Thursday, April 16, 2015

ඉසාගේ කතාව


            

මගේ ජීවිතය ගලා යන්නේ ඉසා විසින් හෙළි කල දර්ශනයට වෙන්නත් පුළුවන්.  ඉසාගේ කථාව අසා නැති කෙනෙක් ඉන්නවනම්  කරුණාකර අත ඔසවන්න. හොඳයි මම කියන්නම්. ඉසා වඩුවෙක්. ඔහු කියත, යත්ත ,මිටිය  අරගෙන ලී භාණ්ඩ හැදුවා.  ඒ වගේම ඔහුමිනිසුන්ගේ සිත් සතන් වලට අමුතු අදහස් දැම්මා. මිනිසුන්ට නව බලාපොරොත්තුවක් ගෙනාවා. මානව ප්‍රේමය, සමානාත්මතාවය ගැන කිව්වා.  සාධාරණත්වය ගැන කිව්වා.    සාමය ගැන කිව්වා. මිනිසුන්  ඉසා වටා එක් වන්නට පටන් ගත්තා. මිනිස්සු ඔහුට කිව්වේ දේවපුත්‍රයා කියලා. මිනිසුන් ඉසා පසුපස ගිය නිසා   සම්ප්‍රදායානුකූල ආගම් කටයුතු කල පුජකයන්ට පහර වැදුනා. ඔවුන්ගේ හොර බොරු වංචා නිරාවරණය උණා. ඔවුන්ගේ ආදායම බලාගෙන සිටියදී අඩු වෙන්නට පටන් ගත්තා. මේ නිසා සට කපට පුජකයන් එකතුවී ඉසාට  විරුද්ධව කුමන්ත්‍රණය කළා. ඔවුන් ආණ්ඩුවට ගතු කීවා ඉසා දේශපාලන වියාපාරයක් පටන්ගෙන ආණ්ඩු පෙරලන්න යනවා කියලා. ආණ්ඩුව නිතරම ජනතාව පෙළන නිසා නිතරම ඉන්නේ සැකයෙන්. ඒ නිසා හැම අලුත් අදහසක්ම දැක්කේ ආණ්ඩු විරෝධී දේවල් හැටියට.ඔවුන් ඉසාව අත් අඩංගුවට ගන්න කතිකා කර ගත්තා. 

ඉසාගේ බිරිඳ මග්දලේනා. ඇය බුද්ධිමත් ප්‍රයෝගික කාන්තාවක්. ඇය නුදුරු කාලයේ විය හැකි අණතුර  තේරුම් ගත්තා. ඇය ඉසාට කීවා පළා යන්න කියලා. නමුත් ඉසා ඒකට කැමති උනේ නැහැ. බියසුල්ලෙක් වගේ පැන යන්නේ  කොහොමද ?  ඇය ඔහු සමග රට ඉඳිඋයනේ ගිමන් හරින කොට ඇය ඔහුටමේ  අණතුර ගැන  පහදා  දුන්නා. ඔවුන් ඔබව  මරා දමාවි ඇය  ඔහුගේ ඔඩොක්කුවේ හිස තබාගෙන හිස් අහස දෙස බලාගෙන  කිව්වා. මේ දේශයෙන් පළා යන්න, ඔවුන් අන්ධ  වෙලා ඔවුන්ට ඔබගේ  වටිනාකම තේරෙන්නේ  නැහැ.   මට ඒක කරන්න බැහැ මම මේ දේශය දාලා කොහෙවත් යන්නේ  නැහැ ඉසා කිව්වේ ස්ථිර හඬින්.   මට යම් අනතුරක් උනොත් ඔබ මේ දේශයෙන් යන්න, මගේ නුපන් දරුවා සමග ඔබ මෙහෙන් පිට විය යුතුයි  ඔහු ඇයගෙන් ඉල්ලා සිටියා. 

මග්දලේනා  කතා කලේ නැහැ. ඇයබොහෝ වෙලාවක් ඔහුගේ ඔඩොක්කුවේ තබාගෙන කඳුළු සැලුවා.   අවාසනාව ඔවුන් සොයා ආවේ  ඉතා ඉක්මනට. එක අඳුරු රාත්‍රියක  ඉසාව අත්අඩංගුවට ගත්තා. ඔහුව ගෙන ගියා කඳවුරට. කඳවුරේදී  සොල්දාදුවන් ඔහුට කස පහර දුන්නා. ඉසාගේ පිට පැලී ලේ  ආවා ,  නමුත් ඔවුන් පහර දීම නැවත්තුවේ නැහැ. දිගටම පහර දීම කරගෙනගියා. මුගුරු වලින් ඔහුගේ හිසට , මුහුණට , ඇසට, පහර  දුන්නා. ඉසාගේ හිස  පුපුරලා ලේ ආවා, ඇස ඉදිමුනා ලේ බැහැලා , පිට කස පහරට ඉරි තැලිලා. නමුත් තවමත් පහර දෙනවා. ඔහුගේ ශරීරය දුර්වලයි , ඔහුට එවැනි  දරුණු පහරදීමක් ඔරොත්තු දෙන්නේ නැහැ. නමුත්නායක පුජකතුමා  වදකයන්ගේ අතට මුදල් දීලා ඉසාට හොඳටම පහර දෙන්න කීවා. ඒ නිසා වදකයන් නොනවත්වාම  ඔහුට පහර දුන්නා. 

පහර දීම නිසා ඉසා  සිහි  නැතිව ගියා.   වදක සෙබළුන් ඉසා වෛද්‍යවරයෙක් ලඟට ගෙන ගියා. සෙබළුන්  කිව්වේ ඉසාගේ ශරීරයේ වූ තුවාල අත්අඩංගුවෙන් පැන යාමට තැත්  කරද්දී ආරක්ෂක තාප්පයෙන් බිමට වැටී සිදුවූ තුවාල කියලයි.  වෛද්‍යවරයාද ක්‍රමයේ වහලෙක්. ඔහු අනුමත කළා සෙබළුන් කි දෙය.  ඔව්තුවාල සිදුවී ඇත්තේ පැන යාමට තැත් කරද්දී. ඉසාට සුළු ප්‍රතිකාරයක් දී විනිසුරුවරයා වෙත ඉදිරිපත් කළා නඩු විභාගයට. ඔහුට මහජන  කැළඹිලි ඇති කිරීම, සාමය කඩ කිරීමට තැත් කිරීම  චෝදනා ඉදිරිපත්  කොට තිබුනා.   විනිසුරුවරයාගේ හෘදය සාක්ෂිය කිව්වා මේ මිනිසා නිර්දෝශියි කියලා.  නමුත්  වෘත්තිය  ඉනිමගේ  තව උඩට නැගීමට අපේක්ෂාවෙන් සිටි  විනිසුරුවරයා පාලකයන්ගේ ප්‍රධාන පුජකයන්ගේ අපේක්ෂාවන් සතුටු කල යුතුයි. ඒ නිසා ඔහු තීන්දු කළා ඉසා වැරදිකරු බවටත් ඔහුවකුරුස  ගසේ ඇන ගසා මරා දැමීමටත්. 

පහර දීම නිසා අඩපනව සිටි ඉසා මෙලෙස කුරුස ගසේ ඇන ගසා දැමුණා. අසරණ මග්දලේනා කුරුස ගස පාමුල  වැළපෙනවා. ඉසාගේ ශරීරයෙන් ගලන ලේ බින්දු මග්දලේනගේ  මුහුනටත් වැටෙනවා. නමුත් ඉසා ශාන්තව මරණයටමුහුණ දෙනවා.  මග්දලේනා ගේ කුසේ ඉසාගේ දරුවා. තවම කවුරුවත් ඒ ගැන දන්නේ නැහැ.   ඉර බැස ගියා සුළඟ තද උණා. ඉස තවම කුරුස ගසේ පණ අදිනවා.  මග්දලේනා කුරුස ගස පාමුල කඳුළු සලනවා. සොල්දාදුවන් ඇයට  අව්‍යක්ත විහිළු කරනවා. වේදනාවෙන් වදයට ලක් වී සිටින ඉසාට ඔච්චම් කරනවා. අහස ආලෝකමත් කරගෙන මහා අකුණක් පුපුරා ගියා.ඒ  සමගම ඉසාගේ පණනල සැඟවුනා. සොල්දාදුවන් මළකඳ කුරුසයෙන් බා මිනිය මග්දලේනාට දුන්නා වළ දැමීමට.  

ආණ්ඩුව සහ පුජකයන් හිතුවේ ඉසාගේ මරණින් පසු මේ වියාපාරය ඉවරයි කියලා. නමුත් මිය ගිය ඉසා  ජිවත්ව සිට ඉසාටත්   වඩා බලවත් උණා. මිනිසුන්දහස් ගණනක් ඉසාගේ දර්ශනය කරා යොමු වෙන්නට පටන් ගත්තා.   මුලදී පුජකයන්ගේ උපදෙස් මත ආණ්ඩුව මේ  ආගමික වියාපාරය  තහනම් කළා. ඔවුන් රාජ්‍ය මාධ්‍ය හරහා මේ දර්ශනය මිත්‍යා ව්‍යාජ  කුමන්ත්‍රණකාරී දර්ශනයක් බව කියා සිටියා. නමුත් ඒ ප්‍රචාරයන්ට  හැකියාවක් ලැබුනේ නැහැ මහජන  ගඟ නැවැත්වීමට. ඔවුන් මේ දර්ශනය පසුපස යන මිනිසුන් තොග ගන්නේ අත්අඩංගුවට ගත්තා. සත්‍ය අනුගාමිකයන් මරා දැමුවා  නමුත් වියාපාරය  තව තවත් මහජනයා අතර පැතිර  ගියා. 

අවසානයේදී ආණ්ඩුව සහ පුජකයන් තව කුමන්ත්‍රණයකට අත  ගැසුවා.   ඔවුන් සාමුහික එකඟතාවයකට ආවා ඉසාගේ දර්ශනය පිළිගන්න, නමුත් එය ඔවුන්ගේ වාසියට හරවගන්න , ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය විදියට  ඔහුගේ දර්ශනය වෙනස් කරන්න ඔවුන්ට අවශ්‍ය  උණා. ඔවුන්ගේ  කණිෂ්ඨ පුජකයන් ඉසාගේ දර්ශනයේ නව දේශකයන් කරලාඉසාගේ  වියාපාරය ක්‍රමක් ක්‍රමයෙන් ඔවුන්ගේ අතට ගත්තා.ඊට  සමගාමිව  ඉසාගේ සැබෑ බැතිමතුන් සහ සැබෑ ගෝලයන් ශාරීරිකව සහ මතවාදීව  විනාශ කළා. මේ විනාශයට මග්දලේනා සහ ඇයගේ පුතාද ගොදුරු උණා. ඉසා මරා දැමීමට මුල් වූ පුජකයන් ඉසාගේ දර්ශනයදඩමීමා කරගෙන   දේශපාලනික සහ ආගමික මුලයෙන් යුතු වූ  බලය සහ මුදල් ගලා එන  යෝධ  ව්‍යාපාරික  ජාලයක් ගොඩනැගුවා.    මතුපිටින් ඉසාගේ මානව හිතවාදී දර්ශනය ඔවුන් ප්‍රචාරය කලත් ඊට   අභ්‍යන්තරයෙන් තුබුණේ හාත්පසින්ම වෙනත් දෙයක්. ඔවුන්  ඉසාගේ  දර්ශනය ඉදිරියට දමාගෙන දුර්වල රටවල් අල්ලා ගත්තා වැසියන් කුරිරු ලෙස මරා දැමුවා. ඔවුන් මරා දැමුවේ ඉසාගේ දර්ශනයනොඅදහන මිත්‍යා දෘෂ්ටිකයන් කියලා. ළමයින් වහලුන් බවට පත් කොට විකුණා දැමුවා. ඒ  දේශවල තිබු  ස්වභාවික සම්පත් මංකොල්ල කෑවා. අල්ලාගත් වහලුන්ට  විකෘති කල ඉසාගේ දර්ශනය වැළඳ ගැනීමට බල කළා. 

ඉසා ජිවත්ව සිටියා නම් මේ අපරාධ එකක්වත් අනුමතකරන්නේ නැහැ. ඉසාගේ  නාමයෙන් ඔවුන් කරේ ජන සංහාර. ඒ අතර විශාල වශයෙන් මේ  විකෘති කුරිරු ව්‍යාපාරයට අති මහත්  ධනස්කන්දයක්  ඇදී ආවා. වියාපාරයේ  පුජකයන් , නිලධාරීන්  සහ ඉන් යැපෙන්නන්  ජිවත් වුයේ ඉසා කියූ  අල්පේච්ඡ ලෙසට නෙවෙයි. ඉතාකාමභෝගී විදියට.   මෙම විශාල ආගමික සහ දේශපාලන ව්‍යාපාරික ජාලයේ හිස් බව සහ  අකටයුතු විවේචනය කල බුද්ධිමතුන් පණ පිටින් ගිනි ගසා මරා දැමුවා.  සිරගත කළා. කාලයක් යනවිට මිනිසුන්ට ඉසාගේ සැබෑ මානව හිතවාදී  දර්ශනය කුමක්ද පවිටු ආත්මාර්ථකාමී පුජකයන් විසින් උදරපෝෂණය  තකා එක කල ව්‍යාජ දර්ශනය කුමක්ද යන්න හිතා ගන්න බැරි උණා.  අදත් මිනිසුන් වල්මත්ව ඉසාගේ සැබෑ දර්ශනය  සොයනවා. 


මානසික රෝගියාගේ පරිකල්පනය  -වෛද්‍ය රුවන් එම් ජයතුංග​


12 comments:

  1. හැමෝම දන්න කතාවක්. ඔතන ඉසා ගේ බිරිඳ සහ ළමයි ගැන කතාව සෑහෙන මතභේදාත්මක විවාදයට තුඩු දුන්න කරුණක්. කතාව අවසන් කරල තියෙන විදිහ ගැන යමක් කියනව නම්, මම දන්න විදිහට නම් ඉසාගෙ සැබෑ දර්ශනය හොයන පිරිසක් නෑ. ඉන්නේ වර්තමානයෙ ඉසාගෙ දර්ශනය කියල පිළිගන්න එක අනුව යන්නන් සහ එය අනුව නොයන වෙනත් දර්ශනයන් අනුව යන්නන්. වර්තමානයේ ඉසාගෙ අනුගාමිකයින් කියල සැලකෙන අය ඉසාගෙ දර්ශනය ගැන සෑහෙන සෑහීමකට පත් වෙලා ඉන්නෙ. එය ඔවුන්ගෙ ජීවිත වල කොටසක් කරගෙන ඔවුන්. එහි හොඳ සහ නරක දෙපැත්තක් තියෙනවා. ඒක වෙනම කතා කරන්න ඕන. ඒවගේම ඉසා දේශනා කලා යැයි පිළිගැනෙන දර්ශනය පූජකයින් වෙනස් කිරීමේද හොඳ සහ නරක දෙපැත්තක් තියෙනවා. ඒකත් වෙනම සාකච්ඡා කල යුතු මාතෘකාවක්.

    ReplyDelete
    Replies
    1. අරවින්ද ඔබගේ තර්කය හරි, නමුත් ඉසාගේ දර්ශනය අද දකින්නට තිබෙන දර්ශනය නොවේ.

      Delete
    2. ඔබ කියන කතාවෙ ගැටළුව මේකයි මිත්‍රයා. ඉසාගේ දර්ශනය අද අපට පේන්න තියෙන දර්ශනද, එහෙම නැත්නම් ඊට වඩා පොඩ්ඩක් වෙනස් එකක්ද, එහෙමත් නැත්තන් ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස්ම එකක් ද කියලා කිසි කෙනෙකුට දැනගන්න ක්‍රමයක් නෑ. මොකද මුලින්ම ඉසා යැයි කියන පුද්ගලයා දේශනා කල දර්ශනය කුමක්ද කියල දැනගන්න කිසි කෙනෙක්ට විදිහක් නැති නිසා. ඉසාගේ දර්ශනය කුමක්ද කියල දැනගන්න අපට තියෙන එකම මූලාශ්‍රය තමා අපි හැමෝම දන්න 'බයිබලය'. බයිබලය කී පාරක් සංශෝදනය වුනාද, කුමන දේශපාලන සහ සමාජීය හේතූන් නිසා වෙනස්කම් කිරීම් වලට භාජනය වුනාද කියලත් අපට දැනගන්න ක්‍රමයක් නැහැ. එ නිසයි බයිබලය වැනි ආගමික ග්‍රන්ථ වල ඇති අන්තර්ගතයන් සියල්ල සම්පූර්ණයෙන්ම ප්‍රශ්න කිරීමට ලක් කල යුතුවන්නේ.

      Delete
    3. අරවින්ද බයිබලය ඉතිහාසය පුරා පුද්ගලයන් බොහො දෙනෙකුගේ සංස්කරනයට ලක් වූ ග්‍රන්ථයක්. එම නිසා ඉසාගේ සත්‍ය මූලාශ්‍ර වෙනස් වී තියෙන්නට හැකියි. නමුත් ඉසාගේ නියම දර්ශනය බුදු දහමට කිට්ටුයි

      Delete
    4. //නමුත් ඉසාගේ නියම දර්ශනය බුදු දහමට කිට්ටුයි//

      කොහොමද ඒක දන්නෙ?

      බයිබලය ඉතිහාසය පුරා බොහෝ පුද්ගලයින්ගෙ සංස්කරණයට ලක් වුනා නම්, මුල් දර්ශනය මොකක්ද කියලා දැනගන්න විදිහක් නැත්නම්

      ඉසාගේ මුල් දර්ශනය බුදුදහමට කිට්ටු බව දන්නෙ කොහොමද?

      Delete
  2. Holger Kersten සහ කොලට් සේනානායක වැනි අයගේ මතය නම් ඉසා ගේ දර්ශනයේ පදනම බුදු දහම බවයි.
    ඒ කෙසේ වෙතත් අද ඉතා කුරිරු නීති රීති ඇති ආගම්හි පවා මූලාරම්ය මානව ප්‍රේමය, සමානාත්මතාවය, සාධාරණත්වය, සාමය හා අවිහිංසාව සමග බැඳී පවතිනවා. නමුත් අප කාගේත් අවාසනාවට, කාගේ හෝ පැවැත්මට අවශ්‍ය විදියට එම දර්ශනයන් වෙනස් වුනා.... බලය හා මුදල් මුල් තැනට ආවා....
    හොඳම උදාහරණය නම්, එක්තරා දර්ශනයක කියවෙනවා 'ඔබ සතෙකු මරණව‍ානම් ගිනියම් අඟුරු ගොඩක් උඩ සිටගෙන ඒ දෙය කරන්න' කියලා. එනම් නොකියා කියන්නේ එය කරන්න එපා කියලා... නමුත් දැන් ඒ අනුගාමිකයෝ එය තමන්ගේ වාසියට හරවාගෙන කුඩා ගිණි අඟුරක් පයින් පාගාගෙන සතාගේ බෙල්ල කපනවා..........
    හොඳින් බැලුවොත් මේ වෙනතුරුත් මූලික ලක්‍ෂණ ගිලිහී ගොස් නැති අතලොස්සක් වූ (අපේ) ආගම් පවා බලය (දේශපාලණ???) හා ධනය පසුපස දුවනවා දැකගත හැකියි.... ඉසාගේ දර්ශනයට තරම් ඉක්මනින් නොවුනත් අනාගතයේදී මේ දර්ශනයටත් අත්වනු ඇත්තේ එම ඉරණමමයි කියා ඔබ නොසිතනවාද?

    ReplyDelete
    Replies
    1. මින් ඒක දැනටමත් වෙමින් පවතිනවා

      Delete
  3. ඉසාගේ කතාව, සිද්ධාර්ථන් ගේ කතාව මුහම්මද් ගේ කතාව එකිනෙකට වෙනස් වෙන්නේ බොහෝම සුළු වශයෙන්.. මේ ලඟදි නිවන් ගිය අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න කියල හිස මුඩු කරන් රළු කහ කඩයක් දවට ගත්ත සිද්ධාර්ථන් ගේ ගෝලයෙක් බෙහෙත් අරගත්තේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් එකෙන්ලු. හැක්.. පිස්සු හැදෙනවා.. (මානසික රෝගියාගේ පරිකල්පනය හොඳටම තේරෙන්නෙ එතකොට වෙන්ට ඇති.)

    ReplyDelete
    Replies
    1. ඉසාගේ කතාව සහ සිද්ධාර්ථගේ කතාව (හෝ දර්ශනය) වෙනස් වෙන්නේ සුළු වශයෙන් කියන කරුණට එකඟ වෙන්න අමාරුයි. සිද්ධාර්ථ (හෝ ගෞතම) යන දාර්ශනිකයා සහ ඉසා කියන දාර්ශනිකයා (?) සැලකුවොත් දෙදෙනාගේ ඉගැන්වීම් වල තියෙන්නේ ගව් ගානක පරතරයක්.

      Delete
    2. ස්තූතියි අරවින්ද අදහස් දැක්වීමට.. ට්‍රන්සිල්වේනියා වල කතා කරන්නේ ඒ දර්ශනය ගැන නොවෙයි අද වන විට ඊට වෙලා තියෙන දේ ගැන නේද? මා සමානකොට දැක්වූයේ ඒ ඉරණමයි. උදාහරණයත් ඒ සඳහාමයි.. ඔබ කියන 'ගවු ගානක දුර' ත් සාධාරණීකරණය කරන්න නම් අමාරුයි. මට හිතෙන හැටියට බොහෝ ආගම්වල මූලිකාර්ථ සමානයි. ඒවා විකාශනය වන ආකාරය හා පැහැදිලි කිරීම් අනුව තමයි ධර්මයේ ගැඹුර ගැන අදහසක් ගැනීමට සිදුවන්නේ. ඒ අතින් ඔබ කියූ පරිදි සිද්ධාර්ථගෙ කියවීම් වඩා ගැඹුරුයි හා ප්‍රායෝගිකයි.. ආගමික සාහිත්‍යයන් හරහා නිර්මාණය කරන ලද හරසුන් බේගල්නම් නොසළකා හැරිය යුතුයි.

      Delete
  4. ඉසාගේ දහමට උන සන්තෑසියම ගෞතම බුදුන්ගේ දහමත් ඊට කලින්ම මූණ දුන්නා.ශ්‍රී ලංකාවේදී මහාවිහාරිකයන් හා කුලීන බලලෝභීන් තම බලය රැක ගැනීමටත් ව්‍යාප්ත කර ගැනීමටත් මේ 'සන්සුන් දර්ශනය' විකෘත්ති කරමින් අවභාවිතා කලා.
    ලෝකයේ කොහේ හෝ වෙන්නේ අසාධාරණය බලවත් වීම හා එයට විරුද්ධ නොනවතින අරගල සිදුවීමත් පමණයි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook