Thursday, May 2, 2019

Terrorism is a Global Menace with no Religion




 by Dr Anver Hamdani

I was petrified over this heinous act, it is definitely shocking to any human being who has some religious belief, over this carnage in Sri Lanka on the 21st April. Let it be on Buddhist Tamils Christians and Muslims or any other believers,attacking people during prayers is absolutely appalling. One should remember that the Asian continent is one of the most diverseregions in the world with multi ethnic and multicultural solidarity. Which we were able to maintain peacefully for about two decades after decolonization. When the freedom fight took place Sinhalese, Tamils, Muslims, Christians all stood unified to win the battle against a common need. Then we never had this mentality of discrimination or hating different practices among our fellow Sri Lankans. It was a need from the people and people gathered and achieved it.Even the colonizers were capitalizing on our cast creed and religion to rule us for more than two centuries. We never felt a division on large scale at that time among us we only had one threat against our mother land, more over we never had this much of societies and organizations in the world.

Let me take you through the history a bit related to the geopolitical background. One must understand that the world order is changing during the second world war it was a bi polar world with and IRON CURTAIN dividing it to the capitalist and the socialist bloc. After the second world war it was tilting towards the unipolarity one giant nations dominating the world. Ever since then the world order is so volatile now it’s the time of multi polarity with different power groups and allies playing their own share for their national interest. We must not forget that we as an island pose a strategic point in the Indian Ocean as Admiral ALFRAD MAHAN said“whoever controls the Indian ocean controls the world”. Different interest groups will be using distinct techniques to attain their goals, in our region should we be a pawn in their game.

After experiencing a 30 year long war salvaging all good deeds of the fruitful nation, one time known as the pearl of the Indian ocean was lost .We fell short in detecting it at that time apart from that we had instability in the country erupting due to different doctrines but all were controlled by the effort of our well established military forces (hats off to them nowadays there are lot of fathers for it ).It was achieved because it was us who did it, but we failed to voice out and create a mentality that the war was against extremists who were Tamils but not against Tamils. As Rev Cardinal Malcom Ranjith stated it very distinctly this was an attack to mankind not only to the Christian society. Are we there to feel it as an attack to mankind. I being a Muslim while strongly condemning the brutal attack on those lovely humans who went in with lots of hope to the services at the church. While praying for my brothers and sisters for their peaceful rest I pray for the injured a speedy recovery. In reality, we are all wounded by this inhuman act of violence.

Let it be in Christ church in New Zealand, Kochchikade in Colombo loss of human lives have made everyone’s mind deadly. It is not against Christians, Muslims or Buddhist it is against the fraternity we share. A false doctrine of few fanatics has been the reason. I strongly believe and affirm that if you are a citizen of a country you should be abided by the law and order of that country despite of the fact that what cast, creed or religion you belong.

Differences are good as far as it is acceptable by the majority of people and does not pose a threat to the nation. We all need a country to live even for us to practice our believes. Our religion does not say that keep the nation at a stake and practice your culture. I might get loads of criticism on this but that is the truth. Let it be the LAMA-SARI of Samanthi, BURKA of Fathima, SHORT DRESS of Anne if it warrants disharmony and create instability amongst us it should be unveiled by the people of that particular practice, you don’t need law for it. That should be the level of patriotism and love one should have for mankind. All forms of extremism should be castigated and conquered with all possible efforts. Anyone can relate things to the past and say that it was created due to my (Any religion) community was not treated properly that is why this extremism developed. I don’t bank on that as a justification owing to no religion says to harm anyone just because of the discrimination. On the other hand, where Islam & 1.3 bn Muslims have collectively been blamed for any act of terror by a Muslim,I want to reaffirms that terrorism does not have a religion.Terrorism is a global menace with no religion: it must be condemned & confronted globally.

This modern form of terrorism based on religious extremist believes is being waged on an entirely different scale. It is notable for its geographic span. No country can claim to be immune.
It has become an unprecedented threat to the local brotherhood as well as to international peace, security and development.
As conflicts have grown in intensity and number over the past decade, terrorist attacks have increased and spread, destroying societies and destabilizing entire regions.

Let me be clear from the outset: nothing justifies terrorism - no cause, no grievance. 
Nothing can ever excuse the indiscriminate targeting of civilians, the wanton destruction of lives and livelihoods, and the creation of panic for its own sake. Terrorism has unfortunately been with us in various forms across ages over the past few decades.
So, let the quality of our morals and Sri Lankan values, over the next fortnight, be worthy of the country we are proud to defend. Let’s have our arguments without impugning anyone’s patriotism and without diluting the unity with which we stand against terror.
Together, we will be stronger. Together we can build that pearl of Indian Ocean worthy of those who died and those who have inspired us.

I proudly voice myself that I am a Sri Lankan Muslim than anything else on earth and I will stand against any threat to my motherland at the fullest disposal of my self.


Tuesday, April 30, 2019

රිස්වාන්ට වතුර වක් කිරීම



අපගේ  වෛද්‍ය පීඨයේ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 40 පමණ සිටියහ​. උත්සව දින වල අප එකට එක්වී කෑම සදාගෙන කා විනෝද වූයෙමු. මේ සඳහා එක් එක් සිසුවාට හාල් , මස් , අර්තාපල් , තෙල් , පළතුරු යුෂ යනාදී අයිතමයන් ගෙන ඒමට බෙදා තිබුනේය​. 

වරක් මෙවැනි සාදයක් සඳහා මට සූරියකාන්ත තෙල් ලීටර් 5 ගේමට නියම විය . එදින මම තෙල් මිලට ගැනීමට ගියද තෙල් කඩයේ තෙල් අවසන් වී තිබුනේය​. ඒ නිසා මම බටර් රාත්තල් 4 මිලදී ගෙන ඒවා උයන ස්ථාන (ගෑණු ළමයින් උයන රාජකාරී කළහ​) වලට භාර දුන්නෙමි.  

තෙල් වෙනුවට බටර් ගෙන ඒම පිලිබඳව රිස්වාන් මාව කෙල්ලන් ඉදිරියේ විවේචනය කල බව කොල්ලෙක් මට පණිවිඩයක් ගෙන ආවේය​. තවද කුමාර  වික්‍රමසිංහ  සබැඳිවද රිස්වාන් යම් විවේචනයක් කොට තිබූ නිසා කුමාරද සිටියේ පහන් සිතිනි.  

මේ සාදයෙන් දින තුනකට පමණ පසු රිස්වාන් අපගේ 4 නේවාසිකාගාරයට රාත්‍රියක ආවේය​. කුමාර සහ මම රිස්වාන්ට ගේමක් සෙට් කලෙමු. අපගේ නේවාසිකාගාරය මහල් 9 යුක්ත විය​. අප බාල්දියකට වතුර පුරවා 9 මහලේ බැල්කනියට වී සිටියෙමු. බැල්කනියෙන් පහළ කෙනින්ම ප්‍රධාන ද්වාරය තිබේ. රාත්‍රී 10 පමණ ඔත්තුකාරයා පැමින රිස්වාන් 6 මහලේ තිබූ නිල්මිණි විජේසූරියගේ උපන් දින සාදයට ඇවිත් ඇයට සුභ පතා දැන් යාමට සූදානමෙන් සිටින බව කීවේය​. මමත් කුමාර වික්‍රමසිංහත් වතුර බාල්දිය අල්ලාගෙන ප්‍රධාන ද්වාරයෙන් රිස්වාන් එලියට එන තෙක් බලා සිටියෙමු. 


අප ජීවත් වූ මහල් 9 කින් යුතු අංක 4 දරණ ශිෂ්‍ය නේවාසිකාගාරය 
( මේ චායාරූපයේ සිටින්නේ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ය )


රාත්‍රී 10. 15 පමණ ප්‍රධාන ද්වාරය ඇරුනේය​. නිල් පැහැති කබායකින් සහ කළු තොප්පියක් පැළඳ සිටි රිස්වාන්ව අප 9 වන මහලේ සිට දුටුවෙමු. ඒ සමගම කුමාර " මචං අන්න අරූ " කියා කීවේය​. ඒ සමගම අප වතුර බාල්දිය 9 මහලේ සිට පහලට හැලුවෙමු.  නයගරා ඇල්ල හිස උඩ කඩා වැටුනාක් මෙන් රිස්වාන් ගේ සියොලඟ තෙමී ගියේය​. ඒ සමගම අප බැල්කනියෙන් ඉවත්වී තම තමන් ගේ කාමර වලට ගියෙමු. බඩපුරා නාගත් රිස්වාන් තෙමිච්ච කුකුලෙකු සේ මීටර් 700 පමණ ඈතින් තිබූ ඔහු ජීවත් වූ 5 වන නේවාසිකාගාරයට ගියේය​.  

පසු කාලයක රිස්වාන් කොලොම්බියානු තරුණියක් සමහ විවහා වී කොලොම්බියාවට ගියේය​. කුමාර වික්‍රමසිංහ වර්තමානයේ කොළඹ ජාතික රෝහලේ  නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාය​. 

මේ කේස් එක සිදුවී වසර 29 ආසන්න කාලයක් ගතවී තිබේ. මේ සිදුවීම ගැන ලියන්නේ  ඒ කාලයේ මුස්ලිම් සිසුන් සහ අප  කිසිදු ජාති භේදයකින් තොරව එකිනෙකාට බාල්දි පෙරලාගත් ආකාරයයි. මේ බාල්දි කේස් මත මිස ජාතිවාදය මත පදනම්ව තිබුනේ නැත

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Monday, April 29, 2019

මෘතශීලියා කෙටි කතාව ශ්‍රවණ මාධ්‍යයෙන්

 

(මෘතශීලියා කෙටි කතාව ශ්‍රවණ මාධ්‍යයෙන් -නිශ්පාදනය අනුරුද්ධ වැලිගමගේ ) 

Saturday, April 27, 2019

බිලි පූජාව


ඒබ්‍රහම් තුල මානසික අසමතුලිතභාවයක් තිබුනේය. ඔහුට කටහඞවල් ඇසුණි. ඔහු සිතුවේ දෙවියන් විසින් ඔහුට නියෝග දෙනවා කියාය. වරක් ඒබ්‍රහම්ට තම දරුවා වූ අයිසෙක් කඳු මුදුනට ගෙන ගොස් බිලිදෙන ලෙසට කට හඞ නියෝග කලේය. මෙම ශ්‍රවණ භ්‍රාන්තිය මත ඒබ්‍රහම් තම කුඩා දරුවා වූ අයිසෙක්ව රැගෙන කඳු මුදුනට ගියේය. කන්ද උඩදී ඒබ්‍රහම් තම දරුවාව බිම හෙලා ඔහුගේ උගුර තියුණු පිහියකින් කපා දැමීමට සූදානම් විය. තම දරුවා කෙරෙහි වූ ඇල්මත් ශ්‍රවණ භ්‍රාන්තිය කෙරෙහි වූ අප්‍රමාණ ගෞරවයත් නිසා ඒබ්‍රහම් ගේ මනසේ ප්‍රගල්භ ඝට්ටනයක් ඇති විය. ඔහු කිහිප වතාවක්ම දරුවා මරා දැමීම සඳහා පිහිය එසවූවද දරුවාගේ මුහුණ දකිත්ම එම බිහිසුණු  ප්‍රයාපනය දියාරු විය. එහෙත් ඔහුට නියෝග දෙන ඔහුව පාළනය කරන බලවේගයට පිටුපෑමට ඒබ්‍රහම්ට නොහැකි විය. මෙම මානසික සංඝට්ටනය නිසා ඔහු ව්‍යාකූල විය. ඒබ්‍රහම් තුල ඩිසෝෂියේටිව් හෙවත් විඝටන තත්වයක් ඇති විය. පියවි සිහියකින් තොරව ඔහු දරුවා අතහැර කන්දේ ඒමේ අත සැරිසරමින් සිටි ඔහුගේ බැටළු රංචුවේ සිටි කුඩා  බැටළු පැටවෙකු අල්ලාගෙන උගේ ගෙල සින්දේය. ඉන්පසු ඔහු අපස්මාරික ගැස්මකට ලක් විය. ඒබ්‍රහම්ට පියවි සිහිය එන විට ඔහුගේ කුඩා පුතු අයිසෙක් නිරුපද්‍රිතව දෑස් යොමා පියා දෙස බලා සිටියේය. ඔවුන් අසල මිය ගිය බැටළු පැටවෙකුගේ මළ සිරුරකි. උගේ ලේ වලින් පස තෙමී තිබුනේය. බැටළු පැටවෙකුගේ ජීවිතය ගෙන තමන් ගේ පුතාගේ ජීවිතය  ජීවිතය බේරා දීම ගැන ඒබ්‍රහම් තමන් වන්දනා කල බලවේගයට මුණින් වැටී ප්‍රණාමය පුද කලේය. 

(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ පරිකල්පනික අතික්‍රමණය  කෘතිය ඇසුරෙනි)

Thursday, April 25, 2019

මරාගෙන මැරෙන බෝම්බ කරුවන්


වින්සන්ට් ලංකාතිලක වයින් බෝතලයේ පතුල පෙනෙන තෙක් පානය කලේය. ඔහුට වාලීඩ් ගේ වදන් මතක් විය. වාලීඩ් ඔහු එන තෙක් හයිෆා වල සිටියි. වාලීඩ් පිළිබඳව දාලියාට පැවසිය නොහැක. පලස්තීන ජාතිකයෙකු වූ වාලීඩ් හමාස් සංවිධානයේ සාමාජිකයෙකි. ඔහුගේ හමාස් සබඳතාවන් පිළිබඳව වින්සන්ට් ලංකාතිලක දැන සිටියද ඔහු ගැන උනන්දු නොවීය. ඊශ්රායිල සහ පලස්තීන ගැටුම ඔහුට අදාල නැත. එහෙත් වාලීඩ් විසින් ලබා දුන් මැස්ඩා -3 රථය වින්සන්ට් ලංකාතිලක  හයිෆා සිට ජෙරුසලම් දක්වා ධාවනය කරගෙන ආවේය. පැය දෙකකට ආසන්න කාලයක් ගිය මේ ගමන ඉක්මන් කිරීම සඳහා ඔහු හයිවේ -6 මාර්ගය ගත්තේය. හයිවේ -6  මාර්ගය හඳුන්වන්නේ ඊෂාක් රබීන් හයිවේ එක වශයෙනි. මෙම ධාවන මාර්ගයේ මාර්ග බාධක මෙන්ම පරික්ෂා කිරීම් සාපේක්ෂව අඩුය.

වාලීඩ් විසින් ලබා දුන් මැස්ඩා -3 රථයේ අභ්යන්තරයේ සඟවා තිබෙන්නේ කුමක්ද ? ආර්.ඩී.එක්ස් පිපුරුම් ද්රව්යද ? ගිනි අවිද ? සාමාන්යයෙන් හමාස් සාමාජිකයෝ ගිනි අවි සහ පිපුරුම් ද්රව් ගම්මිරිස් වල බහා රහසේ ප්රවාහනය  කරතිගම්මිරිස් සුවඳ නිසා බල්ලන් හට ගිනි අවි සහ පිපුරුම් ද්රව් වල සුවඳ දැනෙන්නේ නැත. වාලීඩ් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක්ද ? වාලීඩ්ගේ කිට්ටු ඥාතීන් ෂටීලා කඳවුරේ සිටි බවත් ප්රහාරය නිසා ඔවුන් මිය ගිය බවත් වාලීඩ් වරක් වින්සන්ට් ලංකාතිලකට කීවේය. ඔහුට යුදෙව්වන් ගෙන් පළි ගැනීමට අවශ්යවීද ?

වාලීඩ් ආත්මාර්ථකාමී ලෙස තමාව අණතුරේ හෙලයිද ? වින්සන්ට් ලංකාතිලක රථය ධාවනය කරන අතරතුරේ කල්පනා කලේයවින්සන්ට් ලංකාතිලක වාලීඩ් හට බොහෝ උපකාර කලේය. ඕහායෝ විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබමින් සිටි වාලීඩ් ඔහුට හමු වන්නේ මිචිගන් වලදීය. ඉතා ප්රිය මනාප පෙනුමක් ඇති මෙම අරාබි සිසුවා වින්සන්ට් ලංකාතිලක සමග මිත් විය. ඔවුන් කිහිප විටක් ලෙබනන් අවන්හලකට ගොස් රාත්රී ආහාරය ගත්හ. ආර්ථික අපහසුතා තිබූ වාලීඩ්ට  වින්සන්ට් ලංකාතිලක මුදලින් උපකාර කලේය. වාලීඩ් යහපත් පුද්ගලයෙකි. ඔහු තම මිතුරෙකු අසීරුවේ නොහෙලන බව ඔහුට විශ්වාසය. එහෙත් මිනිසුන් ගේ අභ්යන්තරය ඉතා සංකීර්ණය.   ආත්මාර්ථකාමී හැඟීම් නිසා මිනිසුන් තම පවුලේ  සාමාජිකයන් වූවද  පාවා දෙති

මැස්ඩා -3 රථය හයිෆා සිට ජෙරුසලම් දක්වා පදවාගෙන ආවේ වින්සන්ට් ලංකාතිලක බව  ඊශ්රායල ආරක්ෂක වල සටහන් වී තිබේ. මේ වන විට රථය තිබෙන්නේ ජෙරුසලම් ගේට් හෝටලයේ රථ ගාලේය. එම රථයේ තවත් යතුරක් මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී ලඟ තිබෙන බව වාලීඩ් කීවේය. මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ්  හුසෙයිනී ජෙරුසලම් ගේට් හෝටලයේ සේවකයෙකි. ඔහු විසින් මෝටර් රථය ගෙන යනු ඇත. සමහරක් විට මරාගෙන මැරෙන බෝම්බකරුවා මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ්  හුසෙයිනී විය හැක.

මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ්  හුසෙයිනී තම කබාය යටින් තිබෙන මාරක බෝම්බ කට්ටලය සෙමෙන් අතගාමින් යුදෙව්වන් බහුල ප්රදේශයක අවන්හලකට හෝ බස් නැවතුම් ස්ථානයකට එනු ඇත. මිනිසුන් දෙස යටි ඇසින් බලන ඔහු මහ හඞින්  අල්ලහු අක්බාර් කියා බෝම්බයේ යතුර ක්රියාත්මක කරනු නියතය. එවිට විශාල ගිනි ගුලියක් සමග මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ්  හුසෙයිනී කැබලි වී යයි. ස්ඵෝටනය සමග අවට සිටින යුදෙව්වෝ  රැසක්ද මිය යනු ඇත.

ඉන් පසු සිදු වන්නේ කුමක්ද ? ඊශ්රායල මොසාඩ් නියෝජිතයන් සහ ෂින් බෙත් ඒජන්තයන් මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී ලඟ තිබූ මැස්ඩා -3 රථය සොයා ගනු ඇත. එම රථය හයිෆා සිට ජෙරුසලම් දක්වා පදවාගෙන ආවේ ශ්රී ලාංකිකයෙකු බව ඔවුන් අනාවරණය කර ගනිති. ඉන් පසු ඔවුන් තමාව සොයා ජෙසුසලමේ කප්ලාන් හෝටලයට පැමිනෙති.

ඊශ්රායල මොසාඩ් නියෝජිතයන් සහ ෂින් බෙත් ඒජන්තයන් තමා අරබයා කුමන වධ ක්රමයක් යොදා ගනීද කියා වින්සන්ට් ලංකාතිලක මොහොතක් කල්පනා කලේය. සමහරක් විට ඔවුන් තමාගේ හිස වතුර බේසමක ඔබාගෙන සිටිනු ඇත. නැතහොත් දෑත් වලින් එල්ලා පහර දෙනු ඇත. එසේත් නොමැති නම් අත පය ඉතා වේදනාකාරී ලෙස බැඳ දෑස් වැසෙන සේ අතිශයින් ගඳ ගහන රෙදිකඩක් හිසට පොරවා අඳුරු සිර කාමරයකට විසි කරනු ඇත. එම සිර මැදිරිය සොහොන් ගෙයක් සේ නිසලය. වධකයන් එම නිසලතාව බිඳ යන පරිදි ලෙනාඩ් කොහෙන් ගේ First we take Manhattan, then we take Berlin ගීතය නොකඩවා වාදනය කරන්නේ එම ශබ්දය සිරකරුවාට මානසික හිරිහැරයක් වීම සඳහාය.

වින්සන්ට් ලංකාතිලකට පකිස්ථානයේ මවුලානා අසිස්ව සිහිපත් විය. මවුලානා අසිස් රෙඩ් මොස්ක් හෙවත් රතු මුස්ලිම් පල්ලියේ නායකයාය. ඔහු අන්තවාදියෙකිඔහු දුප්පත් ළමුන් තම පල්ලියට ගෙන්වාගෙන ඔවුන්ට ඉස්ලාමයේ නාමයෙන් හිංසනය ඉගැන්වීය. ඔවුනට වෙනත් පොත් පත් කියවීම , රූපාවාහිනිය බැලීම යනාදිය ඔහු තහනම් කලේ මෙම ළමුන් ලෝකයට විවර නොකිරීම සඳහාය. මෙම ළමුන් ගේ විශ්වය වූයේ මවුලානා අසිස් සහ ඔහුගේ පල්ලියයිමුලදී ඔවුන් සංගීත භාණ්ඩ, කැසට් රේඩියෝ, රූපාවාහිනී , ඩීවීඩී ගිනි තැබූහ. පසු කාලයක  මවුලානා අසිස් මෙම මොළ සෝදන ලද ළමුන් හරහා මිනිසුන් මරා දැමුවේය. මවුලානා අසිස් ගේ ඉගැන්නුම පිට ඔහුගේ සිසුන් පාකිස්ථානයේ පාසල් වලට කඩා වැදී සිසුන් ඝාතනය කළහ. පාසල් පුපුරවා දැමූහ.

වින්සන්ට් ලංකාතිලක මවුලානා අසිස් සහ ඒරියල් ෂැරෝන් අතර වෙනස පිලිබඳව කල්පනා කලේය. ඔවුන් දෙදෙනා එකම කාසියේ දෙපැත්තදවින්සන්ට් ලංකාතිලකට  ලෙනාඩ් කොහෙන් ගේ  First we take Manhattan, then we take Berlin ගීතය ශ්රවණ භ්රාන්තියක් සේ ඉතා සෙමින් ඇසුනේය

                                               ***********************************************

...……….බොහෝ දුරක් ගමන් කිරීමෙන් පසුව වින්සන්ට් ලංකාතිලක මිටියාවතක් කරා සේන්දු විය. එම මිටියාවතේදී ඔහුට අනපේක්ෂිතව වාලීඩ්  සහ අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී හමු විය. තම පැරණි මිතුරා දුටු වාලීඩ් වින්සන්ට් ලංකාතිලකව බදා ගත්තේය.

“ හබීබී නුඹ තමයි මගේ ප්රාණ මිත්රයා. නුඹ තමයි මගේ ගැලවුම්කාරයා. නුඹ කිසි ප්රශ්නයක් නොඅසා වාහනය හයිෆා සිට ජෙරුසලම් දක්වා ගෙන ආවා. මම අපේ සහෝදරයන් කීප දෙනෙක් ගෙන්ම එම උපකාරය ඉල්ලුවා. උන් ගඳ ඌරන්. කිසිම කෙනෙක් එම උපකාරය කරන්න ඉදිරිපත් උනේ නෑ. නුඹ විතරයි අපිට උදව් කලේ කිසිම වාසියක් බලාපොරොත්තු නොවී. නුඹ ගේ උපකාරය නිසා අපි යුදෙව්වෝ දහ දෙනෙකු දෙනෙක් මේ ලෝකෙන් තුරන් කලා. ලෙයට ලය පලිය අපි ගත්තා” වාලීඩ් කුල්මත් වූ ස්වරයකින් කීවේය.

වින්සන්ට් ලංකාතිලකට සියල්ල වැටහුනේය.වාලීඩ්  තමාව බලල් අතක් ලෙස යොදාගනිමිනි පුපුරණ ද්රව් හයිෆා සිට ජෙරුසලම් දක්වා ප්රවාහනය කරගෙන තිබේ. මොවුන් ගේ ආඝාත පලිගැනීම් ලේ සෙලවීම් වලට තමන්ව යොදා ගැනීම වින්සන්ට් ලංකාතිලකට ඉවසුම් නොදෙන්නක් විය.

වින්සන්ට් ලංකාතිලක තරහින් පුපුරන්නට විය. කෝපය නිසා ඔහුගේ මුවින් වචන පිට නොවීය. ඔහුට මොසාඩ් හෝ ෂින් බෙත් ඒජන්තයන් කෙරෙහි බයක් නොමැත. එහෙත් නිරපරාදේ මිනිසුන් දහ දෙනෙකු  මරණයට තමාත් දායක වීම ඔහුට ඉවසුම් නොදේ. ඔහු ඉතා පහත් වචනයෙන් වාලීඩ්ට  සහ අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී හට බැණ වැදුනේය. සමගම වාලීඩ්ව පසෙකට තල්ලු කර දැමුවේය.

හබීබී නුඹ අපිත් එක්ක කෝප ගන්න එපා. යුදෙව්වන් ලෝකයට බරක්. උන් තමයි කවදා හරි ලෝකය විනාශ කර දමන්නේ. බලපන් ගාසා තීරයේ උන් කරන විනාශය. කුඩා දරුවන් පවා උන් මරා දානවා. අපි පළිය ගත්තා. අපේ දරුවනුත් මුන් ගෙන් පලි ගනීවි. වාලීඩ් කීවේය.

“ වින්සන්ට් මෙහෙ බලපන්” අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී සන්සුන්ව කීවේය 

අපි යුදෙව්වන් දස දෙනෙකු නිරයට අත ඇරියා. අපි දෙදෙනා දැන් ස්වර්ගයට යනවා. අපිට කන්යාවන් දහසය දෙනෙකු ලැබෙනවා. කිරි සහ මීපැණි අපි ස්වර්ගයේ අනුභව කරනවා. එහි තියෙන්නේ සදාකාලික ජීවිතයක් ”

වින්සන්ට් ලංකාතිලක ගේ කෝපය තවත් උග් විය .

“ නුඹලා දෙන්නා පල් මෝඩයෝ. නිරයක් හෝ ස්වර්ගයක් නෑ. මේ ඔක්කොම බොරුවක් , මුලාවක්. නුඹලා මූලධර්මවාදයේ ගොදුරු.  නුඹලාට කන්යාවන් දහසය දෙනෙකු සමග සයනය කරන්නට ලැබෙන්නේ නෑ. මිනිසුන් මරා දැමූ පසු  කාන්තාරයට විරළ කෑමක් වන කිරි , මීපැණි සහ කන්‍යාවන්  ලැබෙන බව   ඔටු සම් වල   ලිව්වේ මානසික විකෘතියෙන් පෙලෙන මූලධර්මවාදීන්. ඒවා ශුද්ධ වාක්‍ය නොවේ. මනස්ගාත , බොහෝම දරුණු මනස්ගාත . නුඹලාට උන්ට
රැවටුණා නුඹලා අහිංසක සිවිල් වැසියන්ව ඝාතනය කලා. ඉන් කවදාවත් නුඹලාට ගැලවීමක් ලැබෙන්නේ නෑ . ගාසා තීරයේ ළමුන්ව ඝාතනය කල මිනීමරුවන් සහ නුඹලා අතර වෙනසක් නෑ. නුඹලා සියළුදෙනා කෘර මිනී මරුවෝ ” වින්සන්ට් ලංකාතිලක මුරගා කීවේය.

වාලීඩ්  සහ අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී වින්සන්ට් ලංකාතිලක දෙස බලා සෙමින් මුමුණන්නට වූහ.

" ඔව් ඔහු  මිත්යාදෘෂ්ටිකයෙක් " ඔවුන් දෙදෙනා වින්සන්ට් ලංකාතිලක දෙස බලා කීවෝය.

" ඔව් මම  මිත්යාදෘෂ්ටිකයෙක්. නමුත් නුඹලා වගේ පාහර ඝාතකයන් නොවේවින්සන්ට් ලංකාතිලක කීවේය.

අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී  ඔහුගේ අත ලෝගුව තුලට දමා චීනයේ නිෂ්පාදිත සුදු පැහැති කුඩා පිස්තෝලයක් අතට ගත්තේය.

" තවත් මිත්යාදෘෂ්ටිකයෙක් " ඔහු සෙමින් කීවේය.

පිස්තෝලය දුටු වින්සන්ට් ලංකාතිලක බිය ගත්තේය. මේ ඝාතකයන්ට ඔහුව මරා දැමීම සුළු වැඩකි. පිලිබඳව ඔවුන් දෙවරක් නොසිතති. වින්සන්ට් ලංකාතිලක මිටියාවත හරහා දුවන්නට පටන් ගත්තේය. අතර අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී වෙඩි තැබුවේය. එක් උණ්ඩයක් වින්සන්ට් ලංකාතිලක ගේ කන අසලින් ගියේය. වින්සන්ට් ලංකාතිලක මිටියාවතේ තිබූ පඳුරු වලට මුවා වෙමින් දිව්වේය. ඝාතකයන් දෙදෙනා ඔහු පසුපස එලවාගෙන ආවද සැඳෑ අඳුර නිසා ඔවුන්ට  වින්සන්ට් ලංකාතිලක කොටු කර ගැනීමට හැකි වූයේ නැත.

 අඳුර නිසා තම ගොදුර මඟ හැරී ගියද වාලීඩ්  සහ අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී වින්සන්ට් ලංකාතිලක පසුපස ඒම අතහැර දැමුවේ නැත. ඔවුන් වින්සන්ට් ලංකාතිලක සොයමින් ඉදිරියටම ආවෝය

මරණීය භීතිය නිසා සිය ගතේ තිබූ සියළු වෙර යොදා දිව ගිය වින්සන්ට් ලංකාතිලක බෙහෙවින්ම වෙහෙසට පත් විය. හති අරිමින් ඔහු පඳුරක් අල්ලාගෙන සිටියේය. ඉන් පසු  යලිත් දුවන්නට පටන් ගත්තේය.    

මිටියාවත පසු කල වින්සන්ට් ලංකාතිලක කඳු සහ බෑවුම් ප්රදේශයකට අවතීර්ණ විය. වෙහෙස නිසා දැන් ඔහුගේ ගමන සෙමින්. දුම් කෝච්චියක් සේ හති දමමින් ඔහු ඉදිරියටම ගමන් කලේය. මිනීමරුවන් ගෙන් බේරීම සඳහා කන්ද උඩට නැගිය යුතු බව ඔහු තීරණය කලේය. නිසා ඔහු අසීරුවෙන් කටු පඳුරු සහ ගල් වැටි අල්ලාගෙන  කන්ද උඩට නැගීම ඇරඹීය.  

(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ පරිකල්පනික අතික්‍රමණය  කෘතිය ඇසුරෙනි) 

Find Us On Facebook