Tuesday, October 14, 2025

මොල්ලිගොඩ මහ නිලමේ

 



අපි ඉතිහාසය දකින්නේ කළු සුදු ලෙස. වීරයා නැතහොත් ද්‍රෝහියා කියන පටු කවුළුව හරහා. ඒ අනුව තමයි අපිට මොල්ලිගොඩ මහ නිලමේ ඉංග්‍රීසීන්ට පක්‍ෂපාත වූ ද්‍රෝහියෙක් කියලා. නමුත් අපි ඉතිහාසය මනෝ  විද්‍යාත්මකව අධ්‍යනය කරන විට වෙනත් මානයක් පේනවා. පිළිමතලාවේ කියන්නේ ඩබල් ගේම් කාරයෙක්. ඔහු දුර්වල කන්නසාමි ගේන්නේ යම් කාලයක කන්නසාමි ඉවත් කරලා ඔහු රජ වෙන්න. ඒ එක්කම ඉංග්‍රීසීන් සමග ඩීල් දානවා ඉංග්‍රීසී හමුදාව මධ්‍ය කඳුකරයට ගෙන්වා ගන්න. යටි අරමුණ මධ්‍ය කඳුකරයට ගෙන්වා ගත් ඉංග්‍රීසී හමුදාව විනාශ කරන්න. එතකොට තර්ජන දෙකක් ඉවරයි. ඔහුට රජ වෙන්න පුලුවන්. නමුත් ජාවක සෙබලෙක් ලවා ශ්‍රී වික්‍රම ඝාතනය කරන්න හදපු ප්ලොට් එක වැරදුනා. එතන තමයි ඔහුගේ විනාශය. 

මොල්ලිගොඩ සයිලන්ට් ඔපරේටර්. ශ්‍රී වික්‍රම සහ ඇහැලේපොලව බිඳවලා ඔහු ඇහැලේපොලගේ තනතුරට පත් වෙනවා. ඔහු හොඳ නිරීක්‍ෂකයෙක්. ශ්‍රී වික්‍රම දුර්වල වූ වහාම තම දරු පවුල මේජර් හුක් හරහා ඉංග්‍රීසි යටත් ප්‍රදේශයට යවනවා ඇහැලේපොල වගේ දරු පවුල විනාශ කර ගන්නේ නැතිව. ඉන් පසු යුද්ධයේ තීරනාත්මක මොහොතේදී ඉංග්‍රීසීන්ට එකතු වෙනවා. 1818 කැරැල්ලේදී මොනරවිල නිලමේ ඇතුලු සෙට් එකක් ඉංග්‍රීසී විරෝධී වෙනවා. මොල්ලිගොඩ මේක දකින්නේ යලි අන්තනෝමතික රජ කෙනෙක් සිහසුනට ගෙන ඒමේ වෑයමක් ලෙස . ඒ නිසා ඔහු දිගින් දිගට 1818 කැරැල්ලේදී සහාය දෙන්නේ ඉංග්‍රීසීන්ට. හිටපු බලවත් නිලමෙලාගෙන් බහුතරය  ශ්‍රී වික්‍රම අතින් හෝ ඉංග්‍රීසීන් අතින් මිය  යනවා / පිටුවහල් කෙරෙනවා. නමුත් මොල්ලිගොඩ තමන් ගේ බලය සහ තනතුර මරණය තෙක් රැක ගන්නවා. අන්තිමේදී ඉංග්‍රීසීන් ගෙන් රික්ස් $ 250 ක විශ්‍රාම වැටුපක්ද ලබා ගන්නවා. 

මොල්ලිගොඩ ප්‍රායෝගිකවාදියෙක්. මොනරවිල නිලමේට ගට්ස් තිබ්බට මිලිටරි ස්ට්ටැටීජි එකක් තිබ්බේ නෑ. ඒක තමයි ඉංග්‍රීසි ආයුද ආපසු බාර දුන්නේ. ඒ කාලේ රජුට සේවය කලහොත් බෙල්ල යන දවස ශුවර් නෑ. රජුගේ මනෝ භාවයන් මත තමයි ඉරණම විසදෙන්නේ. කවුරු හරි කේලමක් කිව්වොත් දංගෙඩියට. මේක මොල්ලිගොඩ පසක් කලා . ඒ නිසා තමයි ඔහු එදවස වඩාත් ප්‍රෝග්‍රෙසිව් බලයක් හැඞ්ල් කරපු ඒ කියන්නේ තමන්ට උපකාර කරපු මිනිසුන්ව දංගෙඩියට නොයවපු බලයක් එක්ක සෙට් උනේ. අත් අඩංගුවේදී ශ්‍රී වික්‍රම  බනින්නේ ඇහැලේපොලට. මොල්ලිගොඩ හොඳ මිනිහෙක් බව කියනවා.  

මොල්ලිගොඩ ඔලුවෙන් ගේම ගැහුවා. අපේ ඉතිහාසඥයෝ මොල්ලිගොඩ ද්‍රෝහියෙක් අවසාන කාලයේ මධු ලෝලියෙක් වෙලා මිය ගියා කියනවා. මේවා සත්‍යද කියා බුද්ධියෙන් විමසිය යුතුයි. බොහෝ වියවුල් තිබූ , මේ ඉන්න නිලමේ හෙට දං ගෙඩියට යවන නීති තිබ්බ රාජයක බෙල්ල බේරගෙන ජීවිතයේ සැඳ සමය තෙක් ප්‍රභූ ලෙවල් එක මේන්ටේන් කර ගෙන ජීවත් වූ මොල්ලිගොඩ ගැන අපි විසංයෝජනය ලෙස අධ්‍යනය කල යුතුයි. මොල්ලිගොඩ වගේම පෘතුගීසීන් එක්ක සන් ධාන ගත වූ සමරකෝන් මුදලිත් අපි වීරයා නැතහොත් ද්‍රෝහියා කියන පටු කවුළුව හරහා බලන්නේ නැතිව ඔවුන් ජීවත් වූ කාලයට අනුකූලව ඔවුන් ගේ තීරණ වල නිරවද්‍යතාව විශ්ලේශණය කල යුතුයි. 





No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook