ෆේස් බුක් ෆලෝවර්ස්ලා විවිධයි. මම නිරීක්‍ෂණය කරපු දෙයක් තමයි විවිධ චරිත සහ දායක සභා වල ඝනත්වය. උදාහරණයක් ලෙස සන්නස්ගලගේ පෝස්ට් වලට ලයික් දාන දහස් ගනනක් ඉන්නවා. ඔහු ලියන්නේ රැඩිකල් දේවල් . ඒ නිසා යම් ආකර්ශනයක් තියනවා. ඒත් දැන් ඔහු දාන පෝස්ට් වලට ඉහතදී තරම් ලයික් වැටීමක් නෑ. නිර්මාල් දේවසිරි වරින් වර අන්දෝලනාත්මක කතා ඔහුගේ වෝල් එකේ ලියන නිසා ඔහුගෙත් දායක සභාව ලොකුයි. ඒ වගේම වෙන අයත් ඔහුගේ වෝල් එකේ ලියනවා. රසික ජයකොඩිටත් ෆලෝවස්ලා ඉන්නවා. මමත් වරින් වර ඔහුගේ පොස්ට් වලට කොමෙන්ට් දානවා. රසික ජයකොඩි ටිකක් කුහක වැඩත් කරනවා. රසික ඉස්සර තමන්ට අභියෝගාත්මක සමහර පෝස්ට් ඩිලිට් කරනවා කවදාවත් සංවාදයකට එන්නේ නෑ. දේශපාලනයට එන්න අදහස් කරන පුද්ගලයෙකු ලෙස මේක ඔහු තුල තිබෙන දුර්වලකමක්. නමුත් ඔහු තුල ප්‍රගතිශීලී අදහස් දකින්න පුලුවන්. ඒ අතින් පැතුම් කර්නර් තමන්ට අභියෝගාත්මක අදහස් වලට වූවත් පිලිතුරු දෙනවා. ඒත් මෑතකදී සිට පැතුම් කර්නර් ගේ දායක සභාව විශාල වශයෙන් අඩු වෙලා. එක හේතුවක් නම් ඔහුගේ අදහස් වල නවතාවක් දකින්නට නොලැබීමයි. චින්තන ධර්මදාසටත් ෆලෝවස්ලා ඉන්නවා. නමුත් ඔහු තුල ලොකු ඉන්ටලෙක්චුවල් කැපෑසිටි එකෙක් නෑ. ඔහුගේ පෝස්ට් වල බුද්ධි කළම් බනය අඩුයි .නිබඳවම සෙක්ස් පිලිබඳව කතා කරන නිසා චින්තන ධර්මදාසට පිරිස ඇදිලා යනවා. මහින්ද පතිරණ Friedrich Nietzsche ගැන ලියපු කෙනෙක් . ඒත් ඔහු හිතාමතා කොමඩි කතා ලියලා ජෝකර් කෙනෙක් බවට පත් වෙමින් යනවා. ඒක ඔහුට අවාසිදායක වෙයි ඉදිරියේදී. මම මේ පිලිබඳව ඔහුව දැනුවත් කලා.කෙසේ නමුත් මෙලෙස සමාජයට විවිධ අදහස් දෙන්නන් සිටීම හොඳයි. ඒ නිසා විවිධත්වයක් ඇතිවෙනවා. මිනිසුන් විවිධ ආකාරයෙන් බොක්ස් එකෙන් පිටත හිතන්න ගන්නවා.
👌...........
ReplyDelete