Friday, October 10, 2025

මල් පූජා කිරීම සහ පාලි ගාථා රිපීට් කිරීම

 




බුදුන් කාලයේ මල් යනු ප්‍රභූ වරුන්ට ගෞරව කිරීම සඳහා යොදා ගත් අයිතමයක් විය. ප්‍රභූ වරුන්ට මල් පූජා කිරීම මෙන්ම ප්‍රභූ වරුන් යන පාරේ මල් ඇතිරීමද එකල කරන ලදි. බුදුන් වහන්සේ මලක් පූජා කිරීමේදී එම සුවඳවත් මල කාලය සමග පරවී යාම නිමිති කර ගෙන අනිත්‍ය මෙනෙහි කිරීම සඳහා නිමිත්තක් ලෙස යොදා ගත් අතර පරිසරික සම තුලිතතාවය බිඳ දමමින් මල් ලක්‍ෂ ගනන් පිලිම වලට පූජා කිරීමට අනුබලයක් දුන්නේ නැත. එහෙත් අද රක්‍ෂිත වල වැවෙන දුලබ ශාක වල මල් පවා කඩා ගෙන මිනිසුන් පිලිම සහ චයිත්‍ය වලට පූජා කර නිවන් පතති. මල් යනු ශාක වල ප්‍රජනක අවයව වන අතර  ශාක වල ප්‍රජනක අවයව පිලිම සහ චයිත්‍ය වලට පූජා කිරීම මගින් නිවන් යාමට හෝ දෙව් ලොව යාමට හැකි දැයි විචාර බුද්ධියෙන් සලකා බැලිය යුතුය.

 බුදුන් තම දහම මගධී බසින් දෙසූ අතර සමහර ධර්ම කරුණු පාලි භාෂාවට හරවන ලදි. අද කාලයේ උපාසක උපාසිකාවන් අර්ථය සහ තේරුම නොදැන පාලි ධර්ම කරුණු සජ්ජායනා කරති. මේ පුරුද්ද එන්නට ඇත්තේ ඉන්දියාවේ බමුණන් වේද මන්ත්‍ර සජ්ජායනා කිරීම අනුකරණය කිරීමෙනි. පාලි පාඨ නිතරම රිපීට් කිරීමෙන් නිවන් දැකීමට සමහරෙක් උත්සහ කරති. එය වෛද්‍යවරයෙකුගේ බෙහෙත් ප්‍රෙස්ක්‍රිප්‍ෂන් එක රෝගය සඳහා ඖෂධ ලෙස භාවිතා නොකොට ප්‍රෙස්ක්‍රිප්‍ෂන් එක සජ්ජායනා කිරීමක් මගින් රෝගය සුව කර දැමීමට දරනා තැතක් මෙනි.  

වරක් නිතරම පන්සල් යන පාලියෙන් සූත්‍ර සජ්ජායනා කරන මිතුරෙකු වරක් පන්සලේ නිතරම " පරිකප්පිතං " යන වචනය කියවෙන බවත් තමන් ද  " පරිකප්පිතං " යන වචනයේ තේරුම නොදැන ඔහේ රිපීට් කරන බව මා සමග කීවේය. 

Religious faith is trust and belief in a deity, spiritual force, or religious doctrines. Religious faith often has no intellectual validation. It’s a belief without total scientific proof. Some skeptics indicate religious faith as a belief without evidence. Secular faith does not rely on traditional religious doctrines or supernatural beliefs and puts more emphasis on human experience and rational explanations. Secular faith is built on a systematic way of acquiring knowledge about the natural world through observation and experimentation.  

 



No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook