Sunday, February 6, 2022

සීතක්කාගේ කුඩය

 



සක්වල ගල ප්‍රකම්පිත කරගෙන
මහ පොළව සොලවාගෙන
සීතා අක්කාගේ  රතු කුඩය
හුලඟට ගසා ගෙන ගියා

වැටමාර ගස් උදුරුවාගෙන
හමන්නට වූ දඟර සුලඟ
සීතා අක්කාගේ  රතු කුඩය
අහස උසට ගෙන ගියා 

අතෝරක් නොමැතිව
දොඹ කැට සේ අහසෙන් වැටෙන
මහ මුරුගසන්  වරුසාවට තෙමී
සීතක්කා කට කට ගා වෙව්ලුවා 

කුඩය දෑතට තුරුළු කරගෙන 
අඳෝනාවෙන් මුව අයාගෙන
අසන්නන් ගේ දෙකන් පළාගෙන 
සීතක්කා මැති සබයට සම්ප්‍රාප්ත උනා 

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook