එළියකන්ද වධ කඳවුර ගැන කතිකාවක් ඇති වන්නේ රෝහිත මුණසිංහ විසින් ලියන ලද කේ පොයින්ට් නොහොත් එළියකන්ද වධ කඳවුර නම් කෘතිය මගිනි. රෝහිත මුණසිංහගේ අත්දැකීම් අළළා ලියන ලද මෙම කෘතිය කියවීමෙන් පසු මට ස්ටැෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ෆිලිප් සිම්බාර්ඩෝ ගේ ස්ටැෆර්ඩ් සිර කඳවුර සබැඳි පරියේෂණය සිහිපත් විය. සාමාන්‍ය මිනිසෙකු වධකයෙකු බවට පරිවර්තනය වන්නේ කෙසේද කියා මහාචාර්‍ය ෆිලිප් සිම් බාර්ඩෝ ඔහුගේ පරියේෂණය මගින් පෙන්වා දෙනු ලැබීය.
රෝහිත මුණසිංහගේ පොත කියවා මාස හයකට පමණ පසු මා අපූරු අත්දැකීමකට මුහුණ දුන්නෙමි. විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මනෝ චිකිත්සනය සඳහා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන සොල්දාදුවෙකු යොමු කලේය. මෙම සොල්දාදුවා ගේ රෝගී ඉතිහාසය පිලිබඳ විමසන විට ඔහු එළියකන්දේ සේවය කරන ලද බව හෙළි විය. මම තව දුරටත් මෙම රෝගියාගෙන් කරුණු විමසුවෙමි. ඔහු එළියකන්ද වධ කඳවුරේ සිටි වධකයෙකු විය. මම රෝහිත මුණසිංහගේ එළියකන්ද වධ කඳවුර නම් කෘතියේ තිබූ යම් යම් විස්තර ඔහුගෙන් ඇසුවෙමි. මෙම සෙබළා කියූ කරුණු එම විස්තර සමග බොහෝ සෙයින් සමපාත විය. රෝහිත මුණසිංහගේ විස්තර අනුව මේ කඳවුරේ කහ පාට ඩබල් කැබ් රියක් ගැන සඳහන් වෙයි. මම මේ සෙබළාගෙන් කඳවුරේ තිබූ කැබ් රියේ පාට ගැන ඇසුවෙමි. ඔහු නිවැරදිව පිලිතුරු දුන්නේය.
මෙම සෙබලා අන්‍යන් වධයට ලක් කිරීම නිසා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයට ලක්ව සිටියේය. මේ අනුව එළියකන්දේදී වධයට ලක්වූවන් මෙන්ම වධයට පත් කලවූවන්ද වින්දිතයන්ව සිටි බව සනාත විය. මේ නිසා මට මෙන්ම ඔබටද එළියකන්ද වධ කඳවුර විනිශ්චයට ලක් කිරීමට නොහැකිය. එළියකන්ද වධ කඳවුර එක්තරා ආකාරයකට මනෝ විද්‍යාත්මක පාඨ ග්‍රන්ථයක් බඳුය. මේ කඳවුරේ සිදුවූ මනෝ ගතිකයන් මා විසින් ලියන ලද Shell Shock to Palali Syndrome -PTSD Sri Lankan Experience .ග්‍රන්ථයේ අඩංගු කරන ලද අතර එමගින් විදේශීය මනෝ විද්වතුන් ගේ අවධානයද එළියකන්ද වෙත යොමු විය. එළියකන්ද පිලිබඳව මහාචාර්‍ය ෆිලිප් සිම්බාර්ඩෝ වෙතද මම ඊ ලිපියක් යැවූ අතර ඔහු පසුකාලීනව අධ්‍යනය කරන ලද ඇමරිකානු Abu Ghraib වධ කඳවුරේ තොරතුරු මවෙත එව්වේය. තවද කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේද ඇමරිකාවේ වොෂ්බර්න් විශ්ව විද්‍යාලයේද මාගේ දේශන වලදී එළියකන්ද පිලිබඳ මාගේ අධ්‍යනයන් ගැන මම සඳහන් කලෙමි.
එළියකන්ද වධ කඳවුර අත් හැර දැමීමෙන් පසු 2005 වැනි කාලයක එළියකන්ද වෙත ගොස් පැරණි කඳවුර නිරීක්‍ෂණය කිරීමට මට සිතුනි. වරක් මාතර ගැමුණු කඳවුරට ගිය අවස්ථාවක එළියකන්ද වෙත යා යුතු බව මම කීවෙමි. මාගේ නවාතැන් පිලිබඳව ඉතා ඕනෑකමින් සොයා බලා කටයුතු කල මේජර් නිලුපුල් වෙදඅාරච්චි එළියකන්ද ගරා වැටී ඇති බවත් එහි නිරීක්‍ෂණය කිරීමට කිසිදු දෙයක් නොමැති බවත් කීවෙන් මෙම ගමන යාමට මම අධෛර්‍යමත් වූයෙමි. එහෙත් අද සිතෙන්නේ ඒ ගමන ගියේ නම් වඩාත් හොඳ බවය.
එළියකන්ද වධ කඳවුර පිලිබඳව ලේඛකයෙකු මෙන්ම බ්ලොග් රචකයෙකු වන අජිත් පැරකුම් ජයසිංහද පොතක් ලියා තිබේ. අජිත් ද එළියකන්ද වධ කඳවුරේ වින්දිතයෙකු විය. එළියකන්ද පිලිබඳව තව තවත් අත්දැකීම් අනුසාරයෙන් පොත් ලියවෙන්නේ නම් සහ කතිකාවන් ගොඩ නැගෙන්නේ නම් හොඳය. එළියකන්ද වධ කඳවුර යනු අපගේ සමාජයේ අපකීර්තිමත් යුගයක් නියෝජනය කරන්නාවූ සංකේතයකි. එම අපකීර්තිමත් සංකේතය පිලිබඳව අප විසින් එළි පිට කතා කල යුතුය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
රෝහිත මුණසිංහගේ "එළියකන්ද වද කඳවුර" මා කියවපු පොතක්.මිනිස්සුන්ට වද දෙන හැටි,මරණ හැටි ....මහා ආර්ය සිංහල බෞද්ධකම වැක්කෙරෙනවා.ජේ.වී.පී සහ හමුදාව තකටතක.ඔය කාලේ කලබල අඩු පැති තමයි වෙනත් ආගම් අදහපු අය හිටිය පැති.උදා: මීගමු පැත්ත.පල්ලිය සහ වැඩිහිටියෝ උපදෙස් දුන්නා මේවාට එක්කහු වෙන්න එපා කියා තම දූ පුතුනට.නමුත් අපි සිංහල බෞද්ධයෝ එහෙම නෑ.මමනම් හිතන්නේ අනාගතයේ නැවතත් එන්න හැකිකම තියෙනවා.නමුත් අද තරුණ අය ඕවාට වඩා තාක්ශණය,නිදහස් ලෝකය,ජීවිතය විඳින්න වඩා කැමති බව පේනවා.ඇත්තටම කොයිපැත්තෙන් වෙන්නෙත් කපටි වැඩිහිටි නායකයෝ තරුණයින්ව බිල්ලට දීම.රෝහිත ප්‍රංශයේ හොඳින් ඇති.දරුවෝත් පැහැදිලි අනාගතයක් ඇති රටක සතුටින් ජීවත්වෙනවා ඇති.
ReplyDeleteමේ දෙපැත්තෙම හිටපු නියම වධකයෝ අද වයස ඇතිනේ.දරුවෝ හදාගෙන සතුටින්,බණක් භාවනාවක් කරන් පිංඅතේ වැඩත් කරනව ඇති.මොකද අංගුලිමාළත් රහත් උනානොවැ ආයුබෝවන් ! !!
අංගුලිමාළත් රහත් උනා athha thamai
Deleteඔබේ නිර්මාණ පරාසයට මම කැමතියි . මාතර එළියකන්ද කදවුර 89 කාලයේ මගේ මතක වලට ගෙනගියා . අප ඒ කාලයේ පටන් ආසා කල වීරයා නාලක ගුණවර්ධන සමග කල සංවාදයටත් කැමතියි. හදුනාගන්නට විද්‍යුත් ලිපිනයක් සෙව්වා . ඉඩක් ඇතොත් මා අමතන්න . අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය ගැන ප්‍රතිචාර සහ බ්ලොග් ප්‍රවීණ ඔබේ ගුරු හරුකම් බලාපොරොත්තුව ඉන්නවා .
ReplyDeleteThanks
DeleteEmail ; ruwanmjayatunge@gmail.com