Thursday, April 2, 2015

Euthanasia (යූතනේසියාව හෙවත් අනායාස මරණය)




යූතනේසියාව හෙවත් අනායාස මරණය පිළිබඳ චින්තන ධර්මදාස මහතා විසින් ලියන ලද ලිපියක් කියවිමට ලැබුණා. මම මේ මාතෘකාව  පිළිබඳව කාලයකට ඉහතදී ලිපියක් ලියා තිබෙනවා. මගේ ලිපියේ සඳහන් කරන ලද ප්‍රධාන කරුණු මම කියන්නම්. ඊට පෙර අපි චින්තන ධර්මදාස මහතා ගේ ලිපියේ මූලික අදහස් වෙත යමු. 

මුනිවර මරණයක නිදහස - චින්තන ධර්මදාස

 සුවදායී මරණයක අත්දැකීමක් සමාජයේ නිර්මාණය වෙලා තියෙනවා නම් මරණය ගැන පවතින බය අඩුවෙනවා. බට ගහපු, මැෂින් වලට හයි කරපු, ඇෙ`ග් කෑලි කෑලි බද්ධ කරපු, එළවළුවක් වගේ වුණු ජීවිතය වෙනුවට වේදනාව රහිත මරණයක් සහතික කළ, තෘප්තිය වෙනුවෙන් ගත කරන ජීවිතයක සංකල්පයක් සමාජයට අරගෙන එන්න  ඕන කරනවා. එක පැත්තකින් ආගමික විදිහකට මේ ආකල්පයන් සමාජගත කරන්න පුළුවන් අතරෙදි අනිත් පැත්තෙන් අසමත් වුණු, නින්දා සහගත ජීවිතයක් උරුම කර දීම වෙනුවට මිනිහෙක් විදිහට ආඩම්බරෙන් මැරෙන්න පුළුවන් තත්වයක් හදලා දෙන්න රජයකට, වෛද්‍ය විද්‍යාවට මැදිහත් වෙන්න පුළුවන්.


අපිට ආලෝක වර්ෂ ගානක් දුර අදහසක් විදිහට පෙනුනත් ලෝකෙ වඩාත්ම දියුණු රටවල යුතනේෂියා (සුවදායී මරණය) නීතිගත කරලා තියෙන්නෙ මේ ගැඹුරු සිතීම ඇතුව. ඇත්තටම සමාජයක සිතීමේ ගැඹුර පේන්න ගන්නවා ඒ සමාජයේ සම්මත වෙන නීති හරහා. උදා විදිහට අන්‍යාගමික පණත වගේ දේවල් සම්මත කරගන්න මරාගන්න සමාජයකට යුතනේෂියා නීතිගත කරපු සමාජයක තරම හිතාගන්නවත් අමාරුයි. ඒත් මරණයේ අයිතිය පවා නැවත මිනිස්සුන්ට අරන් එන්න තරමට දියුණු සංස්කෘතීන් මේ ලෝකෙ තියෙනවා.

ඒ වගේ රටවල සදාකාලික රෝගීභාවයකට පත්වෙච්ච කෙනෙකුට වේදනා රහිත සුවදායී මරණයක් ලබා ගැනීමේ ඉඩ නීතියෙන් විවෘත කරලා තියෙනවා. එතනදි ස්වේච්ඡුාවෙන්, වෙන කෙනෙකුගේ ඉල්ලීමක් මත, සහ බලහත්කාරයෙන් කියල වර්ග තුනකට මේ සියදිවි නසා ගැනීම වර්ග කරනවා. ස්වේච්ඡුාවෙන් ගන්නා තීරණයක් අනුව වෛද්‍යවරයෙකුගේ සහාය මත ජීවිතය අවසන් කරන්න අවස්ථාව පුරවැසියෙකුට තියෙනවා. ඒකෙ අර්බුදයක් නෑ. ඒත් සමහර අවස්ථාවලදී කිසිවක් කර කියා ගන්න බැරි දරුවෙක් ඒ වගේ ලෙඩකින් පීඩා විඳිද්දි මව්පියන්ට ඒ තීරණය ගන්න සිද්ද වෙන්න පුළුවන්. ඒක තමයි දෙවන වර්ගය වෙන්නෙ. යම් යම් කොන්දේසි කාරණා යටතේ ඊටත් අවකාශ සැලසෙනවා. ඒත් රෝගියාගේ ඉල්ලීමක් හෝ පිළිගත හැකි දෙවන පාර්ශ්වයේ මැදිහත්වීමකින් තොරව රෝගියාට මරණය අත්කර දෙන තුන්වෙනි අවස්ථාව සැලකෙන්නෙ මිනීමැරුමක් විදිහට. ඒකට කිසි රටක නීතියේ අවකාශයක් නෑ.


සුවදායී මරණයක අයිතිය ගැන කරුණු හොයාගෙන යද්දි ඒ වෙනුවෙන් 90 ගණන් වලදි ඇමරිකාවෙ සටන් කරපු ජැක් කෙවොකියන් කියන වෛද්‍යවරයා ගැන හැදුන චිත‍්‍රපටියක් හම්බුණා (යූ ඩෝන්ට් නෝ ජැක් ඒ චිත‍්‍රපටියෙ නම). ඒක 2010දි කරපු එකක්. රේන් මෑන් වගේ අද්විතීය නිර්මාණ කරපු ඇකඩමි සම්මානලාභී බැරී ලෙවින්සන්ගෙ නිර්මාණයක්. මේ චිත‍්‍රපටියෙ කෙවොකියන්ගෙ චරිතය කරන්නෙ අල් පැචිනො. එයාගේ සුවිශිෂ්ට රංගනය ඇතුලෙ ජැක් කෙවොකියන් කියන්නෙ මිනීමරුවෙක්ද කියන ප‍්‍රශ්නය සංවේදී විදිහට නැවත ඔසවා තබනවා. මේ රංගනය වෙනුවෙන් පැචිනොට ඇකඩමි සම්මාන ලැබෙන අතරෙ කෙවොකියන් පේ‍්‍රක්‍ෂාගාරයේ ඉඳන් අත්පොලොසන් දෙනවා. මේ අපූර්වතම මනුස්සයාගේ චරිතය පණගන්වන්න ලැබුණු එක තමන්ට ලැබිච්ච විශාල භාග්‍යයක් කියලා පැචිනො ඒ වේදිකාවෙ කියනවා. තමන්ගේ තීරණයක් හැටියට මරණය තෝරා ගන්නා මොහොතේ මුනිවරභාවය මේ චිත‍්‍රපටිය ඇතුලෙ විදාරණය වෙනවා.
ජැක් කෙවොකියන්ගෙ කතාව මොකක්ද?

ජැක් කෙවොකියන් කියන්නෙ ‘ඩොක්ටර් ඩෙත්’ කියල ප‍්‍රසිද්ද  ඇමරිකානු වෛද්‍යවරයෙක්. එයාගෙ අදහස වෙන්නෙ වෛද්‍යවරයෙක් විදිහට තමන්ගෙ කාර්යය රෝගියා විඳින වේදනාව තුරන් කරන එක කියලයි. ඒක මරණය දක්වාම දිවෙන සේවයක්. දුක් විඳිමින් වෙන විකල්පයක් නැති නිසා ජීවිතය අරගෙන යන රෝගීන්ට තමන් දන්නා විද්‍යාවෙන් උදව් කරන එක නීති විරෝධී දෙයක් නෙමෙයි උපරිම මානුෂික දෙයක් හැටියට හිපොක‍්‍රටීස් දිව්රුමට අලූත් අදහසක් එකතු කිරීමයි ඩොකටර් ඩෙත්ගෙ සටන වුනේ. ඒත් ආගමික අදහස් වලින් ඔලූව පුරවාගත්තු, විශේෂයෙන් දෙවියන් වහන්සේගේ මැවීම ගැන කතාව ලොකුවට බාර ගත්ත පිරිස් දැඩි ලෙස එරෙහි වෙනවා කෙවොකියන්ගෙ මෙහෙයුමට.

ඒත් කිසිදු මුදලක් අය නොකර ඒ දුක් විඳින රෝගීන්ගේ වේදනාව අවසන් කිරීමේ සාන්තුවරභාවයෙන් කෙවොකියන් තමන්ගේ සේවය ලබා දෙනවා. එයා විවිධ විෂ රසායන එන්නත් කරන යන්ත‍්‍රයක් පවා නිපදවනවා. පස්සෙ ඒක තවත් සංවර්ධනය කරලා කාබන් මොනොක්සයිඞ් වායුව පාවිච්චි කරමින් සියදිවි නසා ගැනීමට උදව් දෙන ගෑස් මාස්ක් එකක් නිර්මාණය කරනවා.

මේ හැම මරණයක්ම වීඩියෝගත කරමින් කෙවොකියන් සමාජය අවදි කරන්න උත්සාහ කරනවා මේ අවසන් මොහොත ගැන. ජීවත් වීමේ ආශාවෙන් මැඩුණු නිරෝගී මිනිසුන්ට කවදාවත් තේරුම් ගන්න බැරි රෝගී මිනිසාගේ වේදනාව වෙනුවෙන් කෙවොකියන් කතා කරනවා. නීතිය එක්ක ගැටෙනවා.

‘ඔයාට නිදහස සහ ස්වයං තීරණ අයිතිය නැත්තං ඔයාට කිසි දෙයක් නෑ. ඒ මතයි මේ රට (ඇමරිකාව) ගොඩනැගිලා තියෙන්නෙ. මේ තමයි (මරණය) අත්‍යන්ත ස්වයං තීරණය. ඔයා වේදනා විඳින කොට ඔයාට පුළුවන් වෙන්න  ඕන ඔයා මැරෙන දවස සහ විදහ තීරණය කරන්න’
- ඩොක්ටර් ඩෙත්

ජැක් කෙවොකියන් පස්සෙ විස්තර කරන විදිහට එයාගෙ අම්මා දරුණු පිළිකාවකින් මරණයට පත් වෙනවා. වෛද්‍යවරු විවිධ ප‍්‍රතිකර්ම කරමින් ඇයව ජීවිතයේ රඳවා තියන්න හදනවා.
 ‘ලෝකෙ තියෙන දරුණුතම දත් කැක්කුමක් ගැන හිතන්න. ඒ කැක්කුම ඇෙ`ග් හැම ඇටයකින්ම එන කොට දැනෙන වේදනාව ගැන හිතන්න...’ කෙවොකියන්ගෙ අම්මා එයාට කියනවා.

අවසන් මොහොතෙ අම්මාගේ මේ අසරණ වීම, ඒ වෙනුවෙන් තමන්ට කිසි දෙයක් කරන්න බැරි වීම ජැක් කෙවොකියන්ට ජීවිත කාලය පුරාම වධ දෙන මතකයක් වෙනවා. කිසිම රැුකියාවක් අහිමිව සිටියදී පවා මරණය වේදනා රහිත කිරීමේ ව්‍යාපෘතියක මාරාන්තිකව නියැලෙන්න එයාට බලපාන වේදනාව ඒ අතීතය.
‘මං මේක කරන්නෙ මං වෙනුවෙන්. කවදා හරි මං මේ වගේ අසාධ්‍ය තත්වෙක හිටියොත් මට ඒ වේදනාවෙන් අත්මිදෙන්න උදව් කරන්න කවුරු හරි ඉන්න  ඕන. ඒකට මේ නීතියෙ ඉඩක් හැදිලා තියෙන්න  ඕන..’
ජැක් කෙවොකියන්ට එයා කරන වැඬේ ආත්මීයයි. ආධ්‍යාත්මිකයි.

‘සල්ලි තියෙන රෝගීන්ට පුළුවන් මොනවා හරි වැඩි වියදම් ප‍්‍රතිකර්ම ගනිමින් වේදනාව මගඇරලා ජීවත් වෙන්න. ඖෂධ සමාගම් සහ පුද්ගලික ඉස්පිරිතාල ලාබ උපයන්නෙ මේ රෝගීන් පවත්වාගෙන යාමෙන්. ඒත් දුප්පත් රෝගීන් කිසි දෙයක් කරකියා ගන්න බැරුව ඒ වේදනාව විඳිමින් ඉන්න  ඕන මැරිලා යනකල්. ඒක හරි අසාධාරණයක්. මිනිස්සුන්ට තමන් කැමති වෙලාවක මැරෙන්න අයිතිය තියෙන්න  ඕන’

මේකට අදාල වෙන සිංහල වචනෙ කිව්වට මං හිතන්නෙ ඒකෙ සම්පූර්ණ අදහස එන්නෙ නෑ. ‘ඩිග්නිටි’ කියන කාරණය මුල් කරගෙනයි කෙවොකියන්ගේ අරගලයෙ ගැඹුර තේරුම් ගන්න වෙන්නෙ. ඒක අපි වගේ ප‍්‍රාථමික සමාජයකට ටිකක් දුරවබෝධ වෙන්න පුළුවන්. ‘ඩිග්නිටි’ එකක් ඇතුව ජීවිතය අවසන් කිරීමේ මනුස්ස උවමනාව. ඒ වෙනුවෙනුයි සුවදායී මරණයක ඉඩකඩ සමාජයක තියෙන්න  ඕන.
‘නීතිය සදාචාර විරෝධීයි කියල ඔබේ හෘදයසාක්ෂිය කියනවා නම් ඒ නීතිය පිළිගන්න එපා’
-ඩොක්ටර් ඩෙත්

එක අවස්ථාවක අතපය අහිමි රෝගියෙක් වෙනුවෙන් අවසන් බොත්තම තද කිරීම කෙවොකියන් විසින්ම කරනවා. එයා ඒ හිතුවක්කාරකම පාවිච්චි කරනවා තමන්ගේ කතාවට නීතියේ අවධානය ගන්න. ඒත් නීතිය ඉදිරියේ තනියම හැප්පෙන්න තරමට මුරණ්ඩු වෙන වැරැුද්දට එයා අවුරුදු 08කට හිරේ යනවා.
එතනදි කෙවොකියන් ජූරි සභිකයන්ගෙන් කියනවා,‘ මං දිහා බලන්න.. මගේ ඇස් වලින් මිනීමරුවෙක් පේනවද? එහෙම පේනවා නම් මාව වැරදිකාරයා කරන්න..’

අක්මාවේ පිළිකාවකින් අවුරුදු 83දි කෙවොකියන් මැරෙනවා. රෝගීන් 130ට අධික ප‍්‍රමාණයකට වේදනාවෙන් තොර ගෞරවනීය මරණයක් හිමි කරලා දීපු ජැක් කෙවොකියන් වෙනුවෙන් ඒ සේවය කරන්න කෙනෙක් නැති වෙනවා.

ජීවිතය කොහොම හරි පවත්වාගෙන යන්න දරන නිසරු උත්සාහයට වඩා සුවදායී මරණයක් තමන්ගේ රෝගීන්ට ලබා දෙන එක මානුෂීයයි වගේම තාර්කිකයි. ජීවිතය පැත්තෙන්ම හැම ආකල්පයක්ම ගොඩනැගීම සහ මරණය එහි බිය දනවන අනෙකා කරනවා වෙනුවෙට කෙවොකියන් මරණයත් ජීවිතයේ කොටසක් විදිහට දකින දර්ශනයක් ඉල්ලා සිටිනවා. වඩා උත්තර මනුෂ්‍යභාවයක් වෙනුවෙන්, දුක් විඳිමින් බලූවෙලා මැරෙන ඛේදාන්තයක් වෙනුවට අභිමානවත් මරණයක් වෙනුවෙන් නිර්භීතව සටන් කරනවා.

අපි වඩාත් ජීවිතය පොහොසත් කරන්න  ඕන. ජීවිතයේ අයිතිය වගේම මරණයේ අයිතියත් අපිට ලැබෙන්න  ඕන. අපරාජිතව මිනිසෙක් විදිහට සුවදායී නින්දකට වැටීමේ දිව්‍යමය වරප‍්‍රසාදය හැම මිනිස් ප‍්‍රාණියෙකුටම තියෙන්න  ඕන.

අපිට ඒ තරම් දුර යන්න බැරි වුණත් අඩුගානෙ අපිව බය කරමින් පවත්වාගෙන යන සෞඛ්‍යයට විරුද්ද වෙන්නවත් පුළුවන් නම් ඒක ලොකු දෙයක්.

(මුනිවර මරණයක නිදහස - -චින්තන ධර්මදාස http://c-u-l-t.blogspot.ca/2015/02/blog-post.html)




 යූතනේසියාව හෙවත් අනායාස මරණය පිළිබඳව මා විසින් ලියන ලද ලිපිය මෙන්න​. ඒ ලිපියේ මූලික කරුණු මම සිංහලෙන් දක්වන්නම්.  


Euthanasia:  Political, Social and Health Dilemmas
 DrRuwan M Jayatunge M.D.

You don’t need to kill the patient to kill the pain –Dr. Andre Bourque University of Montréal

Euthanasia or assisted suicide is a controversial topic that is defined as deliberate intervention undertaken with the express intention of ending a life, to relieve intractable suffering. Today several countries have legalized euthanasia and some view it as a human right. Those who support euthanasia point out that the importance of personal autonomy and self-determination, the right of every human being to have his / her wishes respected in decisions involving his / her own body and the recognition of every human being is in principle, master of his/ her own destiny.

In 2002 Holland became the first country in the world to legalize euthanasia and in 2003, 1626 cases were officially reported from Holland. The Dutch euthanasia law gives doctors immunity from prosecution if they help to kill patients over the age of 12 who are suffering unbearably from incurable conditions and who have repeatedly requested euthanasia.


Euthanasia Guidelines in Holland
The Dutch laid out narrow guidelines for doctors: The patient, who must be suffering unbearably and have no hope of improvement, must ask to die. The patient must clearly understand the condition and prognosis and a second doctor must agree with the decision to help the patient die.


Euthanasia in Belgium
Belgium legalized euthanasia in 2002, but the laws seem to encompass assisted suicide as well. Since its legalization eight years ago, euthanasia now accounts for 2 per cent of deaths in Belgium - or around 2,000 a year. Two doctors must be involved, as well as a psychologist if the patient’s   competency is in doubt. The doctor and patient negotiate whether death is to be by lethal injection or prescribed overdose.



Oregon Death with Dignity law
In 1994, voters in the state of Oregon approved a ballot measure that would have legalized euthanasia under limited conditions. Under the Death with Dignity law, a person who sought physician-assisted suicide would have to meet certain criteria. In order to qualify for physician-assisted suicide, a person must be an Oregon resident, 18 years of age or older, must have decision-making capacity, and must be suffering from a terminal disease that will lead to death within six months.

Forced Euthanasia
A number of reports indicate that some medical practitioners have abused the legal privilege of euthanasiaand reinforced depressive patients to select euthanasia as an option. A study found that a high proportion of deaths classed as euthanasia in Belgium involved patients who did not ask for their lives to be ended. In 1990 government sponsored surveys found that 0.8% of all deaths in the Netherlands were euthanasiadeaths that occurred without a request from the patient. In a 1995 study, Dutch doctors reported ending the lives of 948 patients without their request.


Passive Euthanasia
Although euthanasia is illegal in many countries passive euthanasia (withhold treatment and allow a patient to die) is being practiced. This is unethical and described as a malpractice. The American Medical Association emphasizes that the intentional termination of the life of one human being by another is contrary to that for which the medical profession stands. Human life has an absolute value and it is inhuman for a medical practitioner to terminate it.

Mrs. H a resident from North York Ontario Canada witnessed the agonizing death of her grandmother who suffered a stroke. When she was admitted to the …….hospital the doctors said that she would not recover. After several days the nasal feeding was discontinued. Mrs. H was near her semi-conscious grandmother all the time and the grandmother responded to her time to time by blinking the eyes. After removal of nasal feeding tube she was starving and I could see tears in my grandmother’s eyes. She was dying but the process was accelerated by discontinuing nasal feeding that led to an agonizing death says Mrs. H

Mrs. VXXX   a resident from Colombo Sri Lanka  underwent the same experience when her 92 year old mother was admitted to the ……… hospital. She was diagnosed with a benign ovarian tumor and had numerous age related complications. During her stay at the hospital she was only given Brufen  and Vitamin B. Doctors and Nurses often said that she had lived her years and taken no significant efforts to improve her condition. She was prematurely discharged and after two weeks she died at home. What worries me is not my mother’s medical condition but the attitude of the medical staff says Mrs. VXXX.  


Mr. XXX a resident from Negombo   met with a road traffic accident and admitted to the ……………….. Hospital- Intensive Care Unit. He was unconscious throughout and was on a life support. By the 8th  day his condition remained unchanged.  The medical staff decided to remove him from the life support system in order to accommodate another patient who was diagnosed with Guillain–Barré syndrome. After removing Mr. XXX from the life support system less than 24 hours he passed away. His son who is a doctor now believes that his father was not given a fair chance at the hospital to recover.


Passive Euthanasia: My Personal Experiences in the Sri Lankan Hospitals

Unfortunately I observed passive euthanasia in a number of Sri Lankan Hospitals. The first experience I witnessed was in 1994 during my internship appointment at the Matale   Base Hospital.

A 10 year old school boy was brought to the surgical ward following head injury that was caused by a road traffic accident on the Palapathwala road.  I was the house officer who gave primary care for this unconscious child. I immediately realized trepanation of the skull had to be done to evacuate the intracranial hemorrhage that was pressing the vital centers in the brain. The Senior House Officer too agreed with me. This operation is called performing a Burr Hole and had to be done by a Consultant Surgeon. I immediately called the Operation Theater and said we may need the theater facilities to treat a boy with a head injury.  

Then I called my Consultant Surgeon who had just finished the evening ward round. The time was about 3.40 pm and he was preparing to go home.  The Consultant Surgeon was annoyed that I called the operation theater. He ordered me to give diazepam 5 mg intravenous to the child even without seeing the patient. Again I asked Sir are we going to do a Burr Hole to stop the subdural hematoma. This time he responded to me in very dry language and asked me to give diazepam and monitor the child and maintain the head injury chart. I was powerless and did exactly what he ordered. Then the Consultant Surgeon left for home.
  
I observed the poor child until midnight. Several times he went in to seizures. Since we were given unofficial instructions not to transfer patients to the Kandy hospital at night, by the Surgeon we had no way of sending the child to the Kandy Teaching hospital for special management.  The Surgeon did not respond to our calls that night. So we waited and prayed for his life. At around 1.30 am the child died. According to my opinion we could have saved this child if the Surgeon did the surgery or allowed us to transfer the child to the Kandy Hospital. When I look back at this incident after 18 years I feel that the Consultant Surgeon who was supposed to give us knowledge, ethics, and leadership did nothing but forced us to perform passive euthanasia.

I was trained in Anesthesia by Dr. Priyangani Ariyarathne - Consultant Anesthetist at the North Colombo Teaching Hospital in 1999. I worked in the ICU and in the operation theaters at the North Colombo Teaching Hospital for about a year and observed that when the medical staff get new acute patients to the ICU they sometimes remove the life support systems of the old patients and fix it to the new patients. Due to lack of beds at the ICU the medical staff was compelled to do it. But still I had mixed feelings about this unorthodox practice.

When the Ja Ela bomb exploded on the December 18, 1999, that killed General Lucky Algama, hundreds of patients were brought to the Colombo North Teaching Hospital. The individuals who were critically injured were admitted to the ICU. There was a young man who was on the life support system following organophosphate poisoning and the medical staff removed him from the life support system and his bed was given to a bomb victim. Without the ventilator and other life support system the young man died the following day. One can always argue that the first patient became ill as a result of self-induced poisoning and second patient became a victim of a terrorist act. But my question was who are we to decide their fate and the duration of their life span.

When I was working at the Chilaw   hospital I had the opportunity of working at the ICU and I saw this life support removal occurring there too. Once we had a snake bite case and in order to accommodate him the doctors removed another patient who was in the ventilator with Dengue hemorrhagic fever.  The snake bite case survived and the dengue patient died. Again it became a dilemma for me. So instead of working at the ICU I decided to work in the Operation Theater.

Over the years I witnessed how some of my colleagues became indifferent to human lives.  I remember one Doctor at the Negombo   hospital who was against giving blood transfusions to the severely anemic alcoholic patients. These people are alcoholics and they deserve to die without wasting medical resources he openly stated. Another PHO (Pediatric House Officer) told me that when he suspects cerebral palsy in newborns he cuts off the oxygen supply to them. I am doing a favor to the child and the parents, so they are free of life long suffering with a disabled child he told me with confidence. I became so disgusted and replied that it was illegal, a crime and under the Hippocratic Oath he was violating professional ethics. I do not know whether he stopped this unethical practice after my brief lecture.

Euthanasia Declines in the quality of care
Euthanasia devalues human life; in the long run euthanasia can become a means of health care cost containment. In Holland legalized euthanasia has led to a severe decline in the quality of care for terminally-ill patients. Dr. Els Borst  the former Health Minister and Deputy Prime Minister who guided theeuthanasia law through the Dutch parliament recently admitted that medical care for the terminally-ill had declined since the law came into effect.


Euthanasia and Murder
According to the Criminal Code a person commits homicide when, directly or indirectly by any means, he causes the death of a human being. In this context euthanasia is mealy a murder. The main aim of the medical practitioners should be focused on improving and enhancing the care of the patient. Under the Hippocratic Oath, medical practitioner cannot engage in euthanasia.


Dr. Jack Kevorkian alias Dr. Death
Dr. Jack Kevorkian is a pathologist who actively support of voluntary euthanasia. He designed a so called death machine (thanatron) that was used by several terminally ill patients to commit suicide. He had helped more than 130 terminally ill people end their own lives. In 1994, he faced murder charges in the death of Thomas Hyde, who suffered from a terminal nerve illness. He was convicted of second-degree murder. Some experts consider Dr. Jack Kevorkian is highly obsessed with mercy killings and gradually lost the human touch. Instead of promoting health as a doctor Dr. Jack Kevorkian promoted death. 


Harold Shipman
The British doctor Harold Shipman murdered 215 of his patients using the drug Diamorphine over a period of 20 years. He killed an average of one patient a month during his medical career. Young Shipman observed the painful death of his mother who suffered from a terminal cancer. In the later years he killed mainly elderly women who were suffering from various illnesses. He was an addictive serial killer who may have believed that he was helping the patients to end their suffering. Shipman hanged himself in January 2004 while in the custody.


NAZI Movement and Euthanasia
Those who support euthanasia should study what the NAZI s did in Germany and in their occupied countries. The NAZI s widely used euthanasia as a social cleansing method. First, they exterminated the mentally ill and disabled Germans. Subsequently they extended euthanasia as a political tool. NAZI s used the medical practice to propagate racial supremacy. Dr. Josef Mengele alias the angel of death used to do horrible experiments euthanizing men women and children. NAZI genocide machine started fromeuthanasia and it ended up with the Final Solution. During the Hitler’s regime, 6 million Jews were terminated.


Conclusion
Before the advances in medical science diseases like leprosy, syphilis etc. were considered as incurable and relatives often performed mercy killings to end the suffering of the patients. Today the doctors are struggling with terminal cancer and sometimes suggest euthanasia as a temporary answer. The future advancements in the medical science would bring viable solutions to many incurable diseases andeuthanasia would be considered as an outdated, inhuman and unprofessional form of practice. 


 යූතනේසියාව හෙවත් අනායාස මරණය පිළිබඳව මගේ ස්ථාවරය මම මුලින්ම  කියන්නම්. මම අනායාස මරණයට විරුද්ධයි. ඒකට එක් මූලික හේතුවක් වෙන්නේ 1993 මම වෛද්‍ය උපාධිය ගත් අවස්ථාවේ මම හිපොක්‍රටීස් ගේ දිවුරුම දුන්නා. ඒක අනුව ජීවිත ජීවත් කිරීම මිස නසන්නට මට වෛද්‍ය විද්‍යාත්මක දැණුම යොදා ගන්න බැහැ. 

මොන්ට්‍රියල් විශ්ව විද්‍යාලයේ Dr. Andre Bourque  කියන පරිදි අප නැසිය යුත්තේ රෝගීන් ගේ වේදනාව මිස රෝගියා නෙවෙයි. මීට වසර සිය ගණනකට පෙර සිෆ්ලිස් , ලාදුරු , වැනි රෝග වලට ප්‍රත්‍යක්‍ෂ බෙහෙත් නොතිබුණු නිසා එම රෝගීන් අනායාස මරණයකට යොමු කල යුතු බවට අදහස් ආවා. නමුත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග ඒ අදහස යට ගියා. පිළිකා වැනි රෝග සම්බන්ධයෙනුත් යම් කාලෙක වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග අනායාස මරණය යට යයි.  

අනායාස මරණය ලංකාවේ සමහර රෝහල් වල මම සියැසින් දුටුවා. එය කෙලින්ම නොව අකර්මණ්‍ය අනායාස මරණය  ( Passive Euthanasia) කියා කියන්නටත් පුළුවන්. ඒ සබැඳිව මගේ ඉංග්‍රීසි ලිපියේ තොරතුරු අඩංගු වෙනවා. නමුත් මම එක උදාහරණයක් දෙන්නම්. එක්තරා රෝහලක මම නිර්වින්දන වෛද්‍යවරයෙක් ලෙස සේවය කළා. එහිදී දැඩි සත්කාර ඒකකයේ තිබුණු ඇඳන් වලින් සුවයක් නොලබන රෝගීන් ඉවත් කොට (බට ගලවා) අළුත් රෝගීන් දමනවා. දැඩි සත්කාර ඒකකයේ තිබුනේ ඇඳන් හතරක් නිසා දොසක් කියන්නත් බැහැ. නමුත් අර බට ගැලවූ පරණ රෝගියා දිනකින් හෝ දින දෙකකින් මිය යනවා. මෙය මම කැනඩාවේ රෝහලකද නිරීක්‍ෂනය කළා. 

යූතනේසියාව හෙවත් අනායාස මරණය නිසා රෝගී සත්කාරයේ අඩුවක් ඇතිවී තිබෙන බව යූතනේසියාව නීත්‍යානුකූල කරන ලද රට වලින් වාර්තා වෙනවා. ඕලන්දයේ යූතනේසියාව නීත්‍යානුකූල කරන්න සටන් කළ Dr. Els Borst  පසු කාලයක ප්‍රකාශ කළා අනායාස මරණය නිසා රෝගී සත්කාරයේ අඩුවක් ඇතිවී තිබෙන බව. මෙය ලංකාවේ නීති ගත කලොත් ආණ්ඩුවේ රෝහල් වල අන්තිම කාලයේ ප්‍රතිකාර සඳහා යන අපේ සීයලා ආච්චිලාට වෙනදේ හිතාගන්න පුළුවන් නේ. 

මෙම ලිපිය බුද්ධිමත් සංවාදයට විවෘතයි.   

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

8 comments:

  1. මේක ඇත්තටම විවාද සම්පන්නයි. එහෙම නීතියක් සම්පාදනය වෙනවනම් ඒක බොහෝම සීමා සහිත එකක් විය යුතු වෙනවා. ලෙඩෙක්ව සනීප කරන්න පුළුවන්ද බෑද කියනෙක ගැන නියම නිර්නායක තියෙනවද? ඒත් ඒ සියල්ල රෝගයත් සමඟ වෙනස් වෙනවා නේද? ඒ වගේම 'වේදනාව' කියන සංකල්පය විතරක් මත මේක තීරණය කිරීම කොහොමත් කරන්න බෑ නේද?. යුතනේසියා පිළිබඳ ඔබේ අදහසට මමත් එකඟයි. ලංකාව වගේ රටකදි මේක තවත් අවුල් වෙන්න පුළුවන්.

    ReplyDelete
  2. කල්‍යාණ මිත්‍ර ඔබගේ කරුණු දැක්වීම් ප්‍රබලයි. වේදනාව අඩු කිරීම සඳහා නව බෙහෙත් වර්ග දැන් තිබෙනවා. ඒ වගේම රෝගියෙකුගේ විඳවීම කියන එකත් සාපේක්‍ෂයි. නිර්නායකයන් ගැන් අනිවාර්‍යෙන් ගැටළු මතුවෙනවා.

    ReplyDelete
  3. ඉතාම සංවේදී කරුණු රැසක් අඩංගුයි. මා හිතනවා රෝගියාටවත් ඉල්ලීමක් කරන්න බැහැ හොඳ සිහියෙන් හිටියත් මට සුවදායී මරණයක් දෙන්න කියා. කකුල් කැඩුණු රේස් අශ්වයින් වෙඩි තබා මරා දැමීමත් මේ කරණයත් අතර වෙනසක් මම දකින්නේ නැහැ. මේ නිදහස දුන්නොත් එය විවිධාකාරයෙන් අවභාවිත කරන්නට ඉඩ තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ලෝකයේ වාර්ශිකව මිනිසුන් විශාල ප්‍රමානයක් දිවි නසා ගන්නවා එය ආයතනයකට හෝ රජයකට නවත්වන්නට බැහැ. වෛද්‍ය වෘත්තිය යොමු වෙලා තියෙන්නේ සුව ප්‍රවර්ධනයට එම නිසා මේක වෛද්‍ය වෘත්තියවේදීන් කිරීම නීති විරෝධියි

      Delete
  4. ඉතාම සංවේදී සටහනක්. මගේ බාල සොයුරිය පිළිකාවකින් නැති උනේ. ඈ ඉතාම ලස්සන තරුණියක්. වයස 35 දී අකාලයේ මියයන විට ඈ ඉල්ලා හිටියා වේදනාව අඩු මරණයක් මට දෙන්න කියලා. මගේ මහත්තයාගේ අක්කා කොළඹ වෛද්ය විද්‍යාලයේ. ඈ දන්නවා ඒ දේ කරන්න බැරි බව. වේදනාව ඉවසන්න තමා අපි කාටත් වෙන්නෙ කියලා අක්කත් කීවෙ. මගේ බලු පැටියා අසනීප උනාම වෛද්‍ය වරිය කිවේ එයාට එන්නතක් දෙන්න තමයි කරන්න පුලුවන් එකම දේ කියලා. නමුත් සති හයක් මම එයාව දෙපැත්ත පෙරලමින් සාත්තු කලා මියයන තෙක්ම. වේදනාව අඩු කරන්න ඉල්ලීම් කලත්, නීති මගින් එයට අවසර ලැබුනොත් එය ඔබ කියනා ලෙස බොහෝ වයසක අයගෙ අයහපත පිණිසම වේවි කියලයි මගේ විශ්වාසය.

    ReplyDelete
  5. Chandi , ඔබගේ සොහොයුරිය ගැන ඉතා කණගාටුයි. අනායාස මරණය ඉතා සංකීර්ණ මාතෘකාවක් .වේදනාව අඩු කිරීම සඳහා ඩයමෝර්ෆීන් වැනි බෙහෙත් තිබෙනවා නමුත් මේ බෙහෙත් තවත් වැඩි දියුණු කළ යුතුයි.

    ReplyDelete
  6. වේදනාව කායික හා මානසික කියලා දෙකක් තියෙනවානෙ.. 'මිලියන් ඩොලර් බේබි' චිත්‍රපටයේ අවසාන කොටසෙන් හරිම පැහැදිලිව ඒක දක්වලා තියෙනවා.මේ පවතින ආර්ථික රටාවත් එක්ක බැරෑරුම්ව කල්පනා කරලා බලන්න ඕන තත්වයක්.
    ජයවේවා..!!

    ReplyDelete
  7. Dear Ruwan,
    Why can't we use pain killers with high dose (depending on the patients situation) some how the core of this process seems like murder.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook