Wednesday, August 8, 2018

සෝමාරාම , භද්දිය සහ ඥාණසාර



මෑත යුගයේ අති ධාවනකාරී දුර දිග නොබලන අන් අයගේ මෑනවීම් මත කටයුතු කිරීමට ගොස් අමාරුවේ වැටුණු චීවරධාරීන් කිහිප දෙනෙකු සිටිති. ඔවුන් අතරින් සෝමාරාම , භද්දිය සහ ඥාණසාර ප්‍රධාන වෙයි. 

කැළනියේ බුද්ධරඛිත කියූ නිසා සෝමාරාම අගමැති බණ්ඩාරනායකට වෙඩි තැබුවේය​. කැළනියේ බුද්ධරඛිත විසින් සති දෙකක් තුලදී තමාව බේරා ගන්නා බවට සෝමාරාම විශ්වාස කලේය​. අවසානයේදී සෝමාරාම පෝරකයට ගියේ පසු කාලයක ද්විත්ව ඝාතනයක් පිලිබඳව වරදකරුවෙකුවී හිරේ ගිය මැතිව් පීරිස් නම් ක්‍රිස්තියානි පූජකයා අතින් බෞතීස්මය ලබාගෙනය​. 

භද්දිය යනු 1971 කාලයේ විජේවීර සරණ ගිය චිවරධාරියෙකි. ඔහු කැරැල්ල නිසා හැමන් හිල් සිරකඳවුරේ සිටියේය​. උමතු ආදරයකින් ජවිපෙ දේශපාලනය ඇදැහූ භද්දිය හැමන් හිල් සිරකඳවුරේ සිටියදී ජවිපෙ  විසින් ද්‍රෝහියන් ලෙස නම් කල සෙසු සිරකරුවන්ට නිර්දය ලෙස පහර දීමටත්  , ඔවුන්ව ඝාතන කිරීමටත් තැත් කලේය​. එහෙත් පසු කාලයක ජවිපෙ දේශපාලනය ගැන කලකිරී ඔහු පක්‍ෂයෙන් ඉවත් විය​. උපැවිදි වූ භද්දිය මුදල් පොළියට දීම ඇරඹීය​.  මුදල් පොළියට ගත් ණය ගැතියෝ මුදල් නොදීම නිසා වස්තු භංගත්වයට පත් භද්දිය කෝච්චියට පැන දිවි නසා ගත්තේය​. 

ඥාණසාර කරළියට එන්නේ දේශපාලකයන් ගේ කර මතිනි. සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවයෙන් පෙළන බවට  සැක කල හැකි ඥාණසාර තමන්ට රිසි සේ සමාජ රීතීන් උල්ලංඝනය කලේය​. මේ වන විට ඔහු බරපතල වැඩ ඇතිව වසර 6 කට සිර ගෙදරට නියම වී තිබේ. තවමත් දේශපාලකයන්ට අවශ්‍ය උපකරණයක් වන ඥාණසාර ගේ ඉදිරි අනාගතය පිලිබඳ අණාවැකි කිව නොහැක . බොහෝ විට ඥාණසාරට සමාවක් ලැබීමට  ඉඩක් තිබේ.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග

3 comments:

  1. Never heard of the JVP monk Baddhiya

    ReplyDelete
    Replies
    1. As, far as I remember he was a student monk at the (then) Vidyodaya University.

      Delete
  2. a person not knowing what happens to him is a fool

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook