Friday, October 24, 2025

ඇහැලේපොළ නිලමේ




ඇහැලේපොළ අදිකාරම ක්‍රිස්තු වර්‍ෂ 1773 දී උපන් බව කියවෙනවා. කැප්පෙටිපොළගේ දිසාවගේ නැගෙණිය වූ මොනරවිල කුමාරිහාමි සමග ඔහු විවහා වෙනවා. ඇහැලේපොළ රත්නපුරයේ අන්තඃපුරයක් පවත්වා ගෙන ගියා. ඔහු ඩොයිලිගේ ඔත්තුකරුවකු වන වත්තල අප්පු සමග ශ්‍රී වික්‍රම රජු එලවන්න කුමන්ත්‍රණය කලා.  ඇහැලේපොළ නිලමේ    ප්ලෑනක් ගහනවා ඉංග්‍රීසින් ගේ මාර්ගයෙන් වඩිග රජු එලවලා, ඉන් පසු ඉංග්‍රීසින්ට පහර දීලා තමන් රජු වෙන්න (හරියට මාවෝ  Chiang Kai-shek එක්ක එකතු වෙලා ජපන් හමුදා වලට ගහලා පසුව Chiang Kai-shek ට ගේම දුන්නා වගේ) .මොල්ලිගොඩ නිලමේ කේලම් කියමින් හසුන් පත් විකෘති කරමින් වික්‍රම රාජසිංහ රජු සහ ඇහැලේපොළ නිලමේ අතර ඝට්ටනයක් ඇති කරවනවා. ඇහැලේපොළ  1814 මැයි 18 දින  ඉංග්‍රීසි පාලන පෙදෙසට පලා යනවා. එවිට වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොළ නිලමේ ගේ දරු පවුල අත් අඩංගුවට ගන්නවා.  

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොල කුමාරිහාමිට ලිංගික බලපෑම් කල කතාව ප්‍රබන්ධයක්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොල කුමාරිහාමිට සහ ලමුන්ට මරණ දණ්ඩනය දුන්නා නමුත් බිලිඳා වනේ දමා කෙටීම ප්‍රබන්ධයක්. බිලිඳුන් වනේ දමා කෙටීම කලේ පෘතුගීසීන් සහ ලන්දේසීන්. මේ කතාව ජෝන් ඩොයිලි රජු ජනතා අප්‍රසාදයට ලක් කිරීමට ප්‍රචලිත කල සයි ඔප් එකක කොටසක්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොල කුමාරිහාමිට සහ ලමුන්ට වධයට ලක් කරනවා පත්තිරිප්පූ සිට නැරඹූයේ නැත. ඔවුන් වධයට ලක් කලේ මාලිගාව අසල නොවේ. ඇහැලේපොල කුමාරිහාමි ගිල්වා මරවන ලද්දේ මාලිගාව ඉදිරිපිට වැවේ නොව කටුගස්තොට ආසන්නයේ තිබූ බොර වැවේය. අත් අඩංගුවේදී ඇහැලේපොල කුමාරිහාමිට සහ ලමුන් මරා දැමීම ගැන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කිව්වේ තමන් ද්‍රෝහියන්ට නියම කරන ලද සිංහල රජ කාලයේ නීතිගතව තිබූ දඞුවම ක්‍රියාත්මක කලා යන්නයි. (“... රාජද්‍රෝහී වී පලා ගිය අයවලුනට, සිංහල නීතිය අනුව දිය යුතු දඬුවම කවරේ දැ යි විමසා සිටියේ ය. මේ අවස්ථාවේ නිලමේ විසින් පහත සඳහන් සිංහල නීතිය කියෙව්වේ ය. “රාජද්‍රෝහී වූ විට, එම ද්‍රෝහියා ගේ පවුලේ උදවිය අල්ලා පිරිමි අය හිස ගසා මරා දැමිය යුතු අතර, ගැහැණු උදවිය දියේ ගිල්වා මරා දැමිය යුතු ය: සිංහල නීතිය එය යි” යි කීවේ ය. .)

1815 වන විට උඩරට ඉංග්‍රීසීන් ගේ යටතට පත් වෙලා. ඇහැලේපොළ මීගස්තැන්නේ මහ අධිකාරම්ගේ වැන්දඹුවත් පාවා ගන්නවා. ඇහැලේපොළ නිලමේ රජු ගේ ආභරණ ඇඳ ගෙන රජු ලෙස පෙනී සිටින්නට හදනවා. මෙයට ඩොයිලි කැමතියි. උඩරැටියන් රජෙකු අපේක්ෂා කරන නිසා. සමහර විට ඇහැලේපොළ  නාමික රජෙකු ලෙස තියා ගෙන බ්‍රිතාන්‍ය පාලනය ගෙන යන්න ඩොයිලි කැමති වෙන්න ඇති . නමුත් ඒකට රොබට් බ්‍රවුන්‍රිග් ආණ්ඩුකාරවරයා / ඉංග්‍රීසි පාලකයෝ කැමති නෑ. ක්‍රමක් ක්‍රමයෙන් ඇහැලේපොළ ගේ රැස් බිඳී යනවා. ඔහුගේ වෙදා පවා ඇහැලේපොළට පරිභව කරනවා. ඇහැලේපොළ ඉංංග්‍රීසීන්ට බරක් වෙනවා. 1818 කැරැල්ලට ඇහැලේපොළ ගේ සබඳතාවක් ගැන ඉංග්‍රීසීන්  සැක කරනවා. ඉංග්‍රීසීන් ඇහැලේපොළ පිටුවහල් කරනවා. ඔහුට මරණ දඞුවම දුන්නේ නෑ. මොකද ඔහු එතකොට වීරයෙක් වෙන නිසා. මුරුසි දිවයිනට පිටුවහල් කළ ඇහැලේපොළ නිලමේ මියගියේ 1829 දි යි.

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook