Sunday, April 12, 2015

සාක්ෂිකරුවන් නොමැතිව






“සාජන්

“ඔව් සර්

“මෑන්ව ගන්ඩ එදා ගිය රාලහාමිලා දෙන්නත් දාගන්ඩ බණ්ඩාරට කියන්ඩ  වාහනේ පිටිපස්සට කරලා නවත්තන්ඩ කියලා  ”

“ඕකේ සර්”

“මල්ලි සර් කිව්වා ඔය දෙන්නටත් අද එන්ඩ කියලා මෑන්ව කූඩුවෙන් ගන්ඩ අත් පිටිස්සට කරලා මාංචු දාන්ඩ

“හරි සාජන් මහත්තයා”

“බැද්දේ පළයං මං එන්නංසාජන් මහත්තයා අද මට පොඩි දත් කැකුමක් තියනවා අද මාව තියලා ප්රියන්තව ගෙනියනවද ?

“රත්නේ දතේ අමාරුව පුකේ අමාරුව නෙවෙයි හරියට ඩියුටිය කරපං

“සාජන් මහත්තයා මීට කලිං මම කොච්චර ඇවිල්ලා තියනවද මේ වගේ ගමං. මේකයි කාරනේ සාජන් මහත්තයා, වයිෆ්ට ළමයෙක් හම්බ වෙන්න ඉන්නවා. මම දැං හරක් මස් වත් කන්නේ නැහැ. මම මේ දවස් ටිකේ ස්ටේ‍ෂන් එකේ රාජකාරි කරන්නද ?

“මේ උඹ මගෙන් කුණුහර්ප අහගන්නැතිව බැද්දයා එක්ක ගිහිල්ලා අරූව ජීප් එකට දාගනින්.   උඹට ඩියුටිය කරන්ඩ බැහැ කියනව කියලා මම සර්ට කියන්ඩද ?

“හරි හරි සාජන් මහත්තයා මම එන්නං කවදා හරි දවසක මේවා පබ්ලික් වෙලා අපිටත් කේස් වැටනොත් සාජන් මහත්තයාම අපි වෙනුවෙං උත්තර දෙන්න

“ මේ තෝ මගේ යකා අවුස්සන්නේ නැතුව අරූව ජීප් එකට දාගනිං. ආවා මෙතන නීති කතා කරන්ඩ”

“ හරි හරි සාජන් මහත්තයා ඕකට කෑගන්න එපා මම එන්නං”

“බැද්දේ හරිද වැඩේ , කෝ මූ තාම සෙල් එකේනේ . අඩෝ මෙහාට වරෙං , ඒයි උඹලා පස්සට වෙලා ඉඳපල්ලා. බැද්දේ මූට මාංචු දාපං , ඉක්මං කරපං සාජන් මහත්තයට තද වෙලා ඉන්නේ.

සර් මාව කොහේ ගෙනියන්න ?

“කෑගහන්නේ නැතුව හිටපං උඹෙන් තව කට උත්තරයක් ගන්න තියනවා

“අනේ සර් මම ඔක්කොම කිව්වනේ. වෙපන් එක චුල්ලේ ලඟ මීගමු ගියොත් දැන් ඌව අල්ල ගන්න පුළුවන්.

“හරි හරි ඒකට තමයි අපි යන්නේ කට වහගනිං

“බැද්දේ ශේප් එකේ පිටිපස්සට ගෙනිහිල්ලා මූව වාහනේට දාපංදැන් සරුත් එනවා


සාජන් හරිද වැඩේ?

“හරි සර් පොර වාහනේ

“ඔකේ එහෙනං දැන් පිටත් වෙමු

කස්ටිය හරිද ?

 හරි සර්

“අනේ සර් මාව කොහේද ගෙනියන්නේ මේ ?

“හෙඩ්ක්වාටර්ස් බං මොකද බයද ? උඹල ගේම් දෙනකොට තිබ්බ බොක්ක කෝ දැං ?

“ අනේ සර් මම ඔක්කොම කිව්වනේ වෙපන් එක චුල්ලේ ලඟ


“වෙපන් එකක් ගැන නෙවයි මම අහන්නේ ආරියදාස​ මුදලාලි මැරුවේ කව්ද ?

“සර් මම නෙවෙයි

“ උඹ නෙවෙයි ? මූ තාමත් අපිව ගහේ අරිනවා නේද ?

“අම්මපා සර් ආරියදාස​ මුදලාලි මැරුවේ වැළි චන්දරේ. තමයි සේප්පුවේ තිබ්බ සල්ලි ඔක්කොමත් ගත්තේ. මගේ කොටසවත් මට ලැබුනේ නැහැ

“ යකෝ උඹ කරපු ඔක්කොම චන්දරේගේ ඇඟට තියලා කපනවා නේද ?

“නෑ සර් මම කිව්වේ සහතික ඇත්ත

“ අම්මප ? ඉතින් දැන් කොහොමද හගිස්සන්නේ ? චන්දරේ නැහැනේ

“ඇයි සර් චන්දරේට මොකද උනේ?

“මොකද උනේ?  අපි චන්දරේව ගල් කරා ඌත් උඹ වගේ අපිට පානිය දාගෙන ආවා. ඇත්ත කිව්වේ නැත්තං උඹවත් අපි ගල් කරනවා


“ සර් මම කිව්වේ ඔක්කොම ඇත්ත

“ කිව්වේ ඔක්කොම ඇත්ත එතකොට බෙන්තොට කෙල්ලව දූෂණය කරේ කව්ද?

සර් මම කවදාවත් කෙල්ලෙක්ගේ කැමැත්තක් නැතිව අතක්වත් තියන්නේ නැහැ රොබරිය දීලා ගම්පොළ සනා කෙල්ලවත් ඇදගෙන වී ගබඩාවට ගියා. තමයි වැඩේ දුන්නේ

“එතකොට කෙල්ලගෙ කට උත්තරේ තියෙන්නේ උඹත් බලහත්කාරයෙන් ඒකි එක්ක හිටියා කියලා

මම දන්නේ නැහැ සර් “


 “ මම දන්නේ නැහැ ? තෝ ඔක්කොම ගේම් දීලා දැං බබා පාට් නේසාජන් මූව හොඳට තද කරලා අල්ලගෙන ඉන්ඩ , මූ ආමි එකේ එස් පී කෝස් කරපු එකෙක්

“ අනේ නෑ සර් මම හමුදාවේ එච්චර කාලයක් හිටියේ නැහැ

“ කටවහගනිං මට කෝල් එකක් එනවා

“හලෝ”

 “ඔව් සර්

“එහෙමයි සර් ,

දැන් යනිං ගමන් සර් , එදා ගිය ටීම් එක යන්නේ

“බොල්ගොඩ සර්

“හරි සර් ප්රශ්නයක් නෑ සර්  ”

“හරි සර් මම ඒක නියමට බලා ගන්නං

“ඕකේ සර් වැඩේ ඉවර වෙලා මම මැසේජ් එකක් දෙන්නං  ”

“ඕකේ සර්”

“ බණ්ඩාර පොට් එකට ගිහිල්ලා මූණ ඉස්සරහට තියලා පාක් කරන්ඩ

“ හරි සර්”

“ආ මෙතන දාන්ඩ”

“ සාජන්,  රත්නේ එක්ක මූව බස්ස ගන්ඩ , බැද්දේ පොඩ්ඩක් ඉස්සරහා වොච් එකේ ඉන්ඩ “


“ හරි සර්”

“ අඩෝ බැහැපං

“ සාජන් මහත්තයා මාව කොහෙද ගෙනාවේ ”


“ උඹව ගෙනාවේ නාවන්ඩ , නොදකිං මූ ලඟ ගස් ගඳ බැහැපිය වතුරට පරයා “

“ සර් මට කළුවරේ මොකුත් පේන්නේ නැහැ , අනේ සර් මම ඔක්කොම කිව්වනේ . සර් මට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා ”

“ළමයි පස්සේ බලන්ඩ පුළුවං දැන් ඔහොම අඩිය තියපිය තෝ වැටෙන්නේ නැහැ අපි අල්ලගෙන ඉන්නේ

“ සාජන් මහත්තයා මට තව අඩියක්වත් යන්ඩ බැහැ මට මොකක් කරන්න යන්නේ මම කෑ ගහනවා ”

“ කෑගන්ඩ ? රත්නේ උස්සපං මුගේ කකුල් දෙකෙං, ඔහොම ගනිං දැං ඔබපං වතුරේ. කෝ අල්ලපං හරියට ඔබපං ඔළුව යටටම. යකෝ හයියෙං ඔබපිය ගැම්ම බුරුල් කරන්ඩ එපා හු...පුතෝ. බැද්දේ ඉක්මනට වරෙං මුගේ කකුල් දෙක තද කරලා අල්ල ගනිං , මූට අමර හයියක් තියෙන්නේ

“ කස්ටිය බලාගෙන  ඇඟට මොකුත් කරන්ඩ මාක් තියන්ඩ එපා. තව යටට කරලා අල්ලගෙන ඉන්ඩ”

“ හරි සර් , බැද්දේ කකුල් පොඩ්ඩක් උස්සපං ඔළුව තව යට යන්ඩ ඕනේ. යකෝ රත්නේ උඹ ගැම්ම බුරුල් කරන්ඩ එපා. මූ තමත් දඟලනවා ”

“ ඔන්න ඔහොම ඔබං හිටපං ”

“තව තව මම කියනකං අත අරින්ඩ එපා ”

“තව ඔබං හිටපං ”

“ ඔන්න ඔහොම ඔය තියෙන්නේ ”

“ මම කියනකං අල්ලං හිටපං ”

“ තව තව ”

“ සාජන් මහත්තයා මූට වැඩේ හරි වගේ පොර සයිලන්ස්  උණා ”

“ නැහැ නැහැ තව ඔබං හිටපං”

“ කොහොමද වැඩේ නැගලා යනවද ?

“ සර් මූට මාර ගැම්මක් තිබුනේ අපි තුන් දෙනෙක්ටවත් මේච්චල් කරන්ඩ අමාරු උණා “

“ හරි තව විනාඩි දහයක් විතර අල්ලගෙන ඉන්ඩ උඩට ගන්ඩ එපා


“ රත්නේ මූව තව ටිකක ගැඹුරට ගෙනියමුබය නැතුව වරෙං යකෝ මෙතන මඩ නැහැ ”


“ ඔන්න ඔහොම තව අල්ලගෙන හිටපංඇඟං අල්ලන්ඩ එපා යකෝ මාක් හිටිනවා සේට් එකෙන් අල්ලපං ”

“ බැද්දේ  පොඩ්ඩක් කකුල්  පාත දාපං”

“ හරි අයියට බඩු බනිස් වගේ ”

“ බැද්දේ තව අල්ලගෙන හිටපං තාම ගන්ඩ එපා ”

“ පොඩ්ඩක් අත බුරුල් කරලා බලපං මූ දඟලනවද කියලා  ”

“ නෑ සාජන් මහත්තයා මම කිව්වේ මූට සැට් කියලා

“හරි හරි අත ගන්ඩ එපා යන්තං බුරුලට තියාගෙන හිටපං ”

“සාජන් කොහොමද වැඩේ

“ සර් පොරගේ වැඩේ හරි වගේ

“ එහෙනං බොඩි එක තව  ඈතට දාලා මැසෙජ් එක ගහමු. ”

“බැද්දේ මූගේ සේට් එකෙන් ඇදගෙන ගිහිල්ලා වැව මැද්දට දාපං කරලා ඉක්මනට පීනගෙන වරෙං තව ටිකකිං සර් මැසේජ් එක යවයි

“හරි සාජන් මහත්තයා”

“ රත්නේ මුගේ බාටා දෙක ජීප් එකේ , දෙකත් ඔන්න ඔයඉවුර පැත්තට විසි කරපං ”

       ******************************************************



පැය තිස් හයකට පසු : පසුගිය දා බොල්ගොඩ වැවේ ඉවුරේ සගවා ඇති ආයුධ සේවීමට සැකරුවකු ගෙන යාමේ දී අදාළ සැකකරු මාංචු පිටින් වතුර​ට පැන, අත් අඩංගුවෙන් පැනයාමට උත්සාහ කිරීමේ දී දියේ ගිලී මිය  ගිය බව පොලිස් මාධ් ප්රකාශක සඳහන් කලේය. මෙම සැකකරු හමුදාවේ සිට පළාවිත් මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ වල යෙදුණු අයෙකු බව පොලිස් මාධ් ප්රකාශක වැඩි දුරටත් සඳහන් කරයි.



  වෛද්‍ය රුවන් එම් ජයතුංග 

23 comments:

  1. මේ මිනීමරුවන් මරණ මංචකවලදීවත් පාපෝච්ඡාරණය නොකලොත් මේ අපරාධ නම් කවදාකවත් විසදෙන ඒවා නොවේ!

    ReplyDelete
    Replies
    1. මහින්ද පරාජය කරපු එක කොයි තරම් වටිනවද කියල හිතෙනව. මේ පොලිස් තිරිසන්නු අධිකරනය ඉදිරියට ගේන්න බැරිද කොමිසමක්වත් දාල.
      චන්ද්‍රිකාගෙ කාලෙ කරපු විහිලු කොමිසම් වගෙ නෙමේ.

      Delete
    2. ඒක සැබැයි රසික

      Delete
    3. ඇනෝ චන්ද්‍රිකාගේ කාලෙත් මේක තිබ්බා මතකද ක්‍රිස්ටෆර් බැරී කියන අපරාධකරු මරපු හැටි

      Delete
  2. අගුලාන ඕ අයි සීට මරණ දඩුවම දුන්නෙ නැත්නම් පොලිස් මිනීමරුවො රට අමුසොහොනක් කරනවා. වෙඩි තියනවට වඩා මේක ම්ලේච්ඡයි. පොලිස්කාරයො පෙන්ෂන් ගියාම පී ටී වගෙ තත්වයන්ට මුහුණ දෙනව ඇති. රැකියාව ලෙස වධ හිංසා කිරීම දිගු කලක් කළ නිසා.
    මෑතකදි අන්තිමට ගිල්ලපු එකා ටික ටික ගිල්ලල මැරුව කියනව නේද. වැඩේට වරුවක්වත් යන්න ඇති. ගිල්ලනව ගන්නව ගිල්ලනව ගන්නව ඒ විදියට.
    මේ සිදුවීම් වලට මහේස්ත්‍රාත් පරීක්ෂන කරල පොලිස් ම්ලේච්ඡයන්ගෙ ක්‍රියාකාරකම් වලට නීතිමය ආවරනයකුත් දුන්න නේද

    ReplyDelete
    Replies
    1. ඇනෝ මේ ප්‍රශ්නේ දෙපැත්තක් තියනවා. නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලකයා බාදාවක්. අපරාධකරු නීතිය දියාරු නිසා බේරිලා යළි අපරාධ කරනවා. ශක්තිමත් නීති පද්ධතියක් සමග ප්‍රොෆෙෂනල් පොලිසියක් තියන රටවල මේ තත්වය නැහැ.

      Delete
  3. පොලිස් නිලධාරීන් මේ වගේ නීති විරෝධී ඝාතන කරනවා වගේම සමාජයේ බොහොහ් දෙනකේ අපරාධකරුවන් මේ විදියට අවසන් ගමන් යෑම අනුමත කරනවා. සමාජය තුල විශ්වාසයක් තියනවා කුඩුකාරයෝ අපරාධකරයෝ වගේ අයගෙන් සමාජය බේරගන්න හොදම ක්‍රමය මේක කියලා. පොලිස් ඝාතන කියන්නේ සමාජය අවිඥාණිකව අනුමත කළ ‘දඬුවම්‘ ක්‍රමයක් වෙලා. මේ පෝස්ට් එක වැදගත් වටිනා නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. කරුණු කීපයක් සළකා බලන්න ඕන
      වෙඩි තැබීමට වඩා මේ ක්‍රමය ( දියේ ගිල්වීම ) අමානුෂිකයි
      මේ විදියට අහිංසකයන් මැරෙන්න ඉඩ තියනව.උගත් විනිසුරන් පවත්වන නඩු විභාගවලින් පවා අහිංසකයෝ හිරේ එල්ලුම් ගස් යද්දි මේ තුට්ටු දෙකේ පොලිස්කාරයන්ගෙ නඩු විභාගවලින් මොන තරම් හානියක් වෙනවද
      මුන් නඩු අහන්නෙ බීල .සමහරුන්ට ඕ ලෙවල් වත් නෑ . දෙපාර්ශ්වයටම සවන් දීමක් හෝ විද්‍යාත්මක සාක්ෂි ගොනුකිරීමක් නෑ.

      ශ්‍රී වික්‍රම රාජසිංහ මේජර් කෲක්ට කිව්වලු ඔබලාගෙක්‍රම ප්‍රමාදය අපේ ඉක්මන්ය අපේ කෝපය සංසිදෙනවිට වරදකරු මියගොස් ඉවරය කියල. මේ රාජ ම්ලේච්ඡ සිස්ටම් එක තමයි රාජපස්සලගෙ තිබුනෙ. එහෙම නොවෙයි දියුණු ශිෂ්ට ක්‍රමවේද අවශ්‍යයි.

      Delete
    2. ප්‍රගීත් ස්තූතියි

      Delete
  4. එස්.ඕ.පී. කෝස් = Standard Operation Procedure Course

    1994 දී මට යන්න වුනා රහස් පොලීසියේ හතරවැනි තට්ටුවට. 1988 දී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දෙදෙනෙකු අතුරුදන් කල බවට චෝදනාවක් ලබා. මම ගියේ නිළ ඇඳුමෙන්. මට සලකපු ආකාරය නම් නින්දිතයි. මාසයක් පමණ වෙහෙසිලා මට හොයාගන්න පුළුවන් වුනා ඒ පුද්ගලයන් දෙදෙනා මා විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට බාරදුන් ලිපියේ පිටපත.

    ඊට පස්සේ.....................?

    ඊට පස්සේ මටත් නෝ කේස්. පොලීසියටත් නෝ කේස්. නමුත් ඒ පුද්ගලයන් දෙදෙනා ඇත්තටම අතුරුදන් වෙලා තියෙන්නේ පොලිස් අත්අඩංගුවේ සිටියදී.

    ReplyDelete
    Replies
    1. පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිවිල් නීති යටතේ පොලීසියට අයත් කටයුත්තක් නොවේද?ඒ පුද්ගලයන් අතුරුදන් වීම ගැන විචාත් අනියමින් වග කිව යුතු නැද්ද?

      Delete
    2. විචාරක අර පිටපත තිබූ නිසා හොඳයි

      Delete
    3. අනිවාර්‍යයි හැලප අයියේ

      Delete
    4. @ Helapa kadeApril 13, 2015 at 1:44 AM

      හදිසි නීතිය පනවා ඇති අවස්ථාවක, හමුදාවේ කෝප්‍රල් (ගුවන් සහ නාවික හමුදාවල ඊට සමාන) සහ ඊට ඉහළ නිළයේ අයකුට පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ බලය තිබෙනවා. එමෙන්ම, ත්‍රිවිධ හමුදාවේ අධිකාරි ලත් නිළධාරියකුට බලය තිබෙනවා, හදිසි නීතිය ඇතත් නැතත් පුද්ගලයකු අත්අඩංගුවට ගන්න. නමුත් ඔහුව රඳවා තබාගන්න බැහැ, හදිසි නීතිය නැත්නම්. එවිට වහාම පොලීසියට භාරදිය යුතුයි. හදිසි නීතිය ඇත්නම්, ප්‍රදේශය භාර සම්බන්ධිකරණ නිළධාරියාවෙත ඉදිරිපත් කර, රැඳවුම් නියෝගයක් detention order ලබාගෙන හමුදා කඳවුරක රඳවාගන්න පුළුවන්.

      Delete
  5. Got the message loud and clear.

    By the way, I am very much impressed about the vocabulary you used when writing this. I mean the cop talk. I thought you'd have lost touch by now.

    One technical thing. Do write/paste the story on a Microsoft Word doc and then copy and paste on Blogger?

    ReplyDelete
    Replies
    1. Dude thanks , I associate various types of people and learn their sub cultures.

      I use http://www.lexilogos.com/keyboard/sinhala.htm to write

      Delete
    2. I asked because the way the words like ප්‍රකාශක has been written (like ප්‍ රකාශක). This happens when documents like MS Word won't support Sinhala Unicode characters. Ms Text Docs do. I don't know about http://www.lexilogos.com/keyboard/sinhala.htm you have said. Anyways, if you write offline, use a text document. Not Word.

      Delete
  6. Correction: Do you write/paste the story on a Microsoft Word doc and then copy and paste on Blogger?

    Sorry for commenting in English for a Sinhala post.

    ReplyDelete
  7. වටිනා කෙටි කතාවක්.. කතා කල නොහැකි මිනිසුන් වෙනුවෙන් ලියපු....

    ReplyDelete
  8. නඩුත් හාමුදුරුවන් ගෙ.. බඩුත් හාමුදුරුවන්ගෙ.. කොහොමින් හරි ඇතුලට යා ගත්තොත් නම් ගොඩ.
    ජයවේවා..!!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook