පහත දැක් වෙන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුවියන් අමානුෂික ලෙස නවක වදයට ලක් කල බවට චෝදනා ලබා සිටින කාන්තාවක් විසින් ලියන ලද සටහනක්. ඒක මට මිතුරෙක් දැන් ඉන්බොක්ස් කලා. ඒ සටහන කියවන කොට මේ වධකයන් වධකාවියන් ගේ මානසිකත්වය අන්‍යන්ට වද දීමට තිබෙන සේඩිස්ටික් මෙන්ටැලිටි එක පෙනී යනවා.
මෙහි අලයන් සහ රැග් අනුගත ලෙස පිරිස දෙකොටසකට බෙදනවා , උන් සහ අපි. Us vs Them නට්සීන් පවා කලේ මේක. උන් සහ අපි. කොටින්ම අල යනු.... අත්හරින ලද බව මේ සටහනේ කියනවා.
රැග් කරන ස්පෙක්ට්‍රම් එකේ මුල ; මේසය උඩට නංවා කවියක් කීමේ සිට ස්පෙක්ට්‍රම් එකේ අග ; වින්ඳිතයව මරා දැමීම අතර දෝලනය වන මානසිකත්වය මේ සටහනේ තේරුම් යනවා. අලයන්ට කැන්ටීන් යන්න , පුස්තකාලයට යන්න වෙන ශිෂ්‍යයන්ට හිමි අනිත් වරප්‍රසාද ලැබුණෙ නෑ. විශේෂයෙන්ම සරත්චඳ්‍ර වලේ නාට්‍ය බලන එක, නාට්‍ය වල රඟපාන අයිතිය නෑ කියනවා. මේ තහනම දාන්නේ කවුද , මොන විධායක බලයක් අරගෙනද ? . සිවිල් පුරවැසියනි මේවා ප්‍රශ්න කරපල්ලා.
කෙසේ වෙතත් අදාල කාන්තාවට එදිරිව රැග් විරෝධී පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයට පෙත්සමක් දෙන්න යන බව කියනවා. නමුත් අතීත වැරදි නිසා රැකියාවට කෙල වන එක මම අනුමත කරන්නේ නෑ. නමුත් එක දෙයක් ඉල්ලා සිටිනවා. රට හදන්න පෙර මේවගේ ටොක්සික් අදහස් තමන් උගන්වන ලමයින් ගේ ඔළු වලට දාන්න එපා කියලා වැඳලා ඉල්ලනවා.
අදාල කාන්තාව විසින් ලියූ සටහන කියවන්න
......... අලයන්ව කවුරුත් ගණන් ගන් නෑ. පොර ටෝක් දීපු හෝ නොදීපු, ස්වාධීනව කැම්පස් එක තුළ ඉන්න පුළුවන්, වෙනම සමාජ පැලැන්තියක්, උසස්ය කියලා ඔළුවට ගත්තු අය..... මේ හැමෝටම පුළුවනි අල වෙන්න. කිසි තහංචියක් නෑ. අලයන්ට වෙනම කැන්ටින් එකක් තිබුණා කන කැම බිම වලට සාමාන්‍ය ගානට වඩා වැඩිපුර මුදලක් අය කරන. ඉඳගෙන ඉන්න සෙනට් එක යට බිම තිබුණා. කාටහරි අල වෙන්න ඕනනම් එතැනට යන්න පුළුවනි. හැබැයි අලයන්ට වාත වෙන ශිෂ්‍යයන්ට හිමි අනිත් වරප්‍රසාද ලැබුණෙ නෑ. විශේෂයෙන්ම සරච්චන්ද්‍ර වලේ නාට්‍ය බලන එක, නාට්‍ය වල රඟපාන අයිතිය, පොළොන්නරුවේ, ගෙම්බා එකේ, වූස් එකේ, වුස් වලේ, සිංහයා ගාව ඉඳන් ඉන්න පුළුවන් වුණේ වාත වුණ අයට. ඒ වගේම කියන්න ඕන වෙන දෙයක් නිසා නෙවෙයි, වැඩියක්ම හොස්ටල් වල අලයො හිටියෙ නැති නිසා... මොකද එයාලා හොස්ටල් වලට අකමැති නිසා, එයාලට රෑ පුරා කැම්පස් එකේ තියන සංස්කෘතික සංදර්ශන, උත්සව, නාට්‍ය, වීදි, සන්නි, කෝළම්, ශාන්තිකර්ම, සංගිත ප්‍රසංග, ෆිල්ම් ෆෙස්ටිවල්..... මේ හැමදේම මගහැරෙන්න හේතුව වුණේ ඒක.
කොටින්ම අල යනු.... අත්හරින ලද
Read the full article
නවකවදය, සරසවිය හා සරසවි කුමරිය හා බැඳි මිහිරි මතකයේ මගේ අත්දැකිම - 2 Link ; https://sanskaravinivida.blogspot.com/2014/02/2.html?m=1&fbclid=IwY2xjawKHrKZleHRuA2FlbQIxMQABHv9r_GIF2-itf4UGyvr7If2ojU5Zs9U-SBIEm6G8tm07ihWul0r7haOJrFpu_aem_1J0gC00lv84cLqX6Zvm9Qg
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments