Thursday, May 4, 2023

ශ්‍රී ලාංකික බර්ගර් ප්‍රජාව




බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය මෙරට ස්ථාපිත වීමත් එක්ක පෘතුගීසි සහ ලන්දේසි ජාතිකයන්ගෙන් පැවත එන පිරිස බර්ගර් කියලා හඳුන්වන එක ඔවුන්ව ස්වදේශිකයන්ගෙන් වෙන් කර හඳුනා ගන්න ලොකු පහසුවක් වුණා. නමුත් මේ පිරිස ජීවත් වුණේ පෘතුගීසි බර්ගර් සහ ලන්දේසි බර්ගර් කියලා අනන්‍ය ජන කොට්ඨාශ දෙකක් විදිහට. ජාතිය, ආගම, භාෂාව සහ බාහිර පෙනුම මේ ජන සමාජ දෙක අතර තිබුණු ප්‍රධාන වෙනස්කම් විදිහට දක්වන්න පුළුවන්. (rora media). 

ලාංකික බර්ගර් ප්‍රජාව කියන්නෙ අපේ රටෙ විචිත්‍රවත්  බාවයට නව රසයක් එකතු කල  ජන කණ්ඩායමක්... ලන්දේසි ජාතිකයන් ගෙන් පැවත් එන බර්ගර් ප්‍රජාව දැන් නම් ගොඩක් විදේශ  රට වලට සංක්‍රමනය  වෙලා. අපි පිලි ගන්න  අකමැති උනාට මුලින්ම අපේ ඉරිසියාව  මුසු උන තරහව නිකුත් කලේ මේ බර්ගර් ප්‍රජාවට. කාල බීලා සැහැල්ලුවෙන්  ඉදලා  පුද්ගලික අංශයේ රැකියාවල් කරන ෆුල් සූට් එකක් ඇදලා ඉරිදට පල්ලි යන මෙ බර්ගර්  ප්‍රජාවට "ලන්සි"  කියලා අපහාසය මුසු උපහාසයෙන්  කියන්න පටන් ගන්න කොටම මේ අය ලංකාවෙන් බොහොම සාමකාමීව ඔස්ට්‍රෙලියාවට  ,කැනඩාවට සංක්‍රමනය  උනා....(Kanchana Karunaratne) 

ලාංකික බර්ගර් ප්‍රජාව අපේ මිනිස්සු හාස්‍යට ලක් කලේ කැරපොතු ලන්සි,  ලන්සි ගෙදර බංකු කකුල , ලන්සි වගේ එදාට සුදිය දාගෙන ජීවත් වෙනවා වගේ කියලා. මේ ප්‍රජාව සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවත් වීම " ජීවිතය දුකයි ජීවිතය දුකයි"  කිය කියා හිටපු සිංහල බෞද්ධ ප්‍රජාවට ඇල්ලුවේ නෑ. පියදාස සිරිසේන වගේ සිංහල බෞද්ධ ලේඛකයෝ ලංසි ප්‍රජාව ගැන ලියන්නේ සංකර ග්‍රාම්‍ය බේබදු සල්ලාල ප්‍රජාවක් වගේ අදහස් සමග. 

1956 වගේ කාලේ ඉඳන් තමයි අපේ අයියලා බර්ගර් ප්‍රජාවට ලාවට බැස්තිය දෙන්න පටන් ගත්තේ. බණ්ඩාරනායක ගෙනාපු "සිංහල පමණයි " නිසා රාජ්‍ය සේවයේ හිටපු දක්‍ෂ බර්ගර් මැනේජර්ස්ලා ටිකෙන් ටික රාජ්‍ය සේවයෙන් අයින් උනා. ඊට පස්සේ බුලත් කන, අලස, වැඩක් නොකරන,  වැඩ දන්න්නේ නැති උද්දච්ච, මිනිස් ගරුත්වය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති සිංහල පමණක් දත් මිනිසුන් රාජ්‍ය සේවය අරක් ගත්තා. මට වරක් ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකික බර්ගර් ජාතිකයෙක් හමු උනා.  ඔහු සේවය කරලා තියෙන්නේ පොලිසියේ. ඔහු මට ව්‍යංගයෙන් කිව්වේ බණ්ඩාරනායක  ගේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම ඔවුන්ට වෙස් වෙලාගත් ආශිර්වාදයක් උනා කියලා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න​. දැන් ඔවුන් ඉතා හොඳින් සැප පහසුවට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. නමුත් ඔවුන් තවමත් ලංකාවට ආදරෙයි.

ලංකාව අන්තර්ජාතික සංකෘතික ලෝකයට යා කරන්න ඉහල මධ්‍යම පාන්තික ක්‍රිස්තියානීන් විශේශයෙන් ලාංකික බර්ගර් ප්‍රජාවකල සේවය තියෙන්නේ තවමත් සැඟවිලා. ඔවුන් නිසා තමයි ලංකාව Jim Reeves, Elvis, Hank Snow වගේ චරිත ගැන දැන ගන්නේ.   බටහිර සංගීතය , බටහිර සිනමාව , බටහිර සංස්කෘතිය ලංකාවට ගලාගෙන ආවේ මොවුන් හරහා. එහෙත් ඉහල මධ්‍යම පාන්තික බෞද්ධයන් වූ ගුණදාස අමරසේකර , නලීන් සිල්වා ලංකා සමාජයට බෙදුවේ සංකෘතික පසුගාමීත්වය​. මේ ටොපිය කාපු ශ්‍රී ලාංකික විශේශයෙන් සිංහල තරුණ තරුණියෝ බටහිර සමාජය එක්ක කනෙක්ට් වෙන්න යන්නේ ගංජා, අයිස් හරහා. ඒත් ඔවුන් ගේ මොලය හිස්. කඳ විතරක් ඩෙනිම් එකකින් වැහිලා. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook