සරණපාල දුප්පත් පවුලක කෙනෙක්. ඔහුගේ පියා වඩුවෙක්.සරණපාල ඉපදුනේ පිටිසර නොදියුණු ගමක. ඒ පලාතේ සිටි එවුන් ජනතා නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට යැව්වේ නූගත් කසිප්පු මුදලාලි කෙනෙක්. කසිප්පු මුදලාලි ගමට කිසිම සංවර්ධනයක් කෙලේ නෑ. මේ නිසා සරණපාලගේ ගමට හරි හමන් තාර පාරක්වත් තිබුනේ නෑ.
සරණපාලගේ පවුල ගමේ නින්දා අපහාස ලැබුවේ කුල පීඩනය නිසා . ගමේ උසස් කුල වල එවුන් ගේ ළමයි සරණපාල සමග සෙල්ලම් කිරීමද වර්ජනය කරන කරපු නිසා සරණපාල සෙල්ලම් කලේ තමා මෙන් පිටමං කරන ලද කොල්ලන් කුරුට්ටන් සමග. මේ ඔක්කොම කුඩා සරණපාලගේ හිතේ තියනවා.
සරණපාල ගේ පියා සරණපාල කුඩා කාලයේ උණට බෙහෙත් ගන්න දොස්තර ලඟට යනවා. එහිදී ඔහු දකිනවා තම පියා දොස්තර ඉදිරියේ බයාදු කමින් සරණපාල ගේ ලෙඩය ගැන කියන අයුරු. දොස්තර ටයි එකක් දාලා ගාම්භීර විදියට ඉන්නේ. ඒක සරණපාල දකිනවා. තම පියා වගේ හඩු සරමක් නොවෙයි දොස්තර මහත්තයා ඇඳන් ඉන්නේ. දොස්තර මහත්තයා සරණපාලගේ පියාව ගනන් ගන්නේ නැතිව මූණ දිහාවත් නොබලා බේතක් ලියලා දෙනවා. එතකොට සරණපාලගේ පියා හාමුදුරුවන්ට අට පිරිකරක් දෙනෙවා වගේ දෝතින් දොස්තරට සල්ලි දෙනවා. ඩිස්පැන්සරියෙන් එලියට ආවම සරණපාල දකිනවා දොස්තර මහත්තයාදේ අළුත්ම දිලිසෙන කාර් එක. ඒවගේ කාර් එකක් සරණපාල කවදාවත් දැකලා නෑ. මේ නිසා දොස්තර යනු සක්දෙවි කෙනෙක් කියා තමයි සරණපාල හිතන්නේ. ඔහු දැක්කා තම පියාගේ බයාදු මුහුණ සහ දොස්තර මහතාගේ තේජස් මූණ. තම පියා ඔහු ඉදිරියේ පරාජිතයෙක් වෙලා.
කුඩා කාලයේ සිටම සරණපාල ආස දොස්තර කෙනෙක් වෙන්න. දෙමාපියනුත් ඔහුට නිතරම කියන්නේ " පුතේ උඹ මහන්සි වෙලා පාඩම් කරලා දොස්තර කෙනෙක් වෙලා මේ නරකාදියෙන් ගොඩ වෙයං කියලා. මේ නිසා සරණපාලයා යාලුවෙක් ආශ්‍රය කරන්නේ නෑ , ගමනක් බිමනක් යන්නේ නෑ , ක්‍රීඩාවක් කරන්නේ නෑ කොයි වෙලාවෙත් පාඩම , සහ කට පාඩම. සරණපාල ගේ ඒකායන බලාපොරොත්තුව උසස් පෙල සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ගිහින් දොස්තර කෙනෙක් වෙන්න. ඒක තමයි එකම හීනය. ඔහු දිවා රෑ නොබලා කට පාඩම් කරලා විභාගය සමත් වෙලා දොස්තර කෙනෙක් වෙනවා.
දැන් සරණපාල හිතන්නේ තමන් සක්විති පදවියට පත් උනා කියලා. සරණපාල දැන් තමන් ගෙන් බේත් ගන්න එන මිනිස්සුන් ගෙන් වැඳීම බලා පොරොත්තු වෙනවා . සරණපාලයා දැන් යන්නේ අඩි දෙකක් උඩින්. වෙනත් රැකියා කරන අය කිසිවෙකු ගනන් ගන්නේ නෑ. "උන් කවුද මම දොස්තර කෙනෙක්" මෙහෙම තමයි සරණපාලයා දැන් හිතන්නේ.
දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය විද්‍යාලයට ගිහින් දොස්තර කෙනෙකු වූ සරණපාල තුල මාන්නය අධිකයි. සරණපාල තමන් උපන් පංතියේම දුප්පතුන්ට පහත් අකාරයෙන් සලකනවා. දුප්පත් සරං ඇඳගෙන එන ලෙඩ්ඩුන්ට කතා කරන්නේ ඕයි , තමුසේ කියලා. මොකද දුප්පත් සරංකාරයෝ දකින කොට ඔහු අවිඥාණිකව දකින්නේ තමන් ගේ දුප්පත් පියා. ඒ දුප්පත් අතීතයට ඔහු වයිර කරනවා. ඒ නිසා පීඩිතයෙකුව උපන් සරණපාල කෙලවන්නේ පීඩිතයන්ටමයි.
සරණපාලලා කැමති නෑ තව වෛද්‍ය විද්‍යාල ඇවිල්ලා අළුතින් වෛද්‍යවරු බිහි වෙනවට. ජනතාවගේ සෞඛ්‍යට කෙල උනාට සරණපාලලාට කමක් නෑ. අළුතින් වෛද්‍ය විද්‍යාල ඇති කරන්න හැදුවොත් සරණපාලලා ඒවට විරුද්ද වෙනවා. ඒවගේම හොඳ ගතිගුණ තියන වෛද්‍යවරයන්වත් අවුස්සලා ස්ට්‍රයික් කරවනවා. අළුතින් වෛද්‍යවරු බිහි උනාම තමන්ට තියන ගරුත්වය නැතිවෙයි කියලා සරණපාලලා බයයි. ඒ වගේම සරණපාල හිතනවා බටහිර රටවලත් මේ විදියට දොස්තර කිව්වම මිනිසුන් වඳිනවා කියලා.
දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය විද්‍යාලයට ගිහින් දොස්තර කෙනෙකු වූ සරණපාල තුල මාන්නය අධිකයි. සරණපාල තමන් උපන් පංතියේම දුප්පතුන්ට පහත් අකාරයෙන් සලකනවා. දුප්පත් සරං ඇඳගෙන එන ලෙඩ්ඩුන්ට කතා කරන්නේ ඕයි , තමුසේ කියලා. මොකද දුප්පත් සරංකාරයෝ දකින කොට ඔහු අවිඥාණිකව දකින්නේ තමන් ගේ දුප්පත් පියා. ඒ දුප්පත් අතීතයට ඔහු වයිර කරනවා. ඒ නිසා පීඩිතයෙකුව උපන් සරණපාල කෙලවන්නේ පීඩිතයන්ටමයි.
සරණපාලලා කැමති නෑ තව වෛද්‍ය විද්‍යාල ඇවිල්ලා අළුතින් වෛද්‍යවරු බිහි වෙනවට. ජනතාවගේ සෞඛ්‍යට කෙල උනාට සරණපාලලාට කමක් නෑ. අළුතින් වෛද්‍ය විද්‍යාල ඇති කරන්න හැදුවොත් සරණපාලලා ඒවට විරුද්ද වෙනවා. ඒවගේම හොඳ ගතිගුණ තියන වෛද්‍යවරයන්වත් අවුස්සලා ස්ට්‍රයික් කරවනවා. අළුතින් වෛද්‍යවරු බිහි උනාම තමන්ට තියන ගරුත්වය නැතිවෙයි කියලා සරණපාලලා බයයි. ඒ වගේම සරණපාල හිතනවා බටහිර රටවලත් මේ විදියට දොස්තර කිව්වම මිනිසුන් වඳිනවා කියලා.
සරණපාල පීඩිතයෙක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට ආභරණයක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට සක්විති පදවිය වගේ. ඊට ඉහලින් වෘත්තියක් ඔහු දන්නේ නෑ. වෛද්‍ය වර්ජනයක් වූ විට වැඩිපුරම තැලෙන්නේ පීඩිතයා. ඒ නිසාම ඔහු වෛද්‍ය වෘත්තියට ආශා කරනවා. පීඩිතයා උත්සහ කරනවා තම දරුවන් හෝ එම වෘත්තිය කරා යවන්න. ඔහුව පීඩාවට පත් කරන ඔහුව කොන් කර දමන එම වෛද්‍ය වෘත්තියට පීඩිතයා පෙම් බඳිනවා. ඒ නිසා තමයි පීඩිතයන් වැඩිපුර ඉන්න රට වල වෛද්‍ය වෘත්තිය දේව වෘත්තියක් වෙන්නේ. එහෙත් ආර්ථික වශයෙන් සහ සමාජ ආකල්පමය වශයෙන් සංවර්ධිත රට වල වෛද්‍ය වෘත්තිය තවත් එක් වෘත්තියක් පමණයි. නර්ස්ලා දොස්තරගේ මුල් නම කියලා කතා කරන්නේ. ඒකට දොස්තරලා ස්ට්‍රයික් කරන්නේ නෑ. ක්ලිනික් එකේ කක්කුස්සිය හෝදන පුද්ගලයාගේ වාහනය නවත්වන්නෙත් දොස්තර වාහනය නවත්වන පාකිං එකේ. ඒත් සරණපාලලා මේ කතා විශ්වාස කරන්නේ නෑ.
පෘතුවිරාජ් ප්‍රනාන්දු කියන්නේ ඉහල පන්තියක රෝයල් හෝ සෙන්ට් තෝමස් එකට ගිහින් රාගම පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගන ගෙන දොස්තර උපාධිය ලබාගෙන පිටරට ගිහින් අලින් පිලිබඳව පරියේෂණ පී.එච්.ඩී එකක් ලබාගෙන GP කෙනෙකු හැටියට වැඩ නොකර අලින් පිලිබඳව පරියේෂණ කරමින් ඉන්නවා. පෘතුවිරාජ් ප්‍රනාන්දුලා වගේ අයට දොස්තරකම සක්විති පදවියක් නොවෙයි. ඔහුගේ දෙමාපියන් නෑදෑසනුහරේ බාගයක් දොස්තරලා. ඌ පීඩිතයෙකු නොවුනු නිසා ඌට GP කම මරාගෙන මැරෙන්නට අවශ්‍ය දෙයක් නොවෙයි. ඒත් සරණපාලලාට අනුව පෘතුවිරාජ් ප්‍රනාන්දු පරාජිතයෙක්. සරණපාලලා පෘතුවිරාජ් ප්‍රනාන්දුලාට කිණ්ඩිය දානවා. හේතුව පීඩිතයන් ලෙස ජීවත් වූ සරණපාලලාට මේක තේරුම් ගන්න බෑ. ඔවුන් ගේ විශ්වයේ අධිපති අර කුඩා කාලයේ දැක්ක දොස්තර ඉමේජ් එක.
ස්ටැන්ලිලාගේ ලෝකය කියන ලිපියේ දීප්ති මෙහෙම ලියනවා.
හද්දා පිටිසර කහටගස්දිගිලියේ සෝමාවතී ගේ සහ සිරිපාල ගේ දියණිය දකුණු කොළඹ කලුබෝවිල ශික්ෂණ රෝහලට වෛද්‍යවරියක් ලෙස සේවයට පැමිණි පසු එහි පැමිණෙන රෝගියෙකු ගෙන් මෙහෙම අහනව. ඔයා දන්නවද කෝලිකුට්ටු කියලා කෙසෙල් ජාතියක් තියෙනව. අන්න ඒවා හොදයි ඔයාගේ අමාරුවට පුලුවන් නම් ගෙනත් කන්න. එම වෛද්‍යවරියගේ චින්තනයට අනුව මේ වගේ ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ යන එන මං නැති අන්ත දුප්පත් අසරණ මිනිස්සු විතරයි. ඒ නිසා ජීවිත කාලයම තමන් අන්ත දුක් විදලා වෛද්‍යවරියක් වෙන්නට ගත කරපු කාලය පුරා ඇයට තියෙන සමාජ වෛරය නැතනිම් එරියස් එක පිරිමසා ගන්නට ඇයට මේ වගේ රෝගීන්ට පාට් දාන්න වෙනව.
මේ වෛද්‍යවරියම රෑට නවලෝක රෝහලේ අමතර වැටුපකට සේවයට ගිය විට එහි සිටින මිනිසුන් ගෙන් මේ වගේ කතා අහන්න යන්නෑ. මොකද එයාට පුර්ව නිගමනයක් තියෙනව ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ අවැදගත්, නූගත්, මෝඩ, දුප්පත් මිනිසුන් බව. ඇය දන්න සමාජ ඥාණය අනුව ආණ්ඩුවේ රෝහලකට එන පුද්ගලයන් කියන්නේ වෛද්‍යවරුන් ගෙන් ප්‍රශ්ණ අහන්නට සුදුසු නැති කිසිම දෙයක් ගැන දන්නැති පිරිසක්. ඒ නිසා රෝගීයෙකු තම මූලික අයිතාවාසිකමක් වන රෝග විනිශ්චය ගැන ප්‍රශ්නයක් ඇහුවහම ඇයට තරහ යනව.එවිට ඇය මෙහෙම උත්තර දෙනව. ඔයාගේ ලෙඩේ තවම හොද නෑ. තව ප්‍රතිකාර කරන්න තියෙනව. ඒ නිසා අර රතුපාට පෙත්ත දිගටම බොන්න. තැඹිලිපාට පැනියෙන් තේ හැදි දෙකක් බොන්න. තව පරීක්ෂණ ගොඩක් තියෙනව. ඔයාගේ කටින් කැමරාවක් දාලා පරීක්ෂණයක් කරන්න තියෙනව. ඔයාගේ දකුණු කකුලෙන් පපුවට වයර් එකක් යවලා පරීක්ෂා කරන්න තියෙනව. ඔවුන් කිසි විටෙක මේ වගේ රෝහල් වල ඉන්න රෝගීන්ට වෛද්‍ය විද්‍යාත්මක භාෂාවකින් කතා කරන්නෑ. ඔවුන්ට අනුව වෛද්‍ය විද්‍යාවේ පාරිභාෂික වචන සහ ඖෂධ වල නම් දන්නේ ඔවුන් පමණයි. රෝගීන් ඒවා දැන ගත යුතු නැහැ.
මේ යුගයේ මුදල් වලට හැරෙන්නට අපි විශ්වාස කරන සදාචාරයට,සාරධර්ම වලට, ආචාර ධර්ම වලට,හොදට, යහපතට කිසි වටිනාකමක් නැත්තේ. මුදල් තියෙනවා නම් වටිනාකම් ආරෝපණය කර ගන්න එක පහසු වැඩක්. දුප්පත් මිනිස්සු කන බත් පතේ ඉදන් පරිභෝජනය කරන සෑම භාණ්ඩයකින්ම අය කරන අසාධාරණ බදු මුදලින් විශ්ව විද්‍යාලයට තේරිලා ඇවිත් ආණ්ඩුවේ මහපොල ආධාර මුදලින් යන්තම් එදා වේල පිරිමසා ගත්ත ගොබ්බයන් වෛද්‍යවරුන් වුනාට පස්සේ මුදල් දෙනවා නම් ඕනෑම දෙයක් කරන තත්ත්වයට පත්වෙනව. සුදු කබාය ඇදගෙන හිප්‍රොක්‍රටීස් දිවුරුම දීලා තමන් සම්බන්ධ වන්නේ මිනිසුන් ගේ ජීවිතය සහ මරණය හා සම්බන්ධ වූ ගෞරවණීය වෘත්තියකට කියන එක මේ අයට අමතක වෙනව. මේ අය හිතන්නේ තමන්ට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වුනේ පෙර ආත්මයේ පිං කරපු නිසා කියලයි. භෞතික විද්‍යාව මුල ඉදන් අගට ඉගෙන ගත්තත් මේ අය චින්තනමය වශයෙන් ඉන්නේ ග්‍රෝත්‍රික මානසිකත්වයක.
ඇයි ඔයා මේකේ දොස්තරට සරනපාල කියන නමම දැම්මේ. වෙනසකටත් එක්ක දෙමළ නමක් දාන්නකෝ.
ReplyDeleteමේ විදියට ලෙඩුන්ට කතා කරන්නේ දුෂ්කර පැතිවලින් බිහිවන වෛද්‍යවරු විතරක් නෙමේ. පොදුවේ බොහෝ වෛද්‍යවරුම එහෙමයි. අපිත් ඔය OPD වලට CLINIC වලට ගිහින් තියෙනවා. වෛද්‍යවරු වෛද්‍යවරු විතරක් ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඔවුන් හිතන්නේ අපිට ඒවා තේරෙන්නේ නෑ කියල. යම් විදියකින් අපි ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන් ගත්තොත් ඔවුන්ගේ සැලකිල්ලත් කතා විලාශයත් වෙනස් වෙනවා.
ReplyDeleteසහතික ඇත්ත .
ReplyDelete