ලංකාවේ හාමුදුරුවරු ජීවිතය දුකයි , අරක දුකයි මේක දුකයි කිය කියා ජීවිතය මුස්පේන්තුවක් බව කියති. ඒ කියන ගමන් සමහර හාමුදුරුවරු හයි ෆයි අසපු හදාගෙන අලි ඇතුන් තියාගෙන ආතල් එකේ ජීවිත වින්දනය කරති. බුදුන් වහන්සේ ජීවිතය දුකයි කීවේ ජීවිතය යනු මුස්පේන්තුවක් කියා නොවේ. දුක්ඛ යන බුද්ධ වචනය ඉතා ගැඹුරුය. දුක්ඛ යනු සියළු වින්දනයන් (සැප සිට දුක දක්වා) අඩංගුය. දුක්ඛ යනු නිරන්තරයෙන් වෙනස් වන ලෝක ස්වභාවයට පුද්ගලයා දක්වන ප්‍රතිරෝධයි. දුක්ඛ යන බුද්ධ වචනය ඇනටෝල් ෆ්‍රාන්ස් විසින් ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරන්නේ සෆරොන්ස් කියාය. මෙය පසුකාලීනව සෆරිං හෙවත් දුක යන වදනට අර්ථ ගන්වයි. මේ දුක යන වචනය අල්ලාගත් අපේ භික්‍ෂූන් ජීවිතය දුකක් මළ ගෙයක් හෝම් පොලක් ලෙස අර්ථ දක්වමින් බෞද්ධයන්ව ජීවිතය පිලිබඳ මන්දඋත්සාහී කර දමති. මේ විකාර අසන බෞද්ධයා එලොවටත් මෙලොවටත් නැති ජීවිතයක් ගත කරයි. ඔහු පින්කම් කරනවා කියමින් ස්පිරිචුවල් ඉන්වෙස්මන්ට් එකක් කරයි. ඒ මරණින් පසු සැප ලැබීමට දෙව් ලොව යාමටය. ඔවුන් නිවන් යන්නේ දෙව් මිනිස් සැප කෙරවල වූ පසුය. ඔවුන්ට වර්තමාන ජීවිතය දුකින් පිරි ප්‍රෙහේලිකාවකි. බුදුන් දෙසූ පරිදි අතීතය ගැන ශෝක නොකරන අනාගතයට බිය නොවන වර්තමානයේ ජීවත් වන පුද්ගලයා ප්‍රීතිමත් පුද්ගලයෙකි.
ජීවිතං අනියතං .
ReplyDeleteමරනං නියතං .
එතකං ජීවිතං
ජොලියෙං ගතකරං
සහතික ඇත්ත.අපිට අතහරින්න කියනවා,උන් එක්කහු කොරනවා !
ReplyDeleteඒක ඇත්ත.
Deleteස්වාමින් වහන්සේලා දෙදෙනක් වැඩම්ම වුව දානෙකට. එක්කෙනෙක් වැඩම කලේ අලුත්ම රේන්ජ් රෝවර එවොක් එකකින් . හැබැයි බණට කිව්වේ ලද දෙයින් සතුටු වීම අල්පේච්ඡ තාවය ගැන. ඒ බන නොකිය හිටිය නම් ඉවරයි. මට අවුලක් නැහැ හාමුදුරුවෝ වැඩම කල විධිහ
ReplyDeleteMe adahasa ma boho kalaka sita awabodha karagena sitimi! ae anuwa sathutin jeewath wemi,Kaatawath penenna sil ganne netha,Pansil rakimi!
ReplyDelete