මෑත යුගයේ අති ධාවනකාරී දුර දිග නොබලන අන් අයගේ මෑනවීම් මත කටයුතු කිරීමට ගොස් අමාරුවේ වැටුණු චීවරධාරීන් කිහිප දෙනෙකු සිටිති. ඔවුන් අතරින් සෝමාරාම , භද්දිය සහ ඥාණසාර ප්‍රධාන වෙයි.
කැළනියේ බුද්ධරඛිත කියූ නිසා සෝමාරාම අගමැති බණ්ඩාරනායකට වෙඩි තැබුවේය. කැළනියේ බුද්ධරඛිත විසින් සති දෙකක් තුලදී තමාව බේරා ගන්නා බවට සෝමාරාම විශ්වාස කලේය. අවසානයේදී සෝමාරාම පෝරකයට ගියේ පසු කාලයක ද්විත්ව ඝාතනයක් පිලිබඳව වරදකරුවෙකුවී හිරේ ගිය මැතිව් පීරිස් නම් ක්‍රිස්තියානි පූජකයා අතින් බෞතීස්මය ලබාගෙනය.
භද්දිය යනු 1971 කාලයේ විජේවීර සරණ ගිය චිවරධාරියෙකි. ඔහු කැරැල්ල නිසා හැමන් හිල් සිරකඳවුරේ සිටියේය. උමතු ආදරයකින් ජවිපෙ දේශපාලනය ඇදැහූ භද්දිය හැමන් හිල් සිරකඳවුරේ සිටියදී ජවිපෙ විසින් ද්‍රෝහියන් ලෙස නම් කල සෙසු සිරකරුවන්ට නිර්දය ලෙස පහර දීමටත් , ඔවුන්ව ඝාතන කිරීමටත් තැත් කලේය. එහෙත් පසු කාලයක ජවිපෙ දේශපාලනය ගැන කලකිරී ඔහු පක්‍ෂයෙන් ඉවත් විය. උපැවිදි වූ භද්දිය මුදල් පොළියට දීම ඇරඹීය. මුදල් පොළියට ගත් ණය ගැතියෝ මුදල් නොදීම නිසා වස්තු භංගත්වයට පත් භද්දිය කෝච්චියට පැන දිවි නසා ගත්තේය.
ඥාණසාර කරළියට එන්නේ දේශපාලකයන් ගේ කර මතිනි. සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවයෙන් පෙළන බවට සැක කල හැකි ඥාණසාර තමන්ට රිසි සේ සමාජ රීතීන් උල්ලංඝනය කලේය. මේ වන විට ඔහු බරපතල වැඩ ඇතිව වසර 6 කට සිර ගෙදරට නියම වී තිබේ. තවමත් දේශපාලකයන්ට අවශ්‍ය උපකරණයක් වන ඥාණසාර ගේ ඉදිරි අනාගතය පිලිබඳ අණාවැකි කිව නොහැක . බොහෝ විට ඥාණසාරට සමාවක් ලැබීමට ඉඩක් තිබේ.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Never heard of the JVP monk Baddhiya
ReplyDeleteAs, far as I remember he was a student monk at the (then) Vidyodaya University.
Deletea person not knowing what happens to him is a fool
ReplyDelete