගෙනය​. 

4) ස්පිරිචුවල් ඉන්වෙස්ටර්ස්ලා { ශාක වල ප්‍රජනක අවයව පිලිම වලට පූජා කල විට දිව්‍ය ලෝකයේ යා හැකි බව ස්පිරිචුවල් ඉන්වෙස්ටර්ස්ලා විශ්වාස කරති. එසේම පිනකම් කරන්නේ මේ ජීවිතයේ නොලැබුනු සැප සම්පත් ලබන ආත්මයේදීවත් ලැබේවා කියාය​. රුපියලක් පිනට දී දෙව් මිනිස් සැප බලාපොරොත්තු වේ. }

5) මඤඥං උපාසක { එලෝ විකාරයෙන් අවබෝධයක් රහිතව හාමුදුරුවන් කියන පාලි පාඨ  රිපීට් කරයි. නිවන් යාම සඳහා නිතරම පාලි පාඨ  රිපීට් කල යුතු බව සිතයි }

6) අඤඥ කොරොස් උපාසක {  බණ අසන ගමන් හාමුදුරුවන් ගෙන් අපබ්‍රංස ප්‍රශ්න අසයි. පියමතුරා බුදුන් ගේ පියා ගේ නම මොකක්ද ? විඤ්ඤාණ ධාතුව පොලෝ තලයේ ගැටී පවතිනවාද ? අරූප ලෝක ගනන කීයද ? වැනි ප්‍රශ්න හාමුදුරුවන් ගෙන් අසයි තමන් ධර්ම භාණ්ඩාගාරික කෙනක් බව සිතයි. }

7) කපටි උපාසක { පන්සල් එන්නේ යම් ලාභයක් බලාගෙනය​. තමන් ගේ බිස්නස් එක ප්‍රවර්ධනය කිරීමට පන්සල යොදා ගැනීම මූලික අරමුණය​.  තමන් ගේ නම යකඩ කටින් කියවා ගැනීම ජනප්‍රියතාවය අපේක්‍ෂා කරයි. }

Wednesday, August 24, 2022

අපට රසායණික විද්‍යාව සමග ජීවිතය කියා දුන් දෙව්රුවන් අල්විස් ගුරුතුමා



උසස් පෙළ  රසායණික විද්‍යාව  ගුරුවරයෙකු වූ දෙව්රුවන් අල්විස්  මහතා 1984 වසරේ නුගේගොඩ රොටරි ආයතනයේදී අපට රසායණික විද්‍යාව ඉගැන්වීය​. එතුමා ඉතා දක්‍ෂ ගුරුවරයෙකි. හොඳ සන්නිවේදකයෙකි. අපගේ පන්තිය ආරම්භ වූයේ ඉරිදා දහවල් 2.00 ටය​. දහවල් දෙකේ සිට සවස හත දක්වා ඉතා කෙටි විවේකයක් සමග එතුමා අපට පන්ති කලේය​. ටකරං වහලයේ රස්නය සහ බංකු වල කිටි කිටියේ තදවී අවම පහසුකම් යටතේ සිටි අපගේ අවධානය පැය 5 දක්වා කාලයක් මනාව ගෙන එතුමා අපට රසායණික විද්‍යාව කියා දුන්නේය​. මේ නයින් සිසුන් ගේ අවධානය තමන් වෙත පැය ගනනාවක් යොමු කොට ගෙන රසායණික විද්‍යාව වැනි වියළි විශයක් රසවත් ලෙස කියා දීමේ හැකියාව තිබූ එතුමා ඉතා දක්‍ෂ ගුරුවරයෙකු ලෙස මා අද දිනයේ දකිමි. එසේම එතුමා අපට ජීවිතය පිලිබඳවද කියා දුන්නේය​. එතුමා වැනි ගුරුවරු දුර්ලභය. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Saturday, August 20, 2022

බුලට් මහින්ද හෙවත් නීතිඥ මහින්ද ජයවර්ධන

 


 

 

71 විත්ති ලිවීමේදී අනිවාර්‍යයෙන්ම බුලට් මහින්ද චරිතය පිළිබඳව ලිවිය යුතු බව දැනමුත්තෝ පෙන්වා දුන්හ. ඔහු පිළිබඳව හැඳින්වීම කළ පුද්ගලයා බුලට් මහින්ද ගැන කියුවේ හිරේ කඩාගෙන පනින යකඩයා වැනි චරිතයක් ලෙසටය. මෙම අපුරු පුද්ගලයා සමඟ සංවාදයෙආ යෙදීමට මට ආශාවක් ඇති විය. එහෙත් මා ඔහුට දුරකථනයෙන් ඇමතූ මුල වතාවේදි ඔහු කරුණු කථා කිරීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඔය පත්තරකාරයෝ ඇවිල්ලා එක එක විකාර ලියාගෙන යනවාZ ඔහු නෝක්කාඩු ස්වරයකින් පැවසීය. මා පත්තරකාරයෙකු නොවන බවත් නමුත් පත්තර වලට ලිපි ලියන්නෙකු බව හා 71 කැරැල්ලේ අප්‍රකට අත්දැකීම් පිළිබඳව පොතක් ලිවීමට අදහස් කරන බව කීමෙන් පසුව ඔහුගේ යම් බුරුලක් ලැබිනි. මහින්ද වෘත්තියෙන් නීතිඥයෙකි. එම නිසා උසාවි නොයන දිනකදි ඔහුව මුණ ගැසීම සඳහා කිහිප දවසක් දුරකථනයෙන් ඇමතුවෙමි. අවසානයේදි බුලට් මහින්ද හෙවත් නීතිඥ මහින්ද ජයවර්ධන මහතා මා ඔහුගේ කාර්‍යාලයේදි මුණ ගැසීමට එකඟ විය. පහත දැක්වෙන්නේ බුලට් මහින්ද මට පැවසූ කථාවයි.



මගේ ගම් පළාත හලාවත. මගේ සීයා කරවිට ප්‍රදේශයේ ආරච්චි කෙනෙක්. පියා ව්‍යාපාරික වැඩ වල නිරතව හිටියා. ඔහු නිවෙසට පැමිණියේ සතියකට වරක්. කුඩා කාලයේ සිටම මා අසාමාන්‍ය දඟකාරයෙක්. පාසලේත් කට්ටි පනිනවා. අනික් සිසුන් සමඟ ගහගන්නවා. හලාවත ටවුමේ රස්තියාදු වෙනවා. සාමාන්‍ය පෙළ දක්වා මගේ අධ්‍යාපනය කුණාටු මුහුද වගේ. මම පාසල් 7කට ගියා. හලාවත ආනන්ද, සෙන්ට් මේරිස්, මාදම්පේ සෙන්ට්‍රල් යනාදි වශයෙන් ආරවුල් හා පැමිණිලි නිසා බොහෝ පාසල් වලින් පවා අස් කළා. මම මාදම්පේ සෙන්ට්‍රල් එකට ඇතුළු උනහම මගේ මාමා එහි උප විදුහල්පති. මාමා මාරුවක් ඉල්ලගෙන ගියා මූ ඉස්කෝලේ මදාවිකම් කරන කොට මගේ සායමත් යනවා කියලා.



පන්තියෙ වැඩ වලට උනන්දුව නොයෙදුවාට මම ගණිතයට දක්‍ෂයි. පාසලෙන් කට්ටි පැනලා හලාවත බස් ස්ටෑඬ් එකේ රස්තියාදු ගහලා විභාගයට කිසිම දෙයක් පාඩම් නොකර ගිහින් ලිව්වට මම තමයි ගණිතයට පංතියේ වැඩිම ලකණු ගත්තේ. මම ආශ්‍රය කලේ මගෙ පවුලෙ තරාතිරමට නොගැලපෙනවා යැයි සැලකූ පුද්ගලයන්. අපේ ඥාතින් ඒ අයගේ ගෙවල් වලට මම යනවාටවත් කැමැත්තක් දැක්වූයේ නැහැ.



1969 කාලයේ මට අවුරුදු 15 විතර ඇති. හලාවත බස් ස්ටෑඬ් එකේ හිටියා ටොෆි කමල් කියලා පුද්ගලයෙක්. කමල් ඛදඩැ පැල ණසිි පැ කියන ටොෆී ස්ටෑඬ් එකේ වික්කා. එයා අමුතුම අදහස් තිබූ කෙනෙක්. අපි දැනගෙන හිටියේ නැහැ කමල් ජ.වි.පෙ දේශපාලන වැඩ වලට සම්බන්ධ බව.



කමල් වැඩිහිටියකු උනත් අපේ හිත මිත්‍රයෙකු බවට පත් වුනා. මචං කියලා කථා කරපු කමල් පස්සේ අපිට සහෝදරයා කියලා කථා කරන්න පටන් ගත්තා. අපි ටවුන් එකේ ලෙඩ දාගත්තම අපිට අවවාද කරනවා.කමල් හමුවෙන්න විවිධ අය ආවා. කමල් සමහර වෙලාවට මාවත් අරගෙන දැදුරු ඔය පැත්තට යනවා. කමල් ඒ අය එක්ක කථා කරන කං මම සිගරට් එකක් උරනවා. මම මුලදි හිතුවේ කමල් හොර බඩු ජාවාරමක් කරනවදෝ කියලා. ඒත් පස්සේ මට තේරුණා මට නොතේරෙන දේශපාලන වැඩ ගැන මේ අය කථා කරනවා. කමල් වටේ තව පිරිස හිටියා. ඒ අයට පිටින එන කෙනෙක් දේශපාලන පන්ති කරනවා දැදුරු ඔය ඉවුරේ කැලෑ රොද වල. මාව මේ පන්ති වලට ගත්තේ නැහැ. මට පැවරුනේ කට්ටිය සාකච්ඡා කරන කොට ඈතින් ඉඳං පොලිසිය හෝ පිටස්තරයෙක් එනවද කියලා බලන්න.



මේ සෙල්ලමට මගේ හිත ඇදී ගියා. එතන රහස් පරීක්‍ෂක ත්‍රිල් එකකුත් තියනවා. කමල්ට අපි සැම දෙනෙක්ම කැමතියි. කමල් තමයි. අපේ කොළු නඩේට හිටි නායකයා. ගාමිනී ෆොන්සේකා වගේ නයිලෝන් බැනියම ඇඳලා කමල් ස්ටෑඬ් එකට එනවා එතකොට අපිත් එතනට රොක් වෙනවා.



පාසලේ මම ලෙඩක් දාගෙන මාව ඉස්කෝලෙන් අයින් කලා. ඒ පාර මාව දැම්මා කුලියාපිටිය සෙන්ට්‍රල් එකට. තාත්තා සුමානයකට සැරයක් ගෙදර එන කොට අම්මා මගේ වැරදි ලැයිස්තුව ලියලා තාත්තාගේ අතට දෙනවා. කාලයක් යන කොට තාත්තාට මට ගහන එකත් එපා උනා. කබර හමට තලනවා වගේ නිසා වෙන්න ඇති.



කුලියාපිටිය සෙන්ට්‍රල් එකේ මටම ගැලපෙන පාසල් මිතුරෙක් මට මුණ ගැසුනා. එයාගේ නම රාජසිරි තිලකරත්න. අපි දෙන්නා පාසලේ මදාවියෝ. කට්ටි පනිනවා සිගරැට් බොනවා. කොල්ලන්ට ගහනවා. රාජසිරිත් ගණිතයට දක්‍ෂයා. අපි දෙන්නා පාසලේ අංක එක මදාවිකම් අතින් හා ගණිත දැනුමෙන්. රාජසිරි තිලකරත්න මට දවසක් කිව්වා අමුතු ජනතා ව්‍යාපාරයක් ගැන. මට මතක් උනා. කමල්ගේ රහස් පන්ති. මම කිව්වා මම හලාවතදි ඒවා කලා කියලා. දැන් රාජසිරිට තවත් සතුටුයි. තකට තක මාත් ඉන්නවා. මම පන්ති පහ කළා.



මට පන්ති කෙරුවේ හලාවත වනසිංහ ගුණරත්න. ටොෆි කමල්ට ගොතයක් තිබුන නිසා එයා දේශකයෙකු ලෙස ඉදිරියට ආවේ නැහැ. කමල් කලේ සංවිධාන කටයුතු. කමල් දවසක් කිව්වා නුවර එළි යමු අපේ ව්‍යාපාරයේ නායකයාව අතඩංගුවට අරගෙන නුවරඑළි උසාවියට ඉදිරිපත් කරනවා කියලා අපි කෝච්චියේ නුවර එළියට ගියා. උසාවිත් ගියා. ආපසු එන ගමනේදි තාර ටින් එකකුයි බුරුසුවකුයි අරගෙන කෝච්චිය නවත්තන නවත්තන ස්ටේෂන් වල සටන් පාඨ ලියනවා.



මමයි රාජසිරියි පාසලේ විද්‍යාගාරය කඩලා සල්ෆියුරික් අම්ලය අඩංගු බෝතල් ගෙනාවා. මේ සල්ෆියුරික් අම්ලය භාවිතා කලේ ටින් බෝම්බ හදන්න. මම හලාවත ප්‍රදේශයේ උනාට ධර්මසේකර විෙජ්වීර ගැටුම නිසා කුලියාපිටියේ ප්‍රදේශයේ නායකයා ඉවත් කලා. ප්‍රනන්ද තමයි කුලියාපිටියේ හිටියේ. ප්‍රනන්ද ධර්මසේකරගේ මිනිහෙක් කියලා තමයි රාවය තිබ්බේ. ඒත් ප්‍රනන්ද දක්‍ෂ කරාටේ කාරයෙක්. යෝග ව්‍යායාමත් කළා.



ප්‍රනන්ද ඉවත් කිරීමෙන් පසුව කුලියාපිටියේ වැඩ වලට දාන්න කෙනෙක් හිටියේ නැහැ. ප්‍රනන්ද එක්ක හැප්පෙන්න හැමෝම බයයි. ප්‍රනන්ද අපේ කොකු කඩනවා. අපිට සී.අයි.ඒ. කියලා හැම තැනම ලේබල් ගහනවා. ප්‍රනන්ද එක්ක කරට කර ඉන්න දැම්මේ මාව. මම කුලියාපිටියේ ප්‍රදේශයේ නායක රණස්ගල්ලේ ගුණදාසට සම්බන්ධ කරා. ප්‍රනන්ද මාත් එක්ක ආරෝවට ආවේ නැහැ. මම, රාජසිරි තිලකරත්න ඇතුළු පිරිස ආයුධ එකතු කළා. අපි නොරෝච්චෝලේ ප්‍රදේශයෙන් අළුත් තුවක්කු හයක් මිළට ගත්තා. මේ තුවක්කු පෙට්ටි කරේ තියාගෙන රැයක මුන්නේස්වරම් වෙලේ සිට කුලියාපිටය වෙල දක්වා කැළෑ පාරවල් වලින් අපි තුන්දෙනෙක් ආවා.



1971 අප්‍රේල් 5 දින අපිට නියමව තිබුනේ කුලියාපිටිය පොලිසියට පහර දෙන්න. අපේ 40ක විතර කණ්ඩායමක් හිටියා. රණස්ගල්ලේ ගුණදාස තමයි ප්‍රහාරය මෙහෙයවන්නට හිටියේ. අපි ගුණදාස එනකං බලාන හිටියා. ගුණදාස ආවේ නැහැ. මේ අවස්ථාවේදි මම තීරණය කළා ප්‍රහාරයට නායකත්වය දෙන්න. අපි මහ රෑ පොලිසිය දෙසට ගමන් කළා.



අපේ පිරිසේ කට්ටියක් හා ආයුධ එක්ක ලොරියක හිමිහිට පිටි පස්සෙන් ආවා. මමයි කිහිප දෙනෙකුයි යාර 50 විතර ඉදිරියෙන් ආයුධ සහිතව පයින් ගියා. පොලිසියට අනපේක්‍ෂිත ප්‍රහාරයක් දීමටයි අපේ සැලසුම. හදිසියේම අඳුර කපාගෙන ජීප් එකක් ආවා. ජීප් එකේ ආපු පොලිස් කණ්ඩායම ලොරිය ගැන සැක හිතිලා ලොරියට වෙඩි තිබ්බා. වෙඩිල්ලක් ලොරිය ඇතුලේ හිටපු අපේ සාමාජිකාවකගේ කකුලේ වැදුනා. ජීප් එක වෙඩි තියන ගමන් නොනවත්වා ඉදිරියට ධාවනය උනා. ජීප් එක ලොරියට වෙඩි තියාගෙන අපව පසු කරගෙන ඉදිරියට යනකොට අපි ජීප් එකට වෙඩි තිබ්බා. අපෙ පිරිස වෙඩි තැබීම නිසා කුලියාපිටිය පොලිසියේ ඉන්ස්පෙක්ටර් රණසිංහ මැරුණා. අපි ඒ බව දන්නේ පසුවයි. ජීප් එක නොනවත්වාම කුලියාපිටියට පොලිසියට ධාවනය උනා.



මේ බලාපොරොත්තු නොවූ සිදුවීම නිසා අනපේක්‍ෂිත ප්‍රහාරය කිරීම අපහසු බව මට තේරුණා. දැන් ජීප් එක ගිය වහාම කුලියාපිටියේ පොලිස් නිලධාරින් අවි අරගෙන සූදානම් වෙනවා. අපිට තිබ්බේ සීමිත තුවක්කු ප්‍රමාණයක්. මම මෙහිදි උපායක් හිතුවා. කුලියාපිටිය පොලිසියට පහර දීමට පෙර පොලිස් බැරැක්කයට ගිහිල්ලා පොලිස් නිලධාරින්ගේ භාර්‍යාවන් අතඩංගුවට අරගෙන ඔවුන් ප්‍රාණ ඇපකාරයෝ ලෙස පොලිසියට ගෙන ගොස් කුලියාපිටියේ පොලිස්භටයන් යටත් කරගෙන ආයුධ ගන්න.



අපි පොලිස් බැරැක්කයට ගියා. කවුරුවත් එතන නැහැ. ඔක්කොම ගෑණු ටික පොලිසියට දුවලා ආරක්‍ෂාවට. කුලියාපිටිය පොලිසියට පහර දීමට බැරි උන නිසා අපි තීරණය කළා කුලියාපිටියේ වැවගම ප්‍රදේශයේ කඳවුරක් හදන්න. මේ වෙන කොට පිරිස 200 විතර එකතු වෙලා අපි පාරවල් වලට බාධක දැම්මා. ගස් හරහාට කපා දැම්මා. ප්‍රදේශයේ පාලම පුපුරවන්න ඩයිනමයිට් දැම්මත් එය නිසි අයුරු කිරීමට අපි කවුරුත් දැනගෙන හිටියේ නැහැ. අපේ තාක්‍ෂණික දැනුම අඩුයි. පාලම පිපිරුනේ නැති නිසා අන්තිමට පෙට්‍රල් දාලා ලී පාලම ගිනි තිබ්බා.



කුරුණෑගල පොලිසියට පහර දෙන්න ලොරියක් එක්ක කණ්ඩායමක් යැව්වා. ඒ ලොරිය පස්සේ නාරම්මලදි පොලිසියෙන් වෙඩි තියලා අල්ලගෙන. 1971 අප්‍රේල් 6 දා උදේ අපි සී.ටී.බී. බස් එකක් බලෙන් අල්ලගෙන කුරුණෑගලට ගියා. කුරුණෑගලපොලිසියට ගහන්න. කුරුණෑගල පොලිසියට පහර දීම අසාර්ථක බව කුරුණෑගල සාමාජිකයන් අපිට කිව්වා. මම දැක්කා මිනි දෙක තුනක් පොලිසිය ලඟ වැටිලා තියනවා. තව සාමාජිකයෙක් ලයිට්කනුව උඩ වයර්වල පැටලිලා. කනුව උඩ නැගලා බෝම්බ ගහන්න ගියාම ඔහුට පොලිසියෙන් වෙඩි තියලා. මිනිය ලයිට් කම්බි වල පැටලිලා.



අපි යළිත් කුළියාපිටිය අපේ කඳවුරට ආවා. මේ කඳවුර පිහිටලා තිබුනේ කුළියාපිටිය ටවුන් එකේ ඉඳලා සැතපුම් 15 විතර දුරිනුයි. අපි එන අතර මග ලවුඩ්ස්පිකර් බැඳලා ගම් වාසින්ට කථා කරගෙන ආවෙ. අපි ඒ ප්‍රදේශයේ බලය අල්ලලා තිබ්බේ. අපිට ආරංචියක් ආවා අසල ආඬිගම වත්තේ සුද්දට තුවක්කුවක් තියනවා කියලා. මම කිහිප දෙනෙක් සමඟ රෑක වත්තට ගියා. අපි යනකොට සුද්දා හමුදා භට පිරිසක් වත්තට ගෙන්නගෙන. මම බංගලාව ලඟට යනවාත් එක්කම මම සිටි පැත්තට වෙඩි තිබ්බා. මගේ දකුණු අතට වෙඩි වැදුනා. වෙඩි පාර කාගෙන මම වැටිලා වෙඩි තියපු දිහාට වෙඩි තියන්න ගත්තා.



මගේ ලඟ තිබුනේ ඩබල් බැරල් තුවක්කුවක්. උන්ඩ ඛෙල්ට් එකක් ශරීරයෙ පටලවාගෙන හිටියා. මගෙ අතින් ලේ ගොඩාක් ගියා. ඒ නිසා මම ක්‍රම ක්‍රමයෙන් පසුපසට බඩගාගෙන ගියා. ආඩිගම වත්ත පසුකරලා ටිකක් දුර යනකොට පොඩි ගෙයක් දැක්කා. මම ඒ ගෙදර දෙසට බඩගාගෙන ගියා. මා සමඟ ගිය කට්ටිය විසිරිලා කවුරුවත් පේන්න හිටියේ නැහැ. මම ගෙදර ආසන්නයට එන කොට බංගලාවේ හිටපු 50 ක් විතර පිරිසක් පස්සෙන් ආවා. ඒ අය ටෝච් ගහ ගහ මාව හොයනවා.



මාව දැකලා එක් අයෙක් රයිෆල් එක එල්ල කළා මගේ ඔළුවට. මම ලඟ තිබ්බා රේඩියෝ වෑල්ව් එකක් නිල ඇඳුමේ සාක්කුවේ. මේක බෝම්බයක් වගේ මම තැන තැන ගෙනියනවා මිනිස්සු බය කරන්න. මම මේ වෑල්ව් එක අතට අරගෙන ඒ අය දෙසට විසිකරන්න හදන කොට පිරිස පැනලා දිව්වා. මම ඒ අවස්ථාවේ ගෙට රිංගුවා. මම ගේ ඇතුලට යන කොට මගෙ ඛෙල්ල පැත්තට රයිෆල් උන්ඩයක් වැදුනා.



ඒ ගෙදර අය මාව කඳවුරට ගෙන ගියා. එහිදී මගේ තුවාල වලට බේත් කරන්න දොස්තර කෙනෙක් ගෙන්නුවා. මට කතා කර ගන්න බැහැ. අප්‍රේල් 29 දක්වා මාව ගෙවල් වල තියාගෙන ප්‍රතිකාර කළා. දැන් හමුදාව ප්‍රහාර එල්ල කරනවා. අපේ බලය බිෙඳනවා. මාව ගෙදරක රඳවලා තිබ්බා. ඒ ගෙදර මැදිවියේ කාන්තාවක් හිටියා. එයා මගේ තුවාල වලට ඛෙහෙත් කළා. පොලිසිය ගෙවල් ගිනි තියනවා ඒ නිසා මාව තියා ගන්න ගිහින් අන්තිමට හමුදාවෙන් හා පොලිසියෙන් මම හිටපු ගෙදර
වට කරා. මම දුර්වලයි ඒත් මම තුවක්කුව මානගෙන හිටියා. ඉස්සරවෙලාම එන කෙනාට වෙඩි තියන්න.


එලියෙආ හිටපු පිරිස එකපාරටම ගෙදර ඇතුලට ආවේ නැහැ. උඩට වෙඩි තිබ්බා පොකුරු වැලක්. මට තේරුණා තව මොහොතකින් මාව මරණ බව. ඒ වුනත් මම මරාගෙන මැරෙන මානසිකත්වයෙන් වගේ තුවක්කුව දොර දෙසට මානගෙන හිටියා. ඒ ගෙදර හිටපු අම්මා මට කන්නලව් කරා තුවක්කුව අත ඇරලා යටත් වෙන්න කියලා. ඒ අම්මාගේ පුතාත් අපිට එකතු වෙච්ච කැරළිකාරයෙක්. අම්මා කිව්වා පුතේ දැන යටත් වෙන්න. නැත්තං පොලිසිය ගෙදරට ගිනි තියලා අපිවත් මරලා දමයි.



මම තුවක්කුව මම හිටපු ඇඳේ වියනට දැම්මා. එතකොට එලියේ හිටපු පිරිස ඇවිල්ලා මාව අල්ලගත්තා. මාව පොලිස් ජීප් එකේ බොනට් එකෙ බැඳලා ගම වටේ ගෙනිච්චා. ඊට පස්සේ කුලියාපිටිය පොලිසියට ගෙනිච්චා. කුලියාපිටිය පොලිසිය මම තුවාල වෙලා වැතිරිලා ඉන්න කොට පොලිස්කාරයන්ගේ බිරින්දෑවරු ඇවිල්ලා මට කෙල ගැහුවා මූ නේද අපිව අතඩංගුවට ගන්න සැලසුම් කලේ කියලා. අපේ පිරිස අතින් මැරුණු ඉන්ස්පෙක්ටර් රණසිංහගේ බිරිඳත් හිටියා. එයා ඈත ඉඳන් මා දිහා බලාගෙන කිව්වා මොකටද මේවා කලේ කියලා. මට කෙල ගහන්න ආවේ නැහැ.


කුලියාපිටිය පොලිසිය පිටිපස්සේ ලොකු වලක් කපලා අතඩංගුවට ගත් අයට වෙඩි තියලා මරලා පුච්චනවා. මාව වල ලඟට ගෙනිච්චා. මාව මරන්න හදලා ඒක නැවතුනේ දිස්ත්‍රික් නඩුකාර වල්ගම්පාය මහත්තයා නිසා වෙන්න ඇති. එයා මාව කුලියාපිටිය පොලිසියට ගෙනා බව දැනගෙන පොලිසියට කථා කරන්න ඇති.



මාව මීගමුව රිමාඬ් බන්ධනාගාරයට දැම්මා. එහේ දවස් දෙක තුනක් විතර තියාගෙන වැලිකඩ බන්ධනාගාරයට ගෙනාවා. මට බන්ධනාගාර රෝහලෙ ප්‍රතිකාර කළා. වැඩිපුර ප්‍රතිකාර කෙරුවේ ජාතික රෝහලේ උගුර. කන නාසය අංශයෙන්. මේ ප්‍රතිකාර වලින් මට කෙලින් ඉන්න පුළුවන් විදිිහට පණ ආවා. මේ කාලයේ වැලිකඩ හිර ගෙදර ෙජ්ලර්ලා හිරකාරයන්ට හිතුනු හිතුනු වෙලාවට ගහනවා. කථා කරන්නෙ අසභ්‍ය වචන වලින්. දවසක් ආහාර ගන්න පෝලිමේ ඉන්න කොට ගාඩ් කෙනෙක් මට හේතුවක් නැතිව බැට්න් එකෙන් ගැහුවා. මම පැන්න ගමන් ගාඩ්ට ගහගෙන ගහගෙන ගියා. පෝලිමේ හිටියා කෑගල්ලේ රාහුල. රාහුලත් ෙජ්ලර්ට ගැහුවා. අනෙක් ෙජ්ලර්ලා අපිව වට කරන කොට මම අතට ගත්තා කුස්සියේ ලිපට පිඹින යකඩ බටය. තොපි එකෙක් කිට්ටු වෙන්න එපා මම තොපිව බාවනවා මම යකඩ පොල්ල අරගනෙ වැනුවා. ෙජ්ලර්ලා ඈත් උනා. පස්සේ බන්ධනාගාර එස්.පී. ජෝඩ්න් ඇවිල්ලා පුතා පොල්ල අහකට දාන්න කියා කරුණාවෙන් කිව්වා. ජෝඩ්න් පප්පාගේ කීමට මම යකඩ පොල්ල අත ඇරියා. ජෝඩ්න් ඇත්තටම පියෙක් වගේ. මගේ මරුමුස් ගති අඩු වෙන්න ජෝඩ්න්ගේ ආශ්‍රයත් හේතු වෙන්න ඇති.



ඒ සිද්ධියෙන් පස්සේ ගාඩ්ලා අපිට හිරිහැර කිරීම නැවැත්තුවා. කැරැලිකරුවන්ට මම ගැන යම් ගරුත්වයක් ආවා. මගේ ඇෙඟ් තිබූ උන්ඩ පාරවල් දැකලා දේව බන්ඩාර සේනාරත්න මට බුලට් මහින්ද නම පටබැන්දා. මාව සුමාන දෙකකට සැරයක් විතර ජාතික රෝහලේ උගුර කන නාසය අංශයට ගෙනියනවා. ගෙනියන්නේ මාංචු දාලා මුර පිට. මාව බැලූවේ තරුණ දෙමළ දොස්තර නෝනා කෙනෙක්. එයාගේ කාමරයට මාව ගෙනියනකොට මාංචු ගලවනවා. ඒත් ගාඩ්ලා දොර ලඟ රැකගෙන ඉන්නවා. මම ඩොක්ට එක්ක කථා කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම ඇහුවා වතුර ටිකක් බොන්න පුළුවන්ද කියලා. දොස්තර නෝනා මම ටැප් එක පෙන්නුවා. මට ටැප් එක දිහාට යන ගමං කාමරයෙආ ජනේලයෙන් ටක් ගාලා එලියට පැන්නා. දොර ලඟ හිටපු ගාඩ්ලාට මොකවත් හිතා ගන්නවත් බැරි උනා.



මම එදා පනින බවට තීරණය කරගෙන හිටියේ. ඒ නිසා අන්තිම විසිට් එකේ අයියාට මේ ගැන කියලා තිබ්බා. එයා මෝටර් සයිකල් එකකින් නොරිස් කැනැල් එක ගාව මෝටර් සයිකලයත් තියාගෙන හිටියා.



මම ජනේලෙන් පැනලා රෝහලේ වාට්ටු මැද්දෙන් දුවලා එලියට ගියා. අපි කථා කර ගත්ත තැන අයියා හිටියා. මම මෝටර් සයිකල් එකේ නැගුපු වහාම අයියා මීගමුව පැත්තට බයිසිකලය පැදෙව්වා. අයියා සමග කථාවේදි මට තේරුණා පවුලේ අය මාව ගෙදර රඳවාගන්න සැලසුම් කරන බව. අපි දැන් මීගමුවටත් කිට්ටු කරලා. මම අයියාට කිව්වා වහාම කොළඹ යන්න ඕනෙ නැත්තං මම දැන් කොළඹ බස් එකක නගිනවා කියලා. මගේ තර්ජනය නිසා අයියා ආයෙත් කොලඹ දිහාට මෝටර් සයිකලය පදවන්න ගත්තා.



මම වැලිකඩ ඉන්න කොට කළුබෝවිල චන්න පෙරේරා එක්ක යාළු උනා. චන්න කරාටේ කළුපටිධාරියෙක්. කැරැල්ලේදී රත්මලාන පොලිස් කොට්ඨාශයේ හිටපු නායකයෙක්. රිමාඬ් එකේ ඉන්න කොට මිනිහා මට කියලා තිබ්බා උඹ වැලිකඩින් පැන්නොත් අපේ ගෙදර පලයං උඹට ඕන උදව්වක් කරයි කියලා. අපි කළුබෝවිල චන්න පෙරේරොගේ ගෙදරට ගියා. ඒ ගෙදර අයට විස්තර කිව්වහම මාව නාවල ගෙදරක නැවැත්තුවා. මගේ තාම සුව නොවුන තුවාල වලට ප්‍රතිකාර කරන්න පොතුවිල කියලා යූනානී වෛද්‍යවරයෙක් ගෙන්නුවා. දොස්තර පොතුවිල කෝට්ටේ නගර සභාවේ සභාපති. අපි දෙන්නා කථාවෙන් කථාවෙන් යාළු උනා. මට සිටින තත්වය වටහාගත්ත දොස්තර පොතුවිල මාව එයාගේ ගෙදරත් නවත්ත ගත්තා.



පොතුවිලගේ අල්ලපුගෙදර සී.අයි.ඩී. එකේ ලොක්කෙකු වෙච්ච ටිරල් ගුණතිලක මහත්තයා හිටියා. ටිරල් ඒ දවස් වල පිටරට ගිහිල්ලා. ගෙදර සුද්ධ පවිත්‍ර කරන්න දොස්තර පොතුවිලට යතුර දීලා ගිහිල්ලා තිබ්බේ. මම පොතුවිලගෙන් යතුර අරගෙන සමහර දවස් වලට ටිරල් ගුණතිලකගෙ ගෙදරත් ඉන්නවා සී.අයි.ඩී. එකට හිතා ගන්නවත් බැරි වෙන්න ඇති. කුළියාපිටියේ සටන් නායකයෙක් රහස් පොලිසියේ ටිරල්ගේ ගෙදර ඉන්නවා කියලා.



1971 දෙසැම්බර් විතර මම ගෙදර ගියා. තාත්තා මා හට වැඩිදුර ප්‍රතිකාර කරන්න ඉන්දියානු දොස්තර කෙනෙක් ලඟට යැව්වා. මේ ඉන්දියානු දොස්තර ඉස්සර ලංකාවේ හිටපු කෙනෙක්. මගේ පියාගේ මිත්‍රයෙක්. නම ඩොක්ටර් රාජා.

මම ඉන්දියාවට ගියේ මාළු බෝට්ටුවක. දකුණු ඉන්දියාවේ ඉඳං නවදිල්ලියට ගියා. මම ඉන්දියාවේ මාස 2 1/2 විතර කාලයක් ප්‍රතිකාර ලබා ගත්තා. මම යළිත් දනුෂ්කොඩි වලින් වෙල්වැටිතුරේට ආවා. උතුරේ ඉන්න කාලේ මට උදවු කලේ ද්‍රවිඩ මිතුරන්. ඒ අය අපේ පවුලේ ඥාතීන් වගේ. මම යළිත් කොළඹ ඇවිල්ලා හැංගිලා හිටියා. මට ආරංචි උනා බෝල සමරේ විල්පත්තුවේ ඉන්නා බව.

මම විල්පත්තු ගියා සමරේ මුණ ගැහෙන්න. විල්පත්තුවේදි අපේ තව පිරිසක් එක්ක සුදු කන්දට ගියා. එතන අපේ අය 30 විතර හිටියා. සන්නද්ධව. මට සුදු කන්දේදි ඉලූක් සහෝදරයා මුණ ගැසුනා. කැලේ ජීවිතය අපහසුයි. කෑම හිඟයි. අපිට අවශ්‍ය උනා සාමාජිකයන්ට කන්න දෙන්න, ගෙවල් කුලියට ගන්න. වාහන කුලියට ගන්න මුදල්. මුදල් සෙවීම සඳහා මංකොල්ල කෑම් කිහිපයක් කරන්න අපිට සිදු උනා.

මම ඉලූක්. කැප්ටන් සෙනෙවි. ප්‍රදේශීය බැංකු කැඩුවා. සමූපකාර කැඩුවා. කෑගල්ලේ ඥානේ මල්ලී දක්‍ෂ රියදුරෙක්. එයා තමයි වාහනය එලෙව්වේ. ඉලූක් වෙහෙසට පත් නොවන. බය නැති, ධෛර්‍යවන්ත පුද්ගලයෙක්. තීරණාත්මක වැඩ වලදි අවදානමට වැඩිපුර කර ගහන්නේ ඉලූක්. හොඳට බර උස්සන්න පුළුවන්. අපි අපේ පැවැත්මට මංකොල්ලකෑම් කලාට ඊට පස්සේ අපිට ගොඩාක් වරදකාරි බව දැනෙනවා. සමහර මංකොල්ලකෑම් වලින් පස්සේ මටයි ඉලූක් සහෝදරයාටයි ඇෙ~නවා අපි මොනවද මේ කරන්නේ කියලා.

කැප්ටන් සෙනෙවි හමුදාවේ හිටපු කෙනෙක් නොවෙයි. එයාට නිකං කැප්ටන් කියලා අපේ අය කිව්වේ. කැප්ටන් සෙනෙවි 88 භීෂණයේදි ත්‍රීකුණාමලේදී මැරුං කෑවා.



අපි දඩයම් කලේ කලාතුරකින්. බත් කෑවා. සමහර විට හාල් මිටිය කරේ තියාගෙන හැතැප්ම 20 විතර පයින් කැලේ ඉඳං අපේ පිරිස හිටපු රහසිගත තිප්පලට එනවා. බූට්ස් දාගෙන, රයිෆල් එක අරගෙන කැලෙආ ඇවිදිනවා. වඳුරෙකුට වෙඩි තිබ්බොත් හොද්දක් හදනවා. ඒක බත් එක්ක කනවා. සීනි කැලේට සුඛෝපබෝගී කෑමක්. සීනි හා ප්ලේන්ටි ලැබුනේ ඉතා කලාතුරකින්. මම ඉඳලා හිටලා කොළඹ ගිහිල්ලා එන කොට සක්කර එහෙම ගේනවා. වරක් නූඩ්ල්ස් ගෝනියක් ගෙනාවා. විල්පත්තු යන කොට නූඩ්ලස් කුඩු බවට පත් වෙලා.

ඥානේ කෑගල්ලේ සරත් විෙජ්සිංහගේ මල්ලි. හොඳට වාහන එලවනවා. මම ඥානේ මල්ලිව නිතර එලියට අරගෙන ගියා. රාජංගනේ ගුණරත්න හෙවත් ටික්කා තවත් චරිතයක්. ගුණරත්නට රයිෆලර් එක අතේ තියන් පීනන්න පුළුවන් ඉතා වේගයෙන්.

අපේ හාල් පරණ වෙනකොට අපි ඒ හාල් වැඩිපුර උයනවා. එතකොට වැඩිපුර බත් කෑමේ තරඟ තියනවා මේකට කිව්වේ කේඑ තරඟ කියලා. මම දවසක් බත් කෝප්ප 21 එක දිගට කෑවා. සුදු කන්දේ දීඝජන්තුවාටත් හොඳට කන්න පුළුවන්.



දවසක් මම ඒකනායකයි ගරුසිංහයි සුදු කන්දේ සාකච්ඡාවකට ගෙන්න ගත්තා. ඒ ගොල්ල හැංගිලා හිටපු හුරුළු වැව ආශ්‍රිත ප්‍රදේශයට ගියා. දවස් 6- 7 විතර තැනින් තැන නැවතී නැවතී පයින්ම ගියේ. ගරුසිංහගේ ෂොට් ගන් එක නිතරම සූදානමෙන් තියාගන්නේ. දවසක් මමයි ගරුසිංහයි යනකොට තුවක්කුව වැරදිලා පත්තු වෙලා උණ්ඩය මගේ කණ අසලින් ගියා.



ගරුසිංහගෙ ඇෙඟ් ඉන්නෝ වගයක් ආවා. මේ ඉන්නෝ මුළු ඇෙඟ්ම පැතිරුණා. එක දවසක් මමයි ගරුසිංහයි කන්තලේ ගෙදරකට ගියා. ගේ අයිතිකාරයා අපිව දැකලා බය උනා. ගම්මු අපිව දකියි කියලා ගේ ඇතුලේ කාමරයකට අපිව දැම්මා. අපිට සද්ද නොකර රෑ වෙනකං කාමරයේ ඉන්න කිව්වා. මෙ කාමරයේ අපිට කරන්න දෙයක් නෑ වහල දිහා බල බලා ඉන්න කොට අපි දැක්කා ඇඳ යට ගෝනියක් තියනවා. ඒ ගෝනිය ඇතුලේ ඉදිච්ච පේර. මමයි ගරුසිංහයි මුළු දහවල් දවස පුරා අර පේර ගෝනියම කෑවා. දවස් දෙක තුනක් ගියේ නැහැ ගරුසිංහගේ ඇෙඟආ හිටපු ඉන්නෝ හැළුණා. මට හිතෙන්නෙ පේරවල ඉන්නන්ට ප්‍රතිරෝධි යමක් තිබ්බා.



මෙහෙම අපි කැලෑවේ යම් කාලයක් හිටියා. දවසක් මම තවත් සගයෙක් එක්ක හබරනට ආවා. අපි ගිය ප්‍රදේශය ජන ශ=න්‍ය තැනක් රේල් පාර විතරයි තියෙන්නේ. ඈතින් කෝච්චියක් එනවා. අපි ගහකට මුවා වෙලා කෝච්චිය යන තෙක් හිටියා. ඒ කෝච්චියේ විදේශ සංචාරකයෝ කණ්ඩායමක් යනවා. එක් සංචාරකයෙක් කෝච්චියේ ජනේලෙන් යමක් විසිකළා. කෝච්චිය ගියාට පස්සේ අප ඒ විසිකරපු දේ මොකක්ද කියලා බැළුවා. ඒක කාඩ් බෝඩ් වලින් හදපු කෑම පෙට්ටියක්. ඒකේ අඩක් කාපු අයිසිං කේක් කෑල්ලක් හා අන්නාසි පෙත්තක් තිබුනා. බඩගින්නේ හිටි අපිට මේක අමෘතයක් වගේ. මම අන්නාසි කෑල්ල කන කොට මගේ ඔළුවේ විදුලියක් කෙටුවා වගේ යම් අදහසක් ගලාගෙන ගියා. මට තේරුණා මම කොච්චර ශිෂ්ඨ සමාජයෙන් ඈත් වෙලාද කියලා.


ඒ වගේම දවසක් මහ ඔයේදී සුදු ඇඳගෙන කිරි කොකුන් වගේ පාසල් ලමයි කණ්ඩායමක් මගේ නෙත ගැටුනා. මට ඒ අවස්ථාවේදි සිහි උනා සමාජය හා මා අතර ඇති දුරස්ථ බව. දැන් අපේ ජීවිතත් කැලෑවක් වෙලා.



මේ කාලයේ දි ඉලූක් පොලිස් අතඩංගුවට පත් උනා. ඉලූක් නැතිවීම අපිට විශාල පාඩුවක් අපේ කැලේ හිටපු පිරිස තැන් තැන් වලට විසිරිලා ගියා. තුන්දෙනා හතර දෙනා වගේ කුඩා කණ්ඩායම් කැලේ තැනින් තැන. මම නව සබඳතා හදාගන්න පැණිදෙනියට ආවා. ප්‍රේමපාල මේ වෙන කොට පේරාදෙණිය පැත්තේ කරක් ගහනවා. මම. ප්‍රේමපාල, ජෝජ් එකට හමු උනා. අපි සාකච්ඡා කලා ඉදිරියේ දි කල යුත්ත පිළිබඳව.



අපිට වැඩි දවසක් එකට ඉන්න ලැබුනේ නැහැ. පොලිස්කාරයෝ විස්සක් විතර අපි හිටපු ගෙදර වට කළා. අපිට කරන්න දෙයක් නෑ. අපි යටත් උනා. අපිට මාංචු දැම්මේ දෙන්නා දෙන්නා වශයෙන්. මගේ එක අතකුයි ජෝජ්ගේ අතකුයි එකට තියලා මාංචු දැම්මා. වෙඩි වැදිච්ච පසුව මගේ එක අතක ස්නායුවක් මැරිලා. ඒ නිසා වේදනාවකින් තොරව මට අල්ල බටයක් වගේ රෝල් කරන්න පුලූවන්. මම අපිව එලියට ගන්න කං හිටියා. අපිව ජීප් එක ලඟට ගෙනියන කොට මම සුරුස් ගාලා අත උණආඩි කරලා ගලවගෙන ජෝජ් එක්ක පැන්නා.



මට ඉදිරියේ අඩි 20-30 ප්‍රපාතයක් තිබ්බා. යට කසෙල් ගස් මම කෙසෙල් පඳුරු ඉලක්ක කර ගෙන ප්‍රපාතයට පැන්නා. ඒ එක්කම මාත් එක්ක ජෝජ්ජුත් පැන්නා. මම පනින අවස්ථාවේ වටේ හිටපු පොලිස්කාරයෝ අපිට වෙඩි තිබ්බා. සමහරු අතේ සබ් මැෂින් තුවක්කු තිබ්බා. මම වැටෙන කොට කෙසෙල් පඳුරක් බදා ගත්තා. ජෝජ් වැටුනා ළිඳකට. මම දුවන්න උත්සාහ කළා. ඒත් දුවන්න බැහැ. ඇෙඟආ ලේ. මගේ දකුණු කකුලට වෙඩි වැදිලා. මම බඩගාන්න ගත්තා. කකුලෙන් ලේ විදිනවා. මට වැඩි දුරක් බඩගාන්න ලැබුනේ නැහැ. පොලිසිය මාව යළි අල්ලා ගත්තා.



මගේ තුවාල සරං පටි වලින් බැඳලා පොලිසියට ගෙනාවා. මගෙන් ප්‍රශ්න කරන කොට කකුලේ තුවාලෙන් ලේ පාරක් විද්දා සීලිමට. මගේ තුවාල බරපතල නිසා මාව රෝහල් ගත කළා. මට වැඩිදුර ප්‍රතිකාර ලබා දුන්නේ කොළඹ මහ ඉස්පිරිතාලේ. මම හිටියේ දෙවන තට්ටුවේ වාටටු කාමරයක. මගේ අතට මාංචුව දාලා අනෙක් මාංචුව ඇඳේ යකඩ පොල්ලට . මට හැරෙන්නවත් බෑ. කකුලේ ප්ලාස්ටරයක් දාලා. සුමාන දෙක තුනක් ගියා. මම තීරණය කළා පළා යන්න.



දවසක් උදේ 3ට විතර මගේ ගාඩ් වැසිකිලියට ගියා. මම මාංචුව අතෙන් පන්න ගත්තා. ඇෙඳන් බිමට බැහැලා අමාරුවෙන් කොර ගහ ගහ කාමරේ ජනේලේ ලඟට ගියා. මම හොඳ කකුල ජනෙල් පඩිය උඩ තියලා වෙර අරගෙන ජනේලෙන් පැන්නා. දෙවන තට්ටුවේ ඉඳං පහලට අඩි තිහක් විතර ඇති. ඒ අතර පොඩි පළයක් තියනවා උළු වලින් හදපු මම හිතන්නේ වාහන නවත්තලා තියන්න හදපු ආවරණයක්. මම ඒ පළය උඩට වැටුනා. වැටීමට උළු කැඩුනා. මම එතනින් යළිත් බිමට පැන්නා. වැටෙන කොට බිමට තිබ්බේ හොඳ කකුල. මම හැකි ඉක්මනට නැගිටගත්තා. මගේ මුළු ඇඟ පුරාම සිරිම් තැලීම්. ප්ලාස්ටර් එක දාපු කකුලේ වේදනාව එනවා. ඒ අතරවාරයේ සද්දෙට මුරකාරයෝ කලබල වෙලා මගේ පැත්තට දුවගෙන ආවා.



මම ඉක්මනට පාරට පැන ගත්තා. ලඟ නවත්තලා තිබ්බ මොරිස් මයිනර් ටැක්සියක් මම ටැක්සිකාරයට තර්ජනය කරලා ටැක්සිය අරගෙන ගියා. දොස්තර පොතුවිලගේ ගේ ලඟට. මම ටැක්සියෙන් බැහැලා ගියා. බයට පත් වෙච්ච ටැක්සිකාරයාට වාහනය යළි ස්ටාට් කරගන්නත් බැහැ.



මම ගෙවල් අතරින් මුවා වෙලා ගිහිල්ලා දොස්තර පොතුවිලගේ ගෙදරට ගියා. මාව දැක්ක පොතුවිල පුදුම උනා. ඉක්මනට මාව ආරක්‍ෂිත තැනකට ගෙනියලා. මාස දෙකක් විතර වෙදකං කලා. කකුල මදක් සුව උනාම මම යළිත් පැරණි සගයන් සොයාගෙන කන්තලේ කැලේට ගියා. මාව දැක්ක අපේ පැරණි සාමාජිකයෝ බය උනා. එක්කෙනෙක් හිතුවා මම අවතාරයක් කියලා කට්ටියක් හිතුවා මාව සී.අයි.ඩී එක නිදහස් කරලා ගිවිසුමක් පිට අනෙක් අය දඩයම් කරන්න කියලා. කොහොම නමුත් ඒ අය පසුව තේරුම් ගත්තා මම අතඩංගුවෙන් පැන ගිය විත්තිය.



යළිත් අපි පැරණි කැලෑ ජීවිතය පටන් ගත්තා. සාමාජිකයෝ විසිරිලා නමුත් වරින් වර හමුවෙනවා. මම කැලේ එහෙ මෙහෙ ගියේ බූට්ස් දාගන. පතුරම් පටිය හා තුවක්කුව අරගෙන. අවට ගම් වල කරක් ගැහුවේ සරම ඇඳලා ඔළුවේ තුවායක් බැඳගෙන. අහන අයට මම කිව්වේ කැලෑවේ ලී බිස්නස් කරනවා කියලා. මගේ අතේ නිතරම මල්ලක් තියනවා මේකේ කලිසමයි කමිසයකුයි දාගෙන හිටියේ සැකයක් හිතුනොත් මුල්ලකට යනවා වෙස් මාරු කර ගන්නවා.



වතාවක් මම ගියා ඒකනායක හා ගරුසිංහ හමු වෙන්න. මේ අය ඈත කැලේ හේන් වල හිටියේ. ඒ අය හමුවෙලා ටික දවසක් ඉඳලා මම යලි එන්න පිටත් උනා. මට කැලෑවෙ ඉඳලා තාර පාර හමු වෙනකං පයින් ගියා. තාර පාරෙදි බස් එකක් ආවා. ඒ බස් එක ගලෙන් බිඳුනු වැවට යනවා. මම බස් එකට නැගලා ටිකක් දුර යනකොට ගැමියන්ගේ පෙනුම ඇති දෙන්නෙක් බස් එකට නැගලා මම දිහා බලනවා. මට පොඩි සැකයක් ආවා. මම ඛෙල් එක ගැහුවා බස් එකෙන් බහින්න. බස් එක නැවැත්තුවේ නැහැ. දිගටම ඇද්දුවා. මට හිතෙන්නේ ඒ අය ඩ්‍රැයිවර්ට මොකක් හරි සංඳාවක් දුන්නා. වේගයෙන් ගිය බස් එක එකපාරටම පොලිස් මාර්ග බාධකයක් ලඟ නැවැත්තුවා. බස් එකේ හිටපු දෙන්නා මට රිවෝල්වරේ එල්ල කරලා බස් එකෙන් බස්සගත්තා. මාර්ග බාධකය ලඟ හිටපු පොලිස්කාරයෝ මට ආයුධ එල්ල කළා.



එතන හිටපු පොලිස් නායකයා මූලස්ථානෙට මගේ හැඩරුව කිව්වා. මට ඇහුනා සෙට් එකෙන් මුල්ස්ථානේ ඉඳන් කියනවා ම්ඔස්ත් ෴අන්ත්එද් ම්අන් කියලා. මම දරුණු අත් අඩංගුවේදි පැනයා හැකි කෙනෙක් නිසා මට මාංචු වලට අමතරව ලණු වලිනුත් කිටි කිටියේ බැන්දා. කඹයක් ගෙනල්ලා දෙපා වල සිට උරහිස් මට්ටමට වෙලලා තද ගැටයක් දැම්මා. මම ඊජිප්තු මමියක් වගේ. ඒ කරලා මාව හැකි ඉක්මනට හතරවන තට්ටුවට ගෙනාවා.



හතරවන තට්ටුවේ මාව රඳවලා හිටියේ අතට පයට මාංචු දාලා මට ඔළුව විතරයි යන්තං හරවන්න පුළුවන්ව තිබුනේ. සී.අයි.ඩී. නිලධාරින් සමහරක් මට ගහන්න ආවා. මම කිව්වා මගේ මාංචු ගලවලා උඹලාගෙ චන්ඩිකම් පෙන්නපල්ලා කියලා. මම එස්. අයි. ආරියදාසට අභියෝග කලා මගේ මාංචු ලිහලා විනාඩි 10 ඇතුලත මම මේ ගොඩනැගිල්ලෙන් බේරිලා පලා යනවා. එස්.අයි. ආරියදාස නිහඩ උනා. ඉයන් වික්‍රමනායක මට හිරිහැර කරන්න දුන්නේ නැහැ. රහස් පොලිස් නිලධාරින්ට කිව්වා මේ මිනිහා හොඳ ගට්ස් තියන කෙනෙක් අපි ඒකට සලකන්න ඕන කියලා.


මාව බන්ධනාගාරයට ගෙනිච්චා. මාව දැම්ම අධි ආරක්‍ෂිත වාට්ටුවේ මගෙ අල්ලපු සෙල් එකේ විෙජ්වීර මාව දැකලා බදා ගත්තා. ටික දවසක් යනකොට මට තේරුණා අපේ නායකයා් තුළ සටන්කාමි ගතියක් නැහැ. කට්ටියක් දාං අදිනවා. සමහරු ෙජ්ලර්ලා එක්ක බරටම කථාව. ඒ අය බොන සිගරට් එක බීඩිය ඉල්ලගෙන බොනවා. ගරිලල්ා භටයෙකුගේ සටන්කාමී ගතිය මම ඔය එක් කෙනෙක්ගෙන් වත් දැක්කේ නෑ. සුදු කන්දේ කැලේ හිටපු ලාබාල කාන්තා සාමාජිකාවගේ ආත්ම ශක්තියෙන් කාලක්වත් මේ අයට තිබුනේ නැහැ.


මට තේරුම් ගියා මේ අය කථා කරන්න ගියාම ටැප් එක ඇරියා වගේ කථා කරනවා. වීරත්වය ප්‍රදර්ශනය කරනවා විතරයි කියලා. කණ්ඩායමක් වශයෙන් ගත්තට වීරයන් වගේ. ඒත් තනි තනියම ගත්තම බියසුළු දුර්වල මිනිසුන්. මේ අය එකිනෙකාගෙන් යැපෙනවා. තීරණාත්මක තැන් වලදි අභියෝගය එනකොට හැංගෙනවා.



මට කියන්න පුලූවන් විෙජ්වීරගේ නායකත්වයන් හා බලපෑමෙන් තොරව හොඳ සටන්කාමී ගරිල්ලා ව්‍යාපරයක් 70 දශකයේ ලංකාවේ කැලෑ බද ප්‍රදේශ වල තිබුනා කියලා. පිරිස ඉතා කුඩායි. ඒත් ඔවුන් තුළ තිබූ ආත්ම ශක්තිය ධෛර්‍යය භය නැති ස්වභාවය ඉතා විශිෂ්ඨයි.



මම විෙජ්වීරගේ අසල්වැසියෙක් වෙලා මාස දෙකක් විතර කාලයකදී මට දැඩි කලකිරීමක් ඇති උනා. මම තීරණය කලා මම මේ ව්‍යාපරයෙන් අයින් වීමට මම මගේ තිරණය විෙජ්වීරට කිව්වා. විෙජ්වීර මාව බදාගෙන ඇ~ුවා. ඔයා වගේ ලෙෆ්ට්ටිනන්ට් කෙනෙක් මට මේ ව්‍යාපාරය තුළ යලි හදන්න බැහැ කියලා.



දේශපාලනයෙන් අයින් වෙලා මගේ අධ්‍යාපනය යළි ගොඩ නගා ගත යුතුයි කියන අදහස මගේ ඔළුවේ වැඩ කළා. මම යළිත් උසස් පෙළ හදාරන්න පටන් ගත්තා හිරේ ඉඳන්. ආර්ථීක විද්‍යාව, තර්ක ශ්‍රාස්ත්‍රය, සදාචාරය හා ඉංගී්‍රසි යන විෂයන් හැදෑරුවා. ප්‍රංශ භාෂාවත්, හදාරන්න ගත්තා. කැලෑවට. තුවක්කුවට. සටනට හුරු පුරුදු දෑත් දැන් පොත පතට යොදවනවා.



මට ආර්ථීක විද්‍යාවයි සදාචාරයයි පොත පතින් කියවලා විතරක් තේරුම් ගන්න අමාරුයි. මගේ කුලියාපිටියේ ප්‍රතිවාදියා ප්‍රනන්ද තමයි මට මට විෂයන් දෙක ඉගැන්නුවේ. ඒ වෙනකොට ප්‍රනන්ද අත් අඩංගුවේ. අපි හිටපු සීමා වෙන් උනේ විශාල තාප්පයකින්. ඒ තාප්පය යටින් කානුවක් ගලාගෙන යනවා. මේ කානු කට ඔස්සේ සුනන්ද මට ආර්ථීක විද්‍යාව සදාචාරය වගේ විෂයන් ඉගැන්නුවා. මම හොදින් උසස් පෙළ සමත් උනා.



නඩු විභාගයේදි අවුරුදු 4ක සිර ද~ුවමක් ලැබුණා. මම නිදහස් උනේ 1977 වසරේදි. නිදහස් ලැබූ පසුවත් මම අධ්‍යාපන කටයුතු අඩාල කර ගත්තේ නැහැ. මම නීතිය හැදෑරුවා. නීතිඥයෙකු ලෙස මම දිවුරුම් දුන්නේ 1980 දී.



මම මගෙ ප්‍රථම නඩුව කථා කරන කොට ඉයන් වික්‍රමනායක උසාවියේ හිටියා. මගේ නඩුව ඉවර වෙනකං ඉයන් උසාවියෙන් ගියේ නැහැ. නඩුවෙන් පස්සේ මට ඇවිල්ලා කථා කළා. සුභ පැතුවා.



මම දැන් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්. ළමයි හතර දෙනෙක් ඉන්නවා. මම දැන් පොත පත කියවීම දර්ශනය හැදෑරීම වගේ දේවල් වලට යොමු වෙලා අපි එදා ආයුධ අතට ගත්තේ යම් සමාජ වෙනසක් ඇති කිරීමට නමුත් මම ත්‍රස්තවාදයට විරුද්ධයි. ත්‍රස්තවාදය කියන්නේ දේශපාලනයේ වැරදි ප්‍රවනතාවක්. 71 දි මා ඇතුළු අපේ පාලනය තිබූ කන්ඩායම ඉවක් බවක් නැතිව මිනී මැරුවේ නැහැ. 88 වගේ මෘග භීෂණය දියත් කලේ නැහැ. අපි හිටපු ප්‍රදේශ වල එල්.ටී.ටී.ඊ. එක කළා වගේ කුරිරුව කටයුතු කලේ නැහැ. සටනකදි පමණයි අපි තුවක්කුව පත්තු කළේ.



(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි

Friday, August 19, 2022

The Extra Mile by - Dr. Gamini Goonetilleke FRCS

 


Sri Lanka was affected by a 30-year armed conflict and many combatants and civilians became casualties as a result of this gruesome war.  Many lives were lost and a large number of combatants and civilians lost their limbs due to anti-personal mines and many sustained gunshot injuries. The country had limited resources and the situation was critical.  The Sri Lankan armed forces had a small number of military surgeons who treated these soldiers in the Northern hospitals. However, the casualty numbers were mounting and the doctors were overwhelmed. During this difficult time, a handful of surgeons volunteered to go to the North and treat the wounded soldiers. Among them DrGamini Goonetilleke -  Senior Consultant Surgeon was a prominent figure. DrGamini Goonetilleke treated a large number of soldiers and war-affected civilians traveling to the Nothern peninsula even risking his life. He did a commendable service to the Nation. He saved a large number of lives. Moreover, DrGamini Goonetilleke published his experiences in the war zone which is a priceless gift to the readers. He has documented his stories in a reader-friendly manner. 

The Extra Mile is a great reflection on war and humanity. 

Major (Dr) Ruwan M Jayatunge M.D. 

Tuesday, August 16, 2022

අලියා ගේ වැඳිල්ල



අලියා බුදු පිලිමය ලඟ දණ ගහලා වඳිනවා.බලාගෙන ඉන්න මෝඩ උපාසක අම්මා දොහොත් මුදුන් තියලා වැඳලා මෙහෙම කියනවා " තිරිසනෙක් උනත් බුදු ගුණ ඉදිරියේ පදිරි උනා" ඇත් ගොව්වා අලියට හෙණ්ඩුවෙන් තට්ටුවක් දාලා කියනවා "  මේක මූට උගන්නන්න කොච්චර හෙණ්ඩුවෙන් ඇන්නද ? ඈත ඉඳන් ඇමරිකාවෙන් ආපු සුද්දෙක් මේක බලලා මුමුනනවා " That is Operant conditioning," 

Monday, August 15, 2022

අපි හෝමෝ සේපියන්

 



අපි හෝමෝ සේපියන් බෞද්ධ
හරක් මස් නොකන්නෙමු
අපි හෝමෝ සේපියන් ක්රිස්තියානි
කොරොස්ම කාලයේ මස් නොකන්නෙමු
අපි හෝමෝ සේපියන් හිංදු
සමහර විට එළු මස් කන්නෙමු
අපි හෝමෝ සේපියන් ඉස්ලාම්
අපි ඌරු මස් නොකන්නෙමු
අපි ඔක්කොම හෝමෝ සේපියන්
ඒත් වර්ගවාදය හදිසියේ ඔළුවට ආවොත්
අපි ඔක්කොම නියැඞතාල්වරු

Wednesday, August 10, 2022

Scarred Communities- Psychosocial Impact of Disasters on Sri Lankan Society



මහාචාර්ය දයා සෝමසුන්දරම් ඇතුළු වෛද්‍ය රුවන් එම් ජයතුංග, ආචාර්ය ගැමිලා සමරසිංහ (කොලඹ විශ්ව විද්‍යාලය), ආනන්ද ගලප්පත්තිටී. විජයසංගර් සහ ඇන්ඩෘ කීෆ් විසින් ලියන ලද "Scarred Communities" ග්‍රන්ථය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ. මෙම ග්‍රන්ථය මගින් ශ්‍රී ලාංකික සමාජය විසින් මුහුණ දුන් ස්වභාවික ආපදා සහ යුදමය මෙන්ම තරුණ කැරලි නිසා හටගත් මනෝ සමාජයීය හානි පිලිබඳව විශ්ලේෂණය කරයි. මානව සමාජයක් විසින් මුහුණ දෙන ව්‍යසනයන් සහ ඉන් සිදුවන කෙටි කාලීන සහ දීර්ඝ කාලීන හානි පිලිබඳව විස්තර කෙරෙන Scarred Communities, එම හානි අවම කර ගැනීම සඳහා කල යුතු මනෝ සමාජයීය ක්‍රියා මාර්ග පිලිබඳව ද පාඨකයා දැනුවත් කරයි. දමිළ සහ සිංහල විද්වතුන් කණ්ඩායමක් විසින් වාර්ගික අගතියෙන් තොරව ලියන ලද මෙම පොත මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, අපදා කළමනාකරණය යන විෂයයන් කෙරෙහි උනන්දුවක් දක්වන්නන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයාට ද සුදුසු කෘතියකි.


Publisher- SAGE PublicationsLanguage- English

Scarred Communities is a qualitative, psycho-ecological study of the long-term effects of disasters—both manmade and natural—on Sri Lankan communities. The book studies the effects of war and the 2004 tsunami on families and communities. The concept of collective trauma is introduced to provide a framework in understanding how basic social processes, relationships and networks change due to these disasters.

The methodology employed is a naturalistic, psychosocial ethnography of northern Sri Lanka, drawing from the author’s participation in psychosocial and community mental health programmes among the Tamil community. Participatory observation, key informant interviews and focus-group discussions with rehabilitation workers and officials were used to gather data.

The author also analyses the various causes of modern civil war, ethnic consciousness, terror and counter-insurgency operations and their consequences on people. Though the study revolves around Sri Lanka, the phenomenon of collective trauma has an international relevance for communities across the globe caught in civil and ethnic strife.

This book is a sequel to Scarred Minds (SAGE, 1998), which deals with the effects of chronic civil war on individuals.

Monday, August 8, 2022

කෘතිය:විශ්ව සාහිත්‍යයේ පැතිකඩක්

 



කර්තෘ: වෛද්ය රුවන්
එම්.ජයතුංග
කර්තෘ ප්රකාශනයකි
ඉලියඩ් හා ඔඩිසි නම් වූ මහා වීරකාව්ය දෙක ලියූ හෝමර් ගේ පටන්,අප්රිකානු ලේඛක චිනුවා අචෙබේ දක්වා වූ, විශ්ව සම්භාවනාවට පත් ලේඛකයින් 33 කු පිළිබඳව විස්තර,පිටු 472 ක් පුරා මෙහි ඇතුළත්ව ඇත. රුසියානු ලේඛක ටෝල්ස්ටෝයි, ගෝර්කි, දොස්තොයෙව්ස්කි මෙන්ම ලොව විශිෂ්ටතම ලේඛකයන් පිළිබඳව රසවත් තොරතුරු මෙහි ඇතුළත්ය. පොත් 100 කින් ලබාගත නොහැකි දැනුම් සම්භාරයක්, මෙම කෘතියට මහත් කැපවීමකින් ගොනුකිරීමට කතුවරයා සමත්ව ඇත.


ඉන්ද්‍රසේන මුතුකුමාර​ණ

 (මිලදී ගැනීම සඳහා විමසන්න transyl2014@gmail.com)

Wednesday, August 3, 2022

ලංකාව බොහෝ සෙයින් වෙනස් වී තිබේ



කාලයකට පසුව ලංකාවට ආවෙමි.  ලංකාව බොහෝ සෙයින් වෙනස් වී තිබේ.  සමාජය පුරා දුගී බව පැතිර ගොස් තිබේ. අවන්හල් අසල සිටි පහල මධ්‍යම පාන්තික  මිනිසුන් කීප දෙනෙකු කෑම වේලක් ගැනීමට මගෙන් මුදල් ඉල්ලා සිටි අතර  මම ඔවුන්ට මුදල් දුන්නෙමි. සැතපුම් ගනන් දිග ඉන්ධන පෝලිම් දුටුවෙමි. උද්ධමනය ඉතා ඉහලය​. රුපියල් 5000 යනු පෙරදා රුපියල් 100 ක  නෝට්ටුවක් බව මට හැඟී ගියේය. රාජපක්‍ෂ පවුල ඇතුළු දේශපාලකයන් සහ ඉහල රජයේ නිලධාරීන් විසින් හොරා කන ලද ලංකාව අසමත් බංකොලොත්  රාජ්‍යක් බවට පත් වෙමින් තිබෙන බව පෙනී යයි.  ආත්මාර්ථකාමී  මිනිසුන් අතර තවමත් දුප්පතුන්ට හැකි පමණ උදව් කරන යහපත් මිනිසුන් ද දුටුවෙමි.  

ගෝටාගෝහෝම් ගමටද ගියෙමි. අරගලයට පොල්පොට්කාරයන්   , වැසිකිලි කඩන පසුගාමී  නියැඞතාල්වරු පෙරමුණ ගැනීම නිසා වෙනසක් අපේක්‍ෂා කල සාධාරණ මිනිසුන් අරගලයෙන් ඈත්ව සිටින අයුරු දුටුවෙමි. අරගලය අරයා මෙයා එලවීමට නොව සොරාගත් රාජ්‍ය මුදල් ආපසු ජනතාවට ලබා ගැනීම , දේශපාලකයන්ට එදිරිව තිබෙන නඩු නිවැරදිව විභාග කිරීම​, නීති විරෝධී ලෙස වත්කම් උපයා ඇති  දේශපාලකයන් සහ ඉහල රජයේ නිලධාරීන් පිලිබඳ විමර්ශණය සඳහා යොදාගත යුතුය​. නැතහොත් අරගලය පුස්සක් වනු ඇත​. 

Find Us On Facebook