Sunday, May 4, 2025

ලස්කිරිඤ රණශූර සමරකෝන් මුදලි





පෘතුගීසි සමයේ සිටි සිංහල රණශූරයෙකු වන දොන් ඩයස් අබේසුන්දර සමරකෝන්  මුදියන්සේ හෙවත් සමරකෝන් රාල (සමරකෝන් මුදලි)  පිලිබඳව තොරතුරු ඉතිහාසයේ අන්ධකාරයෙන් වැසී තිබෙනවා. ඔහු උපත ලබන්නේ කෝට්ට රාජධානියේ ප්‍රභූ පවුලක​.  ඔහු හක්මනෙහි අබේසුන්දරේ සමරකෝන් මුදලියන්සේ නම් ගොවිගම පවුලකට අයත් කෙනෙක්.  

සමරකෝන් මුදලි   පෘතුගීසීන් ගේ පාර්ශවය ගෙන සිංහල රාජ්‍යත්වයට එදිරිව සටන් කරපු කෙනෙක්. දක්‍ෂ සොල්දාදුවෙක්, බය නෑ. ඔහුට පෘතුගීසීන් පවා ගරු කලා.  පෘතුගීසීන් ගෙන් ඔහුට ඔහුට ඩයස් සහ ෆර්නැන්ඩස් යන පදවි නාම ලැබුණා. ඔහු පෘතුගීසි  පාක්‍ෂිකයෙක් වී ආගමත් වෙනස් කර ගන්නවා. සමරකෝන් රාලට මායාදුන්නේ රජ විසින් උසස් තනතුරක් පිරිනමන ලද නමුත් එය ප්‍රතික්‍ෂේප කර ඔහුගේ හිටපු රජු වූ දොන් ජුවාන් ධර්මපාල රජුගේ අණ පරිදි පෘතුගීසීන්ට පක්‍ෂපාතීව සිටියා. 

යුද්ධයේ දක්‍ෂ සමරකෝන් මුදලි නිසා සිංහල රජවරුන්ට පෘතුගීසින් පරාජය කිරීම අසීරුවක් වෙනවා. ඔහු වරක් අසවේදෝ ගේ ජීවිතය අණතුරට වැටුණු විට ඔහුව බේරා ගන්නවා. සමරකෝන් මුදලි ගේ යුද නිපුනතාවය නිසා අසවේදෝ  සමරකෝන් මුදලිව තම කරේ තබාගෙන නටනවා.  ඔහු කපිතාන් ධූරයට උසස්වීම් ලබනවා. වරක් උඩුනුවරට පහර දීමට විශාල හමුදාවක් සමඟ පැමිණි ඩොමින්ගෝ  කොරයා  නොහොත්  එදිරිල්ලේ බණ්ඩාර පරාජය කර  ඔහුව අල්ල ගන්නත් සමරකෝන් රාල උපකාර උනා.  

රාජසිංහයන්ට පෘතුගීසීන් පරාජය කරන්න අපහසු උන එක හේතුවක් සමරකෝන්  මුදලි වගේ රණශූරයන් පෘතුගීසීන් ගේ පාර්ශවය ගෙන සටන් කිරීම​. ගාල්ල බලකොටුව ඉදි කිරීමේදීත් සමරකෝන් මුදලි පෘතුගීසින්ට උපකාර කරනවා. ඔහුව  පෘතුගීසීන් විසින් ලංකාවේ ඉදිකරන ලද උඩුවර බලකොටුවේ කපිතාන් ලෙස පත් කරන ලැබුවා. 

වරක් සමරකෝන් රාල සහ වෙනත් ලස්කිරිඤ සිංහල මුදලි කෙනෙක් අතර ආරෝවක් තිබ්බා. මේ මුදලි සමරකෝන් රාල ගේ පියාගේ නිවසේ දොරේ අසූචි ගාලා තිබ්බා. සමරකෝන් රාල මේ අවමානය කරපු මුදලියාගේ ලේ වලින් දොර සෝදන බව කිව්වා. ඔහු ඒ වගේ ඇග්‍රෙසිව් චරිතයක්.  

අවසාන කාලයේදී ඔහු ගෝවට යනවා. ආසියාවේ නයිට්හවුඩ් ඔෆ් ද ඕඩර් ඔෆ් ද ක්‍රයිස්ට් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු පුද්ගලයා සමරකෝන් මුදලි.  ඔහුට පෘතුගීසි රජු ගෙන් විශ්‍රාම වැටුපකුත් හිමි වෙනවා. ​රාජසිංහයන් යටතේ  උඩුගංඇල්ලේ වික්‍රමසිංහ සේනාධිපති මුදලි, කොනප්පු බණ්ඩාරයන් ගේ පියා ඇතුලු  ප්‍රධාන  මුදලිවරු 40ක්  හිටියා. සිංහල රජවරු යටතේ සිටි මුදලිවරුන් බොහෝ දෙනෙක් හිස් ගැසුම් කෑවා. ඔවුන් ගේ සේවාවන් අවතක්සේරු උනා. එය අපේ සිංහල රජ වරුන් ගේ අඩුපාඩුවක්.   ඒ අතින් පෘතුගීසීන් ඔවුන්ට උපකාර කල සිංහල මුදලිවරුන්ව බලා ගත්තා. 

සමරකෝන් මුදලි වීරයෙක් ද ? ද්‍රෝහියෙක්ද කියන එකට වඩා මේ චරිතය පිලිබඳව ගවේශනය කල යුතුයි. 



1 comment:

  1. +++++++++++++++++++++++++++
    There were even Portuguese soldiers under the command of Samarakoon.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook