Orgies යනු සාමූහික රති කෙළි (a wild party, especially one involving excessive drinking and unrestrained sexual activity) ලෙස හැඳින්විය හැකිය. පුරාණ ග්‍රීක ආගමේ, ඔර්ජියා යනු ග්‍රීක සහ හෙලනිස්ටික් අභිරහස් ආගම්වලට ආවේණික වූ ප්‍රීතිමත් චාරිත්‍ර වේ. රෝම යුගයේදී ලිංගිකත්වය සහ සශ්‍රීකත්වය සංස්කෘතික අවශ්‍යතා වූ අතර, ඔර්ජියාවේ මූලික අරමුණ වූයේ දිව්‍යමය සමඟ ප්‍රීතිමත් එකමුතුවක් සාක්ෂාත් කර ගැනීමයි.
හෙරොඩෝටස් පුරාණ ඊජිප්තුවේ බැස්ටෙට් උත්සවය ගැන ලියයි, අසීමිත වයින් පරිභෝජනය සහ සාමාන්‍ය අශිෂ්ටත්වය පිළිබඳ දර්ශනයක් ඔහු විස්තර කරයි. ග්‍රීකයන් වයින් සහ සශ්‍රීකත්වයේ ග්‍රීක දෙවියා වන ඩයොනිසස්, ඉෂ්තාර් ගේ නාමයෙන් වාර්‍ෂික උත්සව පවත්වන ලද අතර පිරිස් විශාල වශයෙන් වයින් පානය කරන ලද අතර, දවස පුරා, සෑම දිනකම, ලිංගික ක්‍රියාවන්හි නිරත වූහ. ඉන්දියාවේ ඛජුරාහෝ නගරයේද මෙවැනි කාම සැනෙකෙළි පවත්වන ලදි.
විලියම් ෂේක්ස්පියර් විසින් 1588 - 1593 කාලය තුල රචිත ඛේදවාචක නාට්‍යක් වන Titus Andronicus හිද orgies (සාමූහික රති කෙළි) පිලිබඳව සඳහන් වෙයි. ප්‍රංශ ලේඛක සහ Donatien Alphonse François, Marquis de Sade විසින් රචිත The 120 Days of Sodom නවකතාව කාමභෝගී ක්‍රියාවන් පිලිබඳව විස්තර කරයි. මෙම නවකතාව ලියන ලද්දේ 1785 වසරේදීය. බොහෝ රටවල තහනම් කොට තිබූ එම නවකතාව 2016 දී, නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයක් Penguin Classic ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
නූතන සිංහල සාහිත්‍යයේ මුලින්ම orgies නොහොත් සාමූහික රති කෙළි පිලිබඳව ලියන්නේ ගත්කරු පියදාස සිරිසේන විසිනි. ඒ ඔහුගේ අද්භූත ආගන්තුකයා නවකතාව හරහාය. එම නවකතාවේ මෙසේ දැක්වේ.
...........ඉක්බිති වෙනදා පුරුද්දේ හැටියට අපේ නොයෙකුත් කතා බස් ඇතිවිය. ගෝමිස් උන්නැහේ තරුණියන් දෙන්නෙකුත් සමග “බයස්කෝප්” බලන්ට ගිය හැටිත් එහි පෙන්වන ලද සමහර පින්තූරවල විස්තරත්, ඒ පින්තූර දුටුවාවූ ඇස් ඇති තරුණියක් කොයිම නීච ක්රිියාවකට උවත් පොළඹවා ගැණීමට පුළුවන් බවත් විස්තර සහිතව ගෝවිස් උන්නැහේ කියන්ට පටන් ගත්තේය. බයස්කෝප් ප්ර දර්ශනයේ දක්වන මිශ්ර නෑම, සවස් කාලේ පිට්ටනිවල ඉඳීම ආදී සෙල්ලම්වල ගෑණු පිරිමි එක්ව විගඩම් දකින ලපටි සිහිබුද්ධිය ඇති තරුණයන් තුළත් විශේෂ වශයෙන් ගෑණු ළමයින් තුළත් ලජ්ජා භයක් ඉතුරුවුනොත් ලොකු යකඩ දාගිය ගෙයක පුළුන් ඉතුරු වෙන්ටත් පුළුවන. ඒ එසේද වුවත් ගෝමිස් උන්නැහේ බයස්කෝප් එකේ වර්ණනාව කළ බැවින් කඩිමුඩිකර රාත්රී භොජන අනුභවකොට ඒ කද්දී විෂ්කි අඩි කීපයකුත් ගසා හොඳටම සූර්ව සිටි අපි ඇඳ පැළඳ ගෙණ බයස්කෝප් බලන්ට සූදානම් වීමු. අපේ ගෙදර ඉන්නා ලංසි නෝනත්, නංගිත්, මමත් සූදානම්වූ හැටියේ ගෝමිස් උන්නැහේ යහළු නෝනලා දෙන්නාත් සමග එක්ක එන බව කියා ඔහු අපට ඉස්සරින් යන්ට ගියේය. අපි තුන් දෙනා මොටොර් රථයෙන් බයස්කෝප් මඩුව ලඟට ගියෙමු. ගෝමිස් උන්නැහේ මිත්රට තරුණියන් දෙන්නාත් සමග රික්ෂො රථවලින් ආහ. අප ඇතුල්ව පළමුවෙනි කැලෑසියේ වාඩිගතිමු. අප හය දෙනාට රුපියල් දහඅටකුත් මා විසින් ගෙවන ලදී. එහි දක්වන ලද සිතියම් වලින් සමහරක් “කටුඉඹුල්” නරකය සමාන බව දැන්නම් තේරේ. නමුත් එවෙලාවට ඒ තරම් ප්රි යකරු දර්ශණයක් ලෝකයේ නැතැයි සිතුවෙමි. ඉතින් මත්පැනෙන් විකෘතිවූද මත්පැන් නිසා බලවත් කාමුක චේතනාද ඇති අපි සදෙනා ශාලාවේ එලිය නිවා රූප දක්වන වෙලාවට හැසුරුණු අන්දමේ පිළිකුල් භාවය කෙතරම්ද කිවහොත් නපුරු විධියට ඇතිදැඩි වන මනුෂ්යියෙකුට මිස උත්පත්තියෙන්ම නපුරුවූ යක්ෂයෙකුටවත්, උත්පත්තියෙන්ම පිළිකුල්වු ප්රේඋතයෙකුටවත්, උත්පත්තියෙන්ම පහත්වූ මෘගයෙකුටවත් රුචි නොවේ. නමුත් අපට නම් ඒ තරම් ප්රී ති සහගත හැසිරීමක් තවත් නොමැති වීය. ඉතින් ඒ රූප තරම් ප්රීරති සහගත හැසිරීමක් තවත් නොමැති විය. ඉතින් ඒ රූප පෙන්වද්දී මිනිත්තු 15 ක නිවාඩු කාලයක් ඇති විය. ඒ නිවාඩු කාලය තුල එහිම බිම විකුණන බැවින් විෂ්කිත් සෝඩත් වීදුරු හයක් ගෙන්වා හදෙනම බීගතිමු. ඒ බීගත් පසු අපේ ස්වභාවය අතිශයින් අමුතුවිය. අප ළඟින් සිටි තවත් තරුණ තරුණියන්ගේ හැසිරීමත් අපේ හැසිරීමට දෙවෙනි නොවේ. බයස්කෝප් බැලීමට ගොස් භූත දේ දක්නා තරුණියන්ගේ හිත් අතිශයින් විකල භාවයට පත්වීම අහසට දැමූ කැටක් බිම එන්නාක් මෙන් ඒකාන්තවූ ක්ෂණික සිද්ධියකි. අප කාණ්ඩයේ සිටි සදෙනාම එකෙකුට එකෙක් අඩු නැතුව සුරා මදයෙන් මත්වුවන් බැවින් ඊට සම්බන්ධවූ කාම මදයෙන්ද පීඩිතව රාත්රීු දොළහට පමණ ඒ ක්රී ඩා ශාලාවෙන් පිටවීමු. දැන් අප යා යුත්තේ කොහාටදැයි ගොමිස් ඇසුවේය. වෙන කොහාටද? අපේ බංගලාවට යමු යයි කීවෙමි. අන්යද ගෙවල් දෙකකින් එක්ක අවුත් සිටි තරුණියෝ දෙන්නාද අප සමග යාමට කැමති වූහ. ඉතින් සදෙනාම මොටෝ රථයේ නැගී අපේ බංගලාවට ගොස් තවත් විෂ්කි අඩිය බැගින් බී නිදාගතිමු. ඒ රාත්රිෂය ගතකළ හැටි විස්තර සහිතව තමුන්නාන්සේට කියා දෙන්ට බැරුවාට කණගාටු වෙමි. නමුත් එහි ප්රහතිඵලය නම් මගේ කථාන්තරය කියවන විට තමුන්නාන්සේට නිරායාසයෙන්ම දැන ගන්ට ලැබෙනු නිසැකි. මේ පාප මිත්රන ගෝමිස් හා ලංසි නෝනත් නිසා මා තුළ කලින් පැවති මසුරු කමද අඩුවිය. බීමටත්, “ඇන්ජෝයි” කිරීමට හෙවත් කාමුක ගතිය වර්ධනය වන අන්දමේ ක්රී ඩා කිරීමටත් කෙතරම් වියදම් කළත් ඒ පාඩුවක් නොවන බව මට හිතුනේය. එතැන් පටන් මගේ වියදම් අධික විය. (අද්භූත ආගන්තුකයා).
පියදාස සිරිසේනයන් අද්භූත ආගන්තුකයා නවකතාව ලියන්නේ 1928 වසරේදීය. මෙම නවකතාවෙන් “ඒබ්‍රහම් ජෝන්ස්” නම් පුද්ගලයාගේ කාම භෝගි ජීවිතයද ඔහුගේ ජීවිතයේ පිරිහීමද විස්තර කරයි. වර්‍ෂ 1906 සිට 1946 දක්වා වූ වසර 40 ක කාලය තුළ මෙරට ජනප්‍රිය නවකතාකරුවා වූයේ පියදාස සිරිසේන ය. මහාචාර්‍ය ආරිය රාජකරුණා පවසන පරිදි මෙම කාලය හැඳින්වෙන්නේ සිංහල නවකතාවේ සිරිසේන සමය ලෙසටය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
++++++
ReplyDelete