Friday, May 15, 2020

දුක්ඛ සංකල්පය ජය ගැනීම

මැවුම්කරුවෙක් විශ්වයේ නෑ. ස්ටීවන් හෝකින්ස් මරණයට පෙරදී කියනවා අනන්තවූ අප්‍රමාණ විශ්වය පීරා හෙව්වත් මැවුම්කරුවෙකු හමු වෙන්නේ නෑ.  විශ්වය අපරිමිතයි. 

කාලයත් සමග මිනිසුන් අවයව බද්ධ කිරීම ජයග්‍රාහීව අරඹයි. සෑම අවයවයක්ම කෘතිමව ත්‍රිමාණ ජෛව ප්‍රින්ටරයක් හරහා බිහිකර ගන්න පුලුවන් . ඇස​, මොලය , වකුගඩු, අක්මාව ආදිය පමණක් නොව සම පවා බද්ධ කර ගන්න පුලුවන් වෙනවා. මිනිසුන් ජරාව මරණය අභිබවමින් අමරණීය වෙනවා. ජීව සෛල සමග උපදින මිනිසා අවයව ජරාවට පත් වීම සමගම කෘතිම අවයව බද්ධ කර ගන්නවා. මෙහි සීමාවක් නෑ. මොලයේ මතකය චිප් එකකට අරගෙන එය කෘතිම මොලයකට ඇතුළත් කරනවා. එතකොට මම කියන පුද්ගලයා නිරන්තරයෙන්ම පවතිනවා. ජාති ජරා මරණ වලින් මිනිසුන් ජය ගන්නවා. දුක්ඛ , අනිත්‍ය අනාත්ම යන ත්‍රිත්වය අනාගත මිනිසාට අදාළ වෙන්නේ නෑ. ඒ අනුව බුදු දහමත් නිශේදනය වෙනවා. දුක්ඛ කියන සංකල්පය අනාගත මිනිසා විසින් ජය ගන්නවා. 

4 comments:

  1. නමුත් "සබ්බේ සංඛාරා අනිච්චා".
    ඇතිවූ සියල්ල නැතිවනවාමයි.
    එය විශ්වයටද සාධාරණයි.

    ReplyDelete
  2. In accordance with the Thripitakaya, your ත්‍රිලක්ඛණ definition is not accurate.

    ReplyDelete
  3. Is this book still available?.

    ReplyDelete
  4. මේක සම්පූර්ණයෙන්ම කිසිම පදනමක් නැති මතයක්. මොකද අනන්ත සංසාරය පුරාවටම අපගේ භව ගමන සිද්ධ වෙනවා. එතකොට පෘථිවියේ දැන් තියෙන දියුණු ශිෂ්ඨාචාරයටත් වඩා දියුණු තාක්‍ෂණයක් ඇති ඕනෑ තරම් අනන්ත ශිෂ්ඨාචාරයන් පසුකරමින් අපේ භව ගමන සිදුවෙන්න ඇති. එහෙම වුනානම් ඔය ප්‍රශ්නය අද වෙනකොට විසඳිලා. ඔක්කෝම අමරණීය ජීවිත ගතකරනවා. ග්‍රහලෝක ගණනාවක් පුරාවට අමරණීය ජීවීන් බිහිවෙලා තියෙන්න ඕනේ..එහෙම වෙලා තියෙනවාද?...නැහැ..ඒ ඇයි?..ඇතිවෙලා, දුකට පත්වෙලා ඉන්පසුව නැතිවීමට පත්වීම කියන දේ හැමෝම උරුමයෙන්ම අරගෙන එන නිසා..ඒ නිසා ඔය ත්‍රී ලක්‍ෂ්ණය තුළ කියවෙන සංකල්ප සදාකාලිකයි. කිසිවෙකුට ස්වභාව ධර්මය අතික්‍රමණය කළ නොහැහකියි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook