1996 ජූලි මස 18 වනදා පාන්දර මුලතිව් කඳවුරට දැවන්ත එල්.ටී.ටී.ඊ ප්‍රහාරයක් එල්ල වෙනවා ත්‍රස්තවාදීන් 5000 ආසන්න පිරිසක් කඳවුරට පහර දෙනවා. දින 12 ක් පුරා පැවිති මෙම සටනේදී නිලධාරීන් 44 ක් සහ සෙබළුන් 1125 ක් මිය යනවා. මුලතිව් කඳවුර විශාල අවි ආයුධ ප්‍රමාණයක් ද සහිතව එල්.ටී.ටී.ඊය විසින් යටත් කර ගනු ලබනවා. ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේ නිලධාරීන් 2 සහ සෙබළුන් 60 දෙනෙකු පමණියි. කඳවුරේ අණදෙන්නට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනාම නිවාඩු ගිහින් , නිසි නායකත්වයක් සෙබළුන්ට ලැබුනේ නෑ. ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කලේ විසිරී ගිය කුඩා කණ්ඩායම්. ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ දී මුළු කඳවුරු සංකීර්ණයටම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිටියේ මේජර්වරුන් දෙදෙනකු හා කපිතාන්වරයකු පමණයි.
මෙම ප්‍රහාරය සිදු වන අවස්ථාවේදී තනිවම එල්.එම් ජී අවියක් අතින් ගෙන සාජන් බාල මහත්තයා ත්‍රස්තයන් සමග නිර්භයව සටන් වදිනවා. ඔහු බොහෝ වේලාවක් ත්‍රස්තවාදීන්ට ඉදිරියට ඒමට ඉඩ දුන්නේ නෑ. නමුත් අවසානයේදී උණ්ඩ අවසන් වීම නිසා සාජන් බාල මහත්තයාව ත්‍රස්තවාදීන් විසින් මරා දමනවා. මුලතිව් භූමියේ ඔහු මරු වැළඳ ගත්තේ වීරයෙකු ලෙස. සාජන් බාල මහත්තයා ගේ පින්තූරයක් පවා සොයා ගන්නට නෑ. ඔහු අයත් වෙන්නේ ඊලාම් යුද්ධයේ අමතක වී ගිය වීරයන් ගොන්නට.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments