Friday, September 8, 2017

වීසා වර්ග

  

බහුලව දක්නට ලැබෙන වීසා වර්ග මෙසේය 

1) ටුවරිස්ට් වීසා ; සංචාරකයන් සඳහා නිකුත් කරන විසා වන අතර මෙම වීසා මගින් අදාල රටේ සීමිත කාලයකට සංචාරය කල හැකිය​.

2) ස්කිල් මයිග්‍රන්ට් වීසා ; ස්ථිර හෝ දීර්ඝ කාල පදිංචියට වෘත්තීයවේදීන්ට නිකුත් කරන වීසා වෙයි. 

3) රෙෆියුජි වීසා ; දේශපාලන අනාතයන් සඳහා සරණාගතභාවය ලබා දෙන වීසා වෙයි 

4) ගල් වීසා ; බටහිර රටකට සංචාරකයෙකු හෝ අධ්‍යාපනය ලැබීමට ඇවිත් / සම්මේලන වලට ඇවිත් නීති විරෝධීව ගල් වන්නෝ ගල් වීසාධාරීන් වෙති 

5) ගෙම්බා වීසා ; උදාහරණයක් ලෙස රෝමයේ වන්දනා  කිරීමට වීසා ගෙන ඉතාලියට ජර්මානියට පනින්නෝ ගෙම්බා වීසාධාරීන් ය. ඔවුන් එක රටකට විත් තවත් රටකට පනිති 

6) ඉබ්බා වීසා ; යම් නීත්‍යානුකූල කාර්‍යක් සඳහා අදාල රටට විත් පසුව ඉබ්බන් සේ කට්ටෙන් වසාගෙන ජීවත් වන්නෝ ඉබි වීසාධාරීන් වෙති. ඉබි වීසාධාරීන් බොහෝ විට එන්නේ තානාපති කාර්‍යාල සේවය සඳහාය​. සේවා කාලය ඇවෑමෙන් මොවුන් මව් රටට නොගොස් අතුරුදහන් වී ඉබ්බන් සේ කට්ටෙන් වසාගෙන ජීවත් වෙති.

7) හොර රෙෆියුජි වීසා ; මොවුන් ව්‍යාජ සරණාගතයන් වෙති. තමන්ට ජීවිත තර්ජන තිබෙන බවට බොරු ගොතා පවසා දේශපාලන අනාතයන් ලෙස බටහිර රට වලට පනිති. ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ජීවිත තර්ජන තිබෙන බව කියා සරණාගතභාවය ලබාගත් බොහෝ දෙනෙකු පසුව සිංහ කොඩි වනමින් මහා දේශප්‍රේමීන් බවට පත් වෙති. 

8) බිත්තර සීල් වීසා ; ව්‍යාජ ලියකියවිලි , බොරු අධ්‍යාපන සහතික තනා වීසා ලබා ගන්නෝ බිත්තර සීල් වීසාකාරයන් වෙති. බිත්තර සීල් වීසාකාරයන්ට  රොකට් විද්‍යාඥයෙකු ලෙසට හොර ලියකියවිලි , සහතික තනා ගැනීම වූවද සුළු වැඩකි.

9) එම්බාම් වීසා ; පිටරටක ජීවත් වෙන යම් පුද්ගලයෙකු මිය ගිය විට ඔහුට නැති ඥාතීත්වයක් පෙන්නා මළ ගෙදර යාම සඳහා කියා අදාල තානාපති කාර්‍යාලයෙන් වීසා ගන්නා පුද්ගලයෝ එම්බාම් වීසාකාරයන් වෙති. උදාහරණයක් ලෙස ඇමරිකාවේ ජීවත් වන පුද්ගලයෙකු මිය ගිය විට සමහර ගල් ආඳන් මිය ගිය පුද්ගලයාට ඥාති සබඳතා තිබෙන බව බොරුවට පෙන්වා මළ ගෙදර යාම සඳහා කියා ඇමරිකානු තානාපති කාර්‍යාලයෙන් වීසා ඉල්ලති. 

10) මගුල් වීසා; අදාල  බටහිර රටේ වීසා ලබා ගැනීම සඳහා මගුලක් සෙට් කරගෙන කසාද බැඳීම


9 comments:

  1. මෙහි උපහාසාත්මක පදවලින් වීසා වර්ග යැයි හඳුන්වා දී ඇති "වීසා" සහිතව යම් රටක ජීවත්වන අය ද, එරටට ගොස් ඇත්තේ එක්කෝ මෙහි සඳහන් 1 හෝ 2 හෝ 3 හෝ වර්ගයේ වීසාවලින් හෝ නැතිනම් පහත දැක්වෙන, ඒ 1,2,3 කාණ්ඩයටම ඇතුලත් විය යුතු, නමුත් මෙහි සඳහන් නැති, පහත වීසා වර්ගවලින් විය යුතුයි.

    ස්ටුඩන්ට් වීසා
    ඩිප්ලොමැටික් වීසා
    ස්පෙෂල් පර්පස් වීසා

    ඊට අමතරව ඇත්තේ "පර්මනන්ස්ට් රෙසිඩන්ස්" වීසා ය.

    මේ සටහන ආරම්භයේ ම කුමක් කියවුවන ද, ඇත්තටම අති බහුලව ඇත්තේ ඒ වීසා වර්ගයයි.

    ReplyDelete
  2. කවදාවත් රටකට නීතිවිරෝදී ආකාරයෙන් යාම නොකළ යුත්තක් වෙනවා. එමගින් රටේ නම කැත වෙනවා සේම ශ්‍රී ලාංකිකයින්ට විසා නිකුත් කිරීමේදී පවතින නීති රීති තව තවත් දැඩි වෙනවා. මා ප්‍රථමවතාවට ඇමරිකාවට යාමේදී ශ්‍රී ලංකික passport කෙරෙහි Airport Immigration නිලධාරීන් දක්වන ප්‍රතිචාර බෙහිවින්ම දැඩි විය. ඒ අපේ උන් ඇමරිකාවට නිතිවිරෝධිව යාමට දරන උත්සාහයන් නිසාවෙනි. නමුත් දෙවන වර සිට ඇමරිකාවට යාමේදී ඔවුන් තුල පවතී දැඩි පිළිවෙත මා කෙරෙහි එල්ල නොවුනි. මන්ද මා කිහිප වතාවක් ඇමරිකාවට ගොස් ඇති බැවින් සහ කිසිම අවසථාවක නීති විරෝධිව රැඳී නොසිටි බැවිනි. අදටත් විසා රිනිව් කරන්නට මා එහා කිසිඳු කරදරයක් නොමැත.

    ReplyDelete
  3. ඔටුවා> ගෙම්බා> ඉබ්බා

    ReplyDelete
  4. මේ වීසා වර්ග බොහොමයක් ලංකාවේ අයද භාවිතා කරන බවට කිසිදු සැකයක් නැත.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මේවා හොයා ගත්තේ ලන්කාවේ අයියලා

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook