Wednesday, July 15, 2026

කන්නංගර Effect




ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ ක්‍රියාවලිය ආවේග වලින් තොරව මැදහත්ව විශ්ලේශනාත්මක මනසකින් හිතන්න. ඔහු සමාජයේ දුප්පත් ලේයර් එකට නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා. මේ සමාජයේ ලමුන් ඉගෙන ගෙන රජයේ රැකියා බලාපොරොත්තු වෙනවා. නමුත් රාජ්‍යට එහෙම රැකියා දෙන්න පුලුවන්කමක් නෑ. නොමිලේ අධ්‍යාපනය ලැබූ පුද්ගලයෝ ගොවිතැනට , වෙනත් වෘත්තිය දේවල් වලට ( වඩු වැඩ / මේසන් වැඩ) යොමු වෙන්නේ නෑ. ඔවුන් ඩිමාන්ඬ් කරන්නේ විශ්‍රාම වැටුප සහිත රජයේ රැකියා. මේ නිසා 1971 තරුණ කැරැල්ලක් එනවා. මොවුන් නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ පරම්පරාව. කන්නංගර ශ්‍රී ලංකා සමාජය කලතළා දැම්මා. සමාජයේ තිබූ හාමිනි එක වෙනස් කලා. නිදහස් අධ්‍යාපනය නරක දෙයක් නෙවෙයි ඒත් ඉන් පසුව එලඹෙන ගිම්හාන කාලය පිලිබඳ ඔහු තක්සේරු කලේ නෑ. කන්නංගර මහතාගේ ක්‍රියාව නිසා 1971 / 88 කැරලි ආවා ( ඒවාට කෙලින්ම නොව වක්‍රාකාරයෙන් බලපෑමක් තිබ්බා ) ප්‍රභාකරන් ගේ විනාශකාරී යුද්දයට මුලින්ම කික් එක දුන්නේ ප්‍රමිතිකරණය නිසා අසතුටට පත් උතුරේ ගොවීන් ගේ පුත්තු. පසුව ඔවුන් ලමා සොල්දාදුවන් ප්‍රහාරකයන් වුනා. මේ අනුව කන්නංගර මහතාගේ ක්‍රියාව නිසා ප්‍රභාකරන් සාධකයත් වක්‍රාකාරයෙන් ආවා. මම මෙතන කියන්නේ කන්නංගර වැරදි කියලා නෙවෙයි. ඔහුගේ ක්‍රියාව නිසා හටගත් සමාජ විපර්‍යාස. අද පාරවල් බ්ලොක් කරගෙන උපාවස කරන හැකියා විරහිත උපාධිධාරීන් දෙස බලන්න. ඔවුනුත් කන්නංගර ප්‍රතිඑල. කන්නංගර මහතා ගේ ක්‍රියාව නිසා සමාජය තුල සාක්‍ෂරතාව ආවා. ධනාත්මක දේවල් ඇති උනා. ඒ සමගම යම් අතුරු ආබාධත් ආවා. මේ සමාජ විපර්‍යාස ගැඹුරු ආර්ථික සමාජ විද්‍යාමක දැණුමක් ඔස්සේ ඇනලයිස් කරන්න.




No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook