Thursday, April 23, 2020

ලැකාන් / ඩෙරිඩා / සිජැක් අවබෝධ කර ගැනීම

ලැකාන් / ඩෙරිඩා / සිජැක් (සමහරු ජිජැක්ද ,ෂිෂෙක් කියති) පිලිබඳව නොයෙකුත් දෙනා බොහෝ ලිපි ලියති. ඔවුන් ඉංග්රීසි ලිපි කියවා ඒවා ඔවුන්ට තේරෙන පරිදි සිංහලයෙන් ලියති. සිංහලයෙන් ලියන විට අමුතු ගාම්භීරත්වයක් ආරූඩ කර ගැනීමට නොතේරෙන සිංහල වචන යොදා ලිපිය ලියති. එහෙත් මේ ලිපි වල ඉංග්රීසි මූලයන් කියවන විට පෙනී යන්නේ ඔවුන්ට මේ ලිපි වල ඔරිජිනල් මූලාශ්ර තේරුම් නොගොස් ඇති බවයි. හේතුව ඔවුන් තුල ඉංග්රීසි බසින් අදාල ලිපිය කියවා තේරුම් ගැනීමේ හැකියාව අඩු නිසාය. මේ නිසා මේවා සිංහලෙන් කියවන පාඨකයා අතරමං වෙයි. මේ පිලිබඳව වරක් ආචාර්ය නලීන් ස්වාරිස් අවධාරණය කලා මතකය.
සයිකෝසියාව ඇති වීමේදී මිනිස් මනස තුල භාෂාව විසින් සිදු කරන විපථනය (disturbance) ලැකාන් ඉතා ගැඹුරින් අධ්යනය කලේය. ලැකාන් භින්නෝන්මාදය පිලිබඳව නව මාවතක් විවර කලේය. එහෙත් ලංකාවේ මානසික සෞඛ්ය පිලිබඳව කටයුතු කරන වෛද්යවරු බොහෝ දෙනෙකු ලැකාන්ව කියවා අවබෝධ කරගෙන නොමැත. ඊට එක් හේතුවක් ලෙස ඇකඩමියාවෙන් පරිබාහිරව විවිධ පුද්ගලයන් තමන් ගේ සීමිත භාෂා දැණුම මෙන්ම සීමිත මනෝ විශ්ලේශණ දැණුම මගින් දෝෂ සහිතව ඉහත නම් සඳහන් චින්තකයන් ගේ මූලකෘතික ලිපි සහ කල්පිතයන් සිංහලයට පෙරලීම නිසාය. එම නිසා සිංහලෙන් පමණක් දැණුම රැස් කරන්නා මේවා වටහා ගන්නේ නිවැරදිව නොවේ. එය සරල උදාහරණයකින් කියන්නේ නම් ධර්මය පිලිබඳව එතරම් දැණුමක් නොමැති ඔරිජිනල් ත්රිපිටකය තමන්ට තේරෙන පාලියෙන් උඩින් පල්ලෙන් කියවා බණ දෙසන භික්ෂුවගෙන් බණ අසන උපාසකයා පිලිබඳව සිතන්න. ඔහු  බුදු බණ තේරුම් ගන්නේ  අර නූගත් භික්ෂුව කියන සෑම දෙයම නිවැරයි කියන සිතිවිල්ලෙනි. බණ දේශනාව අවසානයේදී උපාසකතෙම ඉගෙන ගත් දෙයක් නැත. සිංහල පාඨකයාද පත්ව ඇත්තේ අර උපාසක ගේ තත්වයටය.
පහත දක්වා තිබෙන්නේ සයිකෝසියාව පිලිබඳව ලැකාන් ගේ  විග්රහයකි. මේ විග්රහය තවමත් නිවැරදිව මා සිංහලයෙන් කියවා නැත.
Lacanian Model of Psychosis
Lacan believed that the disturbance in language is central to psychosis. Especially the process of symbolization is affected in psychosis. The schizophrenic disorders are mainly associated with dysfunctions of the linguistic elaboration (Yoshino et al., 1995). An impairment of verbal communication is one of several diagnostic features of schizophrenia (Kuperberg, 2010). Schizophrenia is characterized by abnormal interpretation of verbal and non-verbal information (Ribolsi et al., 2015). The schizophrenic patients show impairments in semantic-syntactic integration processes and have difficulty to access to the long-term semantic-lexical memory (Covington et al, 2005).

වෛද්‍ය රුවන් එම් ජයතුංග

1 comment:

  1. එකෙන්ම කියන්නම් අර පංසලේ ත්‍රිපිඨකය එහෙන් මෙහෙන් අතගාපු භිෂුව වගේම මමත් ඔබගේ පෝස්ටුව අත ගෑවේ උඩින් පල්ලෙන්ය.
    මූනු පොතේ පරිවර්ථන්, අනුවර්ථන කරණ එක් හාදයෙකුට මා ලිව්වා " ඔබ පරිවර්ථනය කල යුත්තේ වචන නොව අදහසය කියා!"
    ඔහු ඊට මහා භ්‍රන්ත උත්තරයක් දුන්නා ඔහුගේ පරිවර්ථන සේම මොලේ උළුක් වෙන.
    වෙනකක් තබා ඔහු එක් අවස්ථාවක එන්ජිමක් පිළිබඳව පරිවර්ථනයක් කලා.
    එන්ජිමක එක් එක් පිස්ටනයෙන් බල පහරේදී ලැබෙන පීඩනය ඊළඟ බල පහර තෙක් දිවැවීමට මෙන්ම එහිදී කඩින් කඩ ඇතිවන කම්පනය දරා ගැනීමට ක්‍රෑන්ක් ශාෆ්ට් එක හෙවත් දඟර කඳ කෙලවරට සවෙකොට ඇති Fly Wheel එක සඳහා ඔහු යොදා තිබුනු වචනය වූයේ "පියාසර රෝදය" යන්නයි.
    එහෙත් එහි පාරිභාෂික පරිවර්ථනය වන්නේ ජව රෝදය යන්නයි.
    මේ කිසිවක් නොදැන කියවා ඒතුලින්ම තම දැනුම වර්ධනය කර ගන්නා අය කොතෙක් නම් සිටීද? ඒ අයට අබ සරණයි කියන්නට තමයි තියෙන්නේ!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook