Thursday, May 8, 2025

නැපෝලියන් ගේ වැටීම




1970 නිර්මාණය කරන ලද Waterloo චිත්‍රපටය බැලුවා . මෙය බ්‍රිතාන්‍ය නළුවන් සමග සර්ගෙයි බණ්ඩරචුක් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද චිත්‍රපටයක්.  වෝටලූ යුද්දයේදී නැපෝලියන් මිස්ටේක් කීපයක් කරනවා. යුධ භූමිය මැද තියන බ්රිතාන්ය ජර්මානු හමුදා සිටි ෆාම් හවුස් එක අල්ලා ගන්න ප්රමාද වීම. මේ ෆාම් හවුස් එකේ බ්රිතාන්ය ජර්මානු සොල්දාදුවන් 450 පමණ ඉන්නවා. සොල්දාදුවන් 3000 පමණ දාලා එකවර ප්රහාරයක් දීලා මේක අල්ලන්න තිබුණා. නැත්නම් දර විසි කරලා ෆාම් හවුස් එක ගිනි තියන්න තිබුණා.

දෙවනි එක නැපෝලියන් ගේ 12, 000 අසරු හමුදාව එනකොට බ්රිතාන්ය හමුදා කොටු කොටු ෆෝමේෂන් එකට ගිහින් බයිනෙත්තු දිගු කරගෙන ඉන්නවා අස්සයන් ආපසු හැරෙනවා. ඒ කොටු අස්සේ ඉන්න බ්රිතාන්ය සොල්දාදුවන් අසරු හමුදාවට වෙඩි තියනවා. නැපෝලියන්ට කරන්න තිබ්බේ හැම අසරුවාටම දිග පොල්ලක ගැට ගැසූ පන්දම බැගින් දෙන්න. බ්රිතාන්ය හමුදා කොටු කොටු ෆෝමේෂන් එකට ආපු ගමන් අර දිග පන්දම් කොටු වලට විසි කරන එක. එතකොට කොටු කොටු ෆෝමේෂන් එකේ හිටපු සොල්දාදුවෝ ගින්නෙන් බේරෙන්න දුවනවා. එතකොට ප්රන්ස අසරුවන්ට ඔවුන්ව කඩුගා ගාන්න පුලුවන්.

අන්තිමේදී   පැරදිලා දුවන ප්‍රන්ස හමුදාව පසුපස බ්‍රිතාන්‍ය හමුදාව ලුහුබැඳගෙන එනවා එවිට නැපෝලියන් ඔවුන් දෙසට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනවා. බ්‍රිතාන්‍ය සොල්දාදුවන් මෙන්ම තමන් ගේ ප්‍රන්ස සොල්දාදුවන් පවා මේ ප්‍රහාර නිසා මිය යනව. අන්තිමේදී නැපෝලියන් යුද භූමියෙන් පලා යනවා  

මේ චිත්‍රපටය නැරඹීමෙන් පසු පසුතැවිලි දෙකක් ආවා එකක් නම් බෙල්ජියමට ගිය අවස්ථාවේදී වෝටලූ භූමිය නැරඹිමට අතපසු වීම සහ පැරීසියට ගිය අවස්ථාවේදී නැපෝලියන් ගේ ටූම්බ් එක බැලීමට නොහැකි වීම.

සෙන්ට් හෙලේනා දූපතේ අවසාන කාලය ගත කරද්දී නැපෝලියන් පශ්චාත් යුද විශාදයෙන් (Post Combat Depression ) පෙලුනා. ඉංග්‍රීසීන් නැපෝලියන්ට ආසනික් දුන්නා. (ශ්‍රී වික්‍රම රාජසිංහට ඉංග්‍රීසීන් විසින් ආසනික් කුඩා මාත්‍රා වරින් වර හොරෙන් දුන්නා. එය කලේ ඔහුගේ මරණය ඉක්මන් කිරීමටයි. ඉංග්‍රීසීන් විසින් පිටුවහලේ සිටි සිංහල සිරකරුවන්ටද ආසනික් දුන්නා. ඔවුන් මිය යාමට ප්‍රථම උදරයේ අමාරු , දෙපා ඉදිමීම තිබුනා. ශ්‍රී වික්‍රම රාජසිංහ අවසන් කාලයේ උදරයේ අමාරු , දෙපා ඉදිමීම ආදී ලක්‍ෂණ වලින් පෙලුනා. ) ඉංග්‍රීසීන් නැපෝලියන්ටත් කලේ මෙයයි. ඔහුත් අවසන් කාලයේ උදරයේ අමාරු , දෙපා ඉදිමීම ආදී ලක්‍ෂණ වලින් පෙලී මිය ගියා. පසු කාලයක ඔහුගේ කෙස් වල ආසනික් සොයාගත්තා. ඉංග්‍රීසීන් දේශපාලන සිරකරුවන් ගෙන් නිදහස් උනේ ආසනික් මගින්.



No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook