කොරෝනා නිසා ඇමරිකාවේ, එංගලන්තයේ , ඉතාලියේ , ඕස්ට්‍රේලියාවේ මිනිසුන් තොග පිටින් මැරෙන විට, සෞඛ්‍ය සේවාවන් අඩාල වන විට ලංකාවේ සමහර දෙනෙකු කුරිරු සතුටකින් යුතුව " ඔන්න ඇමරිකාවේ මෙච්චරක් මලා " එංගලන්තයේ රෝහල් වල රෝගීන් බාර ගන්නේ නෑ " ඉතාලියේ වයසක අයව මැරෙන්න අරිනවා" යනාදී වශයෙන් අතිශයෝක්තියකින් යුතුව පෝස්ට් පළ කරන්නේ මන්ද? ඔවුන්ට එවැනි සංවර්ධිත රටවලට යාමට , එවැනි රට වල ජීවත් වීමට නොහැකි වීම නිසා ඇතිවූ මිදි තිත්ත මානසිකත්වය සහ තමන් පිලිබඳ තිබෙන ආත්ම අණුකම්පාව සහ සංවර්ධිත රටවල ජීවත් වන මිනිසුන් පිලිබඳව ඉරිසියාව සහ කුහක නිසාද ?
එහෙත් ලංකාවේ මිනිසුන් යුද්ධයෙන් සහ සුනාමියෙන් මිය යන විට මේ රටවල ජීවත් වන මිනිසුන් ( මා මේ කතා කරන්නේ පාරම්පරික සුදු මිනිසුන් ගැනය) සහකම්පනීය අයුරින් දුක් වූහ. හැකි පමණ තුන්වන ලෝකයේ මිනිසුන්ට ආධාර කළහ. ඔවුන් ව්‍යාජ මානව භක්තිය , ව්‍යාජ සැදැහවත්කම පෙන්වන අපේ අයියලාට වඩා මනුෂ්‍යත්වය තේරුම් ගෙන ඇතැයි මට සමහරක් විට සිතෙයි.
අමා දහර , බුදු හිමියන් , නිර්වාණය , සිංහ තෙල් වැනි මිනිස් ගුණ පිලිබඳව ගී ගැයූ නමුදු , තම පුතුගේ මරණ ගෙදරටවත් අඩිය තැබීම ප්‍රතික්ශේප කරන ගායකයන් සිටින සමාජයක මිනිසුන් බටහිර මිනිසා තුල තිබෙන මනුෂ්‍යත්වය පිලිබඳව තේරුම් ගන්නේ කෙසේද ?
100% agreed
ReplyDeleteතමන් ප්‍රකාශකරන දේ ගැන දෙපාරක් හිතන්න ඕනෙ. අනිත් එක ආත්මාර්තකාමී වෙන්න හොද නෑ
ReplyDeleteමේ තමයි වසර 2500 කට අධික ශ්‍රේෂ්ඨ සංස්කෘතියක (????) සහ මුන් දොඩවන සුද්දාගේ වසල සංස්කෘතියේත් (?????) අතර වෙනස
ReplyDelete//පුතුගේ මරණ ගෙදරටවත් අඩිය තැබීම ප්‍රතික්ශේප කරන ගායකයන් සිටින සමාජයක//
ReplyDeleteඔබතුමා ඇයි එහෙම කියන්නේ ? ඔබතුමාට එහෙම කියන්න තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද ?
අනික, ඔබතුමා පහුගිය කාලේ වෙච්ච දේවල් ටක්කෙටම දන්නවද ? අනුන්ගේ දෙයක් වෙච්ච එකේ ඒක ගැන කතා නොකර, තමන්ගෙ දෙයක් බලාගෙන හිටියනං හොඳයි නේද ?
වික්ටර් රත්නායක මල ගෙදරට ආවා කියලා ජයන්ත රත්නායකට පන එනවද?
ReplyDeleteසමහරවිට ඔහු එතෙන්ට නොයෑම වඩා යහපත් තිරණයක් වෙන්න පුළුවන්.
ඔය වගේම තව සිද්ධියක් කියන්නම්
සමහර වෙලාවට අහලා ඇති වයසක දෙමාපියන් දම්වැල්වලින් බැඳ සිටින, දෙමාපියන් පාරේ අතරමංකර යන දරුවන් ගැන අහලා ඇති.
ඒතනදිත් බැලු බැල්මට පේන දේට වඩා වෙනස් කතාවක් තියෙන්න පුළුවන්.
අපේ සමාජය තවමත් අර්ධ වනචාරී සමාජයක්. තවම ශිෂ්ඨ සම්පන්න නෑ...
ReplyDelete