Sunday, October 12, 2025

"නැවත උපන් දැරිය" - ශ්‍රී ලංකාවේ ප්‍රථම ශාස්ත්‍රීය පුනරුත්පත්ති පර්‍යේෂණය ව්‍යාජයකි




ශ්‍රී ලංකාවේ ප්‍රථම ශාස්ත්‍රීය පුනරුත්පත්ති පර්‍යේෂණය ලෙස නම් කෙරුන එච්. එස්. එස්. නිශ්ශංක විසින් රචිත "නැවත උපන් දැරිය" හෙවත් 1954 දී හදිසි අනතුරකින් වියෝ වූ තලවාකැලේ පදිංචි ටියුරින් තිලකරත්න නම් දොළොස් හැවිරිදි දරුවෙකුගේ පුනරුත්පත්තිය ලෙස 1956 දී ඤාණතිලකා බද්දවිතාන නම් දැරිය, කොත්මලේ දී උපත ලැබූ අයුරු පැවසෙනවා. මෙම සිද්ධි අධ්‍යනය පුනරුප්පතිය පිලිබඳ පරියේෂණ පැවැත් වූ මහාචාර්‍ය ඉයන් ස්ටීවන්සන් ගේ අවධානයට පවා ලක් වුවා. 

නමුත් මේ අධ්‍යනය තුල බොහෝ දෝෂ තිබෙනවා. පරියේෂකයෝ අරනායක රෝහලේ 1954 මිය ගිය   ටියුරින් තිලකරත්න  ගේ මරණ සහතිකය ලෙස පරියේෂකයෝ ඉදිරිපත් කොට තිබෙන්නේ වෙනත් පුද්ගලයෙකු ගේ මරණ සහතිකයක්.  මේ බව මුලින්ම පෙන්වා දුන්නේ ඒබ්‍රහම් කොවූර්. එසේම  ඤාණතිලකා - නැවත උපන් දැරිය සිද්ධි අධ්‍යනයේ පරියේෂකයෝ තම පරියේෂණය සිදු කලේ දෝෂ සහිතව . ඔවුන් confirmation bias හෙවත් තමන්ට වාසිදායක දත්ත ඉස්මතු කලා. තම මතය සනාත කිරීමට බාධා වන දත්ත ඉවත් කලා. එසේම නිරන්තරයෙන්ම තමන්ට අවශ්‍ය පිලිතුර ළදැරිය ගෙන් ගැනීමට එකම ප්‍රශ්නය පුන පුනා ඇසීමෙන් දැරියව conditioned  හෙවත් තත්වාරෝපණය කලා. සයන්ටිෆික් රිසර්ච් හෙවත් විද්‍යාත්මක පරියේෂණ ක්‍රම වේදයන් උල්ලඝනය කරමින් දෝෂ සහිතව තමයි "නැවත උපන් දැරිය"ශ්‍රී ලංකාවේ ප්‍රථම ශාස්ත්‍රීය පුනරුත්පත්ති පර්‍යේෂණය සිදු කොට තිබෙන්නේ. ඒ අනුව මේ සිද්ධි අධ්‍යනය පුනරුප්පතිය සනාත කරන පර්‍යේෂණයක් නොවේ. 

ඤාණතිලකා වර්තමානයේ ආයුර්වේද වෛද්‍යවරියක් ලෙස සේවය කරන බවත් කුඩා කාලයේ ඇය කියන ලද තොරතුරු එකක් වත් ඇයට මතක නැති බවත් ඤාණතිලකා ගේ ඥාතීන් පිලිබඳව දන්නා මා සමග මිනිපේ ප්‍රදේශයේ සේවය කල වෛද්‍ය ධර්මසිරි හේරත් 1997 දී මට පැවසුවා. 

පහත දැක්වෙන්නේ පුනරුප්පතිය පිලිබඳ මා  විසින් ලියමින් සිටින Is Life After Death a Myth or Reality? කෘතියේ  ඤාණතිලකා සිද්ධි අධ්‍යනය පිලිබඳ සඳහන් වන කොටසක්. 

The famous Sri Lankan case study of Gnanathilaka

The renowned case study from Sri Lanka, known as "The Reincarnation of Gnanathilaka" (Navatha Upan Dariya), was conducted by Dr. H.S.S. Nissanka in collaboration with Rev. Piyadassi during the early 1970s, and it gained international attention. In this intriguing case, a young girl named Gnanathilaka began to recount unusual details about a person named Thilakaratne, who was believed to have lived in Aranayaka, located in the Central Province of Sri Lanka. She insisted that she had lived in Aranayaka in a previous life and urged her parents to take her there. Upon visiting the area, the local research team observed that Gnanathilaka recognized her former family members, including her mother, siblings, and teachers. Notably, Thilakaratne had witnessed Queen Elizabeth's visit to Sri Lanka in 1954, an event that Gnanathilaka could vividly describe despite having never seen the ocean in her current life. Her detailed recollections of the sea and shoreline raised eyebrows, particularly since Thilakaratne had died as a teenager under mysterious circumstances at the Aranayaka Government Hospital. 

Dr. Abraham Kovoor, a prominent figure in the rationalist movement from the Minnesota Institute of Philosophy, publicly criticized the authenticity of Thilakaratne's death certificate presented by the research team, labeling the investigation as biased and lacking scientific rigor. Despite Kovoor's skepticism, Dr. Ian Stevenson recognized the validity of Gnanathilaka's reincarnation case.  However, the investigation has been scrutinized for its methodological shortcomings, as it appeared to reinforce preconceived notions and selectively included only suggestive evidence, raising significant questions about the overall validity of the reincarnation study.



 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook