කියුබානු විප්ලවය ජය ගැනීමෙන් පසුව චේ අති ධාවනකාරී චරිතයක් බවට පත් විය. ඔහු ලෝක විප්ලවයක් සඳහා සෝවියට් දේශය විසින් සිදු කරන දායකත්වය මදි බව චෝදනා කලේය. මේ කාලයේ නිකිතා කෘශෙෆ් ඇමරිකාව සමග සාමයක් අපේක්‍ෂා කල අතර චේ ගේ ඇමරිකානු විරෝධය කෘශෙෆ් ට හිසරදයක් විය. ඇල්ජීරියාවේ පැවති සමුලුවකදී චේ සෝවියට් දේශය නිර්දය ලෙස විවේචනය කල අතර ඉන් සෝවියට් දේශය චේ සමග උරණ විය. ඇල්ජීරියානු සමුලුවෙන් පසු චේ බොලිවියානු විප්ලවය සඳහා බොලිවියාවට රහසින් ඇතුලු විය. චේ බොලිවියාවට පා තැබූ බව සී.අයි.ඒ සංවිධානයට තොරතුරු ලැබුනේය. මේ තොරතුර කේජීබී සංවිධානය හරහා ලැබුනු බවටද මතයක් පවතියි. කෙසේ වෙතත් චේ සෝවියට් දේශයටද අනවශ්‍ය බරක් විය. චේ ගේ බොලිවියානු විප්ලවය ආරම්භයේ සිටම අසාර්ථක ව්‍යාපෘතියක් විය. චේ බොලිවියාවේ භූ දේශපාලන තත්වය හරි හැටි අවබෝධ කර ගත්තේ නැත. ඔහුට තිබුනේ ජවය සහ අධිෂ්ඨානය පමණි. ඔහු කුඩා කණ්ඩායමක් සමග බොලිවියානු හමුදාවන්ට කොටුවූ විට පැන යාමට මගක් නොවූ නිසා " මම චේ වෙමි " කියා අත් ඔසවා යටත් විය. යටත් වූ පසු ඔහු තමාව මරා නොදමනු ඇතැයි සිතුවේය. අවසානයේදී සීඅයිඒ නියෝජිතයා ඔහුට වොෂින්ටන් වලින් ලැබුනු නියෝගය හෙලි කරන ලදි . ඒ අවස්ථාවේදී චේ සුදුමැලි වූ බව පසු කාලයක සී.අයි.ඒ නියෝජිතයා ප්‍රකාශ කලේය. ඔහු චේව ඇමතුවේ කමාන්ඩර් කියාය. ඔහු සමග චායාරූපයකට පෙනී සිටීමටද චේ කැමැත්ත ප්‍රකාශ කලේය. චේ මරණයෙන් පසු අර්ධ දෙවියෙකු බවට පත් විය. එහෙත් චේට සමකාමීන් මරා දැමීම , නිරායුද මිනිසුන් මරා දැමීම පිලිබඳ චෝදනා තිබේ. ඔහු පුරාවෘත්තයක් වූයේ කෙසේද ? ඔහුගේ මුහුණ සහ ක්‍රිස්තුස් ගේ මුහුණ අතර සමානකමක් තිබේ. කියුබාවේදී මා හට හමුවූ කැස්ත්‍රෝ විරෝධීන් පවා චේට ඇළුම් කල බව මට තේරුම් ගියේය.
Che was petrified and startled when he and his team were cornered by the US-backed Bolivian forces. Following the attacks the team members died and they were about to shoot at him. Wounded Che shouted "Do not shoot! I am Che Guevara and I am worth more to you alive than dead" Then they arrested him and produced him before the main CIA operative. The CIA operative treated him nicely addressed Che as " Commander" and reported Che's capture to the HQ. After a while, an order came from the HQ. The decision was to terminate Che. When the CIA operative implied the HQ decision to Che, he turned white. Then the CIA operative wanted to take a pic with him and Che gave his consent. After his photo was taken Che was shot by a Bolivian soldier. He died with dignity. Che was a controversial character and after his death, he was eulogized as a model revolutionary. According to Hunt ( 2008), Che firmly believed that significant political and social change could not occur without armed struggle. According to some historians, Che supervised the torture and execution of untold thousands of Cubans without trial. However, over the years Che’s image has transcended as a revolutionary martyr and sometimes he has been depicted as Jesus.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments