Saturday, June 9, 2018

රෝගී සමාජයක් ඇතිවීම

මෙම අශීලාචාර කාලයේදී සියලු මිනිසුන් ජීවත් වූයේ අඩු වැඩි වශයෙන් සැකයෙන් හා මරණ බියෙනි. ඔවුන්ට නිතර නිතර දකින්නට හෝ අසන්නට ලැබුණේ මනුෂ්‍ය ඝාතනයන් ගැනය. අතුරුදන්වූ පුද්ගලයන් හා වදහිංසාවන්ට ලක්වූ පුද්ගලයන් ගැනය. හිංසාව හිංසාවට ලක්වන්නන් කෙරෙහි පමණක් නොව හිංසා කරන්නන් කෙරෙහිද බලපායි. ඒ දෙපිරිසම මානසික රෝගීන් බවට පත් කරයි. යුද හමුදාවේ සේවය කළ සමහර සොල්දාදුවන් මානසික රෝගීන් බවට පත්ව තිබෙන ආකාරය හා ඒ තත්ත්වය පෙරළා ඔවුන්ගේ පවුල් ජීවිත කෙරෙහි බලපා තිබෙන ආකාරය පිළිබඳව කදිම විග්‍රහයක් යුද හමුදා රෝහලේ මානසික වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ රුවන් එම්. ජයතුංග විසින් ලියා පළ කර තිබෙන ‘සංග්‍රාමයෙන් පසු – ඊලාම් යුද්ධයට මුහුණ දුන් සොල්දාදුවන්ගේ කතා’ යන කෘතියට ඇතුළත්ය. යාපනේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේවය කළ මහාචාර්යවරයෙකු වන දයා සෝමසුන්දරම් විසින් ලියා පළකර තිබෙන “Scared Minds – The Psychological impact of war on Sri Lankan Tamils” නමැති පොත දෙමළ කොටි සංවිධානය, ආරක්ෂක හමුදා හා ඉන්දියානු සාම හමුදාව විසින් කරන ලද යුද්ධය විසින් උතුරේ දෙමළ සමාජය කෙරෙහි ඇතිකර තිබෙන සාමූහික ව්‍යසනය ගැන තමන්ගෙන් ප්‍රතිකාර ලද රෝගීන් ආශ්‍රයෙන් කරන ලද විශිෂ්ට අධ්‍යයනයක් ලෙස සැලකිය හැකිය. එය සාමූහික ප්‍රචණ්ඩත්වය ඊට ගොදුරු වන පුද්ගලයන් කෙරෙහි පමණක් නොව ඒ පවුලේ සාමාජිකයන් කෙරෙහිද අවසාන විග්‍රහයේදී මුළු මහත් දෙමළ සමාජය කෙරෙහිද බලපා තිබෙන ආකාරය ගැන කර තිබෙන කදිම විග්‍රහයක් ලෙස සැලකිය හැකිය. එම මහාචාර්යවරයාද උතුරේ දෙමළ සමාජය පිළිබඳව එහි දක්වා තිබෙන චිත්‍රය සමස්ත සමාජයටද අදාළ කරගත හැකිය. 
(වික්ටර් අයිවන් -රාවය පුවත්පත )

5 comments:

  1. මේ පාර ලංකාවට ගියහම රුවන් ගේ පොත් ටික හොයා ගන්නඕනේ

    ReplyDelete
  2. කරුනාකර කියන්න පුලුවන්ද කොයි පොත් කඩ වලද මේ පොත ගන්න තියෙන්නේ කියලා.

    ReplyDelete
  3. මානසික රෝගීන් එක්ක ගනුදෙනු කරනකොට එම අත්දැකීම් සහ අත්විදීම් ඔබේ ජීවිතයට බලපාන්නෙ නැද්ද?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook