Wednesday, April 22, 2020

කොන්ස්පිරසි තියරි සහ ශ්‍රී ලාංකිකයෝ

ලංකාවේ මිනිස්සු කොන්ස්පිරසි තියරි වලට දැඩි ලෙසින් ආකර්ශණය වෙනවා. මෑත ඉතිහාසයේ කොන්ස්පිරසි තියරියක ගොදුරක් වුනේ කොටගම වාචිස්සර හිමි.  කොටගම වාචිස්සර හිමි අපවත් වන්නේ ගල්‍යකර්මයක් කිරීමට යාමේදී සිදුවූ ඇනෆිලැක්ටික් ශොක් එක නිසා. නමුත් නිර්වින්දන වෛද්‍යවරිය දෙමළ වූ නිසා කොටගම වාචිස්සර හිමි අපවත් කලා කියන කොන්ස්පිරසි තියරි එක මතු වෙනවා. ඒ කාලේ කැතලික් ඇක්‍ෂන් එක පිලිබඳව මෙත්තානන්දලා උද්ඝෝෂනය කල සමය නිසා මේක මාකට් උනා. 

දෙවන කොන්ස්පිරසි තියරිය ඇප්ලයි කලේ ජීවිතය හොඳින් වින්දනය කල හොඳට කාපු බීපු  සෞඛ්‍ය ගැටළු තිබ්බ වෛද්‍ය සේනක බිබිලෙට. ඔහුව ඖෂධ ජාවාරම් බූවල්ලා විසින් මරා දැමුවා කියලා මිනිස්සු ඇල්ෆ්‍රඩ් හිච්කොක් පන්නයේ හොරර් වින්දනයක් ලබනවා. ඒ සමගම වෛද්‍ය සේනක බිබිලේ ලංකාවේ පරමාදර්ශී වෛද්‍ය චරිතය බවට පත් වෙනවා.

ඊලඟ කොන්ස්පිරසි තියරිය ඇප්ලයි කලේ අපොස සාමාන්‍ය පෙළ ආසන්නයට උගත්කමක් තිබූ එතරම් ධර්ම ඥාණයක් නොතිබුණු නමුත් මිනිසුන් ගේ ආවේග වලට බණ කියූ උන්තතිකාමී භික්‍ෂුවක් වූ සෝම හාමුදුරුවන්ට. නලීන් ද සිල්වලා , ගුණදාස අමරසේකරලා උත්කර්ශයට නග්ගපු හෙල වෙද දැණුම කියන ප්‍රපංචය සෝම හාමුදුරුවෝ හොඳටම ගිලිනවා. එක හේතුවක් අර අධ්‍යාපනික දැණුම මද වීම. නලීන් ද සිල්වලා , ගුණදාස අමරසේකරලා හෙල වෙද දැණුම උස්සලා තිබ්බට තමන්ට ලෙඩ රෝගයක් හැදුනම ඔවුන් බටහිර බේත් අරගෙන බයි පාස් කරගෙන ආයුෂ වැඩි කර ගන්නවා. අනේ සෝම හාමුදුරුවෝ හෙල වෙද දැණුම කතා සීරියස් අරගෙන තමන් ගේ දියවැඩියාවට එලොවින් ආ ජීවකයෙකු නොහොත් හොර වෙදෙකුගේ කල්ක චූර්ණ අරගෙන දියවැඩියාව උත්සන්න කරගෙන මල්ටිපල් ඔර්ගන් ෆේලියර් එකකට ගිහින් ශීත රුසියාවේදී අපවත් වෙනවා. නමුත් කොන්ස්පිරසි තියරිය යන්නේ " අපවත් කළ වදාළ කියලා. 


කොන්ස්පිරසි තියරි ජනතාවට වරින් වර දීම මගින් කූට දේශපාලකයෝ මෝඩ මිනිසුන් ගේ කර පිටින් බලයට එනවා. ජනතාව ගොනාට අන්දනවා.

3 comments:

  1. ලාංකික දෙමල ජාතිවාදය යනු ලංදේසීන් විසින් ගොඩ නංවා ඉංග්‍රීසීන් විසින් බෞතීස්මකල කොන්පිරන්සි තියරියක්.

    ඉන්දියානු දෙමළ ජාතිවාදය යනු ඉන්දියාවට පැමිණි ක්‍රිස්තියානි මිශනාරීන්ගේ කොන්පරන්සි විශබීජයක්. එහි අරමුණ හින්දු ආගම අදහන ජනකොටස් බේධ භින්න කිරීමයි.

    ReplyDelete
  2. හැමදාම අපේ සටන් පාඨය

    ___________ කුමන්ත්‍රණය පරදවමු!!!

    ReplyDelete
  3. මෙි වගේම එකක් තමයි ඇතැමි මුස්ලිමිවරැන් විසින් ප්‍රචාරය කරනු ලබන 9/11 ප්‍රහාරය ඇමරිකානු ආණ්ඩුව විසින්ම කරපු දෙයක් කියන කතාව.එහි අරමුණ ඇෆ්ඝනිස්තානයට පහර දීමලු

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook