Saturday, May 9, 2020

ජාසිංහ සර්

කපිල ජාසිංහ එක්ක අවුරුදු 38 වගේ කාලයකට පස්සේ කතා කලා. කපිල ජාසිංහ ගේ තත්තා අපිට කෘෂිකර්මය උගන්වපු ජාසිංහ සර්. නියම සර් ඔරොප්පු කෙරුවම නෙලන්නේ ලී කෙළි වලට ගන්න පොළු වලින්. දවසක් කොල්ලෝ සර්ව ඔරොප්පු කරවලා සර් මේසයක් පෙරලගෙන ගහන්න ආවම සර් ගෙ බත් මුල බිම වැටුණා. ඒකේ තිබ්බ බිත්තරය රජිත් හෙවත් මීයා ටුුක් ගාලා කෑවා . සර් මුළු පන්තියටම නෙළුවා. ගජනායක් බොරු ෆිට් එකක් අරගෙන සිහි නැතිවෙලා වැටිලා පෝරියල් එකෙන් කොල්ලන්ව බේර ගත්තා.  

තවත් සැරයක් අපි කෘෂිකර්මය පීරියඩ් එකේදී සර් උදළු දීලා පාත්තිය කොටන්න කිව්වා. කොල්ලෝ ගසුත් එක්ක පාත්තිය කොටලා කාබාසිනියා කලා කියලා සර් උදළු මිටකින් කොල්ලන් ගේ පස්සට දුන්නා. 

තව සැරයක්  වාර විභාගෙදී කෘෂිකර්ම පේපර් එකකට ලකුණු අඩුයි කියලා කොල්ලෝ සර්ට අඩපාලි කිව්වා. සර් ලකුණු මදි අයට කෘෂිකර්ම කාමරයට එන්න කිව්වා. කුශාන්ත ඇතුළු කොල්ලෝ කෘෂිකර්ම පේපර් එකත් අරගෙන කෘෂිකර්ම කාමරයට ගියා. දැන් කොල්ලෝ සූ ගාලා කෘෂිකර්ම කාමරයේ පිරිලා තදබදේ. ජාසිංහ සර් කොසු මිටක් අරගෙන මෙන්න බොලාට ලකුණු කියලා කොනක ඉඳන් නෙළුවා. කොල්ලෝ හිස හැරුණු හැරුණු අත දිව්වා. 

ජාසිංහ සර් කොල්ලන්ට පෝරියල් එක දුන්නේ තරහකින් නෙවෙයි. මමත් ජාසිංහ සර් ගෙන් කාලා තියනවා. ඕලෙවල් ඉවර වෙලා නිවාඩු කාලේ මම ස්කවුටින්  රූම් එකේ ඉන්න කොට සර් ආවා කකුලේ පොඩි තුවාලයකට බෙහෙත් දාගන්න​. ආ කොහොමද පුතා කියලා සර් කතා කලා. 

ජාසිංහ සර් අවුරුදු 91 ජීවත් වෙලා මිය ගිය බව කපිල කිව්වා. ජාසිංහ සර් තවමත් අපේ හිත් තුල ජීවත් වෙනවා. 

2 comments:

  1. මමත් කාලා ඇත්තෙමි.

    ReplyDelete
  2. බුදාම්මෝ! මතක් කරණ්න එපා! රිපෝට් එක අරණ් ඉක්මනට ගෙදර යන්න සෙට් වෙන කොටම යුරියා බෑග් එකක් ගෙනල්ලා අර ප්‍රභාත් එකයි පංසලයි අතර තිබුනු බංඩක්කා පාත්තියට; ගහකට ගිනි පෙට්ටි පියනකින් එකක් ගානෙ දාන්න කිව්වා.
    අපි ගස් මැරෙන්න ගස් මුලටම අහුරු අහුරු දාලා ගෙදර ගියා.
    ඊළඟ අවුරුද්දෙ එනකොට බංඩක්කා ගස් වලින් 3 X 4 දොර උළුවහු ඉරණ්න පුළුවන් ගානට හැදිලා.
    බංඩක්කා කරල් ටිකට නම් ටිප් ටොප් ලගෙ ගෙදර එවුන් වැඩේ දෙන්න ඇති.
    ගස් ටික කෙළින්ම මාළිගාවත්ත ලී මෝලට දැම්මා ලෑලි ඉරණ්න!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook