Saturday, May 2, 2020

සුනිල් සාන්තයන්ව කැපුවේ කවුද ?

සුනිල් ශාන්ත (1915-1981) ශ්‍රී ලාංකික විශිෂ්ට සංගීතඥයෙකි. භාරතීය හින්දුස්ථාන් සංගීතය වෙනුවට දේශීය සංගීතයේ ලකුණ සොයා යමින් සිංහල බසට අනුව යන සංගීතයක් හදුන්වාදීමේ වෑයමක ඔහු නිරත විය​. 

මේ කෙටි ලිපිය සුනිල් සාන්ත පිලිබඳව නොවේ ඔහුගේ මාර්ගයට බාධා ඇති කල පිරිස පිලිබඳවය​.  සුනිල් සාන්තට ගල් පෙරළුව එක ප්‍රකට අයෙකු නම් ලයනල් එදිරිසිංහ සංගීතවේදියාණන් ය​. ලයනල් එදිරිසිංහයන්ගේ සංගීත ජීවිතය ආරම්භ වන්නේ ඔහු 1933 දී ඉන්දියාවේ ශාන්ති නිකේතනයට යෑමෙන්. ප්‍රවීණ චිත්‍ර ශිල්පී එල්. ටී. පී. මංජු ශ්‍රී, සාගර පලන්සූරිය (කේයස්), සෙලිනා වීරසිංහ එකල ඔහුගේ සමකාලීන ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන්.  1952 දී රජයේ සංගීත විද්‍යාලය ආරම්භ කරද්දී එහි පළමු විදුහල්පතිවරයා වුණේ එදිරිසිංහයන්. නමුත් ඔහු සුනිල් සාන්තව  රජයේ සංගීත විද්‍යාලයට බඳව ගන්න යන එකටත් බාධා කලා. 

1952 වසරේ රජය විසින් ඉන්දියානු මහාචාර්‍ය රත්නජයන්කර් ගෙන්වා කළ ලාංකීය සංගීත ශිල්පීන්ගේ හඩවල් වර්ගීකරණය කිරීමේ ක්‍රියාවලියට විරුද්ධව ප්‍රබල හඩක් නැගීම නිසා සුනිල් ශාන්තව ගුවන්විදුලියෙන් නෙරපවනවා. ගුවන් විදුලියේ තිබූ ඔහුගේ ගී තැටි වල නරුමයන් යකඩ ඇණ වලින් ඉරි අඳිනවා.  තවද පේරාදෙණි ගුරු කුලය සමග එදිරිවීර   සරත්චන්ද්  ද සුනිල් සාන්තට පහර දුන් බව නොරහසකි

ගුවන් විදුලියෙන් ඉවත් කිරීමෙන් පසුව ඔහු පදිකවේදිකාවල රෙදි වික්කා. කරවල වික්කා. ගොවිතැන් කළා. පැට්‍රොල්මැක්ස් ලාම්පු ගුවන්විදුලි යන්ත්‍ර රෙපෙයාර් කළා. කාර් හැදුවා. කිසිම කලා කාරයෙක් ඔහු වෙනුවෙන් හඞ නගන්නේ නෑ.    

ශ්‍රී ලංකාභිමාන්‍ය වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා  හෙවත්  ඩබ්. ඩී. අමරදේව සුනිල් සාන්තගේ ගෝලයෙක්. අමරදේවට නැගිටින්න අත දෙන්නේ සුනිල් සාන්ත. නමුත් ප්‍රසිද්ධියට පත් වූ පසු අමරදේව කවදාවත් සුනිල් සාන්ත තමන්ට කරපු උපකාර පිලිගන්නේවත් ඒ පිලිබදව ඔහුට ස්තූති කරන්නේවත් නෑ. පහත දැක්වෙන්නේ අමරදේවට උපකාර කරන්න කියා සුනිල් සාන්ත පත්තරේට ලියපු ලිපියක්. 

සංගීතය සුන්දර උනාට සංගීත ක්ශේත්‍රය කියන්නේ නාරා වලක් 



4 comments:

  1. ස්තුතියි.
    කෙසේ හෝ වටිනා කලාකරුවෙක් අපට නැති වුණා.
    සුනිල් සාන්ත මහතාගේ අනන්‍යතාවයට සරිලන කිසිම ගායකයකු මෙතෙක් බිහි නොවීම අභාග්‍යයකි.

    ReplyDelete
  2. නම් ගම් සහිතව හොද විග්‍රහයක්

    ReplyDelete
  3. කට කෑවත් නම් ගම් එක්කම දාලා තියනවා

    ReplyDelete
  4. අමරදේවට සුනිල් සන්ත කැපිල්ල දැම්මා කියලා අපි අහලා තියනවා. Internet එකෙත් දැකලා තියනවා!.. ඒ ගැන මොකද්ද තත්ත්වය? තව ආනන්ද සමරකෝන් කොහොම ද සම්බන්ධ ඕවට?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook