Friday, April 10, 2020

වික්ටර් රත්නායක පරමාදර්ශය

වික්ටර් රත්නායක තමන් ගේ පුතා ගේ මළ ගෙදර නොගිය එකට බොහෝ දෙනෙක් විස්සෝප වෙනවා. වික්ටර් පිලිබඳ ඔවුන් තුල තිබෙන ප්‍රතිරූපය බිඳෙනවට ඔවුන් යටි හිතෙන් අකමැතියි. නමුත් අප පිලි ගත යුතු සත්‍ය තමයි පරමාදර්ශී මිනිසුන් අපගේ සමාජයේ නෑ. පරමාදර්ශී මිනිසුන් හොයන්න මහන්සි  වෙන්නත් එපා. අවසන් විග්‍රහයේදී මිනිසුන් සියල්ල කන බොන ශාරීරික තරල විසර්ජනය කරන අය​. නීට්ශේ වරක් කියනවා හොඳ මිනිසා යනු කප්පාදු කල මිනිසාය කියලා. ඒ නිසා  කප්පාදු කල මිනිසුන් අතරින් පරමාදර්ශ හොයන්නත් එපා.   මා විසින් ලියන ලද වෛද්‍යවරයෙකුගේ සිහි සටහන් පොත ආරම්භ වන්නේ මම කිසි දින පරමාදර්ශී මිනිසෙකු වූයේ නැත.  කියමින්. මම පරමාදර්ශී සිසුවෙකු ,පරමාදර්ශී වෛද්‍යවරයෙකු මෙන්ම පරමාදර්ශී මිනිසෙකු වූයේ නැත.  මිනිසුන් පරමාදර්ශයන් සහ පද්ධති වලින් ඈත් වන තරමට ඔවුන් ගේ මනස නිදහස්. අද අප ඉදිරියේ වික්ටර් රත්නායක පරමාදර්ශය බිඳ වැටී තියෙන්නේ මේ නිසයි. රුසියානු ගායක විසෝස්කි පරමාදර්ශ සොයාගෙන ගියේ නෑ. ඔහු  වගකීමකින් යුතුව නිදහස් ලෙසින් ජීවිතය වින්දනය කලා. මිනිසුන් ගේ හදවත් තුල විසෝස්කි තවමත් ජීවත් වන්නේ මේ නිසයි. 

5 comments:

  1. True and agreed ...අපි මවා ගත්ත ලෝක වල ඉන්න වීරයෝ...ඇත්ත ජීවිතයේ නැහැ.....

    ReplyDelete
  2. Yes Ruwan I agree with you. Some time ago when this post came up I replied there saying this is personal. I am not worried. Some body had written a long but a polite reply. As usual Meka Sinhala Bauddha ratak and it went on and on. This is why I told you few days ago we are Islanders and locked down. No free thinking, can not think beyond. I know at least little amount about this family problem. I do not intend writing any thing here as 1. I do not want to bring and disrespect to late Jayantha. 2. This same thing can happen to you and I if we are unfortunate enough. Further we see the tip of the iceberg and make decisions and start commenting without finding out the rest of the sunk ice berg. Lastly only very few people understand basic human needs!!

    ReplyDelete
  3. පරමාදර්ශී චරිතයකට පෙර ජයන්ත ඔහුගේ පුතා, ඔහු ජයන්තගේ පියා, වැරදි කා අතිනුත් වෙනවා. නමුත් ජීවිතයේ අනියත පසක් කරන මෙවන් මොහොතක සියල්ල පසෙකලා කවුරු මොනා කීවත් තමන්ගේ ලෙයින් උපන් දරුවාට අවසන් ගෞරව නොදැක්විමයි මෙතැන ප්‍රශ්නය.
    මේක කර්තේලිස් අයියයි එයාගේ පුතයි අතර වුණා නම් කවුරුත් හොයන්නෙ නෑ. මේක විත්ටර් රත්නායක සහ ඔහුගේ පුතා අතර සිදුවීමයි අනෙක් ගැටලුව. අන්න එතනදියි ඔබ කියන පරමාදර්ශය ඉස්මතු වන්නේ. හැබැයි මේ සියල්ලටම පෙර මතක තබා ගත යුතු වන්නේ මේ තාත්තෙක් සහ පුතෙක් කියන වගත්, ඔහු පවුලේ පළමු දරුවා යන්නත් පමණි.
    විචාරක දියණිය

    ReplyDelete
  4. මුහුණු පොතේ ඉන්න සමහර වීරයින් ලෙස වචන හරඹයන් හි යෙදෙන අය සාමාන්‍ය සමාජය තුල දකින්නවත් නැහැ. ඒ හරඹයන්හි සත්‍යයතාවයක් ද ඇත්තේ නැති තරම්.....

    ReplyDelete
  5. වික්ටර් හිතන විදිහට ඔහු නොගිය එක හරි ඇති. ඒකයි ඔහු නොගියෙ. මම හෝ වෙන කෙනෙක් හරියි කියන මිණුමකට ජීවත් වෙන්න ඔහුට වගකීමක් නැහැ. ඔහුට අපහාස කරල හෝ විවේචනය කරල මම ද්වේශයක් අත්වින්ඳොත් මමයි මෝඩයා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook